IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රාතී‍්‍ර මෝටර් රථ තරග නවත්වන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලති

මේ මස 17 සහ 18 යන දෙදින මහනුවර නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති රාති‍්‍ර මෝටර් රථ ධාවන තරගාවලිය අවලංගු කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් මහනුවර උරුමය සුරැකීමේ සංවිධානය නමැති සංවිධානයක් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට සංදේශයක් භාරදී තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන්ට මල්වතු මහා විහාරයේදීද, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ට දළදා මාලිගාවේදීද මෙම සංදේශය අද (5 වැනිදා) භාරදෙනු ලැබිණ.

දළදා සමිඳුන්ට කෙරෙන උපහාරයක් වන වාර්ෂික දළදා පෙරහර පවත්වමින් දළදා කරඬුව වඩම්මවන වීදි උඩරට බෞද්ධ ජනතාව අතර ගෞරවාදරයට පාත‍්‍ර වී ඇති බැවින් එම වීදි යොදා ගෙන රාති‍්‍ර මෝටර් රථ ධාවන තරග පැවැත්වීමටත් ජංගම සුරාසැල් ඇරීමටත් යන කි‍්‍රයාවලිය වහාම නතර කරන ලෙස එම සංදේශයේ සඳහන්ව ඇත.
මේ මස 24 සහ 25 යන දෙදින තුළ මහනුවර බෞද්ධ ජනතාව වෙසක් උත්සවයට සැරසෙමින් සිටියදී ඊට ආසන්න දින දෙකකදී මෙම මෝටර් රථ ධාවන තරග පැවැත්වීම නොමනා බවද එම සංදේශයේ සඳහන් වේ.

මෙවැනි කටයුතු සඳහා වෙනත් ස්ථාන තිබියදී පෙරහැර කරඬුව වඩම්මවන වීදි වල එම පරිසරය විනාශ කරන රාති‍්‍ර මෝටර් රථ ධාවන තරග පැවැත්වීම අනුචිත බවද එහි වෙනත් යටි අරමුණු තිබිය හැකි බවද එම සංදේශයේ සඳහන්වේ.

මහනුවර උරුමය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එහි ලේකම් කීර්ති රත්නායක හා නිමල් පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන් විසින් ඊට අත්සන් තබනු ලැබ ඇත.

 



අදහස් (0)

රාතී‍්‍ර මෝටර් රථ තරග නවත්වන්නැයි මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලති

හේවාවිතාරණ Monday, 06 May 2013 12:55 AM

අනේ මෙහෙම ඉරිසියාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.(නදී)

:       0       0

උදය Monday, 06 May 2013 10:14 AM

මේ වගේ වෙලාවටවත් නායක හිමිවරු එකතුවෙලා යමක් කරන්න ඕන නේද? (ස)

:       0       0

චමිල Monday, 06 May 2013 03:44 PM

සංදේශයේ සඳහන් සියළු කරුණු පිළිබදව යහපත් අවධානයක් යොමු වේවා...! අපේ උරුමයට, සංස්කෘතියට ගරු කරන මිනිසුන් වෙත්වා. ! (ස)

:       0       0

මංජුල විජේනායක. Sunday, 05 May 2013 08:11 PM

අපි නැගිටිමු එකට. ඕක නවත්වන්නම ඕනේ. අපිත් නුවර කොල්ලෝ.(නදී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 05 May 2013 09:23 PM

ඕව ඉතින් රජ පුත්තුන්ගේ සතුටටනේ, ඕවා ඉතින් සක්කරයටවත් නවත්තන්න බෑ, අපේ හමුදුරුවරු කියන දේවල් අහන පාලකයෝ නෙවේනේ දැන් රජ කරන්නේ.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 05 May 2013 09:31 PM

මේවා සංවිධානය කරන්නේත් සිංහල බෞද්ධයොද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1540 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1629 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1252 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1915 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 577 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 279 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site