IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රතුපස්වල පොත දොරට වඩී

රතුපස්වල සිදුවීම් මාලාව අළලා ලියන ලද‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘ කෘතිය දොරට වැඩීම  හෙට (13) පස්වරු 2.45ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී (විහාරමහාදේවී උද්‍යානය අසල) සිදු කෙරේ.

 මීට වසර විසි ගණනකට පෙර සිට ජනාධිපතිවරුන් දෙදෙනකු, අගමැතිවරුන් පස් දෙනකු සහ පරිසර ඇමැතිවරුන් අට දෙනකු පමණ යටතේ දිග්ගැස්සුණු රතුපස්වල  අරගලය මෙම පොතෙන් විස්තර වෙයි.

රතුපස්වල සටන ගැන බොහෝ දෙනකු දැන ගත්තේ 2013 වසරේ අගෝස්තු මාසයේදී වෙඩි තැබීමේ සිදුවීමත් සමඟය. නමුත් රතුපස්වල සටනට අවුරුදු 20ක පමණ ඉතිහාසයක් ඇති බව මේ කෘතියෙන් සාක්කි සහිතව සනාථ කරයි.

අවුරුදු 20ක් පුරා මිනිසුන් මුහුණ දුන් ප්‍රශ්න ගැනත්, ජල සටනේදී ගම්වාසීන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගැනත්, එම සටන පිටුපස ඇති මෙතෙක් හෙළි නොවූ තොරතුරු රාශියක් ගැනත් පොතේ ඇතුළත්වේ. අරගලයේ කූටප්‍රපාප්තිය වූ වෙඩි තැබීමෙන් පසු ද ගම්වාසීන් තම අයිතිවාසිකම් උදෙසා සටන් කළආකාරය ගැන ද සටනේ වීරයන් සහ ද්‍රෝහියන් ගැන ද පොතේ විශේෂයෙන් සඳහන් කර තිබේ.

රතුපස්වල ජන අරගලය ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන සටහනක් (වෝටර් මාර්ක්) තැබූ සටනක් නිසා මෙම කෘතිය ‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘ මැයෙන් නම් කර තිබේ.

 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙම කෘතියේ පසුවන සපයා ඇත. පොත ප්‍රකාශයට පත් කරන්නේ අමිල චින්තක ගමගේ මහතාගේ ගමගේ පොත් ප්‍රකාශකයෝ ආයතනයයි.

13 වැනි අඟහරුවාදා සවස 2.45ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී (විහාරමහාදේවී උද්‍යානය අසල) පොත එළි දැක්වීමට නියමිත අතර එදින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, මහාචාර්ය සරත් විජේසූරිය සහ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහත්වරු කෙටි දේශන පැවැත්වීමට නියමිතය. 

සංගීතඥයකු වන අජිත් කුමාරසිරි මහතා ද, රංගන ශිල්පිනියක වන කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය ද එදින ගීය ගයතියි සංවිධායකයෝ කියති.

පොත එළිදක්වන දා රතුපස්වල ගම්වාසීක් පිරිසක් මෙන්ම අලුතින් සටනක් අරඹා ඇති හම්බන්තොට රිලාගලයායේ ගම්වාසීහු පිරිසක් සහ සහභාගී වීමට යති.

මෙය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යයි.

rathu__invitation[1] RATHUPASWALA-BOOK_COVER



අදහස් (0)

රතුපස්වල පොත දොරට වඩී

සුසන්ත Monday, 12 September 2016 07:36 AM

අදටත් ඒ මිනිසුන්ට සාධාරනයක් වෙලා තියනවද? එ්කෙන්ම පේනවා මේකෙන් දේශපාලන වාසි ගත්තා මිසක් අද ඉන්න රජයත් ඒ මිනිස්සු ගැන සැළකිල්ලක් නැති බව! (නි)

:       0       0

ගයාන් Monday, 12 September 2016 08:37 AM

රතුපස්වල සිද්ධිය හා වසර 30ක යුද්ධය සමාන කරන්න බැහැ. (ම)

:       0       0

දීපිකා මීගොඩ Monday, 12 September 2016 08:53 AM

මිල කල නොහැකි තරමේ උතුම්ම දෙයක් .රටටම ආදර්ශයක් රතුපස්වල මිනිසුනේ ඔබ .ඔබට ජය .දයක වුණ ඔබ සැමටම බොහොමත් පින් ලැබේවා. (ම)

:       0       0

දහම් Monday, 12 September 2016 09:50 AM

කෝ යහපාලනයෙන් රටේ ප්‍රශ්න කිසිවකට විසදුම්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 107 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 563 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 511 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1384 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7408 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site