IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


රත්මලානේ කාමරයක ඝාතනයක්

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කාමර කුලියටදීමේ නිතරව සිටි පුද්ගලයකු නිවෙසේ නිදාගෙන සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු විසින් තියුණු ආයුධයකින් පහරදී අද(16) අලුයම ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා 2020 වසර වනතෙක් මහා පරිමාණයෙන් මත්කුඩු ජවාරමේ නිරතව සිට අයකු බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 52 ක් වයසැති බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කාලයක් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිට 2020 වසරේදී ජාවාරම නවතා දමා එම මුදල්වලින් සාදාගත් ගොඩනැගිලි දෙකක කාමර කුලියටදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම ගොඩනැගිලි දෙකෙන් එක් ගොඩනැගිල්ලක මියගිය පුද්ගලයා අනියම් බිරිය සහ ඇගේ දරුවන් සමග ජීවත්වී ඇති බව ද පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සැකකරුවන් දෙදෙනා කුලී රථයකින් මියගිය පුද්ගලයාගේ රත්මලාන, බොරුපන ප්‍රදේශයේ නිවෙසට අද (16) අලුයම 4.30 ට පමණ පැමිණ එහි දොරගුළු කඩා ඇතුළු වී මියගිය පුද්ගලයාගේ අනියම් බිරිය සහ දරුවන් වෙනත් කාමරයකට දමා දොර වසා ඇති බව පොලිසිය කියයි.

පසුව සැකකරුවන් දෙදෙනා මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට පිහි පහරවල් කීපයක් ඇන පලාගොස් ඇති බවද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

 



අදහස් (1)

රත්මලානේ කාමරයක ඝාතනයක්

de silva Wednesday, 17 April 2024 09:32 AM

කුඩු ජාවාරම් කාරයන් 95% කගේ ජිවිත වල අවසානය ඉතා කෙදජනක බව සියල්ලන්ම සිතට ගන්න ඕනේ ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 20 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 398 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 231 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 348 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1086 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2872 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site