IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රිදී තිරයට ආ පුතන්ඩියා

2016-08-05-ent-30

"අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක කරන ඔය කැත සෙල්ලම නතර කරපන් මිනිහෝ දැන්වත්..."

2016-08-05-ent-29උඹලා ඒ අහිංසක මිනිස්සුන්ට සමාජයේ වැරදි ප‍්‍රතිරූපයක් මැව්වා. උඹලා ඔය කරපු හැම පවකටම වන්දි ගෙවන්න ලෑස්ති වෙයං දැන්.

මට සුන්දර ළමා කාලයක් තිබ්බේ නැහැ. ඒක මගෙන් උදුර ගත්තා.

"මට මගේ තාත්ත නැතිවුණා...

මට මගේ අම්මා නැති වුණා”

"උඹලට ප්ලේන් එකෙන් කුඩු ගෙනල්ලා පැනලා යන්න බැහැ. නැවේ කුඩු ගෙනල්්ලා පැනල යන්න බැහැ. උඹල බස් එකක කුඩු ගෙනිහිල්ලා පැනලා ගියත් බස් එකේ රියදුරා අත්අඩංගුවට ගන්නේ නැහැ. නමුත් ත‍්‍රීවිල් කාරයට ඒ අවස්ථාව නැහැ. උඹලා ඒ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත්තා...”

මේ සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටින පුතණ්ඩියෙක්.

”විමුක්ති”

”ආදරණීය තාත්තෙකුගේ වටිනාකම හදවතට දැනෙන හදවතට රිදෙන පිය පුතු සෙනෙහසක කඳුළ” තිසුල දීප තඹවිට දක්ෂ කැමරා ශිල්පියාගේ අපූරු අධ්‍යක්ෂණයෙන් සහ බුද්ධික ජයරත්නගෙ පිටපතින් පසුගියදා සිනමාවේ අලූත් පිටුවක් පෙරලූවා. ඒ තමයි මේ දිනවල තිරගත වන පුතණ්ඩියා සිනමා නිර්මාණය.

පුතණ්ඩියා සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිතය ගවේශනාත්මක පත්තරකාරයා විමුක්තිට පණ පොවන බුද්ධික ජයරත්න සැඳැල්ල අපි කතාබහකට එකතු කර ගන්න හිතුවා.

 

බුද්ධික ජයරත්න පත්තරකාරයෙක් වෙලා කියන්නේ ඇත්තද?

කෙටියෙන්ම කියනවා නම් තම ජීවිතය පවා පරදුවට තියලා සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටින පුතණ්ඩියෙක්. ඒ තමයි විමුක්ති

 

අලූත් චිත‍්‍රපටියට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ඉතාමත් ඉහළයි. මේ චිත‍්‍රපටිය ගොඩක් විශේෂයි. පවුලේ සැමට නැරඹිය හැකි හොඳ චිත‍්‍රපටියක්. මුලින්ම හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා.

 

මෙහි තිර රචනය සහ සංකල්පය ඔබේ? මොකද්ද මේ චිත‍්‍රපටියේ විශේෂත්වය?

70 ගණන්වල ස්වර්ණමය යුගයක් තිබුණ අපේ සිනමාවට එදා චිත‍්‍රපටි කර්මාන්තය රැකුණා. ඒ වාණිජ චිත‍්‍රපටි නිසා. රටක තිබිය යුත්තේ හොඳ චිත‍්‍රපටි සහ නරක චිත‍්‍රපටි විතරයි. පවුලක් වශයෙන් ඇවිල්ලා මුළු පවුලටම රස විඳින්න පුළුවන් චිත‍්‍රපටි නිසා තමයි කර්මාන්තය රැකුණේ.

ඉස්සර වගේ පික්චර් හෝල්වල පෝලිම් ගැහිලා චිත‍්‍රපට බලන චිත‍්‍රපටි පිස්සෝ අද නැහැ. මේකෙ වැරදි කාරයෝ අපිමයි. මේ කර්මාන්තය අද එන්න එන්න අගාධයට යනවා. අන්න ඒකට පිළියමක් හැටියට මම යම් උත්සාහයක් දැරුවා. ඇඟට දැනෙන විදිහට, හැඟීම්බර, කලාත්මක නිර්මාණයක් කරන්න. ඒ විදිහට තමයි පුතණ්ඩියා මගේ අතින් ලියවුණේ.

 

”පුතණ්ඩියා” ඔබ අතින් ලියවෙන්න විශේෂ හේතුවක් තිබුණද?

මම හොඳට සමාජය ආශ‍්‍රය කරන පොළොවේ පය ගහලා ජීවත්වෙන මිනිහෙක්. මම හිතුවා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ මානුෂික පැත්ත ගැන නිර්මාණයක් කරන්න. ඇත්තටම පුතණ්ඩියා නිර්මාණය වෙන්න ප‍්‍රධානම සාධකය වෙන්නේ ත‍්‍රිරෝද රථ රියදුරන්. මම ඔවුන් ගැන පෞද්ගලිකව හොඳට අත්වින්දා. චරිත ගැන නිරීක්ෂණය කළා. තුන් හතර පාරක්ම මම මේ කතාව නැවත නැවත ලිව්වා.

ලොකු වාහනවල යන නෝනා මහත්වරුන්ට නොපෙනෙන ඕනම දුකකදි කරදරයකදි උණුවන මානුෂීය හදවතක් තියෙන චරිතයක් තමයි ති‍්‍රරෝද රථ රියදුරා කියන්නේ. මම දැක්කා රිය අනතුරකදි රෝගියාව රෝහල් ගත කරන්න කිසිවකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක ති‍්‍රරෝද රථ රියදුරෙකු රෝගියා රෝහල් ගත කරලා රෝගියාට අවශ්‍ය ”ලේ” පවා දුන්නා. අවසානයේ උසාවි පොලිසි ගානේ පවා යන්න වෙන්නේ ඔහුට. ඉතින් මේ වගේ හැංඟිච්ච ඔවුන් තුළ තිබෙන මානුෂීය හදවත තමයි මට මේ සමාජයට පෙන්වන්න ඕන වුණේ. මේ සමාජය එක්තරා කොටසක් ඉන්නවා උන්ගේ තියෙන හැම ජරා වැඬේම සපුරා ගන්න. ත‍්‍රීවිල් රියදුරාව ඉත්තෙක් කරගන්න මාන බලන අය. ත‍්‍රීවිල් කාරයෝ කියන්නෙ මිනීමරුවො මංකොල්ලකාරයො නෙමෙයි. කාටවත් හොඳක් නොපෙනෙන අහිංසක මිනිස්සු කොට්ඨාසයක්.

 

මේ පිටපත ලියන්න කොච්චර කාලයක් ගතවුණාද?

වසර හයක් ගතවුණා. ඕන කමින් වසර හයක් ගත්තේ නැහැ. මට හරියන නිෂ්පාදකයා මුණ ගැහෙනකම් හිටියා. තව දෙයක් තමයි මම මේ නිර්මාණය කළාට පස්සෙ මේක ඔවුන් බලන්න ඕන. පිළිගන්න ඕන කියන දේ මගේ හිතේ තිබුණා. මම කථාවක් ලියලා චිත‍්‍රපටියක් හැදුවට එහි යථාර්ථය තේරුම් ගන්න බැරිනම් ඒ නිර්මාණයේ වටිනාකමක් නැහැ. ලංකාවේ ඉන්න විවිධ වූ ත‍්‍රීවිල් සංගම් එක්ක මම කතා කළා. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් ශ්‍රී ලංකා ත‍්‍රීරෝද රථ වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලලිත් ධර්මසේකර මහතාට, ලංකා චාමර මහත්මයා ඔවුන් තමයි මට මේ පසුබිම හදලා දුන්නේ. ඒ විදිහට තමයි පුතණ්ඩියා බිහිවෙන්නේ.

 

මෙහි ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔබ. චරිතය ගැනත් කියමු?

විමුක්ති කියන්නේ ගවේශනාත්මක පත්තරකාරයෙක්. මම චිත‍්‍රපටියක් හදලා ඒකේ ප‍්‍රධාන චරිතය මම කරන්න ඕන කියලා නෙමෙයි මෙහි ප‍්‍රධාන චරිතය තෝරාගත්තේ. පිරිසක් විසින් නිගමනය කරලා ඒ චරිතයට මම සුදුසුයි කියන මතය මත තමයි මම විමුක්තිගේ චරිතය තෝරාගත්තේ. විමුක්ති කියන්නේ සමාජයේ විවිධ චරිත අතරේ ජීවත්වෙලා අසාධාරණකම්, අකටයුතුකම් සිදුවන ස්ථාන කරා ගිහිල්ලා තමන්ගේ කැමරාවෙන් ඒවා රූගත කරගෙන සමාජයට හෙළිදරව් කරන පත්තරකාරයෙක්.

මේක හරියට ජීවිතයත් මරණයත් අතර කරන සටනක් වගේ. සමාජයේ වැරදි කරන උදවියගෙන් විමුක්තිගේ ජීවිතයට තර්ජන තියෙනවා. ඒ වුණත් වෘත්තියට පණ වගේ විමුක්ති ආදරය කරනවා. විමුක්තිගේ පියා රියදුරෙක්, ඔහු මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයේදී අහුවෙලා වසර 20 සිරබත් කනවා. ඔය අතරේ අම්මා මැරෙනවා. විමුක්ති තනි වෙනවා. මුදල් නැති නිසා අධ්‍යාපනය අඩාල වෙනවා. විමුක්තිගේ හිතේ පියා ගැන වෛරයක් ඇති වෙනවා. කාලයක් එක්ක ඔහු තේරුම් ගන්නවා. මේ සමාජය හරිම කුරිරුයි කියලා. මට කරන්න ඕන වුණේ මට විතරක් විඳින්න පුළුවන් චරිතයක් නෙමෙයි. මම කරන චරිතය මිනිස්සු විඳිනවා බලන්නයි මට ඕන වුණේ.

 

ඔබ ”රෝස වසන්තය” චිත‍්‍රපටයෙන් ආරම්භ කරපු සිනමා ගමන අද ”පුතණ්ඩියා” දක්වා ඇවිල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ?

එදා රෝස වසන්තයෙන් මට ලැබුණු තල්ලූව අද පුතණ්ඩියා දක්වා එන්න ලොකු ශක්තියක් වුණා. මම හැමදාමත් උදයකාන්ත වර්ණකුලසූරිය අයියට ණය ගැතියි. අපි ගහන හැම පාරක්ම හයේ පාරක් හතරේ පාරක් වෙන්නේ නැහැ. පේ‍්‍රක්ෂකයා ඉක්මවා ගිහින් ගහපු දැවැන්ත පාරක් තමයි පුතණ්ඩියා.

 

මේ දවස්වල ටෙලි නාට්‍යවල වැඩිය පේන්නේ නැත්තේ ඇයි?

ටෙලි නාට්‍ය ගැන මට කලකිරීමක් තියෙනවා. මම දැන් මේ ක්ෂේත‍්‍රයට ඇවිත් වසර පහළොවක් විතර වෙනවා. ආපු මුල් කාලෙ ටෙලි නාට්‍යවල තිබුණු ගුණාත්මක භාවය දැන් ටෙලි නාට්‍යවල නැහැ. ටෙලි නාට්‍ය ඉන්දියානුකරණය වෙලා. දැන් බිහිවෙන ටෙලි නාට්‍යවල වෘත්තිමය භාවයක් නැහැ.

 

මේ තරම්ම ටෙලි නාට්‍ය කලාව ගැන කල කිරෙන්න හේතුව?

අපි කරන වැඩවල ප‍්‍රමාණය නෙමෙයි වැදගත් කරන වැඩවල ගුණාත්මක භාවයයි වැදගත්. ඔයා මගෙන් ප‍්‍රශ්නයක් අහනවා ඇයි වැඩිය පේන්න නැත්තේ කියලා. ඒ කියන්නේ හීනෙන් මාව සොයන අයත් ඉන්නවා. රඟ නොපෑවත් ඇත්තටම මාව මතක තියෙන රසිකයෝ පිරිසක් ඉන්න එක ගැන සතුටුයි.

 

නළුවාගේ භූමිකාවේ බුද්ධික සහ සාමාන්‍ය බුද්ධික අතරේ වෙනස?

තවම මට නිර්මාණකරණය පිළිබඳව බෝඞ් කාරයෙක්. සාමාන්‍ය බුද්ධික කියන්නේ රස්තියාදුකාරයෙක්.

 

බුද්ධිකටත් FB එකේ ප‍්‍රශ්නයක් වුණා කියන්නේ ඇත්තද?

FB එකේ වරදක් නැහැ. පාවිච්චියෙයි වරද තියෙන්නේ. මටත් සමහර ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ සම්බන්ධව අවශ්‍ය නීතිමය පියවර මම අරගෙන තියෙනවා.

 

නදීශා අතුකෝරළ

 

sandalla

 

2016-08-05-ent-31
2016-08-05-ent-28
 



අදහස් (0)

රිදී තිරයට ආ පුතන්ඩියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 504 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 431 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2528 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 993 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 846 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 361 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39165 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site