(ඒ.ජී.වික්‍රමසිංහ)
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා පැවසිය.
මෙම වකුගඩු බද්ධ කිරිමට ප්‍රථම වරට මුහුණ දි ඇත්තේ කහවත්ත බෝමලු විහාරයේ පදිංචි අවුරුදු 69ක්වු නිලඳුරේ චන්දසිරි හිමියන්ය.
උන්වහන්සේට වකුගඩුවක් ලබාදි ඇත්තේ ඥාතියෙකු වු කහවත්ත ඇල්ලෙගෙවත්ත පදිංචි අවුරුදු 57 ක්වු දෙදරු පියෙකි.
ප්‍රථම වරට සිදුකරන ලද වකුගඩු බද්ධ සැත්කම පිළිබඳව අදහස් දැක්වු රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ධම්මික අලහප්පෙරුම මහතා මෙසේ කිය.
වසර කිහිපයක් තිස්සේ වකුගඩු බද්ධ කිරිමට අවශ්‍ය පහසුකම් සපුරාලමින් සිටියා දැඩි සත්කාර ඒකකයේ පහසුකම් සහිත කොටසක් රත්නපුර සිංහ සමාජයෙන් අපිට ඉෂ්ඨ කර දුන්නා දැනට රෝහලේ වකුගඩු බද්ධ කිරිමට අවශ්‍ය සියලු පහසුකම් තිබෙනවා.
ඒ අනුව රෝහලේ ප්‍රථම සැත්කම පසුගිය 30 වන දින සිදු කරනු ලැබුවා මෙම සැත්කම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්ෂ්මන් විරසේකර,චානක ආරච්චිගේ,ගයාන් බණ්ඩාර ,නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්වන අනුර ප්‍රනාන්දු, ලක්ෂ්මි රණසිංහ යන වෛද්‍යවරුන් ගේ උත්සහය මෙන්ම විශාල කැප කිරිම මත මෙම සැත්කම සිදුවුණා. මෙම සැත්කමට පැය පහක් පමණ ගතවුණා සාර්ථක ලෙස එය සිදු කිරිමට වෛද්‍ය වරුන් සමත් වුණා.
මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදි අපේ රෝහලේ හෙද නිළධාරි පස් දෙනකු පමණ සති දෙකක පුහුණුවක් ලබාගෙන තමයි මෙම සැත්කම්වලට දායක වුණේ. අප රෝහලේ ලැබු ජයගුහණයක් ලෙසය යි මා දකින්නේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්