IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි

ආසියානු ශූරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා පැවැති පැරණි වාර්තාව අභිබවා යමින් (මීටර 60.16) දස්කම් දැක්වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූරී නදීකා ලක්මාලි 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

මෙම දස්කම සමගින් මොස්කව් නුරවරදී පැවත්වෙන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියටද ඇය සුදුසුකම් ලබා ගත්තාය. හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් ඇය දිනගත් දෙවැනි අන්තර්ජාතික පදක්කම මෙයයි. 2007 වසරේ ජෝර්දානයේ අම්මාන් නුවරදී පැවැති මලල කී‍්‍රඩා තරගාවලියේදී ඇය මෙම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පෙරේදා (6) ඇය රිදී පදක්කම දිනාගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමිනි.

යුද හමුදා දෙවැනි කාන්තා බලකායේ සාජන් මේජර්වරියක්වන 31 හැවිරිදි නදීකා ලක්මාලි අත්දැකීම් සපිරි ක‍්‍රීඩිකාවකි. ඇය 2008 වසරේ බීජින් නුවරදී පැවති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ද සහභාගි වූවාය. මේ වසරේදී පැවැති (2013) ආසියානු ගෝන් ප‍්‍රී මලල ක‍්‍රීඩා තරගමාලාවේ අදියර තුනේදීම හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේ ජයග‍්‍රහණය ලැබුවේද ඇයයි.

ෆින්ලන්තයේදී පැවැති නේවාසික පුහුණුවීම් පාඨමාලාවකට සහභාගි වීමෙන් පසුව ඇය පූනේ තරගාවලියට සහභාගි වූවාය. වසර 40 ක් වන ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි. ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියකදී හෙල්ල විසිකිරීම කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන්ම ශ්‍රී ලංකාව පදක්කම් දිනාගත් පළමු අවස්ථාව ද මෙයයි.

නදීකාගේ මෙන්ම හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් සචිත් මධුරංගගේද පුහුණුකරුවා වන ඒ. ජේ. රොද්‍රිගු මහතාද පූනේ තරගාවලියට පැමිණ සිටියේය.

හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් රන් පදක්කම් දිනාගත් චීන ක‍්‍රීඩිකා ලී ලින්ග්වෙයි මීටර 60.65 ක දුරක් හෙල්ල විසි කර නව තරග වාර්තාවක් පිහිටුවීමටද සමත් වූවාය. ලෝකඩ පදක්කම ජපානයේ රීසා මියායිටා (මීටර 55.30)  විසින් හිමිකර ගන්නා ලදි.

මෙම ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ තවත් ක‍්‍රීඩිකාවක් වන දිල්හානි ලේකම්ගේ මීටර 50.98 ක දුරක් හෙල්ල විසිකරමින් අටවැනි ස්ථානයට පැමිණියාය.

මෙම ඉසව්වේ රන් පදක්කම කෙරෙහි වඩාත් විශ්වාසය පළකර තිබූ නදීකා ලක්මාලි දෙවැනි උත්සාහයේදී (මීටර 59.99) චීන ක‍්‍රීඩිකාවට (මීටර 57.71) වඩා ඉදිරියෙන් සිටියාය. එහෙත් ලක්මාලි මෙන්ම ජයග‍්‍රාහී චීන ක‍්‍රීඩිකාවද තෙවැනි පියවරෙදී සිය උපරිම දක්‍ෂතා දැක්වූහ.

ගාල්ල කහදූව මහවිදුහලේ ආදි සිසුවියක වන ලක්මාලි ජයග‍්‍රහණයෙන් පසු මාධ්‍යවේදීන්ට පැවසුවේ රන් පදක්කම අහිමිවීම පිළිබඳව දුකක් ඇති වුවත් තමාට ලෝක ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාවීම ගැන වඩාත් සතුටුවන බවයි.

”රන් පදක්කම අහිමිවීම ගැන නම් දුකයි. නමුත් මම උපරිමය කළා. ක‍්‍රීඩාව කියන්නෙ  ඕකයි. ජය මෙන්ම පරාජයත් විඳ දරා ගත යුතුයි”

”මගේ ජයග‍්‍රහණයට උදව් වුණේ පින්ලන්ත සංචාරයයි. ඊට සහයෝගය දක්වපු ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට කෘතගුණ දක්වන්න මෙය අවස්ථාවක් කර ගන්නවා” යැයි ද ඇය පැවසුවාය.

වසර 2006 කොළඹ පැවැති සාෆ් ක‍්‍රීඩා උළෙලේදීත් මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීකා සමත් වූවාය.

පූනේ ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හෙල්ල විසි කිරීමේ ඉසව්වලින් ලබාගත් ජයග‍්‍රහණ නිසා ශ්‍රී ලංකාව සෙනසුරාදා වන විට පදක්කම් දිනාගත් රටවල් 20 ක් අතර 15 වැනි ස්ථානයේ පසුවිය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක සචිත් මධුරංග මීටර් 79.62 කට හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම පසුගිය සිකුරාදා (5) දිනා ගත්තේය.

 

 



අදහස් (0)

රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි

ෆ්‍රී Monday, 08 July 2013 09:21 AM

උණුසුම් සුබ පැතුම් ! (නි)

:       0       0

සුජීව පද්මකුමාර Monday, 08 July 2013 09:26 AM

ඔබට වේග පන්දු යැවීමේ හැකියාව තිබෙනවා. ක්‍රිකට් වලටත් සම්බන්ධ වෙන්න. මීට වඩා දෙයක් රටටත් ඔබටත් ලැබේවි. මලල ක්‍රීඩාවලින් ආත්මාර්ථකාමිත්වය වැඩි වෙනවා. කන්ඩායම් ක්‍රීඩකයන්ට රැකියා අවස්ථා වැඩි ඒනිසයි. (නි)

:       0       0

දීපිකා Sunday, 07 July 2013 09:18 PM

නියමයි. ඉදිරියටම යන්න (නි)

:       0       0

කැළුම් Monday, 08 July 2013 10:29 AM

ඔබගේ ජයග්‍රහණයට අපගේ සුභ පැතුම්! ඉදිරි තරග සඳහා ආසිරි! (නි)

:       0       0

පහන් Sunday, 07 July 2013 07:58 PM

මෙන්න අපේ ඊලග ඔලිම්පික් පදක්කම (නි)

:       0       0

අමිල Sunday, 07 July 2013 08:21 PM

ඔබට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 927 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 419 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 275 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 834 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 715 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site