IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රතු තරුවේ ජීවීයෙක් ?

ඇමෙරිකාවේ නාසා ආයතනය අගහරු මතට යෑවු කියුරියෝසිටි රෝවරය මගින් නිකුත් කළ ඡායාරූපයක ජීවියෙකු සිටින බව ජපන් ජාතික බ්ලොග් ලියන්‍නකු පවසයි. ඔහු සොයාගත් ජිවියා සිටින ඡායාරූපය පිටසක්වල ජිවීන් හා ග්‍රහ ලෝක පිළිබද තොරතුරු සොයන වෙබ් අඩවියකට එක් කිරිමෙන් පසු බො‍හෝ දෙනකු ඒ පිලිබඳව සැලකිලිමත් වී ඇත.

නාසා ආයතනය පවසන්නේ මෙමම මුල් ඡායාරූපයේ මෙවැනි ජීවියෙක් දක්නට නොලැබුණු බවයි. එම ඡායාරූපයේ ගල්කැට පමණක් දක්නට ලැබෙන බවත් ජලය නොමැති අඟහරුමත සතුන්ට ජීවත්විය නොහැකි බවත් නාසා ආයතනය පවසයි. මින් පෙර අවස්ථා කිහිපයකදීම කියුරියෝසිටි රෝවරය විසින් එවන ලද ඡායාරූප විශ්ලේෂණය කළ ඇතැම් කන්ඩායම් අඟහරුමත විවිධ සතුන් සිටින බව පැවසුව ද ඒවා ගල් කැබලි හා ඒවායේ සෙවනැලි හේතුවේන හටගත් දෘෂ්ඨිමායා බව තහවරු කැරුණි. ජපන් ජාතිකයාගේ විශ්ලේෂණය ප්‍රකාශයට පත්කළ වෙබ් අඩවිය පිටසක්වල ජීවීන් සිටින බවත් ඔවුන් අඟහරු ඇතුළු ග්‍රහලෝකවල සිය අණසක පතුරුවන බවත් වරින් වර පෘථිවියට පැමිණෙන බවත් තරයේ විශ්වාස කරන හා ඒ ගැන දැවැන්ත ප්‍රචාරයක් ගෙන යන වෙබ් අඩවියකි

 



අදහස් (0)

රතු තරුවේ ජීවීයෙක් ?

චාල්ස් Monday, 03 June 2013 11:56 AM

අනේ ඉතින්... අපිට දැන් මොකද කරන්න කියන්නේ!!! (ස)

:       0       0

නදී Monday, 03 June 2013 12:27 AM

බොරු ජායාරූප වැහි වැහලා නිසා ඇත්ත මොකක්ද ? බොරුව මොකක්ද ? කියලා හොයාගන්නත් අමාරුයි.(නදී)

:       0       0

ජානි Monday, 03 June 2013 01:25 AM

මුළු ලෝකයේම හිර ගෙවල් වල ඉන්න දරුණු හිරකාරයන්ව අඟහරු ලෝකෙට පිටුවහල් කෙරුවා නම් .... කොහොම වෙයිද? (නි)

:       0       0

ප්‍රියශාන්ත Monday, 03 June 2013 02:58 AM

කබරගොයත් තල ගොයෙක්ලු කන්න ඕනේ දාට.(නදී)

:       0       0

උපාලි Monday, 03 June 2013 04:19 AM

නිධාන එහෙමත් තියෙනවද දන්නෙ නැහැ (නි)

:       0       0

ජ.හේරත් Monday, 03 June 2013 05:51 AM

මේක මේ ඕස්ට්‍රේලියාවේ කාන්තාරයක් වගෙයිනේ (නි)

:       0       0

මාර්ක් Monday, 03 June 2013 06:05 PM

පෘතුවිය ඇරුනම භෞතික ජීවයක් සොයාගත නොහැකි එක දැන් හොඳින්ම නාසා ආයතනය නව හබල් අධෝරක්ත කිරණ දුරේක්ෂයෙන් පැහැදිලිවී අවසානයි. පොළොවේ ජීවයයි අරක්ෂා කළ යුත්තේ අපේ ඉදිරි පරම්පරාවට. අපිට ඉදිරියේ ඇති ලොකුම ගැටලුව පෘථිවි උෂ්ණත්වය ඉහල යාම නිසා ඇතිවන ස්වභාවික විපත්... (නි)

:       0       0

බණ්ඩාර Monday, 03 June 2013 07:30 AM

අනන්ත වූ විශ්වය ගැන හොයන්න දගලන මිනිසා මේ මහපොලව ප්‍රවේශමෙන් රැක ගැනිමට උත්සහ කළා නම් කොතරම් සුන්දරද? (නි)

:       0       0

අනුර Monday, 03 June 2013 07:30 AM

මේ ගල් කැබලි සහ සෙවනැලි වෙන්න බැරිද? (නි)

:       0       0

දිසානායක Sunday, 02 June 2013 05:11 PM

ලස්සනයි (ත)

:       0       0

සුගත් Sunday, 02 June 2013 05:16 PM

මේ පින්තුරය කොහේද? (ත)

:       0       0

පියදාස Sunday, 02 June 2013 05:41 PM

වැඩක් බලාගත්තොත් මොකද මේවා හොයන්නේ නැතිව.(නදී)

:       0       0

ආනන්ද ආර් Sunday, 02 June 2013 06:34 PM

තලගොයෙක් වගෙයි මට පෙනෙන්නේ. චලන චායා රූපයක් තිබුනා නම් අගෙයි.(නදී)

:       0       0

අමිල Monday, 03 June 2013 08:39 AM

මේ කතාව ඇත්තටම ඇත්තක්ද (දී)

:       0       0

සංජීව Monday, 03 June 2013 09:08 AM

අපේ රටේ ඉන්නවනේ රහත් උනාය කියාගන්න උදවිය,,, අනේ එයාලගෙන් කෙනෙක් මෙහෙට යවන්න පුළුවන්නේ විනාඩි 5 න් හොයාගන්න පුළුවන්... (ස)

:       0       0

චමින්ද හේරත් Monday, 03 June 2013 09:12 AM

විකාර. (ස)

:       0       0

සමීර Sunday, 02 June 2013 07:50 PM

අගහරු ගිහින් තළගොයි මරන් ආවා වගේ (2050 දි ප්‍රස්ථා පිරුළක්) (ත)

:       0       0

දයා අලහාකෝන් Monday, 03 June 2013 09:33 AM

කෝටි, ප්‍රකෝට් ගනන් වියදම් කළා. අන්තිමේදි අපිට තලගොයෙක් පෙන්නුවා.(නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 03 June 2013 09:40 AM

කොහොමද අප්පේ මේ තලගොයෙක් ආවේ? අගහරු පෘෂෟඨ‍යේ ඇති නාසා යානය දඹුල්ල පැත්තට හැරුණාවද්ද? (නි)

:       0       0

නෙතුමි Sunday, 02 June 2013 08:18 PM

ඉතින් හොඳයිනේ එකත් ජීවයක් නේ (ත)

:       0       0

මංජු Sunday, 02 June 2013 08:22 PM

පාතාලයන්ව අඟහරු ලෝකෙට යවා වැඩක් ගමු (ත)

:       0       0

සිතිර Monday, 03 June 2013 09:56 AM

අවුලක් නෑ. මම හිතන්නේ නෑ උට පෘතුවියට එන්න පුළුවන් වෙයි කියල ලඟකදී.(ස)

:       0       0

ලලිත් Sunday, 02 June 2013 09:36 PM

නාසා කීවානම් ඉතින් ජපනාට පරාදය බාර ගන්න වෙනවා (නි)

:       0       0

ශාන්ත Monday, 03 June 2013 10:43 AM

මේවා විස්වාස කරන්න එපා. ඇමෙරිකන් අයගේ බොරුද කොහෙද? (නි)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 05 June 2013 09:58 PM

ලෝක විනාසේ කිව්වෙත් මෙයමද? (නදී)

:       0       0

උදය රාජපක්ෂ Sunday, 02 June 2013 10:30 PM

වැරදි කරුවන්ට හොදම දඩුවම අගහරු වෙත යැවීම.(නදී)

:       0       0

සමන් Thursday, 06 June 2013 10:00 PM

මට නම් හිතෙන්නේ ගල් කැට තමයි තියෙන්නේ (නි)

:       0       0

සුජාන් Monday, 03 June 2013 10:59 AM

අනේ මේ ! තව මංගල්ලයක්. අපිට වෙන වැඩ නැනේ. එහෙ පාන් ගෑස් පෙට්රෝල් වගේ ඒවා තියෙනවා දැක්කොත් විතරක් අපිට කියන්න. (ස)

:       0       0

අබිසන්. Monday, 03 June 2013 11:17 AM

තව පොඩ්ඩක් වියදම් කරලා රොකට් එකක් ලංකාවෙන් යවලා ඔය කතාවේ ඇත්ත නැත්ත දැන ගන්නකම් ඔන්න මට නම් මොකුත් කියන්න බැහැ... (නි)

:       0       0

වන්නි Sunday, 02 June 2013 11:11 PM

මම නම් විශ්වාස කරන්නේ නැහැ (දී)

:       0       0

පෙරේරා Sunday, 02 June 2013 11:20 PM

පිට සක්වල ජීවින් ඉන්නවා , නමුත් මොන සක්වලේද කියන්න අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 165 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 176 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 364 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 353 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site