IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රතුපස්වල කම්හල දින තුනකින් ඇරේ

ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් නිෂ්පදන කම්හල සම්බන්ධයෙන් නිසි අධිකරණය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ගැටළුව විසඳාගන්නා ලෙසත් කලින් සිදුවූ කනගාටුදායක තත්ත්වය යළි ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත්, සියලු දෙනාම කල්පනාකාරීව කටයුතු කරන ලෙසත්, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන් ද මැල් මහතා අද ප්‍රකාශ කෙළේය. මහේස්ත්‍රාත්වරයා එසේ පැවැසූයේ එම කම්හලට එරෙහිව ගැමියන් වෙනුවෙන් ඉදිරිපත් කැරුණු  පැමිණිලි පොලිසියෙන්ඉදිරිපත් කළ අවස්ථාවේය. පොලිසිය උසාවියට දැන්වූයේ ජනාධිපති කාර්යාලයේ දී  පැවැති සාකච්ඡාව අනුව කම්හල ගැන පරීක්ෂණ වර්තා පාර්ශව හතකින් ලබා ගන්නා ලෙස නියම කළත් ඉදිරිපත් වූයේ ආයතන කිහිපයක් බවයි.  එහෙයින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු හෙයින් තවත් දින කිහිපයක් කම්හල වසා තබන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. දැනටම හරසියයක් පමණ දෙනා රතු පස්වල ක්‍රීඩාංගනයට රැස්ව සිටින බව පොලිසිය සඳහන් කළේය. කම්හල වෙනුවෙන් පෙනී සිටි ජීවන්ත ජයතිලක මහතා පැවැසූයේ කම්හල නිසා ජලය අපවිත්‍ර වන කතාව වැරදි බවයි. එවැන්නක් සිදු වී නැති බවත් ඔහු කීවේය.  

කම්හල වසා දමන ලෙස කිසිවකු නොදැන්වූ බව කී ඔහු දැනට කම්හල වසා ඇති බවත් එයින් සෑහෙන පාඩුවක් වී ඇති බවත් දින තුනකින් කම්හල විවෘත කිරීමට ක්‍රියාකරන බවත් නීතිඥවරයා දැන්වීය.

ගැමියන් වෙනුවෙන් පෙනී සිටි පාලිත සේනාරත්න මහතා කරුණ දක්වමින් ප්‍රශ්නය බේරුමක් වන තුරු කම්හල විවෘත නොකරන්නැයි කීවේය. වැඩිදුර විභාය සැප්තැම්බර් 26 වැනි දාට කල් තැබිණි.



අදහස් (0)

රතුපස්වල කම්හල දින තුනකින් ඇරේ

දසුනි Friday, 30 August 2013 05:14 PM

අන්තිමට වෙන්නේ ඕක තමයි.මේක සිරි ලංකාවනේ. (නි)

:       0       0

සදුනි Friday, 30 August 2013 11:56 PM

මේක උසාවියෙන් විසදෙනවානම් හොදයි. ජනතාව, දේශපාලකයන් පණ්ඩිත වෙන්නේ නැතිව, උසාවියට සහයෝගය දෙන්න ඕන. (අ)

:       0       0

සමීර Friday, 30 August 2013 05:33 PM

මේවට අදහස් නැහැ අපිට. දැන්නම් මට මේ රට ඇතිවෙලා තියෙන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 August 2013 12:51 PM

රට ඉවර වෙනවනම් වැඩියෙන්ම සතුටු වෙන කෙනා තමයි තිලක් ඩුබය්..ඊලගට පුංචි ටිකිරි.(අ)

:       0       0

කුමාර Monday, 02 September 2013 08:56 PM

බන්දුල පෙරේරා නිසා පත්තර පිටුවත් ගඳ ගහනවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 30 August 2013 06:21 PM

මෙම කම්හල් වලින් ඉවත දමන ඔයකියන විස ද්‍රව්‍ය සහිත අත් වැසුම් රටපුරා ටොන් ගණනින් විකුනනවා. ඒවා ගම්මානවල තිබෙන තෝරන මඩුවලට ගෙනත් ගන්න පුළුවන්. ඒවා එම විස ද්‍රව්‍ය සමග නැවත විකුණනවා. ඒක රටපුරා බෙදී යනවා. ඉතිරිවන රබර් ගොඩවල් ගමේ ජල මාර්ග වලට, පාලු පිට්ටනි වලට , ගිහින් දානවා. මුළු පරිසරයම වනසනවා. මේ ගැනත් හිතන්න. ජනතාවට නැති ලෙඩ හැදෙන්නේ මේවායින්. ඉදිරියේදී රජයට මේක තවත් බරක් වේවි. (නි)

:       0       0

මිගිද Saturday, 31 August 2013 01:15 PM

නිතර නිතර නීරස බොල් අදහස් ලියන පුද්ගලයෙක් ඉන්නවා. ඔහුව මානසික රෝගයෙන් පෙලෙන බව නම් සහතිකෛ. හිස්කුඩුච්චියක් දාගත්තොත් නරකද.?(අ)

:       0       0

සීල Saturday, 31 August 2013 01:50 AM

පොඩ්ඩක් කල්පනා කරන්න රජරට වකුගඩු රෝගියෝ ගැන. කලින් කිව්වේ ආසනික් කැඩ්මියම් සම්බන්ධයක් නැහැ කියලා. දැන් කියන්නේ කැඩ්මියම් හා ආසනික් තියෙනවාය කියලා. ඒ වුනත් ඒවාට තහනමක් නැහැ.ඒ කට විරුද්ධව දේශ‍ප්‍රේමියෝ පෙළපාලි ගියේ නැහැ. ඒකත් මේ රතු පස්වල ඇසිඩ් වාගේ. පැක්ටරි තියෙන්න ඕනෑ නියම කාර්මික පුරයක. අන්තිමේදී අපි බොන්නේ වහ වතුර,බොන්නේ වහ කිරි, කන්නෙත් වහ ,ඊළගට හුස්ම ගන්නෙත් විස වෙච්ච වාතය. මුළු මිනිස් පරම්පරාවම විනාශ වෙනවා. (නි)

:       0       0

පින්තු Friday, 30 August 2013 06:52 PM

හරියට අදාල ප්‍රශ්නය මොකක්ද කියලා හදුනාගෙන ඒකට විසදුම් හොයන්නෙ නැති එක හැමදාම වගේ අපේ අයට වෙන දෙයක්. මේකෙත් වෙලා තියෙන්නෙ ඒක​.. වතුර බොන්න බැරි තත්වයට හේතුව ෆැක්ටරිය කියලා ඔප්පු කරගන්නේ නැතුව ඒක වහගෙන වැඩක් නැහැ.අනික ඔය අවට තව ෆැක්ටරි කීයක් තියෙනවද? ඒවාලින් මෙහෙම වෙන්න බැරිද​? අනික ඔය ජනතාව දැන් එකතු වෙලා ඉන්නෙ හරියට ෆැක්ටරිය මිනිස්සු මරා ගත්තා කියන ආවේගයත් එක්ක.​. ප්‍රශ්න විසදන්න ඕනෑ බුද්ධියෙන් මිසක් අපි හුග දෙනෙක් කරනවා වගේ අවේගයෙන් නෙමෙයි.එහෙම ආවේගශීලී වුනහම ඇත්ත පේන්න නැහැ.ඕක වහගෙන හිටියා කියලා පයිප්ප දානකම් හොඳ වතුර හම්බ වෙන්නෙත් නැහැ. ඕකේ වැඩ කරපු මිනිස්සුන්ට එදා වේල හොයා ගන්නත් නැහැ.අන්තිමට වතුරත් නැහැ, කන්නත් නැහැ. (නි)

:       0       0

රොහන Saturday, 31 August 2013 02:27 PM

ජීවන්ත ජයතිලකේ මහතනනී මොන දෙයක් කරන්න ප්‍රථම දානය ගැන පමණක් හිතන්න එපා එයට වැඩ වටින මිනිස් ජීවිත ගැනත් හිතන්න තමන්ගේ කම්හල නිසියාකාර ප්‍රමිතියක් අනුව සකසන්න. එම නිෂ්පාදනාගාරය නිසා එම අවට පරිසරයට හානියක් වෙනවනම් මොන දානයක් ලැබුනත් එය එම පළාතේ පිහිටුවන්න එපා (අ)

:       0       0

චමිලා Friday, 30 August 2013 08:27 PM

කම්හලින් එන වතුර පිරිසිදු බවට වාර්තා ලැබිලා තියෙනවා නම් , කම්හල අරින එකේ වරදක් නැහැ නේද (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 August 2013 09:55 AM

රටම ඉවරයි කියන්න තියෙන්නේ එච්චරි. (අ)

:       0       0

මුනියන්ඩි Friday, 30 August 2013 03:23 PM

කම්මල ඇරියට ඇසිඩ් වතුර එවන්න එපා (නි)

:       0       0

අමිල කටුනායක Friday, 30 August 2013 03:44 PM

කම්හල ආරම්භ කරන්න කලින් පරිසරයට වෙන අවදානම ගැන සොයා බැලුවා නේද? (නි)

:       0       0

සෙනාර් Saturday, 31 August 2013 11:22 AM

මේ කම්හල ඔතනින් වෙන දිහාවකට අරන් යන්න බැරිද? කොච්චර ඉඩම් තියනවද කැළෑවට ගිහිල්ලා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 160 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 363 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2478 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2083 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1545 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8451 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34523 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site