IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රත්වූ වීදුරුවෙන් ලස්සන බඳුනක්‘

වීදුරු උණුකර ගත්විට දක්ෂයකුට එය කඩිනමින් ලස්සන නිමාවකින් යුත් බඳුනක් සාදා ගත හැකි බවත් එය බොහෝ කල් පවතින බවත් එහෙත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන වීදුරුව යළි නිවෙන්නට ඇරීමෙන් හැඩයක් නැති දෙයක් හැදෙන බවත් එවැන්නක් යළි හැඩයක් ඇති දෙයක් බවට පත් කිරීම ඉතාම අසීරු බවත් ශ්‍රී ලංකාව අද එවැන්නකට මුහුණ දෙන බවත් සෙයිද් අල් හුසේන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් පැවසීය.

සිවුදින නිල සංචාරය අවසන් කිරීමට පෙර කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

ශ්‍රී ලංකාව යළිත් හැකි ඉක්මනින්  අන්තර්ජාතික ප්‍රජාව වෙත ළං කර ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, ශ්‍රී ලංකාව ආර්ථික බලාගාරයක් බවට පත් කිරීමට ඔවුනට ඕනෑ බවත්, පළුදු නැති කර ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවනට හොඳ අවස්ථාවක් මතු වී ඇති බවත්, මේ අසීරු කාර්යයේ දී ශ්‍රී ලංකාට තම සේවය ලබා දීමට ඉදිරිපත් වෙන බවත්, එහි අරමුණ සත්‍ය යුක්තිය ආරක්ෂාව හා සමෘද්ධිය බවත්  අල් හුසේන් කුමරු කීවේය.

ඉකුත් වසරේ සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ආකාරය තම කාර්යාලය සමීපව බලා සිටින බව ද, ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ කොළඹ සහ දකුණේ පැවති බිය මේවන විට තුරන්වී ඇති බව ද, උතුරු නැගෙනහිර පළාත්වලද එය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව ද ඔහු පැවසීය.

ජිනීවා යෝජනාවෙන්  ශ්‍රී ලංකාවේ නිදහසට හා ස්වාධිපත්‍යයට කිසි ලෙසකින්වත් බලපෑමක් එල්ල නොකරන බවත් මහ කොමසාරිස් කීවේය.

 මානව හිමිකම් කොමසාරිස්ගේ සම්පූර්ණ ප්‍රකාශය.

‘‘සුභ සන්ධ්‍යාවක්.පැමිණි ඔබ සියලූදෙනාට ස්තූතියි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායකවරයා යන සියලූදෙනා සමග සාකච්ඡා පවත්වා අවසන් කිරීමෙන් අනතුරුව මම මෙසේ ඔබ හමුවට පැමිණ සිටිමි.ශ්‍රී ගංකාවේ අනාගතයට වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් අප සාකච්ඡා පැවැත්වූ බව මම මෙහිදී සඳහන් කරන්නට කැමැත්තෙමි.සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ සිට මා විදේශ කටයුතු පිළිඹද අමාත්‍යවරුන්,මහජන සම්බන්ධතා,අධිකරණ,බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ආදී ක්ෂේත්‍රයන් භාර අමාත්‍යවරුන් මෙන්ම ආරක්ෂක ලේකම්වරයා,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා,යුද,ගුවන් හමුදාපතිවරුන් සහ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා යන නිලධරයින්ද හමුවී සාකච්ඡා පැවැත්වූයෙමි.

කොළඹ මානව හිමිකම් කොමිසම හමුවට යාමටද මම අමතක නොකළෙමි.සැමට යුක්තිය ඉටුවන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ජාතික උපදේශන කටයුතු වලට නායකත්වය දෙන විශේෂ කාර්යබලකායද මම හමුවුනෙමි.ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිටිනා විශිෂ්ට ගනයේ නව අදහස් දරන්නවුන්,විශ්ලේෂකයින් වැන්නවුන්ද,මෙරට තිඛෙනා කි්‍රයාකාරී සිවිල් සංවිධාන වල සාමාජිකයින්ද හමුවීමට මට අවස්ථාව හිමිවිය.

ඉරිදා දිනයේ මා සිටියේ උතුරු හා නැගෙනහිර පළාත් වල සංචාරයේ නිරතවය.මහ ඇමැතිවරුන්,පළාත් සභා මන්තී්‍රවරුන් මෙන්ම ආණ්ඩුකාරවරුන් හමුවී මම සාකච්ඡා පැවැත්වූයෙමි.පූජනිීය දළදා මාළිගාව නැරඹිීමේ ඒ අති මහත් ගෞරවය මට ඊයේ උදැෑසන හිමිවිය.අස්ගිරි හා මල්වතු පාර්ශවයන් නියෝජනය කළ මහ නායකහිමිවරු මා ඉතා උණුසුම්ව පිළිගත්හ.එම සුවිශේෂී අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මාගේ ස්තූතිය ඔවුන්ට හිමිය.කොළඹ,යාපනය හා ති්‍රකුණාමලයේදී මට හමුවූ හින්දු,මුස්ලිම් හා කතෝලික ජන කොට්ටාශ නියෝජනය කළ ආගමික නායකයින්ටද ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නෙමි.

2013 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි මාගේ පූර්වගාමියා හට මුහුණදීමට සිදුවූ ගැහැට කිසිවක් මා හට මෙවර අත්විඳීමට සිදුනොවූ බව වෙසෙසෙයින්ම සඳහන් කළ යුතුය.මානව හිමිකම් සම්බන්ධව පැන නැගී ගැටලූ අරබයා හඩනැගීම නිසා ඇයව නිර්දය ලෙස විවේචනය කෙරුණු අයුරු ඔබට මතක ඇතිවාට සැක නැත.ඇය වෙනුවට වෙනත් පුද්ගලයෙක් ජගත් මානව හිමිකම් පුටුවේ සිටියානම් එවක ශ්‍රී ලංකාවේ උද්ගතව තිබූ තත්ත්වය හමුවේ එම පුද්ගලයාද කටයුතු කරනු ඇත්තේ ඇය මෙන්මය.

නමුත් මෙවරත් එම පුද්ගල කොට්ටාශයම ඒ හා සමාන පිළිගැනීමක් මා වෙනුවෙන් සූදානම් කර තිබූ බව මම දනිමි.මම ඔවුන් අලවා තිබූ පොස්ටර ආදිය දුටුවෙමි.එසේවුවත් වර්තමාන ශ්‍රී ලංකාවේ සියලූ දෙනාට හඩ නැගීමට,විශේෂයෙන් සමාජයේ සිටින මධ්‍යස්ථ මත දරන්නවුන්ට තම මතය ප්‍රකාශ කිරීමට තරම් නිදහස් පරිසරයක් ඇතිව තිබීම සතුටට කරුණකි.එහෙත් තවමත් ප්‍රබලව නැගෙමින් තිඛෙන්නේ වෛරය හා ක්‍රෝධයෙන් පිරි මතයන්ය.එවන් මතයන්ට ප්‍රබලව සමාජය ඉදිරියට ඒමට අවස්ථාව තිඛෙන නිසාවෙන්ම ඒවාට කිසිසේත්ම හිමිනැති ප්‍රසිද්ධියක් ලැබී තිඛෙනු හඳුනාගත හැකිය.

පසුගිය වසරේ හා මෙම වසරේ ශ්‍රී ලංකාවේ ඇතිව තිඛෙන වෙනස සැසඳීමට අද මෙතැනට පැමිණ සිටින ඔබ වැනි මාධ්‍යවේදීන් තරම් සුදුසු පුද්ගලයින් තවත් නැත.එදා මෙන් නොව අද ඔබට සිතෙන දේ ලිවීමට,වාර්තා කළ යුතුදේ වාර්තා කිරීමට අවස්ථාව ඇත.මාධ්‍යකරණය හා බැදී තිබූ බිය සැළකිය යුතු ලෙස ඉවත්ව ගොස් ඇති බව කොළඹ හා දිවයිනේ දකුණු ප්‍රදේශයේදී මම නිරීක්ෂණය කළෙමි.උතුරේ හා නැගෙනහිරද යම් වෙනසක් ඇතිව තිඛෙන බව සැබෑය.නමුත් තවමත් එම ප්‍රදේශයන් වල මාධ්‍යවේදීන්ට බිය සම්පූර්ණයෙන්ම පහ කරදැමිීමට හැකිව නොමැත.

ප්‍රගතියත් ඇතිව තිඛෙන බවට සියලූදෙනාම එකගවන්නෝය.නමුත් එය කුමන අයුරක ප්‍රගතියක්ද යන්න අරබයා මත ගැටුම් ඇතිව ඇත.නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් කි්‍රයාත්මක වූ නීති සියල්ල නොතකා හරිමින් ඇතිකෙරුණු සුදු වෑන් සංස්කෘතිය දැන් නැත.එදවස රජය හෝ රජයේ ආරක්ෂක කටයුතු සම්බන්ධ ආයතනයන් විවේචනය කිරීමට පෑන අතටගත නොහැකිව බියෙන් ගෙවූ සමය අද නිමාව දැක ඇත.වද දිීම් සම්බන්ධ සිදුවීම්ද පසුගිය වසර හා සැසදීමේදී වාර්තාවී ඇත්තේ ඉතා අඩුවෙන්ය.මිනිස්කමට නිගා දෙන අයුරින් සිදුවූ එවැනි වද දිීමේ සිදුවීම් දෙකක් 2015 වසරේදී වාර්තා විය.පොලිසියද ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩත්වය අවියක් කරගනුත්,අයුතු අයුරින් බලය යොදවා ජනතාව මර්දනය කරනුත් දැකගත හැකිවිය.

අන්තර් සමාජීය සම්බන්ධතා අරබයා ධනාත්මක බලපෑමක් ඇතිකිරීමේ සමත් සංකේතාත්මක වශයෙන් වැදගත් පියවර කිහිපයක්ම ගෙන තිබීම ප්‍රශංසනීයය.1950 වසරින් පසු ප්‍රථම වතාවට මෙවර නිදහස් දින උත්වසයේදී ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා ද්විත්වයෙන්ම ගැයීමට පියවර ගැනීම එවැන්නකි.අනතුරුව එළැඹුනු දිනයේ උතුරු පළාත් මහ ඇමැතිවරයා යාපනයේ බෞද්ධ පන්සලකට ගියේය.ජනවාරියේදී ජනපතිවරයා වරක් තමන්ව ඝාතනය කිරීමට පැමිණි, මරණ දඩුවම නියමව සිටි එල්.ටිී.ටී.ඊ සිරකරුවාට සමාව දුන්නේය.අවුරුදු ගණනක් දිවූ කුරිරු යුද්ධයෙන් තවත් අවුරුදු ගණනාවකට සුවපත් නොවන කැළැල් දරා සිටින සිංහල හා දෙමළ ජනතාව අතර සංහිදියාව ඇතිකිරීමට මෙවන් පියවර ලබාදෙනුයේ මහගු දායකත්වයකි. ශ්‍රී ලංකාව පුරා තරුණ තරුණියන්ගේ දායකත්වය ලැඛෙන පරිදි උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන් වල ඉදිරියේදී අන්තර් සමාජමය කි්‍රයාකාරකම් දියත් කිරීමට සැළසුම් කර තිඛෙන බව අසන්නට ලැබීම ඇත්තෙන්ම සතුටට කරුණකි.අද මෙම පළාත් දෙකහි ආණ්ඩුකාර තනතුරු හොබවන්නේ සිවිල් පුරවැසියන්ය.එය තවත් වැදගත් දෙයකි.

සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් ගෙන තිඛෙන, මා මෙහි සදහන් නොකළ තවත් පියවර ඇත.නමුත් දශක 30 කට ආසන්න කාලයක් රටේ ජනතාව ඛෙදා වෙන්කර තිබූ,ජීවිත දහස් ගණනක් රටට අහිමි කෙරූ,රටේ කි්‍රයාකාරීත්වය සෝදාපාලූවට ලක්කළ යුද්දයක් අවසානයේ ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ යළි නැගිටීමේ පළමු අදියර වල බව කිව යුතුය.

මෙම සංචාරයේදී මම එල්.ටී.ටී.ඊ ය සහ වෙනත් අවිගත් කණ්ඩායම් වල ගොදුරු බවට පත්වූ සිංහල,මුස්ලිම් හා දෙමළ ජනතාව හමුවුනෙමි.එකම පවුලේ සාමාජිකයින් ඝාතනයට ලක්ව අදටත් එයින් පීඩා විදින්නවුන්,බලහත්කාරයෙන් රැගෙන ගොස් සංවිධාන වලට බදවාගත් තම දරුවන්ට අත්වූ ඉරණම ගැන නොදැන අදටත් කදුළු සලන මව්වරුන්,සොල්දාදුවකු ලෙස යුද්ධයට ගිය තම පුතා නැවත දැකීමට වරම් නොලද මව්වරුන්,බලහත්කාරයෙන් ඔවුන්ගේ ජන්මභූමි වලින් එළවා දැමුණු මුස්ලිම් ජාතිකයින්,යුද්ධය නිසා සැමියන් අහිමිව වැන්දඹුවන් බවට පත්ව සිටින සිංහල,දෙමළ කාන්තාවන් ඔවුන් අතර සිටියහ.අවුරුදු ගණනාවක් බෝම්බ බියෙන් පීඩිතව,මර බියෙන් මිරිකෙමින්,බලහත්කාරකම් වලට ලක්වෙමින් ශ්‍රී ලංකාවේ ජනතාව ගෙවූ කාලය මට සිතාගත හැකිය.

ආරක්ෂක අංශ වල අත්අඩංගුවට ගැනීමෙන් හෝ ආරක්ෂක අංශ වලට භාරවීමෙන් පසුව අතුරුදන්වූ පුද්ගලයින්ගේ මව්වරුන් හා බිරින්දැෑවරුන්ද මට හමුවිය.අපරාධ චෝදනා නොමැතිව හා ඇතැම් විට බලහත්කාරකම් දරාගත නොහැකිව තමන්ට එරෙහිව නැගී තිබූ ව්‍යාජ චෝදනා පිළිගෙන වසර ගණනාවක් සිරදඩුවම් විදිමින් සිටින පුද්ගලයින්ගේ ඥාතීන්ද මට හමුවිය.වසර 30 කට ඉහත ජනතා විමුක්ති පෙරමුණු අරගල සමයේ ආරක්ෂක අංශ සාමාජිකයින් අතින් දුූෂණයට ලක්ව අද දක්වාම පීඩා විදින කාන්තාවක්ද මට හමුවිය.ඇය මෙන්ම මා මෙහි සඳහන් කළ අනෙක් අය විදිමින් සිටිනා පීඩාව වචනයෙන් විස්තර කළ නොහැක.ඔවුන් වෙනුවෙන් සහනයක් ගෙන ඒමට ක්‍රම තිබේනම් ඒවා භාවිතයට නොගෙන ඔවුන්ව තව තවත් පීඩාවට ලක්කරමින් සිටීම කිසිසේත්ම සිදුවිය යුත්තක් නොවේ.

වාර්ගික ගැටලූව සම්බන්ධයෙන් සම්පූර්ණ අවධානය යොමුකර සිටීම නිසා කාන්තාවන්ගේ,ආබාධිත පුද්ගලයින්ගේ,ලිංගිකත්වය සම්බන්ධයෙන් වෙනත් මත දරන්නවුන්ගේ,වතුකරයේ දෙමළ ජනතාවගේ හඩට සවන්දීමට,ඔවුන් තලාපෙලා කොන්නොකර ඔවුන් වෙනුවෙන්ද යුතුකම් ඉටුකිරීමට ශ්‍රී ලංකාවට මේ දක්වාම නොහැකිව තිබේ.අවම වශයෙන් ව්‍යවස්ථා සංශෝධන කි්‍රයාවලියෙන්වත් මෙවන් ජන කොට්ටාශයන්ට ඔවුන්ට ලැබිය යුතු වන පිළිගැනීම ලැඛෙනු ඇතැයි මාගේ අපේක්ෂාවයි.

යුද්දයෙන් වූ හානියට පිළියම් කිරීම ඉතාම බරපතල හා භාරදුූර රාජකාරියකි.එය ඛෙහෙවින් සංකීර්ණය.මෙම පිළියම් කිරීමේ කටයුතු වල පළමු වසර කිහිපයක ඉතාම වැදගත්ය.වැරදි සිදුවුවහොත්,එසේත් නැතිනම් වහාම අවධානයට ගතයුතු ගැටලූ මෙම මුල් වසර කිහිපයේදී නොසළකා හැරියහොත”් කාලය ගතවීමත් සමග මෙම ගැටලූ විසදාගැනීමට ඉතාම අපහසු තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක.වීදුරු උණුසුම්ව ද්‍රවයක් ලෙස පවතින අවස්ථාවේදී ඔබ ඉක්මනින් හා කුසලතාපූර්ණව කටයුතු කළහොත් වසර ගණනාවක් පවතින මනරම් නිර්මානයක් තනාගැනීමට ඔබට හැකිය.නමුත් මුල් අවස්ථාවේ වැරදි සිදුකර,වීදුරුව ඝණ වීමට ඉඩ හැරියහොත් එහි ස්වරූපය පසු අවස්ථාවක වෙනස් කිරීමට අවකාශ නැත.මේ හා සමානව පශ්චාත් යුද ගැටුම් නිරාකරණ වැඩපිළිවෙල සැළකුවහොත් - එහි ප්‍රධාන අංග වන සත්‍ය පැවසීම,වගවීම,අවශ්‍ය පියවර ගැනීම සහ ආයතනිකමය සංශෝධනයන් සිදුකිරීම යන එකක් හෝ නොසළකා හැරීම,වැරදි ලෙස කි්‍රයාත්මක කිරීම” සිදුවුවහොත් මුහුණදීමට සිදුවනු ඇත්තේ බරපතල ගැටලූ වලටය.විසඳාගත නොහැකිවුනු ගැටලූ තවත් බරපතල වන,නව ගැටලූ වලට මුහුණදීමට සිදුවන, තත්ත්වයක් ක්‍රමයෙන් උද්ගතවනු ඇත.මේ හමුවේ දිගු කාලීන ස්ථාවරත්වයක්,ඒ හා බැදුණු සංවර්ධනයක් හා සෞභාග්‍යයක් අත්විදීමට රට හමුවේ තිබුණු ඉතාම වැදගත් අවස්ථාවක් අහිමිව යනු ඇත.

පසුගිය දශක තුන සැළකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ කොටස් බොහෝමයක් භෞතික වශයෙන්,දේශපාලනික වශයෙන්,සමාජීය වශයෙන් හා ආර්ථීකමය වශයෙන් අඩු වැඩි තරමට ඛෙදී තිඛෙන බව හඳුනාගත හැකිය.ජන කොට්ටාශ හා රජය අතර විශ්වාසය ගොඩගැනීමට වසර ගණනක කාලයක් අඛණ්ඩව කි්‍රයාත්මක විය යුතු නිවැරදි දේශපාලන දැක්මක්,කැපවීමක්,මනා සම්බන්ධීකරණයක් හා ක්‍රමවත් සැළසුමක් අනුව කටයුතු කිරීමක් අවැසිය.

කලබලකාරී නගරයක්,ඉදිකිරීම් රාශියක්,පිරිසිදු වීදි,දියුණුවට පත්ව ඇති ව්‍යාපාර,නැගෙමින් එන සංචාරක ව්‍යාපාරයක් - මේ ඔබ කොළඹ නගරයට පැමිණියහොත් දැකගැනීමට හැකිවන දේය.

තැන් තැන්හි ඇති විනාශව ගිය නිවෙස් ආදිය,කම්පනයට පත්ව සිටින ජනතාවක්,දරිද්‍රතාවය,උන්හිටි තැන් අහිමිවීම - මේ උතුරු හා නැගෙනහිර දැකගත හැකි දේය.සැළකිය යුතු තරමේ භෞතික සංවර්ධනයක් ඇති බවත්,ධනාත්මකව චින්තනයෙන් මෙහෙයවී කටයුතු කරමින් සිටින ජනතා නියෝජිතයින් පිරිසක් සිටින බවත් සඳහන් කළ යුතුය.නමුත් සිතා සිටි තරමට ප්‍රගතියක් නොමැති බව දැනවෙන ලකුණු එමටය.යළි නැගී සිටීමට පෙර තිබූ උද්යෝගය ක්‍රමයෙන් වියැකී යමින් තිඛෙනුද හඳුනාගත හැකිය.

ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් සැළකිය යුතු කතිකාවකත් රටේ ඇතිව තිඛෙන මෙම අවස්ථාවේ සියලූම ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරක්ෂිත වන අයුරින් එම සංශෝධන සිදුවන බව සහතික කිරීම ඉතාම වැදගත්ය.සත්‍ය ප්‍රකාශ කිරීමට,යුක්තිය ඉටුවීම හා වගවීම බලාපොරොත්තු වීමට ඇති අයිතීන් බිල්ලට දෙමින් අවසානයේ ව්‍යවස්ථාව සම්මත කරගනු ඇතියි බියක්ද පවතී.

ජාතික උපදේශන කි්‍රයාවලියට නායකත්වය දීමට සිවිල් සමාජ කි්‍රයාධරයින්ගේ නායකත්වයෙන් යුතුව පිහිටුවා ඇති කාර්යසාධන බලකාය සම්බන්ධයෙන්ද ගැටලූ ඇත.මෙම කි්‍රයාවලිය පූර්ව සැළසුමකින් තොරව සිදුවෙමින් පවතින්නක් බවත්,කාර්යසාධන බලකායේ කටයුතු වලට වෙන්කර ඇති සම්පත් සෑහීමකට පත්විය තත්ත්වයේ නොමැති බවත් එම බලකායේම සාමාජිකයින්ගේ මතයයි.

වියැකී යමින් තිඛෙන මෙම විශ්වාසය ගොඩනගා ගැනීමට ගතහැකි පියවර කිහිපයක්ම ඇත.පළමුවැන්න වන්නේ අත්පත් කරගෙන සිටිනා බිම් කොටස් ඒවායේ නියම හිමිකරුවන්ට භාරදීමට ආරක්ෂක අංශ දියත් කර තිඛෙන වැඩපිළිවෙල තවත් කාර්යක්ෂම කිරීමය.යාපනය හා ති්‍රකුණාමලය වැනි ප්‍රදේශවල මෙලෙස බිම් කොටස් ඛෙදාදීම සිදුව ඇතත් තවත් බිම් කොටස් විශාල ප්‍රමාණයක් ඉක්මනින්ම ඛෙදා දීමට හැකියාව ඇත.ඒවා ඛෙදා දීමද අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.බිම් කොටස් ඛෙදා දී - අවශ්‍ය ආධාරද ලබාදුන්නායින් පසු - එම බිම් කොටස්හි හිමිකරුවන්ට නැවත ගම්රටවල් බලා පැමිණ ජනාවාස තනාගැනීමට බාධාවක් නොතිඛෙනු ඇත.මෙම කටයුතු හා සමාන්තරව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හමුදා භට ප්‍රමාණය, සාමාන්‍ය ජනතාවට බියගෙන දෙන වත්මන් තත්ත්වයේ සිට සාමාන්‍ය මට්ටමකට ගෙන ඒමට පියවර ගත යුතුය.සංහිදියාව අරබයා සිදුවිය යුතු ආරක්ෂකමය වෙනස්කම් වල පළමු පියවර වන්නේ මෙයයි.

ආරක්ෂක හේතූන් මත යැයි රඳවාගෙන සිටින පුද්ගලයින් නිදහස් කිරීමට වහාම ක්‍රමවේදයක් සකස් කිරීමටද රජය කටයුතු කළ යුතුව ඇත.අතුරුදන්ව සිටින පුද්ගලයින් සියලූදෙනා මරණයට පත්ව ඇතැයි අගමැතිවරයා පසුගියදා කළ ප්‍රකාශය අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් තවත් දුකට පත්කිරීමට හේතුවී තිබේ.අගමැතිවරයා එම ප්‍රකාශය කරනා තෙක් ඔවුන්වෙත බලාපොරොත්තුවක් තිබූ අතර දැන් එය වියැකී ගොස්ය.මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් පමණක් නැවතීමට රජයට නොහැකිය.අතුරුදන්වූවන් අතරින් ජීවතුන් අතර සිටින අය,මරණයට පත්කර ඇති අය,මරණයට පත්ව ඇති අය හඳුනාගැනීමට රජය ඉක්මනින් අවශ්‍ය පියවර ගත යුතුය.මෙම පුද්ගලයින් නීතිය කඩකර ඇතිද,නැතිද යන්න විමසා බැලීමද මෙම කටයුතු වලට අදාළය.මියගොස් ඇතිනම් එම සිරුරු වළදමා ඇත්තේ කොතැනදැයි හඳුනාගැනීමද,ඒ සම්බන්ධයෙන් ඥාතීන් දැනුම්වත් කිරීමද රජයට දැරිය යුතුවන වගකීම්ය.

මා මෙහි පැමිණි සෑම අවස්ථාවකම න්‍යාය පත්‍රයේ ඉහළින්ම සදහන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවේ සහය ඇතුලූව කවුන්සිලයේ සාමාජිකයින් 47 දෙනාගේම සහය ඇතිව සම්මත කරගත් යෝජනාවලිය කි්‍රයාවේ නැංවීම සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය හා පැනනැගී තිඛෙන ගැටලූය.මෙම යෝජනාවලියෙන් රටක් ලෙස ඉදිරියට යෑමේ ශ්‍රී ලංකාවේ උත්සාහයට ගැලපෙන මාර්ගයක් පිළියෙල කර දුන් අතර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමේ කාර්යයත්,ප්‍රගතියක් තිබේද, නැතිනම් නොතිබේද යන්න සම්බන්ධයෙන් එළැඹෙන ජූනි මාසයේදීත්,2017 වසරේ මාර්තු මාසයේදීත් ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ කරුණු දැක්වීමේ වගකීමත් පැවරී ඇත්තේ මාගේ කාර්යාලයටය.

ජගත් මානව හිමිකම් කවුන්සිල යෝජනාවලියත්,එම යෝජනාවලිය සකස් කිරීමට යොදාගත් වාර්තාවත් පදනම්වී ඇත්තේ සංහිදියාව ඇතිකිරීම,වගවීම සහතික කිරීම හා මානව හිමිකම් සුරක්ෂිත කිරීම යන කරුණු තුන මතය.මෙම වාර්තාව හා යෝජනාවලියේ එළිදැකීමත් සමග ශ්‍රී ලංකාවේ සැබෑවටම සිදුවූයේ කුමක්දැයි අපි වටහාගත්තෙමු.

පසුගිය වසරේ ජනපතිවරණයේදී හා පාර්ලිමෙන්තු මැතිවරණයේදී ජනතාව අතර පිළිගැනුනු වෙනසේ න්‍යාය පත්‍රය හා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලිය බොහෝ සෙයින් සමානය.සංහිදියාව හා වගවීම ඇතිකිරීමට ගතයුතුව ඇති දැඩි පියවර කිහිපයක් සම්බන්ධ යෝජනා එහි ඇත.මේ ඔස්සේ බලාපොරොත්තු වන්නේ ස්ථීරසාර සාමයක් ඇතිකිරීමය.

මෙම යෝජනාවලිය ශ්‍රී ලංකාවට බලපැවැත්වෙනු ඇත්තේ කෙසේදැයි සම්බන්ධයෙන් බොහෝ මිත්‍යා හා වැරදි අදහස් ඇත.මෙම යෝජනාවලිය රටේ ස්වෛරීභාවය හෝ ස්වාධීනත්වය හෑල්ලූවට ලක්කරන්නක් නොවේ.බලවත් විදේශ රටක අධිරාජ්‍යවාදී අතපෙවීමක්ද නොවේ.මෙම යෝජනාවලිය පිළිගැනීම යනු ශ්‍රී ලංකා යනු දුර්වල රටක් නොව ශක්තිමක් රටක් බව මොනවට පෙන්වා දෙන්නකි.අතීතයේ වැරදි හදුනාගෙන ඉදිරියට යෑමටත් කැමැති බවත් ,අනාගතයේ ජනවාර්ගික ගැටුම් ඇතිනොවන්නේය යැයි ලෝකයා ඉදිරියේ සහතිකයක් දීමට හැකියාව තිඛෙන බවත් යෝජනාවලිය පිළිගැනීමෙන් ලොවට ශ්‍රී ලංකාව පෙන්වා දුන්නේය.

ලෝකයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව මෙහි සාර්ථක වනු දැකීමටය.කැපවුවහොත් අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමේ රටක් ලෙස තැනක් අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකාවට හිමිය.ශ්‍රී ලංකාව වෙනුවෙන් එම කැපවීමේ මාර්ගය පිළියෙල කර දීමට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට මේ සා කාලයක් හා ශක්තියක් වැය කර ඇත්තේ ඒ නිසාය.යෝජනාවලියෙන් සැබෑවටම කියැවෙන්නේ කුමක්ද යන්න වටහාගන්නා ලෙස සියලූම ශ්‍රී ලාංකා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි.ජනතාව දැනුම්වත් කිරීමේ හැකියාව ඇති පුද්ගලයින්ගෙන් මම මෙම යෝජනාවලිය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයිද යන්නත්,එක්සත් ජාතීන්,ශ්‍රී ලංකාවද ඇතුලූ මානව හිමිකම් කවුන්්සිලයේ සියලූම සාමාජිකයින් මෙම යෝජනාවලියට පක්ෂව කටයුතු කරන්නේ ඇයිද යන්නත් රටට පැහැදිලි කරදෙන ලෙස ඉල්ලමි.යුක්තිය ස්ථාපිත කිරීමට,වගවීම හා සංහිදියාව ඇතිකිරීමට බාධා කරමින් නැගෙන හඩ මෙමගින් යටපත් කිරීමට හැකිවනු ඇත.මෙම කරුණු වල වැදගත්කම නොදැන ඒ සම්බන්ධයෙන් විශ්වාසය නොතබා හඩ නගමින් සිටින පුද්ගලයින් යෙදී සිටින්නේ රටේ සාමය හා අනාගතය අනතුරේ හෙළන සෙල්ලමකය.

රටක් ස්ථාවර වීමට නම්,සාර්ථක වීමට නම් ශක්තිමත්,නිර්පාක්ෂික හා වගකිව යුතු අධිකරණ පද්දතියක් එම රටේ තිබීම අත්‍යාවශ්‍යය.රටක ආරක්ෂක සේවා හා අධිකරණ පද්දතිය කි්‍රයාත්මක විය යුත්තේ සියලූම පුරවැසියන්ට එකහා සමානව සළකමින්ය. ශ්‍රී ලංකාවේ දශක තුනක යුද්ධයෙන් හා ත්‍රස්තවාද මර්ධන පණත,හදිසි නීති වැනි වෙනත් පණත් මගින් බරපතල ලෙස කඩවූ මානව හිමිකම් වල අයුතු ප්‍රතිවිපාක වලට ලක්වීමට සිදුවූයේ මෙම අංශ හා සම්බන්ධව කටයුතු කළ ආයතන වලටය.මෙම ආයතන කෙරේ බිදී ඇති ජනතා විශ්වාසය නැවත ගොඩනංවා, ඒවා අවංක,ජනතාවට සැබෑ සේවයක් ලබාදෙන ආයතන බවට පත්කිරීම දක්වා සංවර්ධනය කිරීම මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලිය කි්‍රයාත්මක කිරීමෙන් පහසුවෙන්ම අත්පත් කරගත හැකිය.අන්තර්ජාතික ප්‍රජාව වෙහෙස වන්නේ ශ්‍රී ලංකාවට එම හැකියාව ලබාදීමටය.

ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට ගණයේ විනිසුරුවරු,නීතිඥවරු,නීති කටයුතු සම්බන්ධ නිලධාරීහු සිටිති.නමුත් ගෙවුණු වසර කිහිපය සළකන විට ඔවුන් යැපුණු හා ඔවුන්ගෙන් යැපුණු පද්දතිය ඉතාම බරපතල ලෙස දේශපාලනීකරණයට ලක්ව,ඒක පාක්ෂික,විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයකට පත්ව තිඛෙනු හඳුනාගත හැකිය.බරපතල නෛතිකමය වැරදි සිදුවූ අවස්ථා පසුගිය දශක තුනක කාලයේ එමටය.සමස්තයක් වශයෙන් ගත්කළ සියලූම ශ්‍රී ලංකා පුරවැසියන් රටේ අධිකරණ පද්දතියේ දුබලතා ඇති බව පිළිගනී.ජනවාරි 27 වැනිදා පාර්ලිමෙන්තු විවාදයේදී අගමැතිවරයාද මේ සම්බන්ධව විශේෂ අදහස් දැක්වීමක නිරත විය.අසාර්ථක වූ විමර්ෂණයක්,උසාවියට කඩා වැදුණු කඩාකප්පල්කරුවන් පිරිසක්,වැනි සිදුවීම් සතියකට වතාවක් හෝ අසන්නට දකින්නට ලැබේ.අපරාධ වලට දඩුවම් නොලැඛෙන බව මෙයින් පැහැදිලිව පෙනී යයි.ලිංගික බලහත්කාරකම් හා අඩත්තේට්ටම් කිරීම් සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වභාවයකින්ය.විශේෂයෙන් එම චෝදනා ලබන්නෝ හමුදා හා වෙනත් ආරක්ෂක අංශ සාමාජිකයින් නම් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන්නේ නොමැති තරම්ය.ජනතාව අතර ආරක්ෂක අංශ සාමාජිකයින් සම්බන්ධයෙන් මෙනිසාවෙන්ම වැඩි පැහැදීමක් නැත.

දෙපාර්ශවයටම චෝදනා නැගී ඇති බරපතල ගනයේ මානව හිමිකම් කඩවීම් සහ අන්තර්ජාතික නීතිය උල්ලංඝණය කර ඇති අවස්ථා සම්බන්ධයෙන් විභාග කිරීම සදහා වගවීමේ යාන්ත්‍රණයන් සකස් කිරීමේ කටයුතු වලට අන්තර්ජාතික ප්‍රජාවගේද දායකත්වය ලැබිය යුතුව ඇතැයි මෙම යෝජනාවලියෙන් නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පවත්නා මෙම තත්ත්වය නිසාය.මෙය ප්‍රායෝගික නිර්දේශයකි.මෙය 2015 එක්සත් ජාතීන්ගේ වාර්තාවේ හා යෝජනාවලියේ සදහන් වන එක් කරුණක් පමණකි.සැළකිල්ලට ගතයුතු වන තවත් කරුණු රාශියක් එහි ඇත.නමුත් අන්තර්ජාතික ප්‍රජාවද මෙම යාන්ත්‍රණ සකස් කිරීමට එක් කරගන්නේ යැයි අනවශ්‍ය කලබලක් දින කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ඇතිව තිබීම කණගාටුදායකය. ශ්‍රී ලංකාවේ වාර්ගික ගැටුමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ ඇතැම් පුද්ගලයින් අතර වූ දැඩි මතධාරී ජාතිවාදී ආකල්ප බව සදහන් කළ යුතුමය.රටට යළිත් නැගී සිටීමට ඇති මෙම අවස්ථාව විනාශ කිරීමට මෙවන් පුද්ගලයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදිය යුතුය.

වෙනස,සංහිදියාව,සත්‍යය,යුක්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා පුරවැසියන් බහුතරය තම මනාපය ලබාදුන්නේ මිීට වසරකට ඉහතදීය.කඩාකප්පල්කාරී කි්‍රයා සිදුකිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන දැඩි මතධාරී සුළු පිරිසට බහුතරය එදා බලාපොරොත්තුවූ වෙනස ඇතිකිරීම විනාශ කිරීමට අවස්ථාව ලබාදීම අතිශයින් ශෝචනීය තත්ත්වයක් වනු ඇත.බලාපොරොත්තුව ඇති තැනට නැවත වරක් භීතිය ගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නැත.ශ්‍රී ලංකාවේ අනාගතය රැදී පවතින්නේ නැගී ඇති මෙම ගැටලූ විසදාගැනීමට රට කෙසේ කටයුතු කරනු ඇතිදැයි යන්න මතය.මේ සදහා 2015 සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් අනාවරණය කර ඇති කරුණු මූලික කරගෙන අනාගත සංවර්ධනය වෙනුවෙන් ගැනෙන පැහැදිලි,අවංක උත්සාහයක් තිබීම අවශ්‍යය.මේ පසුපස සියලූ ශ්‍රී ලාංකික පුරවැසියන් එක්වීමද සියලූ පාර්ශවයන්ගේ අදහස් වටහාගැනීමද වැදගත්ය.

කැපී පෙනෙන වෙනසක් ඇතිකරීමට කටයුතු කරන බව රජය පෙන්වා දී ඇත.එසේවුවත් උතුරේ හා නැගෙනහිර ජනතාව හමුවීමෙන් පසු හා කොළඹ දියත් කෙරුණු විමර්ෂණයන්ගෙන් පසු රජය මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් දුන් පොරොන්දු අමතක කර දමා ඇතැයි බියක් ඇතැම් ජන කොටස් අතර ඇතිව තිඛෙන බව මට දැකගත හැකිවිය.නමුත් අද උදැෑසන ජනපතිවරයා හා අගමැතිවරයා මානව හිමකම් සුරක්ෂිත කිරීම කිසිදු අයුරකින් අතපසු නොකරන බවට මා හමුවේ සහතික කළේය.එය හිතට සහනයකි.

අවසන් කිරීමට මත්තෙන් මා මෙය හැකිතාක් පැහැදිලිව සඳහන් කළ යුතුය.අන්තර්ජාතික ප්‍රජාවට අවශ්‍ය ශ්‍රී ලංකාව නැවත වරක් නැගී සිටිනු දැකීමටය.එය ආර්ථීක බලාගාරයක් බවට පත්වනු දැකීමටය.එරට ආරක්ෂක අංශ එල්ලවී ඇති චෝදනා වලින් නිදොස්ව නැවත වරක් අන්තර්ජාතික සාම සාධන කටයුතු වල සකී්‍රයව නියැළෙනු දැකීමටය.ආරක්ෂක අංශ සාමාජිකයින්ට හිමිවිය යුතු නිසි ගෞරවය හිමිවනු දැකීමටය.

නමුත් මේ ඵලදාව නෙළාගැනීමට, ශ්‍රී ලංකාව එහි අතීතයේ සිට වර්තමානය දක්වා හඹා එමින් සිටින රකුසන් මර්දනය කළ යුතු ව ඇත.වගවීමෙන් හා නිසි කි්‍රයාකාරීත්වයෙන් යුතු ආයතන ස්ථාපිත කළ යුතුව ඇත.රටේ සියලූ ජන කොටස් වෙනුවෙන් සත්‍යය,යුක්තිය සුරක්ෂිත කිරීමට,ආරක්ෂාව සහතික කිරීමට,සෞභාග්‍යය අත්පත් කරදීමට හිමිව ඇති මෙම මහගු අවස්ථාව භාවිතයට ගත යුතුව ඇත.මෙම දුෂ්කර ගමනේදී, හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සහයට ඉදිරිපත් වීමටද හිමිව ඇති බලතල ප්‍රකාරව මා කටයුතු කරන බව සඳ%හන් කළ යුතුය.

ස්තූතියි.

 

0b71b09dd852d152af9543602f0810e9e0c3acded8ca723dba12abeaac2deebe

ජායාරූප - තිළිණි ද සිල්වා



අදහස් (0)

‘රත්වූ වීදුරුවෙන් ලස්සන බඳුනක්‘

අහමඩ් Tuesday, 09 February 2016 04:12 PM

උතුර ගැන විතරද පෙනෙන්නේ හැමෝටම? දකුණ ගැන කතාකරන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ආනන්ද Tuesday, 09 February 2016 04:14 PM

අර ඉරාකෙට, ලිබියාවට, සිරියාවට කළ දේවල් වලට වීදුරු කන්ටේනර් ගණන් රත්කරන්න වෙයි (නි)

:       0       0

ශශිකා Tuesday, 09 February 2016 04:22 PM

නුවන් හිතුවද මම ජෝර්දාන් ඇවිල්ලා ඉන්නේ ගෘහසේවිකා රැකියාවකට කියලා. ඔයාගේ ඉංග්‍රීසි දැනුම ගැන සතුටුයි හොඳේ (නි)

:       0       0

කපිල Tuesday, 09 February 2016 04:25 PM

උදාරි එන්.ජී. ඕ. ඩොලර් කාක්කියක් වගෙයි (නි)

:       0       0

ශෂිකා Tuesday, 09 February 2016 11:32 AM

නාමල් මාත් ඉන්නේ ජෝර්දාන් වල.නොදන්නා දේවල් වලට කටදාළ සුද්දන්ට කඩේ යන්නේ ඔයා. (ර)

:       0       0

කපිල Tuesday, 09 February 2016 11:43 AM

මට තියෙන පුදුමේ මේ හැමෝටම අමාරුව තියෙන්නේ අපේ රට ගැනනේ. (ර)

:       0       0

ඩී.උපුල් Tuesday, 09 February 2016 04:40 PM

මෙයාගේ කතාව හරියට හරි. යුද්දේ ඉවරවුණු ගමන් උණු උණුවෙම පළාත් සභා විසුරුවල අලුත් වයවස්ථාවක් ගෙනවානම් මේ ප්‍රශ්ණ මොකුත් නැහැ. කොහෙද ඉතින් හිටපු පාලකයින්ට රාජ උෂ්නේ ඉහට ගහල හැමදේම අමතක වුනානේ.(කෞ)

:       0       0

පාටලී Tuesday, 09 February 2016 11:55 AM

ඇගිලි ගහන් නැත්නම් අර වාර්තාව අනුව අපි ඉටු කරනකන් බලන් ඉන්නේ මොනාටද.? (ර)

:       0       0

ජයන්ත Tuesday, 09 February 2016 12:07 PM

සශිකා, ඔයා ජෝර්දානයේ ඉදගෙන දන්නා දේශපාලනය මොකද්ද.? (ර)

:       0       0

ටිරෝන් Tuesday, 09 February 2016 12:15 PM

ලංකාවට ඇඟිලි ගහනවා කියන්නකෝ නැත්නම් පව් අර (කෞ)කට්ටිය

:       0       0

මහින්ද Tuesday, 09 February 2016 12:32 PM

ඔය සෑම එකක් පිටු පස සිටින්නේ බටහිර අය තමයි.(හේ)

:       0       0

ශ්‍රියන්ත Tuesday, 09 February 2016 12:34 PM

මේ හාදයා උතුරේ දෙමල ජාතීන්ගේ දුක් ගැනවිලි විතරයි බැලුවේ (හේ)

:       0       0

නිමල් Tuesday, 09 February 2016 12:46 PM

අනේ අපිට නම් ඕවා තේරෙන්නේ නෑනේ (හේ)

:       0       0

දුමින්ද Tuesday, 09 February 2016 10:15 AM

ඉරාකයේ, සිරියාවේ යුද පලදු ගැන නැද්ද කතා.? (ර)

:       0       0

දුමින්ද Tuesday, 09 February 2016 10:24 AM

ජන ජිවීතයට තිබුන මර බිය තුරන් කලේ රණවිරුවන් 2009දි (ර)

:       0       0

චන්දා Tuesday, 09 February 2016 01:21 PM

තැටිය රත් කරගෙන රොටි ( ආප්ප ) කාපු අය නේ මෙහෙ ඉන්නේ, ඕවා මොනවද.? (ර)

:       0       0

මාදව Tuesday, 09 February 2016 01:25 PM

ලංකාවේ අයට වෙන රටවල දේවල් වැඩක් තියෙනවද.? නෑනේ... එහෙනම් මේ ආපු කෙනා... (ර)

:       0       0

ටිකිරි Tuesday, 09 February 2016 01:33 PM

නාමල්, දේශපාලනය පාට කන්නාඩි නොදා බුද්ධියෙන් විමසන්න. (ර)

:       0       0

අසංග Tuesday, 09 February 2016 10:50 AM

ජයවේවා. (කෞ)

:       0       0

උදාර Tuesday, 09 February 2016 10:45 AM

සෙයිද් අල් හුසේන් කුමරුට ස්තූතියි(කෞ)

:       0       0

සමීර Tuesday, 09 February 2016 02:13 PM

ලංකාවට එන්නේ අනිත් රටවල් ගැන කතාකරන්න නෙවෙයි. ලංකාව කියන්නේ න්‍යාය පත්‍රයේ එක රටක් විතරයි. (නි)

:       0       0

තුසිතත Tuesday, 09 February 2016 02:11 PM

හුසේන් ආවේ බටහිරට ඕනෑ ජාතියේ බඳුනක් හදන්න මිස ලංකාවේ ගැටළු වලට විසඳුම් ලැබෙන බඳුනක් හදන්න නෙමෙයි. මිනිසුනේ, ඒක තේරුම් ගන්න (නි)

:       0       0

ශෂිකා Tuesday, 09 February 2016 11:10 AM

මේ අය හිතාගෙන ඉන්නේ ඔක්කොම වැරදි කාරයෝ අපි කියලා.කොටි ඒජන්ට්ලගේ කේලම්වලින් පූර්ව නිගමන වලට එළඹිලා.බටහිර රටවල් නිසා මැදපෙරදිග කලාපයේ සිදුවන අපරාධ දකින්නේ නැහැ,ඇස් වහගෙනයි ඉන්නේ.(හේ)

:       0       0

අජන්ත Tuesday, 09 February 2016 02:42 PM

දැන් තම සේරටම ලංකාවේ අය ගැන කැක්කුම ,අවුරුදු 30 ක් අපි දුක් වින්ද ,මොකෙක්වත් ලංකාව ගැන ඇස් ඇරලා බැලුවද ,..සිංහලයිනි !!?????පරගැති නොවී ,....???.(කෞ)

:       0       0

නිමල් ලලිත් Tuesday, 09 February 2016 02:52 PM

අවි අතට නොගෙනම මද පෙරදිගදී නොයෙකුත් අතවරයනට ලක් වෙන අපේ ගැහැණුන්ගේ මානව ඓතිවාසිකම් ගැන සොයා බලන්නට කියන්න කෙරුමෙක් මේ රටේ පරිපාලනයේ නැද්ද.(කෞ)

:       0       0

නුවන් Tuesday, 09 February 2016 03:19 PM

ශෂිකා ඔය ගොඩක් දේවල් දන්නවයි කියන්නේ ලෝක දේශපාලනය ගැන පී.එච්.ඩී උපාධියක්වත් තියෙනවද? පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් ලෝක දේශපාලනය ගැන කියවල බලන්න ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන (කෞ)

:       0       0

නිපුන Tuesday, 09 February 2016 03:20 PM

ශෂිකා ඔයා ඉන්න ජෝර්දානය ආරක්ෂා වෙලා තියෙන්නෙත් එකේ ඉන්න ඇමරිකානු හමුදා නිසා (කෞ)

:       0       0

උදාරි Tuesday, 09 February 2016 03:29 PM

මෙතුමා කියන කතාව ඇත්ත.. උතරේ මිනිස්සුන්ට දැන් ඉක්මනින්ම ඔවුන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන සාධාරණයක් ලබාදිය යුතුයි.. යුද්ධය අවසන් කාලයේ සාමාන්‍ය වැසියන් 40000 පමණ උතුරේ මැරුණයි කියනවනේ (කෞ)

:       0       0

සනත් Wednesday, 10 February 2016 03:15 AM

උදාරිලා ෆේස්බුක් එක හරහා ලෝකය ගැන ඉගෙනගෙන නිසා කිසිම දැනුමක් නැහැ. එයා ඉපදෙන්න කලින් තමයි රණවිරුවො රට බේරාගත්තෙ. එක මෙහෙයුමකින් දෙමළ මිනිස්සු 25000ක් කොටි මිනිස් පලිහෙන් බේරාගත්තෙ. (නි)

:       0       0

නාමල් Tuesday, 09 February 2016 11:20 AM

සශික දන්නා දෙයක් කතාකරන්න මැදපෙරදිග කලාපයේ අපරාද වලට වගකිවයුතු අල්-කයිඩා, හිස්බුල්ලා, අයි.එස් වගේ ත්‍රස්තවාදීන්, හා ඒ රටවල ඇති ඒකාධිපති ආණ්ඩු ... (ර)

:       0       0

අමිල Tuesday, 09 February 2016 11:21 AM

මෙතුමා කියන කතාව ඇත්ත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 453 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 971 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 629 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 970 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1410 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 586 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site