IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රතුපස්වල වාර්තාව පස්සේ එයි

රතුපස්වල ජල ගැටළුවට විසදුම් ඉල්ලා පැවැති උද්ඝෝෂණයට එල්ලවූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ විමර්ශනය අවසන් කළ ඇති බවත් නිර්දේශ ළඟදීම නිකුත් කරන බවත් කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා මහතා පවසයි.
එම විමර්ශන සිදු කිරීමේදී රාජ්‍ය ආයතන 35 ක්, යුද හමුදාවේ ඉහළ නිලධාරින් ඇතුලූ 14 ක්, පොලිසියේ ඉහළ නිලධාරීන් ඇතුලූ 9 ක්, සිවිල් සංවිධාන 30 ක් සහ රතුපස්වල සහ නැදුන්ගමුව ප‍්‍රදේශයේ ගම්වාසීන් 80 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට සිදුවූ බව ඔහු පවසයි.

 



අදහස් (0)

රතුපස්වල වාර්තාව පස්සේ එයි

බන්දුල පෙරේරා Tuesday, 17 December 2013 05:07 PM

ජය මහත්තයෝ, පොලු මුගුරු පැට්‍රල් බෝම්බ අරන් මාරාවේශයෙන් හැසිරෙන අයව දෝතට අරන් නලවන්නද මහත්තයා කියන්නේ. නැත්නම් අතේ තියෙන ආයුදෙත් දාල පන බේරගෙන දුවන්නද කියන්නේ. ප්‍රචණ්ඩත්වයට ජාති ආගම් කුල බේද අවශ්‍ය නැහැ. සැලකිය යුතු පිළිවෙත තමයි මේක.(නදී)

:       0       0

සතයයා Tuesday, 17 December 2013 05:40 AM

ඔය ලස්සනට කතා කරන්නේ වෙඩි කාපු අය ගැන නොවෙයි වෙඩි තියපු අයගේ හපන් කම ගැන.(නදී)

:       0       0

කළණි Tuesday, 17 December 2013 08:35 AM

බන්දුල පෙරේරා වගේ අය ලංකාවේ ඉන්න කල් මේ රට හැදෙන්නේ නැහැ. මේ වාර්තා එන්නේ ඡන්දෙ ළඟ නිසා.(නදී)

:       0       0

සෙනෙවි Tuesday, 17 December 2013 09:16 PM

කොමිසමේ සයිස් එක වාර්ථාවෙන් දැන ගන්න පුලුවන් වේවි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 December 2013 10:42 AM

බන්දුල උන්නැහේ , එදා ලේ දන්දීලා , බෝදි පුජා තියලා , ගෙදර කන්න තිබුන දේ ගුලි කරලා පුජා කරලා හතර වරම් දෙවියන්ට කන්නලවු කළා අපි අපේ ත්‍රිවිද හමුදාවට පොලිසියට කරදරයක් වෙන්න එපා කියලා. ඒත් අපි තාමත් කල්පනා කරන්නේ අපි එහෙම ආරක්ෂා කරපු හමුදාවම නේද අපේ දරුවන්ට පට පට ගාලා හතර අතට පත්තු කලේ කියලා. ජිවිත තුනක් බිලිගත්තා තිහ හතළිහක් ඇඳන්වල මාස ගානක් දුක් වින්දා. දඬු කදේ නොගැහුව්වට වෙන්න ඕන හරිය සොබා දහම විසින්ම තීන්දු කරයි. එම තීන්දුවෙන් බාගයක් ඔහේටත් ලැබෙයි බලාගෙන ඉන්න.(නදී)

:       0       0

නයනා වික්‍රමාරච්චි. Tuesday, 17 December 2013 10:52 AM

බන්දුල පෙරේරා වගේ අය මේ සිදුවීම තාමත් උඩු යටිකුරු කරන්න උත්සාහ ගැනීම පිලිබදව කනගාටු වෙමි. අපේ අහිංසක දරුවන් මරා දැමු පසුවත් කාලකන්නි සතුටක් ලබන මොවුන් මේ මිහිතලයේ කුමන සත්ව කොට්ඨාසයක්ද? ඔවුන්ගේ දරුවෙක් පාසල් නිමවී ගෙදර එන විට මෙබදු ඉරණමකට මුහුණ දුන්නේ නම් මෙලෙස සතුටු වන්නේද? (නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 16 December 2013 07:22 PM

ළඟදීම එනවා කියලා බලන් හිටපු සමහර දේවල් ආවෙත් නෑ. ආවත් හිතන් හිටපු දේවල් තිබුනෙත් නෑ.(නදී)

:       0       0

චාමික Tuesday, 17 December 2013 12:18 PM

ලෝකයේ කොතනදී, කොයි වෙලාවේ මොන විදියට හේතු දැක්වුවත් මිනීමරුවා මිනීමරුවෙක් මිසක් දෙවියෙක් වෙන්නේ නෑ කියන ආගමික උපදේශය අමතක කරන්න එපා. (නදී)

:       0       0

නිසංසල. Monday, 16 December 2013 07:28 PM

දැනට සිදු කල අනෙකුත් පරීක්ෂණ,සහ වාර්තා අනුව මේ වාර්තාව ගැනත් සිතා ගන්න පුළුවනි. මේ පරීක්ෂනවල විනිවිද භාවයක් තිබේද? (නදී)

:       0       0

ද සිල්වා Monday, 16 December 2013 07:29 PM

ඔය වාර්තාව අර වෙඩි වැදී මැරිච්ච ළමයින්ගේ අවුරද්දේ දානය දෙන්න ඉස්සරලාවත් ලැබේද? (නදී)

:       0       0

නිරංජලා. Monday, 16 December 2013 08:10 PM

කාටද මේවා කියන්නේ? කවුද මේවා විශ්වාස කරන්නේ? ලංකාවේ තාමත් කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නවාද?(නදී)

:       0       0

සී. කේ. ලංකාපුත්‍ර Tuesday, 17 December 2013 01:25 PM

මේ වාර්තාව නිකුත් උනාට පස්සේ අපට හිතා ගන්න පුළුවන් වේවි අර මේ ගොල්ල මානව හිමිකම් උල්ලංගනය උනාද කියල හොයන්න පත්කරන්න යන කොමිසන් වාර්තාවේ තියෙන්න පුළුවන් දේත්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 16 December 2013 08:59 PM

ජන ජීවිතය අඩාල කරන ප්‍රචණ්ඩ උද්ගෝෂණ වලට සහාභාගී වෙලා ආරක්ෂක හමුදාවන්ට පහර දීලා වෙඩි කාලා මළාම කට්ටියට අවශ්‍ය විදියට , කට්ටිය සතුටු වෙන විදියට තීන්දුවක් දෙන්න ඔය කොමිසමට පුළුවන් වේවි කියල මම නම් හිතන්නේ නැහැ. මානව හිමිකම් කඩ උනානම් එහෙම වෙන්න අවශ්‍ය සිදුවීම් වලට මිනිස්සු උසිගන්නපු මෙහෙයවපු කට්ටිය මුලින්ම වග කියන්න ඕනා. ළමයින්ගේ මල මිනී විකුණන් කාල ඒ අය අද හිනා වේවි බලාගෙන ඉන්නව ඇති. මේ කොමිසන් එකතු වෙලා හමුදාව දඩු කදේ ගහන කම්.(නදී)

:       0       0

කුමාර Wednesday, 18 December 2013 06:21 PM

පෙරෙරා උන්නැහේ කට ඇරියාම මතක් වෙන්නෙ රජ්ජුරුවන්ගේ කඩුවෙන් බඩ කැපූ වඳුරාගේ කතාව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 195 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 237 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 271 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 402 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 386 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 714 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site