IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රතු මළකඩයා සිංහරාජෙටත් පනී

මාස කිහිපයකට පෙර කන්නෙළිය වනාන්තරයේ දක්නට ලැබුණු රතු මළකඩ රෝගය ලෝක උරුම සිංහරාජ වනාන්තරය ඇතුළු දෙණියාය, නෙළුව හා රක්වානටත්  පැතිරගොස් ඇත. ශාක පත‍්‍රවල රතු දුඹුරු හා තද තැඹිලි පැහැති පුල්ලි ඇතිකරන මෙය දිලීරයක් බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර කියයි. කොළ පැහැති පත‍්‍රයේ මතුපිට රතු දුඹුරු හෝ තද තැඹිලි පැහැති පුල්ලි හටගන්නා මෙම රෝගය තේ වගාවට ද මෙය පැතිර යතියි ප‍්‍රදේශවාසීහු පවසති. ‘‘මෙය  ඕනෑම ශාක විශේෂයකට පැතිරී යාහැකියි. තේ, කුරුඳු හා බට වැනි ශාකවලත් මෙය දක්නට ලැබුණා. ශාකයේ වර්ධනයට යම් බලපෑමක් සිදුවිය හැකියි. ඒත් ශාකය මැරෙණතරම් හානිදායක නොවේ.’’ යැයි ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි. සෙපිලියුරස් වෛරසෙන්ස් නමින් හඳුන්වන දිලීර විශේෂයේ කි‍්‍රයාකාරීත්වයෙන් මෙම පුල්ලි හටගනී. ප‍්‍රදේශවාසීන් පවසන්නේ සෙවන ඇති ස්ථානයන්හි දක්නට ලැබෙන මෙම රෝගය හොඳින් හිරුඑළිය පතිතවන ශාකයන්හි දක්නට නොලැබෙන බවයි. සිංහරාජ වනාන්තරයේ දර්ශනයක් සිංහරාජ වනාන්තරයේ පත‍්‍රවල පුල්ලි හටගෙන ඇති ආකාරය පුල්ලි හටගත් ශාක පත‍්‍රවල සමීප දර්ශනයක්



අදහස් (0)

රතු මළකඩයා සිංහරාජෙටත් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site