(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර ගේ මස්සිනා විසින් සඟවා තැබූ විදේශ ගිනි අවියක් උණ්ඩ 3 ක් සැකකරුගේ නිවෙස අසල වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.
සැකකරු රත්ගම, බෝපාගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියකු වන අතර දැනට බන්ධනාගාර ගත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංග මහතා ඇතුළු කණ්ඩායමක් ඉකුත් දා මිරිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1580 ක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශවය විසින් මීට පෙර සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුට වෙඩි තබා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත. ඒ අනුව සැකකරු විදේශගතවී සිට ලංකාවට පැමිණ ආරක්ෂාව සදහා රත්ගම විදුරගෙන් ගිනි අවියක් ඉල්ලා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්ගම විදුර ගේ මස්සිනා සැඟවු විදේශ ගිනි අවි උණ්ඩ හමුවෙයි