(නිමන්ති රණසිංහ)
බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට කඩා වැදී සිදුකළැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත.
පොලිස්පතිවරයාගේ නියමයෙන් ආරම්භ කර ඇති මෙම විමර්ශනයට අනුව අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනකුගෙන්, එහි බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකුගෙන් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 09 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිරකරු දිනය පැවැති ඉකුත් සැප්තැම්බ්ර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇති කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත වහාම විමර්ශනයක් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට කළ නියෝගය ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ වී ඇත.
අදාළ සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ ව ඇති බව කියමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව එම අධිකරණයෙන් පොලිස්පතිවරයාට මෙම නියෝගය නිකුත් වූයේ ඉකුත් ඔක්තෝම්බර් මස 21 වැනිදාය.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්වත්තේ බන්ධනාගාරවලට කඩා වැදීම ගැන විමර්ශනයක්
sarath Friday, 10 December 2021 06:03 PM
"වීඩියෝ පට මැකී ඇත, මට මතක නැහැ, මං එතන හිටියේ නැහැ" යන ප්‍රකාශන මේ විමර්ශනයේදී සුලබව ඇසෙන්නට තිබෙන කරුණුයි...
Bamunuarachchi Friday, 10 December 2021 06:08 PM
සමහරක් බිව්වාම නැති වීරකම් ඇඟට ගන්නවා... අරගෙන බලුවෙනවා. තමන් විතරක් බලුවෙනවා නම් කමක් නැහැ. අවට ඉන්න මිනිස්සුත් බලු කරනවා...
Raveendra Friday, 10 December 2021 08:25 PM
අප නම් හිතුවේ සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කරන ලදී යන්නයි. දැන් බලන කල නාටකය පටන් ගෙනවත් නැහැනේ...
ravin Friday, 10 December 2021 09:48 PM
මෙලහකට ඔය විමර්ශන කාර්යය අවසන් කර වාර්තා වත් දීලා ඇති කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ...
Royfedricks Saturday, 11 December 2021 02:36 AM
බැරිද ඔය යකාව සඟවා තිබෙන ආයුධ හොයාගන්න එක්ක යන්න? එක රටක්, එක නීතියක්? ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග දෙනකම්ම හිටියා පරීක්ෂණ කරන්න. පරීක්ෂණයේ ප්‍රතිඵල අපි කවුරුත් දන්නවා...
Sunil Saturday, 11 December 2021 05:55 AM
සිද්ධිය වෙලා මාස ගණනාවක් ගිහන්.ගිහින්.වැරදි කරුවන් තවමත් නිදැල්ලේ.මොන විමර්ශනද මේ?අධිකරණයෙන් නියෝග නොලැබුනේ නම් ඒ විමර්ශනයත් නෑ
මසිරිපාල Saturday, 11 December 2021 07:25 AM
ඇත්තටම එහෙම එකක් වුනාද .මටනම් මතක නැහැ
Bamunuarachchi Sunday, 12 December 2021 11:45 AM
දේශපාලන අතීතය අමතක වෙන අයට දේශපාලන සංවාද කරන්න බැහැ මසිරිපාල ?