ගම්පහ රතුපස්වල ජල ගැටළුවට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් පිරිසකට වැලිවේරියේ දී වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට අසූ දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන්කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවියට දැනුම් දුන්නේය.
යුද හමුදා වෙඩි තැබීමෙන් සහ පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.
එම සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (18) කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් මාධ්‍යවේදීන් ඇතුළු හය දෙනකුගෙන් ලබා ගත් කටඋත්තරවල උදෘත අධිකරණයට ඉදිරිපත් කළේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් මුල් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ බවත්, ඉන් පසු නීතිපති විසින් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබූ බවත් රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
විමර්ශනවල දැන් තත්ත්වය ගැන විනිසුරු නානායක්කාර මෙනවිය කළ විමසීමේදී රහස් පොලිසිය කීවේ රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවයි.
ඉදිරි විමර්ශන කර කරුණු වාර්තා කිරීමට නඩුව මැයි 6 වැනි දාට කල් තැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.
සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතා ඇතුළු ගම්වාසීහු පිරිසක් අධිකරණයට පැමිණ සිටියහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රතුපස්වල වෙඩිතැබීම ගැන 80කගෙන් ප්‍රකාශ අරං