IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි

 

(ටී.කේ.ජී.කපිල )

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති , ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර , මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා , ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ  පැමිණෙමින් සිටියදී , අද(26) ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි  පුද්ගලයෙක් , ඔහුගේ බිරිඳ (43) සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාවට පළා ගොස් තිබුණි .

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචාවන් විශාල වශයෙන් සිදු කර තිබූ අතර , ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ වල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08 ක් පනවා තිබුණි .

 

 

 



අදහස් (2)

රතු වරෙන්තු සහිත අඹු සැමි යුවළක් කටුනායකින් අල්ලයි

පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:24 PM

අන්න ප්‍රමුඛ බැංකුවේ හොරා යහතින් එංගලන්තේ වැජබෙනවා. ඒ අයට රතු වරෙන්තු නැත්තේ ඇයි…?

:       1       4

sam Friday, 27 December 2024 03:23 PM

වැඳලා කියන්නම්... මේ අයට ඇප දෙන්න එපා. නඩු අහලා දඬුවම් කරනකන් හිරේ තියන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ
2024 දෙසැම්බර් මස 28 438 0

යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිර


රෝහල්වල විකිරණ නිලධාරි පුටු බාගෙට බාගයක් හිස්
2024 දෙසැම්බර් මස 27 218 0

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි
2024 දෙසැම්බර් මස 27 506 0

ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි


මෝල්ටා - ශ්‍රී ලංකා සබඳතාවට වසර 25යි
2024 දෙසැම්බර් මස 27 360 1

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය


හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 27 794 0

බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිද


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්
2024 දෙසැම්බර් මස 27 152 0

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 178 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 132 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 94 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site