කොරියාවේ සෝල් නුවරදී දැන් පැවැත්වෙන රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී (2012) ස්ලෝවැකියාව තරග 3-0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ (22) සමත් වුහ. ශ්‍රී ලංකාව තරගාවලියේ මුලික වටයේදී ‘සී’ කොටසෙන් තරග වදින අතර උපාලි රාජකරුණා සහ ගාමිණී දිසානායක ශ්‍රී ලංකා පිල නියෝජනය කරති. පළමු කේවළ තරගයේදී ගාමිණී දිසානායක විසින් තෝමස් මසාරක් ලකුණු 6/1, 6/2 ක් ලෙස පරාජය කරන ලද අතර දෙවැනි කේවළ තරගයේදී රාජකරුණා විසින් ඬේවිඞ් චැබ්රික් ලකුණු 6/3, 6/1 ක් ලෙස පරාජය කරන ලදි. යුගල ඉසව්වේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනා විසින් ස්ලෝවැකියානු ක‍්‍රීඩකයන් දෙදෙනා 6/3, 6/0 ක් ලෙස පරාජය කරමින් තරග තුනම ජය ගැනීමට සමත්වුහ. රෝදපුටු ටෙනිස් ජාතික ශූරයා වන උපාලි රාජකරුණා ලෝක රෝදපුටු ටෙනිස් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීමේ අතරේ 71 වැනි ස්ථානයේ සිටින අතර ගාමිණී එහි 79 වැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව ලෝක රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලිවලදී තෙවැනි හා පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව තිබේ. අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් සම්මේලනයේ මෙහෙයවීමෙන් මේ මස 27 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (23) ඉතාලිය සමග තරග කිරීමට නියමිතය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රෝද පුටු ටෙනිස් ලෝක ශූරතාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ස්ලොවැකියාව පරදවති
චමින්ද Thursday, 24 May 2012 03:51 AM
ජයවේවා
ප්‍රියාල් Wednesday, 23 May 2012 01:43 PM
ජය වේවා........ !!!!!!!!!!