IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රතු මුහුදට ආරක්ෂාව නොදුන්නොත් ලංකා වරායන් අනතුරේ

(අංජුල මහික වීරරත්න)

රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  ඇමතිවරු කිහිපදෙනෙකු අද පෙරවරුවේ මුණ ගැසුණු අවස්ථාවේදීය.මනූෂ නානයක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහා පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. 
රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැය වන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බවද ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

රතු මුහුදට ලංකාවේ  යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂව සැපයීමට මිසක රාජ්‍යන් අතර ඇතිව තිබෙන යුද්ධයන්ට සහායදීමට නොවන බවද ජනාධිපතිවරයා  සඳහන් කර සිටියේය. 

තම රටවලට එන භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට ආරක්ෂාව සැපයීමට කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විටත් ඉදිරියට පැමිණ තිබෙන බව ජනාධිපතිවරයා කීය.

හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මඟහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වරායට නෞකාවක් පැමිණීමට දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙසට ගොස් පැමිණීමට සිදුවන බැවින් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යාමට ඉඩ ඇති බවද පෙන්වා දුන්නේය.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මඟ බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා  කියා සිටියේය.

හූති වැඩ කටයුතුවලට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවක් රතු මුහුදට යවා  එහි ආරක්ෂාවට සහාය දීමට ශ්‍රී ලංකාව  එකඟ වී ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (19)

රතු මුහුදට ආරක්ෂාව නොදුන්නොත් ලංකා වරායන් අනතුරේ

mohomed Monday, 08 January 2024 02:31 PM

තියන නෞකා 2ටත් කෙළවා ගන්න දඟලනවා.

:       9       30

samMonday, 08 January 2024 07:37 PM

රතු මුහුද හරහා ලංකාවට පැමිණෙන භාණ්ඩ ප්‍රමාණයවඩා ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු අනෙක් රටවල් රතු මුහුද හරහා ඔවුන්ගේ රටවලට ගෙන්වා ගනු ලබන භාණ්ඩ ප්‍රමාණය සහ එම රටවලින් ඇමෙරිකාව කැනඩාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපයට සහ අනෙක් රටවල් අතර ප්‍රවාහන කටයුතු රතු මුහුද හරහා විශාල වසයෙන් සිදුවේ.එමනිසා රතු මුහුද හරහා පැමිනෙන සහ පිටවන සියලු නවුකාවල ආරක්ෂාවට රතු මුහුද දෙපස තිබෙනාවූ සවුදි අරාබිය සහ අප්‍රිකානු රටවලට එම මුහුදු කලාපයේ ආරක්ෂාව තහවුරු කරනලෙස බලපෑම් කිරීමට බටහිර රටවල් සහ චීනය ඉන්දියාව සහ ජපානය වැනි රටවලින් සිදුවිය යුතුවේ. එම ඉල්ලලිම සිදුඋවහොත් රතු මුහුද හරහා ලංකාවට පැමිණෙන භාණ්ඩ නවුකාවන් පවා ආරක්ෂා වනවා ඇත. එම කලාපයේ ආරක්ෂව තහවුරු කිරීම මුලික වසයෙන් රතු මුහුද දෙපස තිබෙනාවූ රටවල වගකීමක් වේ.

:       0       0

de silva Monday, 08 January 2024 02:35 PM

රනිල් කියන විදිහට රනිල් කියන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා වගේ වැඩ කාරයෙක්, ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔහු පාර්ලිමේන්තුවට එන්නේ පස්ස දොරින්, පසුගිය කලේ අපේ නාවික යාත්‍රා ජාත්‍යන්තර මුහුදට ගිහින් කොටි නැව් සමග සටන් කොට ඒවා ගිල්වා දමපු බව රනිල් දන්නේ නැති එක...!

:       12       45

Amal Monday, 08 January 2024 02:36 PM

මෙහේ, ලංකාව කියන නැව ගිලෙනවා... පිනා රතු මුහුදට නැව් අරිනවා. රතු මුහුදේ ආරක්ෂාවට නැව් අයිති සමාගම් තියෙන රටවල් නොයෙකුත් පියවර ගනිමින් සිටිත්දී, අපේ පුංචි යුද නැව් රට වටේ බලාගත්තොත් හොඳ නැද්ද? එහෙන් ඉන්දියාවෙ ධීවරයෝ ලංකාවේ මාළු හොරෙන් අල්ලනවා. තව පැත්තකින් කුඩු හා ගංජා මුහුදෙන් රටට එනවා. මේවා නතර කරගන්න ක්‍රමයක් හිතන්නේ නැතිව ලෝකෙට මෙහෙ නැව් අරිනවා, හරියට ගෙදරින් ගෙනැල්ලා වගේ..!!!

:       8       40

dupul Monday, 08 January 2024 02:40 PM

මෙයා හිතාගෙන ඉන්නේ විකට් කීපර් බොලේ අල්ලනවා වගේ අය ගහන මිසයිලත් අල්ලන්න පුළුවන් කියලා...!

:       10       31

රංබොඩ Monday, 08 January 2024 02:43 PM

තමන්ගේ දේශපාලන වාසිය තකා ඇවන්ගාර්ඩ් ආරක්ෂක ආයතනය විනාශ කරලාම දැම්මා නේද? මේ වගේ අවස්ථාවලදී හොඳින්ම භාවිතා කරන්න තිබුණු ආයතනයක්. පක්ෂ බදාගෙන ඉන්න අය කුලප්පු වෙන්නත් පුලුවන් මේක දැක්කාම...

:       15       12

vernonMonday, 08 January 2024 04:03 PM

මෙතැන වෙන්නේ ආරක්ෂාවට යුද නැව් යැවීමක් මිස එන නැව්වලට ආරක්ෂක නිලධාරීන් යෙදවීම නෙවෙයි...!

:       5       7

චන්දන Monday, 08 January 2024 02:53 PM

මෙයා මේ බලන්නේ ඇමරිකාව සතුටු කරන්න. ඔය නැව යැවුවාම බඩුමිල අඩු වෙන්නේ නැහැ. මෙයාගේ නැව නැත්නම් බඩු මිල අඩුවේද? රටේ ජනතතාව හිඟා කනවා.. කන්න බොන්න නැතිව. මෙයා ජාත්‍යන්තර මුහුද බලනවා. අපේ බදු සල්ලි නේද මේ...? අපි බදුගෙවන්නේ මේකටද? මොවුන්ට හෙණ ගහනවා අපේ සල්ලි අරගෙන බාල්නටනවාට...!

:       8       26

රනේ Monday, 08 January 2024 03:38 PM

රනිල් කිව්වොත් ඉතින් හරි තමයි..

:       8       17

sulaliha Monday, 08 January 2024 03:49 PM

මට පුදුමේ මෙච්චර දුර්වල, අමන චරිතයක් දශක ගණනාවක සිට මේ තරම් ප්‍රධාන චරිත රඟපාන්න හේතුව මොකක්ද කියන එක. මොහුට බටහිර ආකල්ප ඇති නිසාත්, මුළු රටටම ගොඩේ ගති ඇති නිසාත් වන්නට පුළුවනි...

:       9       26

sumith Monday, 08 January 2024 04:26 PM

නාවික හමුදාවෙන් උපදෙස් ගත්තද? නැතිනම් ඔබ නාවික හමුදාවට වඩා ඉහළද?

:       4       15

Rata Perata Monday, 08 January 2024 05:13 PM

මෙයා ලංකාවේ ජනාධිපතිකමට පිනට රිංගලා හිතාගෙන ඉන්නේ ඇමෙරිකාවේ ජනාධිපති කියලා. ගියපාර මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න ජනතාව ඉඩ දුන්නේ නැත්තේ මොකද කියලා පේනවනේ. පිස්සු නැතිනම් හොඳයි.

:       0       0

විජිත් Monday, 08 January 2024 06:08 PM

හිඟා කකා ,නයට සල්ලි අරගෙන ජිවත්වන ,දුප්පත් කල රටක තියෙන ඩොලර් මිලියන 200 ක් ,කොහෙවත් නැති යුද්දෙකට යොදවලා, රටේ මිනිස්සුන් අමාරුවේ දමන්න හදන , මේකා පිස්සෙක්.ඇමෙරිකාව සහ ඉන්දියාව බලකලා වහාම හවුති ත්‍රස්තවාදීන් සමග සටන් කරන්න එන්න " කියලා. හවුතියෝ අපිට මොනවත් කරලා නැහැ. වලිය පටන්ගත්ත හමාස්ලයි, ලෝකයේ ජරාම ජාතියවන ඉස්රායල්වරුයි ,උන්ට සපෝට් කරන ඇමෙරිකාවයි ,බටහිර රටවලුයි ඔය ප්‍රශ්නය බේරාගත්තාවේ. අපි උන් එක්ක ඇවිලිලා මහා ප්‍රශ්නයක් ඇතිවුනාට පස්සේ ඇමෙරිකාව හිමින් සැරේ අපේ පිට වරද පටවලා මාරුවෙයි;එදා මෙදා හැමදාමත්ම ඇමෙරිකාව කලේ ඔය සෙල්ලම තමයි.හවුතියන්ගේ ආයුධ එක්ක අපිට හැරෙන්නවත් බැහැ. ශ්‍රී ලංකාව කියන්නේ නොබැඳි රටක්ලු , අනේ මන්දා මේකාව ඉක්මනට එළවලා දාන්න ඕනා.

:       0       0

amare Monday, 08 January 2024 06:10 PM

ඉල්ලන් කන්නයි යන්නේ.

:       0       0

wimal Monday, 08 January 2024 06:10 PM

අපේ නැව ගැන තියන ආසාව අත්හැර රතු මුහුදට යවන්න... දැන් අපේ නැව දැක්ක හැටිය හොයාගෙන ඇවිල්ලා ගහන්නේ... මේකෙන් වෙන්නේ මුස්ලිම් රටවල් ගොඩක් තරහ වෙන එක...

:       0       0

chandima Monday, 08 January 2024 06:27 PM

අනේ මන්දා ?මෙයා කියනවා එයා යලි ඉපදුනු පරාක්‍රමබාහු කියලා .ඒත් මිනිස්සු කියනවා යලි ඉපදුනු එළාර කියලා?හිතාගන්න බැහැ

:       0       0

සුමනසිරි Monday, 08 January 2024 06:39 PM

මහා පරාක්‍රමබාහු රජුගෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට යුද්ධ නැව් යවනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජය වේවා!

:       0       0

upali Tuesday, 09 January 2024 09:33 AM

යේමන් රජයෙන් ඔබට කැමැත්ත තිබේද? සවුදි අරාබිය යේමන රජය මෙහෙයවයි.

:       0       0

Bamunuarachchi Thursday, 11 January 2024 06:06 AM

ඕකත් හරියට අපේ කුඹුරට වතුර එන වක්කඩේ බ්ලොක් කරන එකාට ගහනවා වගේ වැඩක්. ඕක නොතේරෙන ගොබ්බයො කොපමණ ඉන්න වාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 1 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 35 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 186 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 276 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 276 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 331 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39117 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25579 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1087 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site