IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රතුපස්වල ගිවිසුමේ තීන්ත වේලෙන්නත් කලින් විරෝධයක්

තෙරිපැහැ සිරිධම්ම හිමියන් හා හේලීස් සමූර ව්‍යාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා ද අත්සන් කළ ගිවිසුමට අනුව රතුපස්වල කර්මාන්ත ශාලාවන විවෘත කිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීහු කර්මාන්තාව අසලට පැමිණ මීට ටික වේලාවකට පෙර විරෝධතාවක් අරැඹූහ.

 



අදහස් (0)

රතුපස්වල ගිවිසුමේ තීන්ත වේලෙන්නත් කලින් විරෝධයක්

අසන්ත Friday, 11 October 2013 03:51 AM

මිනිස්සුන්ට තව කල් යනකොට වැටහෙයි ඇත්ත මොකක්ද කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 11 October 2013 07:28 PM

සත්‍යපාල සුපර් මාර්කට් යනකොට බන්දුල පෙරේරා කඩේ යනවා..වෙනස එච්චරයි..කොහොමත් කරුනාරත්නයි සත්යපාලයි හරක් බලන දෙන්නෙක් කියල මමත් මේ ප්‍රතිචාර දන බහුතරයත් දන්නවා..ඔයාල හරක් බලන එක අපිට ප්‍රශ්නයක් නෙමෙය්.කව්රුහරි හරක් බලන එකත් කරන්න එපෙයි..එත් ඉතින් අනිත් මිනිස්සුත් තමන්ට ඕන විදියට දක්කන්න පුළුවන් හරක් කියල හිතන එකයි වැරැද්ද .(අ)

:       0       0

නාමල් Friday, 11 October 2013 08:07 AM

ඇත්ත මොකක්ද? එය අපට හෙළිකරන්න. (නි)

:       0       0

ඩයස් Thursday, 10 October 2013 07:10 PM

මේක බංගලිදේශයටම ගෙනගියා නම් ඉවරයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 10 October 2013 07:17 PM

ඔය ප්‍රශ්නය අවසන් වෙන්න, අවසන් කරන්න කට්ටියක් දෙන්නේ නැහැ කවදාවත්. ඔය විදියට ගිවිසුම් වලින් මෙයින් එදා වේල හොයාගන්න අය මොකද කරන්නේ? (නි)

:       0       0

පෙත්තා Thursday, 10 October 2013 07:48 PM

මේක බංගලිදේශයටම ගෙනගියා නම් ඉවරයි .. හරියටම හරි පිළිතුර.සමහර වෙලාවට උතුරු /නැගෙනහිර පළාතට යන්නත් පුළුවන් (නි)

:       0       0

සත්‍යපාල Friday, 11 October 2013 03:04 PM

අජිත් කරුණාරත්න, ඔබ කියලා තිබෙන දෙය කියවන කියවන වතාවක් පාසා මට තනියම හිනා යනවා.ඔබ කතාව ලස්සනට කියලා.ඒත් ඉතින් තේරුම් ගත යුතුම එවුන්ට තේරෙන්නේ නැති හැටි.අජිත් ඔබට ස්තුති. (ස)

:       0       0

ගාමිණි Friday, 11 October 2013 09:15 AM

අන්තිම වාරයයි මේ. (නි)

:       0       0

රන්ජිත් Thursday, 10 October 2013 07:55 PM

මේ මිනිස්සුන්ට පිරිසිදු ජලය ලබාදෙන්න. එතකොට මේ ප්‍රශ්නය අවසානයි (නි)

:       0       0

අජිත් Friday, 11 October 2013 09:19 AM

පරිසර දුෂණයක් නොවන ආකාරයට කර්මාන්තශාලාව ඔතැනම පවත්වාගන යන්න. තවත් තැනකට ගෙන ගිහින් අලුත් කරදර හදන්න ඕනෑ නැහැනේ. මේ කම්හල පරිසර නීති කඩකරලා කියලා වාර්තාවෙලා තිබුනා. සමහර අයට ඒකත් මතක නැතිවෙලා. (නි)

:       0       0

ජගත් Thursday, 10 October 2013 08:05 PM

ඒ කියන්නේ සටන පාවා දුන්නාද? (නි)

:       0       0

ඩයිලා Friday, 11 October 2013 09:36 AM

කර්මාන්ත ශාලාව හම්බන්තොටට හෝ වෙනත් ජන ශූන්‍ය ප්‍රදේශයකට ගෙනයන එක හොදයි. අද ලංකාවේ වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් වැඩිවෙලා, අසම්මත රසානික පොහොර සහ තෙල් භාවිතයෙන්. අපිට වැඩි සැප එපා. සාමාන්‍ය විදිහට අලුත් ලෙඩ රෝග නැතුව ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන්න හරින්න. (නි)

:       0       0

මොහාන් Friday, 11 October 2013 09:37 AM

පාර්ශව දෙකම අඩියක් පස්සට ගියහොත් විසදුමක් ලබා ගත හැකියි. කර්මාතශාලාව වසන එක නෙමෙයි උත්තරය. (නි)

:       0       0

චන්දන Thursday, 10 October 2013 08:11 PM

වතුර වනසන අයට අනේ මන්දා......, දුක් විඳිනවා සත්තයි (නි)

:       0       0

කුමාර Friday, 11 October 2013 09:37 AM

පැය 24 වතුර කැපුවොත් අපිට තිබෙන අපහසුතාවය කොපමණද? (නි)

:       0       0

ටිරෝන් Thursday, 10 October 2013 08:14 PM

අර ප්‍රභාකරන් කිවුවා වගේ අපේ අයට මතක සතියයි කියලා, ඡන්දයක් තිබුණොත් කට්ටියම පෝළිමේ ගිහිල්ලා කතිරය ගසාවි. ඉතිරිය මැතිවරණයෙන් පසුව බලාගනිමු එහෙනම්... (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 11 October 2013 03:27 PM

බන්දුල පෙරේරා යනු කඩේ යන කෙනෙකි ................... ඔබට අඩු අං 5ක් පමණි.... (ස)

:       0       0

මැණික් Thursday, 10 October 2013 08:27 PM

මේක නම් දැන් කරදරයක් වගේ වෙලා. (නි)

:       0       0

සුනෙත් Thursday, 10 October 2013 08:31 PM

මෙචර හොද විසදුමක් දීලත් මේ මිනිසුන්ට ඒත් මදිනේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 October 2013 08:32 PM

පරිසර අධිකාරිය, නගර සංවර්ධන, ප්‍රාදේශීය ලේකම්, පළාත් සභාව වැනි ස්ථාන සියල්ලෙන්ම සහ තවත් මෙහි සඳහන් නොවන දෙපාර්තමේන්තු රාශියකින් අවසර ගෙනයි මෙම කර්මාන්ත ශාලාව මෙහි ස්ථාපනය කර ඇත්තේ. මේ අය කෙ‍සේද මෙම අවසරය දුන්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 11 October 2013 10:35 AM

රතුපස්වල රඟමඩලේ හාමුදුරුවෝ එක නළුවෙක් පමණයි..හාමුදුරුවන්ට ඕන විදියට පිටපත වෙනස් කරන්න බැහැ..නිෂ්පාදකයෝ, අධ්‍යක්ෂකල තිරෙන් පිටුපස ඉන්නවා..හාමුදුරුවෝ වැපුරුවට හාමුදුරුවෝ වැපුරුවේ අනුන්ගේ කුඹුරක අනුන්ගේ වී..හාමුදුරුවන්ට අස්වැන්න තනියෙම ලැබෙන්නේ නැහැ. හාමුදුරුවෝ තමන් තමයි කෙරුම කියල හිතන් හිටියට ... අස්වැන්න කපන්න ලැබෙන්නෙත් නැහැ.. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 11 October 2013 10:37 AM

ඔය කර්මාන්ත ශාලාව පෙනෙන මානයේ ඉන්නා මගේ යහළුවෙක් නම් කියන්නේ ගම්පහ කොහොමත් ලවණ ගතිය වැඩියි කියලා. ඔය කර්මාන්ත ශාලාව නිසා වැඩි දෙනෙක් රැකියාව කරගෙන ජීවත් වෙනවලු.මේ රජය තරම් සේවයක් කළ රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ කියලයි එයා කියන්නේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 10 October 2013 09:29 PM

තෙරිපැහ හාමුදුරුවොත් අහුවුණාවත් ද (අ)

:       0       0

චින්තක Thursday, 10 October 2013 09:55 PM

දැන්නම් මේ කට්ටිය හොදටම වැඩියි වගේ. බලාගෙන යනකොට ඉල්ලන් කපු එක හරියි කියල හිතෙනවා. (අ)

:       0       0

සේනක Thursday, 10 October 2013 09:55 PM

මෝඩයන්ට නම් ඕව හොඳ විසදුම් තමයි (අ)

:       0       0

සත්‍යපාල Friday, 11 October 2013 11:03 AM

හැබැයි බන්දුල පෙරේරා, නගුලට ගැට ගහලා, දේශපාලන කුඹුර මඩකර ගන්න දේශපාලකයෝ කරන දේ විය ගහට මැදිලා බෙල්ලේ කරගැට ආවත් ඔයාට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

එදිරිසිංහ Saturday, 12 October 2013 12:11 AM

සත්‍යපාල මොකද කෑගහන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 11 October 2013 12:30 AM

අර ෆ්‍රන්කන්ස්ටීන් කතාවේ කියවෙනවා ඔහු හදපු සත්වයා අන්තිමට ඔහුටම පාලනය කරගන්න බැරිවෙලා ලොකු විනාශයක් වුන හැටි. හාමුදුරුවන්ටත් ඒකම වෙන්නද යන්නේ? දැන් විරෝධතාකරුවන් හාමුදුරුවන්ටත් කියන දේවත් අහන්නේ නැති තත්වෙකට පත්වීගෙනද එන්නේ? (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 11 October 2013 11:51 AM

සත්‍යපාල, මෙකුන්ට ඔහොම කෙවිටෙන් තලලා විතරක් මදි. නගුටත් කරකවල දෙපරන්ද ට කෙවිටෙන් ඇනලා කුති කවන්න ඕනේ, එතකොට අම්බරුවෝ තව හයියෙන් දුවලා කුඹුර නියමෙට හාල දෙයි. පස්සේ හති වැටුනම හෙවනකින් ගැටගහල දාමු. (ස)

:       0       0

ආනන්ද Friday, 11 October 2013 12:07 PM

මේ එක සමාන නම් ලැබෙන අයට ඇත්තටම එකම ගතිගුණ සහ මොළය පිහිටන හැටි හරි පුදුමයි නේද? (නි)

:       0       0

ලලිත් Friday, 11 October 2013 01:23 AM

රටට ආදායමක් එන මාර්ග, කම්හල් වහලා අපේ අතේ තියෙන තුට්ටු දෙකත් දන් දීලා ජනතාව බදු ගෙවද්දී, සමහරුන්ට නම් නොමි‍ලයේ විදුලිය, දුරකතන දීලා, තව ඉල්ලන ඉල්ලන ආධාරත් දීලා ඉන්නවා නම් ඔය මොනවත් නැහැනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 413 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 454 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 9982 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3049 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3807 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6122 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19443 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site