IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි

මනෝප්‍රිය ගුණසේකර
 
ඇතැම් විනිසුරුවරුන් දුෂිත බවට  ප්‍රකාශයක්  කිරිමත් අධිකරණයට අපහාස කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතාට එරෙහි සිද්ධියේ  විඩීයෝ පට පරික්ෂා කිරිමෙන් පසු  ඔහුට එරෙහිව නඩුවක්  පැවරීමට ඇති හැකියාව සොයා බලන බව නිතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
 
සිසිර ද අබෘෘ, නලීන්  පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම නැවත කැඳවනු  ලැබිණි.



අදහස් (21)

රන්ජන්ගේ විඩීයෝ පට පරික්ෂා කර නඩු පවරයි

Perera Monday, 22 January 2018 07:12 AM

ආණ්ඩුවට විරුද්දව කවුරු කතා කලත් මේක තමයි උත්තරේ

:       132       273

Shan Monday, 22 January 2018 07:16 AM

දුෂිත විනිසුරුලා ඉන්නවා නේන්නම්. ඕක ඕන පොඩි කෙනෙක් වුනත් දන්නවනේ.

:       64       1136

Dushan Monday, 22 January 2018 07:22 AM

යු එන් පි එකේ සත්‍ය ප්‍රකාස කරන එකම මනුස්සය. ඔබට ජය

:       334       1072

HafeelMonday, 22 January 2018 10:37 AM

දශාන් ඔබ හරි. අද එක්සත් ජාතික පක්ෂය තුළ ඇත්ත කතාකරන සහ අවංක පිරිසට තැනක් නැහැ. රණවිරුවන්ට අපහාස කරන රනිල්, රවී, විජයකලා, ජලත් ජයවර්ධන වගේ යට තමයි තැනක් තියන්නේ. ඒ නිසා තමයි දීර්ඝ කාලයක් විපක්ෂයේ. වර්තමාන නායකත්වය යටතේ බලය ලැබුණත් ලැබෙන්නේ අවිධිමත් බලයක් තමයි. එක්කෝ විධායක බලය නැතුව. එක්කෝ බහුතරය නැතුව. දැනුත් ඔවුන්ට මෛත්‍රී කල කැපය අමතක් කරමින්, ඇතුමාට කරන අපහාස ඉතා නරකයි.

:       0       0

Dr. Vajira Fernando Monday, 22 January 2018 07:25 AM

රංජන් රාමනායක යනු නළුවෙකු වශයෙන් කිසිදු රංග ප්රතිභාවක් පෙන්වීමට අසමත් වූවෙකි. නමුත් දේශපාලකයෙකු වශයෙන් ඔහු තුල ඇති අවංක කමට හා නිර්භීත කමට මම ගරු කරමි. දේශපාලන වශයෙන් හා පෞද්ගලිකව ඔහුට අවාසි සහගත විය හැකි දේ ගැන නොසිතා ක්‍රියා කිරීම හා අදහස් ප්‍රකාශ කිරීම වෙනත් කිසිදු දේශපාලනඥයෙකු තුල දක්නට නොහැකි සාධනීය ලක්ෂණයකි. යම් තරමක උගත්කමක් තිබුණානම් දේශපාලන වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි එ.ජා.ප.ය තුල සිටින එකම පුද්ගලයා වශයෙන් මම ඔහු දකිමි. බැඳුම්කර හොරුන්ගේ මුදල් බලය මොහු නිහඩ කිරීමට යොදාගනු ඇත​.

:       295       1037

දොස්තරMonday, 22 January 2018 09:12 AM

ඔබ තුමා පොහොට්ටුවේ උඩ සිටින දොස්තර කෙනෙක්ද ?

:       380       129

Dr. Vajira FernandoMonday, 22 January 2018 10:38 AM

අනේ නෑ දොස්තර මහත්තයෝ. ඒ පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැති බව දන්නවා. මම ඉන්නේ හොඳට පිපුණ පිරිසිදු රතු රෝස මලක් උඩ​.

:       0       10

Dr. Vajira FernandoMonday, 22 January 2018 11:51 AM

අනේ නෑ දොස්තර මහත්තයෝ. ඒ පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැති බව දන්නවා.

:       258       315

wedage Monday, 22 January 2018 07:52 AM

මට මතක් වෙනවා කොසොල් රජුගේ සිහින දාසය

:       0       14

senaMonday, 22 January 2018 09:25 AM

අනේ මන්දා මටනම් නළුවෙක් වසයෙන් වත් අඩුවක් පෙන්නේ නැහැ - උගත් කම ගත්තමත් අනිත් අය සමග බලනකොට අව්ලක් නැහැ.

:       13       400

SUMITH Monday, 22 January 2018 09:11 AM

රන්ජ මම ඔබට ගරු කරනවා , නිර්බීත ඔබට ජය

:       20       228

කොක්කු 2 සහ ඉබ්බා Monday, 22 January 2018 09:18 AM

කොක්කු 2 සහ ඉබ්බා ගේ කතාවේ වර්තමාන ඉබ්බා මොහුය. කොක්කු 2 නම් රනිල් සහ ජනපති වේ. බිම සිටින කොල්ලෝ නම් පොහොට්ටු හොරුන්, නීතියේ හොරු , රටේ අනෙක් හොරු වේ. කාටුන් මට අදින්නට පුලුවන්නම් ?

:       224       20

sanath Monday, 22 January 2018 09:19 AM

මෙතුමාට කරදරයක් උනොත් මුළු රටම පාරට බහි. පක්ෂ වැඩක් නැහැ. ඇත්ත කතා කරන කෙනාව රකින්න ඕනේ.

:       158       654

athua Monday, 22 January 2018 09:48 AM

රන්ජන්ගේ දේශපාලනය මා අනුමත නොකලට ඔහුගේ ක්‍රියාව පිලිබදව යම්කිසි සතුටු දායක බවක් තියෙනවා ඔය කතාව ඇත්ත මා දන්නා කරුණු ඕන තරම් තියෙනවා ඕකට වැරදී පෙන්වාදෙන කෙනෙකුට තර්ජනය කරනවට වඩා වැරදී කාරයෝ හැදුනානම් රටට කොතරම් හොදද?

:       17       246

de silva Monday, 22 January 2018 10:37 AM

ඉතින් ලංකාවේ අධිකරණ සහ භාන්ධනාගාර පද්ධතිය ඔච්චර හොඳ නම් මොකද නඩු අවරුදු 20-30 ඇදෙන්නේ ? දිනපතා උසාවි වල 500-1000 අතර ප්‍රමාණයක් නඩු කල් යන්නේ ? පෙරකදෝරුවෝ නිකන්ම ඉඳන් පෝසත් වෙන්නේ කොහොමද ? මිනීමරුවෝ මාස 3 රිමාන්ඩ් හිරේ ඉඳල එලියට ඇවිත් නැවත , කල්ලි හදාගෙන තොග වශයෙන් මිනි මරන්නට පෙළඹෙන්නේ මොකද ? ඇත්ත කියන එක වැරදිද ? දුෂිත විනිසුරන් ලංකා ඉතිහාසේ ඉඳලම නැද්ද ? දැන් ඉන්නෙත් නැද්ද ? රන්ජන් හිරේ දැම්මොත් ඔහු ජනතාව අතර වීරයෙකු වෙන එක පුදුමයක් නොව‍ෙ, පක්ෂ පට නොබලා මිනිසුන් පාරට බසිනු ඇත..........

:       0       27

SAMPATH Monday, 22 January 2018 11:19 AM

ප්‍රජතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කරනවා. එය ගරු අධිකරණය හරහා ක්‍රියාත්මක වෙනවා. කුමන තත්වයක් යටතේ හෝ අධිකරණය හෝ අධිකරණ ක්‍රියාවලිය හෝ අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් පිලිබදව විවේචනය කිරීමට කිසිවකුටත් හැකියාවක් නැහැ. ඒ වගේම අධිකරණයක කිසිදු ගරු විනිසුරුතුමකු හෝ තුමියක විවේචනයටද කිසිවකුට හැකියාවක් නැහැ. යම් නීතියක් හෝ ක්‍රියාදාමයක් වෙනස් කිරීමට යමෙකුට අවශ්‍යනම් එය ව්‍යවස්ථාදායකය මගින් කරවාගත යුතුයි. එසේ නොවන අවස්ථාවක අධිකරණ අපහාසය යටතේ දඩුවම් ලබාදීමට නීතියේ ප්‍රතිපාදන තිබේ. යම් තීන්දුවකින් සැහීමකට පත් නොවන අයෙකුට ඉහල උසාවියකට අභියාචනා කිරීමට පටිපාටියක් ඇත.

:       90       0

ravi Monday, 22 January 2018 11:21 AM

රන්ජන් අවංක දේශපාලකයෙක්, නළුවෙක් හැටියටත් අවුලක් නැහැ.

:       0       49

siri Monday, 22 January 2018 11:44 AM

මේවගේ සුළු දේවලට ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙන අතරේ මහා පරිමාණ නාස්ති, දුෂණ, වංචා වගේ දේවල් එන්න එන්නම කල්යන එකනේ අවුල. මෙහෙම කීවාම අපටත් උසාවියට එන්න කියයිද මන්දා...

:       0       58

Silva Monday, 22 January 2018 05:21 PM

රන්ජන් කියපු කාරණාව අධිකරණයම ඔප්පු කරලනේ තියෙන්නේ...

:       0       70

wasana Monday, 22 January 2018 06:03 PM

දේශපාලනයේ එකම සුපිරිසිදු මිනිසා .

:       10       42

Ajith Nissanka Monday, 22 January 2018 06:19 PM

ඇතැම් විනිසුරුවන් නොව මුළු අධිකරණ පද්ධතියම අන්ත දූශිතයි! ඒක ඔවුන් හැර මුළු රටම දන්නවා!

:       3       76

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 229 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1387 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4064 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1073 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1593 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1181 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site