IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රතුපස්වලින් තවත් රතු එළි

රතුපස්වල අවට ගම්මානවල ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ඉල්ලා රතුපස්වල අවට ගම්මාන කිහිපයක ජනතාව ගෙන ගිය විරෝධයට සහාය දක්වමින් වැලිවේරිය, ඇඹරළුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මීට ටික වේලාවක පෙර නව නුවර මාර්ගය වැලිවේරිය හංදියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක් අරැඹූහ.

වැලිවේරිය නගරයේ කඩ සාප්පු වසා ඇති අතර බොහෝ කඩවල කළු කොඩි ඔසවා ඇත.

උද්ඝෝෂණයට පන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.

වැලිවේරිය පොලිසියට මීටර් පනහක පමණ දුරින් ඇරැඹි මේ උද්ඝෝෂණය නිසා දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.



අදහස් (0)

රතුපස්වලින් තවත් රතු එළි

සුනෙත් Thursday, 01 August 2013 04:02 PM

දිලාන්,මේ කම්හල ඔබතුමාගේ ලිද ළගම හදා ගන්නවාට අපි විරුද්ධ නැහැ (නි)

:       0       0

සාල්ස් Thursday, 01 August 2013 04:03 PM

දිලාන්,ඔයාට පිස්සු .එහෙනම් ඉතින් අපිට ඉන්න වෙන්නේ කොහෙද? මේ ප්‍රශ්නයට ඉකමනට උත්තර දෙන්න වෙයි. මොකද මිනිස්සු කියන්නේ ඇත්ත (නි)

:       0       0

කිත් Thursday, 01 August 2013 04:08 PM

දිලාන් දන්නවද ඔය කියන පළාත? (නි)

:       0       0

විජේසිංහ Thursday, 01 August 2013 04:09 PM

බොන්න වතුර ටිකක් ඉල්ලලා කෑගහන මේ දුප්පත් මිනිසුන්ට වතුර බවුසර් දෙක තුනක් යවන්නවත් කෙනෙක් නැද්ද මේ රටේ? (නි)

:       0       0

ද සිල්වා Thursday, 01 August 2013 04:13 PM

දිලාන්, ඔයා පාසල් ගිහින් තියෙන බවක් නම් මට පෙනෙන්නෙ නැහැ (නි)

:       0       0

බන්දුල Thursday, 01 August 2013 04:18 PM

දිසානායක , මේ මිනිස්සුන්ගේ මානුෂික ප්‍රශ්නයටත් දේශපාලනේ පටලවන්න දාන ධෛර්යය දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා. (නි)

:       0       0

ජගත් Thursday, 01 August 2013 04:28 PM

දිලාන්, එක කම්හලක් වෙනුවෙන් ඔය ගම් දෙක තුනක මිනිස්සු විඳවන එක හරිද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 01 August 2013 04:52 PM

ඉන්දියාවේ කේරල සරු වගාවක් සදහා යොදාගත් එන්තසල්ඵන් නිසා වැස්ස සමග අම පළාතේ ළිං ජලයට මුසු වී පසු කාලීනව නොඅකුත් ලෙඩ දුක් වලට මුහුණ දෙන්න සිද්ද වුණා.අංගවිකල දරු සම්පත්,මන්ධ බුද්ධික දරු සම්පත් ලැබුනා.පසුව පරීක්ෂණ වලින් සොයා ගත්තා එතර්සල්ඵන් නිසා කියලා.අදටත් ගැබිණි මව්වරු මැරි මැරී උපදිනවා මොන වගේ දරු සම්පතක් ලැබේවිද කියලා.වතුරට අපද්‍රව්‍ය මිශ්‍ර වීම සුළු කොට සළකන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 01 August 2013 04:52 PM

අනුරාධපුරයේ වකුගඩු අමාරුවෙන් දැනට 2300 ක් දෙනා මැරිලා තියෙනවා. තවත් ලක්ෂ ගානක් වකුගඩු අමාරුවෙන් පෙළෙනවා.ආසනික් නිසා ඉදිරියේදී ලංකාවේම මිනිසුන්ට ලෙඩ ගෙන දෙන්න පුළුවන්. (නි)

:       0       0

ගුණේ Thursday, 01 August 2013 05:09 PM

අරාබි වසන්තය පටන් ගත්තෙත් ඔහොම තමයි (නි)

:       0       0

යෝෂිත Thursday, 01 August 2013 05:22 PM

හම්බන්තොට ඕනෑ තරම් ඉඩම් තියෙනවා. මේ කම්හල ඇතුළු සියළුම කම්හල් ඒ ප්‍රදේශයට ගෙනගියොත් හොදයි. කවුරුත් දිනුම්. (නි)

:       0       0

සමිර Thursday, 01 August 2013 05:51 PM

රටේ සංවර්ධනයට තව තවත් කර්මාන්ත ඉදිවෙන්න ඕනෑ තමා. කර්මාන්ත වහලා රට සංවර්ධනය කරන්න බැහැ. නමුත් කර්මාන්ත ශාලා ඉදි කළ යුත්තේ කොහේද? ‍කුමන ආකාරයකටද? කියන එක වගේම අත්විමට ඇති අනාගත තත්වයන් ගැනත් අතුරු ප්‍රතිඵල ගැනත් හිතලා කර්මාන්ත ශාලා ඉදිකිරිමට අවසර දෙන්න ඕනෑ. කොහොම වුණත් රටක මනුෂ්‍ය ජීවිතය වගේම පාරිසරික තත්වය රැක ගැනිම පළමු කාරණය විය යුතුයි. (නි)

:       0       0

යසස් Thursday, 01 August 2013 06:32 PM

වගකිවයුතු මහත්තුරුනි, දැන් නිදාගෙන සිටියා ඇති. දැන් මේ මිනිසුන්ගේ ළිං වතුර යථා තත්වයට පත් කරන්ඩ දිවා රෑ නොබලා වැඩ කරන්න. මේක හදිසි තත්වයක් විදිහට ප්‍රකාශයට පත් කරලා කමිටු හදලා වැඩ පටන් ගන්න. මොරටුව, පේරාදෙණිය සරසවි වල ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහයෝගය අරගෙන මේ රසායන ළිං වලින් අයින් කරන්න පරීක්ෂණ කරන්න උදව් ගන්න කටයුතු කරන්න. ඒ ගැන මේ මිනිස්සු දැනුවත් කරන්න. මේක පාඩමකට අරන් මිනිස්සු ඉන්න අස්සේ ෆැක්ටරි හදන්න අවසර දෙන්ඩ එපා. (නි)

:       0       0

නිල රනා Thursday, 01 August 2013 02:28 PM

කම්හලෙන් විෂ අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරියත් නැතත් මේ පරීක්‍ෂණයෙදී නිවැරදි විද්‍යාත්මක වාර්තා සැපයීම පිළිබඳව භූ විද්‍යාවටත්, ජල සම්පාදනයටත් විශාල වගකීමක් පැවරෙනවා. කම්හලෙන් බැහැර කරන අපද්‍රවය වල සංයුතිය ගැන පරිසර අධිකාරියට මනා වැටහීමක් තිබියයුතුයි. ඔවුන් අනුමත කල සංයුතියෙන් යුත් අපද්‍රව්‍ය පමණක් බැහැර කරන්නේද යන්න නිරන්තර පරීක්ෂාවට ලක්කළ යුතුයි. කම්හල නිවැරදිව කටයුතුකර තිබියදීත් භූගත ජලයේ ආම්ලිකතාව ඉහල යාමට පාන්ශුමය හා භූ විද්‍යාත්මක හේතු තිබිය හැකියි. අපේ විද්‍යාඥයින්ගේ දක්ෂතාවය අධිකරණය හමුවේ ඇගයීමට ලක්වන හැටි ජනතාව අවධියෙන් බලාසිටිනවා. (දී)

:       0       0

නීල් රණා Thursday, 01 August 2013 07:06 PM

පිටබැද්දර ගේ ඔලුවට ඔන්න නැවත පොල්ගෙඩියක් වැටිලා. ගඟෙන් එගොඩ වැලිවේරිය, මල්වාන ප්‍රදේශයේ අවුරුදු දහස් ගණනක් සිට ඉඳන් පැවත එන මිනිස්සු නැහැ. එමම කියල නැහැ කම්හල නිසා ජල දුෂණය සිදුවෙන බවක් හෝ නොවෙන බවක්. එය අධිකරණය ඉදිරියේ විසඳන්නට තිබෙන ප්‍රශ්නයක් බැවින් මා නිගමනයක් දෙන්නේ නැහැ. නමුත් නීතියට එකඟව කම්හල මුදාහරින අපවිත්‍ර ජලයෙන් හෝ වෙනත් හේතුවකට හෝ මේ පළාතේ ඛනිජ ප්‍රතික්‍රියා කිරීමෙන් ජලයේ අම්ලතාවය වැඩිවිය හැකියි. රතුපස් ගොඩක ගෙවල් හැදුවහම ඔවැනි ප්‍රශ්න එන්න පුළුවන්. සිංහල ලේ වැගිරුණු භුමියකයි ප්‍රශ්නය හටගෙන තිබෙන්නේ. (නි)

:       0       0

දිලාන් Thursday, 01 August 2013 02:44 PM

මම නම් කියන්නේ අපේ රටේ තව තවත් කම්හල් අරින්න ඕන ඔය කම්හල වහන්න ඕන නැහැ . අවට පදිංචි ජනතාවට වෙනත් පළාතකින් ඉඩම් ලබා දී නිවාස ඉදිකිරීමට උපකාර කලානම් තමයි හොද (දී)

:       0       0

දිසපොයින්ටඩ් Thursday, 01 August 2013 02:45 PM

අහිංසක ජනතාව වතුර ඉල්ලලා පාරට බහිද්දී රජය මොකද කරන්නේ? තව තව පොලිසියෙන් දාල වගකිව යුතු ආයතනය ආරක්ෂා කරයි. (දී)

:       0       0

දිසානායක. Thursday, 01 August 2013 02:46 PM

ඔබගේ වටිනා චන්දයෙන් පත් වූ අය ඔබගේ විනාශයටම වල කපන බව පමා වී හෝ තේරුම් ගැනීම වැදගත්ය...අපි හදන නයි අපිවම කයි .. අපි හපන නයි මුගටි හපල කයි....... (ස)

:       0       0

නාලිකා Thursday, 01 August 2013 02:53 PM

මෙම ප්‍රශ්නය විසදීමට රජය හැකි ඉක්මණින් මැදිහත් වියයුතුයි. ජනතාවට ඉක්මණින් පානීය ජලය ලබාදෙන ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)

:       0       0

මිගිද Thursday, 01 August 2013 10:51 PM

දිලාන් ,සමීරගේ උගත් ලියවිල්ල කියවන්න. නුඹ වගේ මෝඩ කතා නම් තවත් අහලා නැහැ.ඉස්කොලේ ගියත් බුද්ධියක් නැති පාටයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 August 2013 03:12 PM

නිල් රනා , මේ පළාතේ ජීවත් වෙන්නේ පාරම්පරික මිනිස්සු. අවුරුදු දහස් ගානක් මේ පළාත් වල පදිංචි වුණ මිනිස්සු. ඔයා ඔයා කියන බහුබූත සංයුති,ආම්ලිකතාව ,පාංශුමය... කුණුහරුප නැතුව බොහොම හොඳට පිරිසිඳු ජලය බිවුවා ඒ අය. නොදන්නා දේ කියවන්න ගිහින් වරිගේ නහගන්න එපා ඔන්න (නි)

:       0       0

රෙකන් Thursday, 01 August 2013 03:26 PM

මෝඩ දිලාන්, ජලයට විෂ රසායන මිශ්‍ර වෙනවා කියන්නේ ඒවා හැමතැනටම ඊළගට පැතිරෙනවා කියන එක කියලා තේරෙන්නේ නැද්ද? වතුර කියන්නේ ආහාර වලටත් වඩා වටිනාම සම්පතක්. (නි)

:       0       0

දිසානායක Thursday, 01 August 2013 03:30 PM

සුර සැප අසිරි පෙන්වා ගහමින් බයිලා .... ආඩම්බර සමහරුන් යයි දරුවන් ඉඹලා .. ඇසිඩ් වතුර බී දරුවන් මැරෙනු බලා... මව්වරු හඬති, වැළපෙති දුක්කඳුළු සලා... (නි)

:       0       0

කපිල Thursday, 01 August 2013 03:53 PM

මම මීට ඉස්සෙල්ල අදහස් දක්වීම්වලදී මේ වගේ විරෝධතා විවේචනය කරලා තිබෙනවා. නමුත් මේ විරෝධතාවයේ යම් කිසි ොදාරණයක් තියෙන බව මට හිතෙනවා.ඇත්තටම මේක ජලය පිළිබඳ ප්‍රශ්නයක්.මම හිතන හැටියට මේකට ඉතා ඉක්මන් සාධාරණ විසදුමක් දීම වගකිවයුතු අයගේ යුතුකමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 266 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 922 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 937 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 491 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 980 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1751 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36964 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site