IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’යි අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට කියයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

 රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්  12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය.
 
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
 
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.
 
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
 
2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්න⁣ට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරැ මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.
 
එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.
 



අදහස් (17)

රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’යි අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට කියයි

rocky Friday, 05 February 2021 08:28 AM

දන්නේ නැති හින්දයි අහන්නේ? පාර්ලිමේන්තුවට නියෝග දෙන්න පුළුවන්ද?

:       9       64

Hafeel Friday, 05 February 2021 10:19 AM

ඇයි මතක නැද්ද? අර මරණ දඬුවම් නියමු සිරකරුවෙක්ව පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ?

:       40       94

Prasad Friday, 05 February 2021 09:37 AM

මෙයින් පේන්නේ නීතිපති හා කතානායකගේ පක්ෂග්‍රාහී බවයි.

:       69       83

Era Friday, 05 February 2021 10:15 AM

ස්වාධීනත්වය පිළිබිඹු කිරීමට අවස්ථාවක් ලැබී ඇත.

:       26       65

BamunuarachchiFriday, 05 February 2021 12:13 PM

ස්වාධීන නම් පවතින නීතියේ හැටියට කටයුතු කරන්න. අවුරුදු 4 අනුමත කර මන්ත්‍රීකම අහෝසි කරන්න. පාර්ලිමේන්තුව මේ පිටපට ගහන්නේ අනාගතයේ වැරදිකර සිරගතවෙන මන්ත්‍රීන්ගේ මන්ත්‍රිකම බේරාගන්නයි..

:       77       32

වෙදආරච්ච්Friday, 05 February 2021 09:51 PM

පවතින නීතියට වඩා කැකිල්ලේ රජාගේ නීතියනේ රටේ ඉෂ්ඨ සිද්ද වෙන්නේ. හිර ගෙදරට යන්න ඕන හොර දුශිතයින් රජ ගෙදරට යැව්වෙත් ඒකනේ...

:       23       24

Bamnuarachchi Friday, 05 February 2021 12:09 PM

පුළුවන් නම් අවරුදු 4, 40ක් කරන්න.

:       87       32

චිත්‍රානන්දFriday, 05 February 2021 11:44 PM

ඔව්... එතකොට සදාකාලිකවම රට කකා ඉන්න පුලුවන්...

:       1       28

BamunuarachchiSunday, 07 February 2021 03:32 AM

මෙයාගේ කතාව හරියට අල්පොන්සෝ තමයි රටේ ඉෂ්ට දේවතාව කියලා. නිකන් යන්න හලෝ රටේ වැදගත් මිනිස්සු දන්නවා අල්පොන්සෝ කවුද කියලා. 40ත් මදි... යවන්න ඕනේ ජීවිතාන්තය දක්වා.

:       1       0

ජගත් Friday, 05 February 2021 12:13 PM

රංජන් ආණ්ඩු පක්ෂයට හරිම හිසරදයක් කරන වැරදි බය නැතුව එළි කරන නිසා. ඒ හින්දා කලින් දුන්නු තීරණය වෙනස් කරයි කියලා හිතන්න අමාරුයි.

:       75       71

BamunuarachchiSaturday, 06 February 2021 03:04 AM

ආණ්ඩු පක්ෂයට හිසරදයක් වෙන්න අල්පොන්සෝ කවද? කටමැත දොඩවන්නෙක් මිස. එහෙම නොවෙයි අල්පොන්සෝ වැන්නවුන් පාර්ලිමේන්තුවේ සිටීම ශිෂ්ඨ සමාජයට අවනම්බුවක්... අල්පොන්සෝගේ හඬපට අහපු කෙනෙක් අල්පොන්සෝව අනුමත කරනවද? අනුමත කරනවා නම් ඒ අල්පොන්සෝගේ ලෙවල් එකේ කෙනෙක් මිස වැදගත් අදහස් දරන කෙනෙක් නොවෙයි.

:       26       82

බමුණු සින්හSaturday, 06 February 2021 11:35 AM

පාර්ලිමේන්තුවේ වැඩිපුරම ඉන්නේ මහා පරිමාණ, වංචා, දූෂණ, සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, කුඩු බිස්නස්, මැරයින්,..බලලෝභී බඩගෝස්තරවාදීන්.. හිතාගෙන ඉන්නේ හරිම සාන්තුවරයින් කියලා.. සදහටම හිරේ ඉන්න ඕනෑ අය...

:       0       15

ලුම්බිණි Friday, 05 February 2021 11:21 PM

මරණ දඬුවමට නියම වුවන් ඉන්න පාර්ලිමේන්තුවක රන්ජන් වගේ කෙනෙකුට ඉඩ නැතිවීම පුදුමයක් නොවේ.

:       16       19

BamunuarachchiSunday, 07 February 2021 03:34 AM

අල්පොන්සොට ඉඩ ලැබිය යුතු තැන ඉඩ ලැබුණා. අපිට නම් ඒ ගැන බොහොම සතුටුයි.

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 February 2021 03:04 AM

ඉන්දියාවේ නීතිය හා අධිකරණයට ඇඟිලි ගහන්න එහි දේශපාලකයාට ඉඩක් නැහැ. ඇමරිකාවේත් එහෙමයි. ඒ නිසා තමයි වෝට්ර්ගේට් සිද්ධියේදී ජනපතිවරයෙකුව ගෙදර යැවීමට පුවත්පත් කලාවේදීන් දෙදෙනෙකුට පුළුවන් වුනේ. අන්න එහෙමයි රටක නීතිය තියෙන්න ඕනෑ. අපේ රටේ දේශපාලකයා රටේ නීතියට මොනම හෝ බලපෑමක් කරන්නේ නැහැ. ඒක තමයි අගවිනිසුරු කෙනෙකු ගැන පහ පාස් දේශපාලකයින් නඩු ඇසුවේ. ඒ විනිසුරු තුමිය ඉවත්කලේ. බොරුවට පාට පක්ෂ වලට බෙදුණත්, මේ රටේ දේශපාලකයා මොන රජය ආවත් තම තමන්ව රැකගන්නවා. අනුවණ මිනිසුන් පිල්බෙදී සටනේ. මේ රටේ නීති පද්ධතිය මෙන්ම, දේශපාලන ක්‍රමවේදයත් වෙනස්විය යුතුමයි. නොඑසේනම්, රට කිසිදා ගොඩඒම නම් බොරු. තිත්ත ඇත්ත එයයි.

:       0       22

කැලිස්ටා Saturday, 06 February 2021 08:02 AM

මිනීමරුවන්ට ඔය කියන උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිත් දිවුරුම් දෙන්න පුලුවන්නම් අසාධාරණයට, අයුක්තියට හා ඇත්ත ඇතිසැටියෙන් කථාකළ රන්ජන් රාමනායකට ඇයි පාර්ලිමේන්තුව තහනම් කරන්නේ? ඕවා ඇත්ත ලෝකෙම කථා කරපු දේවල් රන්ජන්ව හිරේ යැව්වේ දේශපාලන පලිගැනීමටයි.

:       38       18

කැලිස්ටා Saturday, 06 February 2021 08:39 AM

මිනීමරුවන් පාර්ලිමේන්තුවේ දිව්රුම් දිය හැකිනම් ඇත්ත ඇතිසැටියෙන් කථා කල රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ගමනට තිත තබන්නේ කොහේ ඇති නීතියක්ද උසාවිය හා අග්‍රවිනිශ්චයකාරවරු දූෂිතබව ලෝකයම දන්නා කරුණකි. ඒ ගැන විවේචනය කළවුන් කොයිතරම්ද? රන්ජන් රාමනායක හිරේට යැව්වේ දේශපාලන පළිගැනීමකට බව දන්නෝ දනිති.

:       26       18

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 610 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1430 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1078 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1793 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1551 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1768 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site