IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රන්ජන් උසාවියට අපහාස කරලා

කුඩු ව්‍යාපරය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශයකින් නීතීඥවරුන්ට හා විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා තමා  අගවිනිසුරුවරයාට ලිපියක් මාර්ගයෙන් අද (27) පැමිණිල්ලක් යොමු කළ බව කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති , නීතිඥ මධුර විතානගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරිය සඳහන් කළේ අගවිනිසුරුවරයාගේ නමට අධිකරණය අපහාස සිද්ධියක් සම්බන්ධයෙන් මුද්‍රා සහිත ලිපියක් නීතිඥ මධුර විතානගේ මහතා තමාට බාරදුන් බවත් එම ලිපිය තමා අද (27) දිනයේම අගවිනිසුරුවරයාට යොමු කළ බවය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් ජූලි මස 08වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් කුඩු ව්‍යාපාරය පිළිබඳ  බරපතල චෝදනාවක් එල්ල කර ඇති බැවින් එමගින් අධිකරණයට අපහාසයක් කර ඇති බවට අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී  මාධ්‍යට අදහස් දක්වමින් කීවේය.



අදහස් (0)

රන්ජන් උසාවියට අපහාස කරලා

අශාන් Monday, 27 July 2015 01:05 PM

බය නැතුව කෙලින් ඇත්ත කතාකරන එකම පුද්ගලයා. (නදී)

:       0       0

ඉර්ෆාන්` Monday, 27 July 2015 07:51 PM

රන්ජන්ට මෙතන බැනල කොමෙන්ට් කරපු අය බනින්නේ රන්ජන් කුඩු කාරයන්ව හිරගෙට යවන්න උත්සහ කරන නිසා නේද? කුඩු වෙළදාමේ කොටස් කරුවන් වෙන්න ඇති බනින්නේ (නදී)

:       0       0

ජයන්ත Monday, 27 July 2015 01:09 PM

අවංකවම මෙයා තරම් කටක් දැකල නැහැ. (බ)

:       0       0

ජයන්ත Monday, 27 July 2015 01:11 PM

මෙයාගේ කට වාචාල කම තේරෙනවා හොඳටම. මේ මිනිහ අර මහාචාර්ය මාමටත් ඔය කටින්ම කියපු දේවල්. (බ)

:       0       0

ජයන්ත Monday, 27 July 2015 01:12 PM

වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැහැ. පව් අප්පා. (බ)

:       0       0

සිදත් ගුණසේකර Monday, 27 July 2015 01:19 PM

රන්ජන්ට හොඳම වැඩේ . පදනමක් නැති කතා කියන එක එයාගේ පුරුද්දක් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 July 2015 01:27 PM

අනුන්ට අපහාස කරන එක වීරකමක් විදියට හිතන මේ නළුවා ඉතාමත් ලඟකදී අමතක නොවන කෑමක් කාගෙන් හෝ කන වගනම් ඉතාමත් පැහැදිලියි.(නදී)

:       0       0

ආර්. කුරුපනාව ගමගේ Monday, 27 July 2015 10:21 PM

කට වැඩි නිසා ඔහොම වෙලා මදි. (නදී)

:       0       0

සිල්වා - බර්ලින් Monday, 27 July 2015 01:42 PM

කුඩු කාරයෝ රජවෙනවා , උන්ව අල්ලලා දඩුවම් කරන්න කිවම අධිකරණයට අපහස කරනවා කියනවා , හොඳම උදාහරණය වෙලේසුදා , තව නොබෝ දිනකින් ඔහු ඇප පිට නිදහස් වේවි , ඊට පස්සේ බිස්නස් එක කරගෙන යහතින් ජිවත්වේවි , වරද රන්ජන්ගේද ? අපේද ? පොලිසියේද ? අධිකරණ පද්ධතියේද ? එකත් එකටම රන්ජන්ට නඩු දන්නා හදන මේ දේශපලකයත් කුඩු ජාවාරමට සම්බන්ධද? (බ)

:       0       0

චන්න බුවනක Monday, 27 July 2015 01:46 PM

කුඩු කාරයනට දඬුවම් නැත. අධිකරණයට කළ අපහාසයට දඬුවම් ඇත.(බ)

:       0       0

ප්‍රසන්න Monday, 27 July 2015 01:46 PM

අට පාස් අයට නොදැනුවත්ව කියන කතාවලට සමාව දෙන්න ඕන.(බ)

:       0       0

සත්‍යයා Monday, 27 July 2015 11:43 PM

රන්ජන් තරමක් අධි උත්තේජනයකින් තමයි කතා කරන්නේ හා වැඩ කරන්නේ. සමහරවිට තම ලඟම ඥාති ශ්‍රේෂ්ට මානව හිතවාදී අයෙකුවූ දිවංගත විජය කුමාරතුංග මහතා ගේ ආභාෂය ලැබී තිබෙනවා වෙන්න පුළුවන් අසාධාරණයට විරුද්ධව නැගී සිටින්න. මෙතනදී බලන්න ඕනේ ඔහු ඒ දෙය කීවේ කුමන අභිලාෂයන්ද කියා. ජාතිද්‍රෝහී අපරාධ කරුවන් නීතිය හමුවට පැමිණවීම ප්‍රමාද වීම ගැන කරන විවේචනය අධිකරණයට කළ අපහාසයක් ලෙස සලකා මෙය පරාජිත නායකයාව සනසන්න කරන දුබල උත්සයක් වෙන්නත් පුළුවන්. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 12:37 AM

රන්ජන් කියන්න තියෙන දේ කෙලින් කාට උනත් කියන නිසා තමයි මහින්ද, ජොන්ස්ටන්, රෝහිත (රත්තරන්), මහින්දානන්ද මෙයත් එක්ක ඔච්චර තරහ. කුඩු සම්බන්ද පාර්ලිමේන්තු විභාගයේදී අනිත් අයවගේ වටේ යන්නේ නැතිව කෙලින්ම කියල දැම්මනේ. ඇත්ත කෙලින් කියනකොට ඒවාට කෙලින්ම සම්බන්ද කට්ටියට රිදෙනවා හොඳටම. සද්දේ නැතිව ගඳට පඩ ඇරියම හැමෝම දන්නවා පඩයක් අැරියේ කියලා. අැරපු කෙනා හොයන්න ඉතින් ලෙහෙසි නැහැ (නදී)

:       0       0

රකිත Tuesday, 28 July 2015 12:39 AM

අද කුඩු මුදලාලිලා වල්මත් වෙලා. විශ්ෂයෙන් කුඩු මුදලාලිට කැපිල්ලක් ඇවිත් තියන නිසා මේ අය බලන්නේ මේවට විරුද්දව නැගිටින අයව නිහඩ කරන්න (නදී)

:       0       0

විදුත් Tuesday, 28 July 2015 01:35 AM

ඔක්කොටම වඩා මම මෙයාගේ ඇදුමට කැමති නැහැ. හැට්ට අදින්නේ නැතිව පිරිමියෙක් වගේ කමිසයක් ඇන්ද නම් නරකද ? (නදී)

:       0       0

සෙලිනා Monday, 27 July 2015 02:16 PM

හොදම අදහස චන්න බුවනක ගේ ..., ස්තුතියි ඔබට චන්න (ම)

:       0       0

රෙක්ස් Tuesday, 28 July 2015 02:15 AM

ඔය මොනවා කිවත් රටම දන්නවා නලු ටෝක් බව (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 02:26 AM

නළුවෙකුගේ දෙබසක්-නැත ගත යුත්තක් (නදී)

:       0       0

ලන්සා මිගමුව Tuesday, 28 July 2015 03:16 AM

කොහොමත් මෙතුමා මීගමුවේ සමාජ සේවයට ගෝඩක් එකතුවෙලා වැඩ කරන තුමෙක් (නදී)

:       0       0

පියතිලක Monday, 27 July 2015 02:23 PM

මෝඩකමට බෙහෙත් නෑ කියන්ෙන් ඕවට තමයි (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 July 2015 03:21 PM

අනුන්ට අපහාස කරන එක වීරකමක් විදියට හිතන දන්නෑ හිතන්නේ (ම)

:       0       0

ධම්ම Monday, 27 July 2015 12:10 PM

මේ නඩුවේ අවසානය දකින්න අප නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. (ර)

:       0       0

තිලක් Monday, 27 July 2015 03:50 PM

යු එන් පි එකට රන්ජන් / වගේ අය ගත්තේ වෙන අය නැද්ද. (බ)

:       0       0

නිහාල් Monday, 27 July 2015 12:22 PM

එයා ඉතින් නළුවෙක්නේ කවුරු හරි කියන එක කියවමින් රගපාන්න ඇති. (ර)

:       0       0

සංජය ඩුබායි Monday, 27 July 2015 03:55 PM

රන්ජන් කටකරන්නේ ජනතාව වෙනුවෙන් මෝඩ කොමෙන්ට් දාන්න කලින් හිතන්න රන්ජන්ට කොන්දක් තියනවා ඇත්ත කියන්න (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 28 July 2015 02:23 PM

මෙයා කට හින්ද නහින්න හදන කෙනෙක් (බ)

:       0       0

ෂෙහාන් Tuesday, 28 July 2015 04:25 AM

බොරු වැඩ නොකර රටට වැඩක් කරන මිනිහෙක්ට ඒ මිනිහගේ අදහස් කියන්න ඉඩ දෙන්න. ඇත්තටම බලු වැඩ කර කර රට කන උන්ට දඩුවම් දීපල්ලා (නදී)

:       0       0

ස්මිත් Tuesday, 28 July 2015 04:53 AM

උප නගරාධිපති කාවද ආරක්ෂා කරන්නේ (නදී)

:       0       0

විජේසුන්දර Monday, 27 July 2015 05:45 PM

මේකත් රගපෑමක් කියලා කියයිද දන්නෑ (ම)

:       0       0

චන්දන Tuesday, 28 July 2015 04:55 AM

අවැදගත් මිනිසකුගේ අවැදගත් දෙබසක් (නදී)

:       0       0

උපාලි Monday, 27 July 2015 12:51 PM

වරදක් කළා නම් සෙයා බලා දඩුවම් දිම කළ යුතුයි (ම)

:       0       0

උපාලි Monday, 27 July 2015 12:54 PM

රන්ජන්ට මතක හිටින දඩුවමක් දිය යුතුයි (බ)

:       0       0

තරිදු Tuesday, 28 July 2015 05:30 AM

මොහු වරදක් කර තිබේනම් දඩුවම් දෙන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 583 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1590 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 744 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 771 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 766 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20059 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16537 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site