IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රාත‍්‍රී මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය අද

වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ දෙවැන්න අද (15) පස්වරු 7 ට කොළඹ ගාලූ මුවදොර පිටිය සහ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ. ශී‍්‍ර ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරග බිමේ මෙතෙක් නොවූ විරූ, අතිශය බලසම්පන්න මෙන්ම වේගවත් මෝටර් රථ කිහිපයක් රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියේදී දැක ගැනීමට හැකිවේ. වොක්ස් වෝගන් පෝලෝ රථ මෙන්ම සුපිරි මෝටර් රථ ඇතුළත් ජී.ටී. 4 සහ ජී. ටී. 4 කාණ්ඩයේ මෝටර් රථ ආදී ලෝකයේ ඉතාමත් බලසම්පන්න මෙන්ම වේගවත් මෝටර් රථ එදින ධාවනය වේ. ජපානය, මැලේසියාව, හොංකොං, එංගලන්තය සහ ඉන්දියාව යන රටවලින් මෝටර් රථ ධාවකයෝ 35 දෙනෙක් තරගාවලියට සහභාගිවෙති. යතුරු පැදි ඉසව් සඳහා මාලදිවයිනෙන්ද තරගකරුවෝ ඉදිරිපත්ව සිටිති. දිවයිනේ නමගිය මෝටර් රථ තරග කරුවන් ඇතුළුව මෝටර් රථ සහ යතුරු පැදි ඉසව් සඳහා ශ්‍රී ලංකාවෙන් තරග කරුවෝ 150 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. අන්තර්ජාතික මෝටර් රථ තරග වලදී දස්කම් පාන ශී‍්‍ර ලංකාවේ සුපිරි මෝටර් රථ ශූරයා වන ඩිලන්ත මාලගමුව මෙවරත් රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියට සහභාගිවේ. පසුගිය වසරේ තරගාවලියේදී ජී. ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය. වොක්ස් වෝගන් පෝලෝ රථ පැදවීම සඳහා ඉන්දීය රියැදුරෝ හත්දෙනෙක් තරගාවලියට එක්වෙති. උපුල්වන් සේරසිංහ, සුමනපාල මාන්නප්පෙරුම සහ රොමානි ද සිල්වා මෙම ඉසව්වට සහභාගිවන ශ්‍රී ලංකා තරගකරුවෝ වෙති. පසුගිය වසරේදී වොක්ස් වෝගන් පෝලෝ ඉසව් දෙකම ඉන්දීය රියැදුරෝ ජය ගත්හ. එස්. එල් - ජී. ටී. 3500 සුපිරි කාර් වේගවත්ම ඉසව්වේදී වාර්තාගත මෝටර් රථ 24 ක් තරග වදියි. ‘‘වොක්ස් වෝගන් පෝලෝ රථ ඇතුළු ජාත්‍යන්තර මෝටර් රථ ලංකාවට දැන් ගෙනැවිත් තිබෙන්නේ. ධාවන පථය ඇතුළු තරගාවලිය සඳහා සුදානම දැන් සියයට 90 ක්ම අවසන් යැයි’’ තරගාවලියේ මෙහෙයුම් ප‍්‍රධානී ෂෙහාන් ඞී. තිසේරා මහතා ‘ලංකාදීපයට’ පැවසීය. කොළඹ මෝටර් රථ තරගාවලිය පසුගිය වසරේදී පළමුවරට පැවැත්විණ. එහිදී පේ‍්‍රක්‍ෂකයක් කිහිප දෙනකු අනතුරුවලට ලක් වු අවස්ථා ද වාර්තාවිය. මෙවර පේ‍්‍රක්‍ෂයන් සඳහා විශේෂ ආරක්‍ෂක වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව තිසේරා මහතා පැවසීය. ‘‘ධාවන පථය වටා වැලිකොට්ට සහ ටයර්වලට අමතරව දැල් ආවරණ අප මෙවර සකස් කරනවා. තරග නරඹන්නන්ට ප‍්‍රවේශපත්වලට අනුව නැරඹුම් ස්ථාන සපයලා තියෙන්නේ. අප ජනතාවට දන්වා සිටින්නේ මාර්ග වැසීමෙන් සිදුවන අපහසුතා වලක්වා ගනිමින් කලින් පැමිණ තරගය නැරඹීමට සුදානම්වන්න කියායි ’’ යැයි තිසේරා මහතා පැවසීය. පේ‍්‍රක්‍ෂකයන්ගේ ආරක්‍ෂාවත්, ධාවකයන්ගේ ආරක්‍ෂාවත් උදෙසා වැලි කොට්ට 150,000 ක් සහ ටයර් 5000 ක් පමණ ධාවන පථය වටා යොදා තිබේ. මෝටර් රථ ඉසව් හතකින් සහ යතුරු පැදි ඉසව් හතරකින් තරගාවලිය සමන්විතය. ධාවන පථය කිලෝමීටර 4.5 ක දුරකින් යුක්තය. පේ‍්‍රක්‍ෂකයන්ට තරගය හොඳින් නැරඹීම සඳහා ධාවන පථය ගාලූ මුවදොර පිටිය මාර්ගය දක්වා දීර්ඝ කර තිබේ. ප‍්‍රවේශ පත‍්‍රයේ වර්ණය අනුව ස්ථාන සකසා ඇති බවත්, ප‍්‍රවේශපත් එදින ලබාගැනීමට හැකියාව තිබෙන බවත් සංවිධායකවරු පවසති. මෝටර් රථවලින් විවිධ දස්කම් පාන ඉන්දිය ධාවකයන් කිහිප දෙනෙක් තරග අතරතුරදී සංදර්ශනයක් පැවැත්වීමට ද සූදානමින් සිටිති. තරගාවලිය ආරම්භ කරමින් රාත‍්‍රී 7 ට එම ධාවන පථයේදී රේසිං පාපැදි තරගයක් පැවැත්වේ. පාපැදි අතුරු කමිටුව විසින් තරගය මෙහෙයවනු ලබයි. කාල්ටන් මෝටර් රථ ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන මෙවර තරගාවලියේ මෝටර් රථ තරග ආසියානු මෝටර් රථ සංගමය විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය යතුරු පැදි තරග මෙහෙයවයි. තරගාවලියට ඇතුළත් ඉසව්: ● මෝටර් රථ තරග ජී. ටී. 3 සහ ජී. ටී. 4 අන්තර්ජාතික ඉසව් (තරග 2 යි), වොක්ස් වෝගන් පෝලෝ රථ ඉසව්ව ටොයෝටා ඊටියස් එස්. එල්. එච් 1600 සී.සී. එස්. එල්. ජී. ටී. 3500 සුපිරි කාර් ඉසව්ව ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ● යතුරු පැදි තරග 250 සී.සී. විවෘත ඉසව්ව 125 සී. සී. 2 ස්ට්‍රොක් / 250 සී. සී. 4 ස්ට්‍රොක් රේසිං ඉසව්ව සුපර් මෝටාර්ඞ් විවෘත ඉසව්ව (125 සී.සී.) ස්ටෑන්ඩර්ඞ් 250 සී.සී. (4 ස්ට්‍රොක්)



අදහස් (0)

රාත‍්‍රී මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය අද

දිලන්ක Saturday, 15 December 2012 10:51 AM

මේවා දැක්කහම ඇස් දෙකටම ඇඩෙනවා. (නි)

:       0       0

රොහාන් Saturday, 15 December 2012 06:47 PM

පෙට්‍රල් 10කින් නැගලා (දී)

:       0       0

ඩිලන්ත මාලගමුව Saturday, 15 December 2012 11:57 AM

පෙට්‍රල් 10කින් වැඩි කරයි ... (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 15 December 2012 09:10 PM

පොඩි මිනිහගේ වාහනනේ මේ වගේ පදින්න තියෙන්නේ? හිනා යනවා නේද? මේක අස්සේ පෙට්‍රල් රු.10 කින් වැඩි කළාම රේස් එකට යටකරපු ගාන පැයෙන් දෙකෙන් ෂේප්. ඔන්න ප්‍රථිපල..... (නි)

:       0       0

අජන්ත Saturday, 15 December 2012 12:12 PM

මොනවා කරන්නද. ඕක තමයි අපි ලබා උපන් හැටි (දී)

:       0       0

චාමර Saturday, 15 December 2012 12:43 PM

කවුද මේවා කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

කිවි Saturday, 15 December 2012 01:14 PM

පාන් නැත්නම් කේක් කාපල්ලා (දී)

:       0       0

පනාගොඩ Saturday, 15 December 2012 01:40 PM

මෙහෙම රේස් ගිහිල්ලා හරි බඩු මිළ පහළ ගියොත් නම් කොච්චර හොදද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 5 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 85 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 289 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 577 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 431 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3655 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site