IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘රිදි ජුබිලි’ යොවුන් ක‍්‍රීඩා උළෙල පොළොන්නරුවේදී හෙට ඇරඹේ

‘රිදි ජුබිලි’ ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල හෙට (25) පොළොන්නරුව ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. ලබන ඉරිදා (28) දක්වා පැවැත්වෙන මෙම ක‍්‍රීඩා උළෙලේදී ජයග‍්‍රාහි ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන් සඳහා මෝටර් රථ, යතුරුපැදි සහ මුදල් ත්‍යාග රැුසක් ප‍්‍රදානය කිරීමට ජාතික තරුණ සේවා සභාව සූදානමින් සිටියි.

යෞවන කටයුතු හා නිපුණතා අමාත්‍යංශය මෙහෙයවන මෙම ක‍්‍රීඩා උළෙලේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ජාතික තරුණ සේවා සභාවට සහයෝගය දක්වයි.

දිවයිනේ ස්ථාපිත යෞවන සමාජ සාමාජිකත්වය හිමි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000 ක් පමණ මෙවර ක‍්‍රීඩා උළෙලට සහභාගි වන බව ජාතික තරුණ සේවා සභාවේ ප‍්‍රචාරක නිලධාරී අනිල් සිරිවර්ධන මහතා පවසයි.

මෙවරත් ක‍්‍රීඩා උළෙලේදී පළමු ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩිකාවට සුපිරි මෝටර් රථයක් ප‍්‍රදානය කෙරෙන අතර වයස 20 න් පහළ සහ ඉහළ පිරිමි සහ කාන්තා දක්‍ෂතම ක‍්‍රීඩක සහ ක‍්‍රීඩිකා සම්මාන ලබන සිවුදෙනාට යතුරුපැදිය බැගින් ද, තරග වාර්තා පිහිටුවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට රුපියල් 10,000 බැගින් ද, විශේෂ මුදල් ත්‍යාග ප‍්‍රදානය කරයි.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එම ත්‍යාග පිරිනැමීමට අමතරව සමස්ත ශූරතාව සහ අනු ශූරතාව ලබන දිස්ත‍්‍රික් කණ්ඩායම් සඳහා රුපියල් 150,000 ක් සහ 100,000 ක් තිළිණ කෙරෙන බවත් සිරිවර්ධන මහතා පැවසීය.

සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.30 ට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අගහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන ඉදිරිදා නිමාවට පත්වන ක‍්‍රීඩා උළෙලේ ජයසංකේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතය.

මලල ක‍්‍රීඩා ඉසව් හැරෙන්නට මෙම දින කීපයේදී දැල්පන්දු, කඹ ඇදීම, පාපන්දු, වොලිබෝල් කාන්තා සහ පිරිමි අවසන් මහ තරග ද පැවැත්වීමට නියමිතය. කැරම් තරගාවලියේදී සුවාශේසි දස්කම් දැක්වූ නාගරික තරුණයා කළාපය යුගළ (පිරිමි) ශූරතාව හැරෙන්නට සෙසු සියලූ ශූරතා දිනා ගැනීම කැපී පෙනේ.

සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් කාන්තා ශූරතාව රත්නපුර දිස්ත‍්‍රික් කණ්ඩායම විසින් ද, එහි පිරිමි ශූරතාව අම්පාර දිස්ත‍්‍රික් කණ්ඩායම් විසින් ද, දැල්පන්දු පිරිමි ශූරතාව කෑගල්ල දිස්ත‍්‍රික්කය විසින් ද, වෙරළ වොලිබෝල් (කාන්තා* ශූරතාව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්ය විසින් ද, දිනාගන්නා ලදී.

මෙවර ක‍්‍රීඩා උළෙලේ ‘රිදි ජුබිලි’ සංවත්සරය නිමිත්තෙන් තරගාවලියේ නිල සුරතලා ලෙස ‘චූටි කුකු’ නම් කර තිබේ.



අදහස් (0)

‘රිදි ජුබිලි’ යොවුන් ක‍්‍රීඩා උළෙල පොළොන්නරුවේදී හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1808 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1150 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2063 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 516 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2952 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site