IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රන්මැණිකා වසර 39 කට පසු බෝගම්බර

අනුරාධපුර සාලියපුර ඉපැදී නම ගිය අපරාධකරුවකු වී සිරෙන් ද කිහිපවරක් පැන ගිය  ඩී ජේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ 1975 අගෝස්තු 05 වැනිදා මහනුවර බෝගම්බර සිර ගෙදරදී එල්ලා මැරූ ස්ථානය බැලීමට ඔහු බිරිය  රන් මැණිකා (70) ඇගේ ඥාතීන් සමඟ එහි ගියාය.

ඔහු රදවා සිටි සිර මැදිරියට දුටු ඇය හඬා වැටෙමින් පැවසුයේ ‘සිරිපාල මා දලා ගියා’ යනුවෙනි.

එල්ලුම් ගහ අසලට ගිය ඇය එතැනදීත් හඬා වැටුණාය.

මැරූ දවසට පෙර ඔහු  නිදි බෙහෙත් පෙති අධික ප්‍රමාණයක් ශරීරගත වීම නිසා ඔහු පෝකයට රැගෙන ගියේ සිහිසුන්වය.

දෙපයින් පෝරකයට යන සිරකරුගේ බෙල්ලට තොණ්ඩුව දමා ලණුව පහළ ඇදීමෙන් මොහොතකින් මරණය සිදුවෙතත් ඔහු ගිලන් මැස්සකින් රැගෙන ගොස් ගෙළට තොණ්ඩුව දැමීම නිසා ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වීමට සෑහෙන වේලාවක් ගත වු බව බන්ධනාගාර වාර්තා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයට ජනාධිපති කොමිසමක් ද පත් කැරිණි.


 



අදහස් (0)

රන්මැණිකා වසර 39 කට පසු බෝගම්බර

බන්දු Saturday, 22 March 2014 02:05 AM

ලෙඩා මැරුණට ලෙඩේ මැරෙන්නෙ නෑ - බෝගම්බර සිර ගෙදර සිර මැදිරියක බිත්තියක සිර කරුවෙකු ලියූ අදහසකි.(නදී)

:       0       0

රවින්දුන් Saturday, 22 March 2014 02:12 AM

අම්මේ ඔබ උතුම් ශ්‍රී ලංකා කාන්තාවක්.(නදී)

:       0       0

ලලිත් Saturday, 22 March 2014 05:26 AM

ඒ කාලේ මේවගේ අපරාධකරුවන්ට ලැබුනේ එල්ලුම්ගහ. නමුත් දැන් කාලේ සමාව සහ ඇමති තනතුරක්. අනේ මරුසිරා මේ කාලේ ඉපදෙන්න පින්කරලා තිබුනේ නැහැනේ.(නදී)

:       0       0

අනුර Saturday, 22 March 2014 06:54 AM

රන් මැනිකේ මගේ රූබර බිරිද රන්වන් මගේ දරු පැටියා. ඇසිපිය වෙන්න කලින් මට බලන්න බැරිවෙයිදෝ.(නදී)

:       0       0

සිසිර Saturday, 22 March 2014 07:12 AM

පක්ෂ අදහස් විතරයිද වැටෙන්නේ? (නදී)

:       0       0

බමුණු Saturday, 22 March 2014 07:44 AM

අද එල්ලුම් ගස් යන්න සුදුසුකම් තිබෙන අය සුරසැප විඳිනවා. (නදී)

:       0       0

බමුණු Saturday, 22 March 2014 07:47 AM

"ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයට ජනාධිපති කොමිසමක් ද පත් කැරිණි." අපි නොදන්නා සිරි ලංකාව.(නදී)

:       0       0

හංසිකා Saturday, 22 March 2014 07:19 PM

ඇත්ත කාන්තාවන් ලෙස අපි අපේ වගකීම හරියට ඉටු නොකිරීමේ ප්‍රතිවිපාකය සැමියන්ට මෙවැනි විපතකින් ජීවිත අහිමි විය හැක. සමහර ගැහැණු උදවිය නැතිබැරි කම කියාගෙන විදේශයන් වලට පැමිණියත් කාලයක් යනවිට තම සැමියාව වහ කදුරු වගේ පෙනිමට ගන්නවා. ඉන් පසු වෙනත් පුරුසයන් සොයා ගොස් තම සැමියාගේ නැති වැරදි කියමින් තමන් සාදාරන බව ලොවට ඔප්පු කිරීමට සැරසෙනවා එවැනි පසුබිමක සදාචාරය ගැන කුමන කතාද ? (නදී)

:       0       0

අජිත් ගුණවික්‍රම Saturday, 22 March 2014 08:48 AM

සැබෑ ආදරයකට නිමාවක් නොමැත. මිය ගියද ඔවුනොවුන් හදවත්හි සදාතනිකව ජීවත්වෙති.(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 22 March 2014 09:25 AM

මෙලොව උපදින මිනිසා හොද හෝ නරක දෑතින් රැගෙන එන්නේ නැහැ. ඔහුව එතනට ගෙනියන්නේ පවතින සමාජය. අනෙක පොලීසිය අපරාද කරුවෙක් ඉතා දරුණු වන තුරු ඔහුව ආරක්ෂා කරනවා . ඔහුව නැතිකරන්නේ තව එකෙක් එම අඩුව පිරවීමට පෙළ ගනුනාට පසුවයි. නැතිනම් පොලීසියට පැවැත්මක් නැහැ. ගුණගරුක සමාජයකට පොලීසියක් අනවශ්‍යයි.(නදී)

:       0       0

රකිත් Monday, 24 March 2014 07:37 AM

වත්මන් සිරාලා හා සසඳන කල්හි මරු සිරාගේ අගය කියා නිම කල නොහැකිය.(නදී)

:       0       0

මධුසංක Saturday, 22 March 2014 09:39 AM

යා යුත්තොම හිදති. නොයා යුත්තොම යති. විශ්ව මාතාවනි ,මේ ඔබේ කිනම් දහමක්ද ? (නදී)

:       0       0

චින්තක Saturday, 22 March 2014 09:14 PM

රන්මැනිකා මගේ මට සිටි එකම පන ................... හෙට උදයේ අටට නිමවෙයි මෙමගෙ පන ........... කළකම් පළදුන්නෙ මාහට මේ ලෙසින ................ දරුවන් සමග ඔබ යහතින් සිටිනු මැන ...............(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 22 March 2014 09:42 AM

නිර්මල සහ පිවිතුරු ආදරයේ හොඳම සංකේතයක් තමා සිරිපාල සහ රන් මැණිකාගේ ආදර කතාව. ඇයගේ අවසන් හුස්ම යනතෙක් ඇයගේ ආදර සිරිපාල ඇයගේ මතකයේ සදාකල් ජීවත්වේවි. බොහොම සංවේදී දසුනක් මා දුටුවේ. මටත් කඳුළු අවා නොදැනීම. උපදින උපදින ආත්මයක් පාසා සමහරක් විට මේ දෙන්නා පෙම්වතුන් වෙලා ඉපදෙවිද කියලත් මට හිතෙනවා. අනේ එහෙම උනානම් කොච්චර හොඳද?(නදී)

:       0       0

අයේෂා Saturday, 22 March 2014 09:42 AM

මොනව කරන්නද කරුමෙ තමයි.(නධී)

:       0       0

රම්සි Thursday, 27 March 2014 12:58 AM

රන් මැණිකා ගැන දුක තමයි. එහෙත් මරුසිරා අතින් මැරුණු මිනිසුන්ගේ බිරින්දැලා ගැන කවුරුවත් කතා කරන්නේවත් දුක් වෙන්නේවත් නැහැ. (නි)

:       0       0

ප්‍රදීප් මංජුල Saturday, 22 March 2014 10:56 PM

දසක හතරකට අසන්න කාලයකට පෙර එල්ලා මරා දැමුවට , දරුණු අපරාධ කරුවෙකුගේ බිරිදක් ලෙස අපමණ නින්දා අපහාස කරදර හිරිහැර වින්දද තවමත් තම සැමියාට ආදරය කරන මේ සැබෑ සිංහල ගැමි කාන්තාව කියාපාන්නේ හැබෑ ආදරය ගැන නොවේද? ආදරය කියමින් ලිංගික පහස පමණක් ලබන්නට හදන නව පරපුරට පළමු ඡායාරුපය කියාදෙන ආදර කතාව වචන දස දහස් ගණනකින්වත් ලිවිය නොහැකි කතාවකි (අ)

:       0       0

අශෝක් Saturday, 22 March 2014 12:18 PM

කව්ද මේකට එල්ලුම් ගහ කියල නම දැම්මේ, මේක එල්ලුම් බාල්කයක්නේ. (අ)

:       0       0

චන්දන Friday, 21 March 2014 04:31 PM

මරු සිරා මැරෙනකොට රන්මැනිකට අවුරුදු 31 යි. තවමත් ආදරය කරන්නේ හොද ස්වාමි පුරුෂයෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

රෝහණ Sunday, 23 March 2014 01:05 AM

නැවත මරණ දණ්ඩනය ගේන්න ඕනේ (දී)

:       0       0

රිජිත් සිල්වා Friday, 21 March 2014 04:34 PM

කල කම් පල දීමක් ධාර්මිකව ජීවත් උනොත් කාටත් හොඳයි.(නදී)

:       0       0

සිරියලතා කෙන්යා Friday, 21 March 2014 04:41 PM

ඔබට දීර්ඝායු පතමි (දිල්)

:       0       0

ගඩාෆි Saturday, 22 March 2014 01:09 PM

සිරිපාල අන්තිමේට ලියපු කවිය මට මතක් උනා , රන්මැණිකේ මට මගේ සිටි එකම පන හෙට උදේ අටට නිමවෙයි මෙමාගේ පන අහිතක් නොම සිතා මා යන ගමන ගැන දරුවොත් සමග ඔබ යහතින් සිටිනු මැන නමුත් මට අද වගේ මතකයි යමක් බොන්ඩ අරන් ආවා ඒත් රන් මැණිකට අපිව නම් මතක ඇති කියල හිතන්ඩ අමාරුයි .(අ)

:       0       0

ෂෙරිෆ් Saturday, 22 March 2014 01:18 PM

අනුර මෙන්න මෙහෙම ලියන්න, රන්මැණිකේ ආදර... මගේ බිරිඳ පෙම්බර.... රන්වන් මගේ දරු සුරතල් පැටියා සුන්දර... ඇස් වැහෙන්ට පෙර හුස්ම යන්න ඉස්සර... ආසයි බලන්න මුහුණ රූබර...(අ)

:       0       0

සත්‍යාපාල Friday, 21 March 2014 05:19 PM

දසක හතරකට අසන්න කාලයකට පෙර එල්ලා මරා දැමුවට , දරුණු අපරාධ කරුවෙකුගේ බිරිදක් ලෙස අපමණ නින්දා අපහාස කරදර හිරිහැර වින්දද තවමත් තම සැමියාට ආදරය කරන මේ සැබෑ සිංහල ගැමි කාන්තාව කියාපාන්නේ හැබෑ ආදරය ගැන නොවේද? ආදරය කියමින් ලිංගික පහස පමණක් ලබන්නට හදන නව පරපුරට පළමු ඡායාරුපය කියාදෙන ආදර කතාව වචන දස දහස් ගණනකින්වත් ලිවිය නොහැකි කතාවකි. (නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ මෙල්බර්න් Friday, 21 March 2014 05:39 PM

එළබෙන දිනය ගැන හොදහැටි හැදින ගෙන - ඔහු මිය ගියද ඔබ සතුටින් සිටිනු මැන.(නදී)

:       0       0

අමිත් Friday, 21 March 2014 05:41 PM

දහසක් මරු සිරාලා වර්ථමානයේ සිටියත් දඬුවම් වෙනස්වී ඇත.(නධී)

:       0       0

සුසාන් Friday, 21 March 2014 05:47 PM

සමාජය විසින් ඔහුව අපරාධ කරුවකු ලෙස හංවඩු ගසන ලදී.(නදී)

:       0       0

ධම්ම Friday, 21 March 2014 05:56 PM

සිරිපාල යහමගට ගන්න ඔබට ලොකු වගකීමක් තිබුනා. තරුණකමට ඔබ එය නොසලකා හරින්න ඇති. ඔය හෙලූ කඳුල ඒ අතපසුවීම වෙනුවෙන් වෙන්න ඇති. (නදී)

:       0       0

නිරෝෂිණි Tuesday, 25 March 2014 03:15 PM

සැබැ ආදරය කිසිදා මිය නොයයි. (ස)

:       0       0

ගොඩයා Friday, 21 March 2014 06:54 PM

ලංකාවේ ඒ කාලයේ නීතියත්, දැනට සමානයි, සිහිනැති මිනිහෙක්ව එල්ලනවා කියන්නේ, (දිල්)

:       0       0

චන්ඩි Friday, 21 March 2014 06:55 PM

සත්‍යපාල.., ඔබගේ අදහස හරිම වැදගත්. අද සමාජයේ සිද්ද වෙන්නේ ඔය කියපු දේමයි.., (දිල්)

:       0       0

අමල් Friday, 21 March 2014 07:02 PM

ඔව් චන්දන, සිරිපාලගේ ආදරය මතක් වෙලා මතක්වෙලා තමයි තාම අඬන්නේ. (නදී)

:       0       0

කුමාර Friday, 21 March 2014 07:05 PM

ලංකාවේ ගැණු අන්දන්න කප් ගහපු අය, ඕව එච්චර සිරාවට ගන්න දේවල් නෙවේ. (නදී)

:       0       0

පුෂ්පකුමාර Friday, 21 March 2014 07:17 PM

අම්මේ ඔබ උතුම් සිංහල කාන්තාවක්, ඔබට පරමායුෂ ලැබේවා (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Friday, 21 March 2014 07:21 PM

සත්‍යපාල මහත්මයා, මම නම් හිතන්නේ එදා අද තරම් දියුණු මාධ්‍ය සංස්කෘතියක් නොතිබුණු නිසා ඇයට මෙතුවක් කල් ජීවත්වෙන්න වාසනාව තියෙනවා ඇති. නැත්නම් ඇයට වෙන්නෙත් බෙල්ලෙවල දාගන්න අද සමහර මිනිස්සු ගැන වෙබ් අඩවි වල දාන ඒවායේ හැටියට. මොනවා උනත් අවංක ආදරයකින් සිටිබවත් දාමරිකයෙක් උනත් සිරිපාල තමාගේ බිරිඳට හොඳින් සලකුබවට හොඳ සාදකයක් තමයි ඇය සස්වාමිකව තවමත් දිවිගෙවන එක. අනික ස්වාමියා ජිවතුන් අතර සිටියදීත් අනියම් ඇසුරු පවත්වන කාලයක අවු 31 දී සැමියා අහිමි වුන කාන්තාවක මෙහෙම හිටපු එකට ඇයට වෙනම උපහාරයක් දක්විය යුතුයි. (අ)

:       0       0

ගීතික Friday, 21 March 2014 07:33 PM

මාරු සිරා සිරාවට ආදරේ කරල තියනව එයාගෙ බිරිදට. මෙයා හදවතින් අඩන්නෙ ඒ නිසායි.(අ)

:       0       0

චරිත් Friday, 21 March 2014 09:07 PM

මොනවා උනත් අපරාද කාරයෙක් නිසානේ මැරුවේ. අද රන් මැණිකා ඇඩුවට එදා කි දෙනෙක් යසයි කියන්න ඇද්ද? (නදී)

:       0       0

සාරා Friday, 21 March 2014 09:29 PM

දරුණු අපරාද කරා කියල කිව්වට මරුසිරාලග හොද ගුනදර්ම තිබුනා අසාදරණයට එරෙහිව කැ ගැසූ කෙනක් කියලයි මම අහල තියෙන්නේ. රන්මැනිකා ගෞරවනීය කාන්තාවක් .එදා ආදරේ කොයි තරම් වටිනා එකක් වෙන්න ඇතිද? මේ ෆොටෝ දැක්කම හොදින්ම තහවුරු වෙනවා. රන්මැනිකට නිරෝගී සුවය පතනවා. මටත් හරි දුකයි උත්තරීතර ආදරයක්.(නදී)

:       0       0

බණ්ඩාර මීගහකුඹුර Friday, 28 March 2014 04:20 PM

මේ කිසි කෙනෙක් වෙච්ච්ච සිද්ධිය ගැන දන්නේ නැතිව තමා ප්‍රතිචාර දාලා තියෙන්නේ. මම අහල තියෙන විදියට මෙයා මරලා තියෙන්නේ රන්මණිකට අතවර කරන්න ආපු අයව. (අ)

:       0       0

නලින් Friday, 21 March 2014 09:59 PM

ගොඩක් මිනිස්සු දරුනු වෙලා තියෙන්නෙ සමාජයේ වැරදි වලින්, මරු සිරාටත් එහෙම වෙලා තියනව කියල තමයි මට හිතෙන්නෙ. මොකද තමන්ගෙ බිරිදට ඔහු ගොඩක් ආදරය කලා කියල මම අහල තියෙනවා. ඒක මේ සිද්දියෙන් හොදට තේරෙනවා. ලගදි ජනාදිපති සමාව ලැබිල එලියට ආපු හිත හොද ජීවිතේ කියන කෙනාගෙ කතාව මම පත්තරෙකින් කියෙව්වා. එයා සිරිපාලත් එක්ක එකට හිර ගෙදර කඩාගෙන ගිහිල්ල තිබුනා. එයා කියල තිබුන සිරිපාල හිත හොද මිනිහෙක් කියලා.(නදී)

:       0       0

පිටිගල Friday, 21 March 2014 10:17 PM

මංජුල එය අස්වාමිකව යනුවෙන් නිවැරදි විය යුතුයි. (නදී)

:       0       0

මේතුම් Friday, 21 March 2014 10:23 PM

අම්මේ අද ඉන්න ළමයින්ට අදරය කරන්න කියලා දෙන්න.(නදී)

:       0       0

රසිකා Saturday, 22 March 2014 04:31 PM

ඇත්තටම අද රටේ සිටින හොර තක්කඩි දේශපාලුවෝ කරන තරම් ජාතික අපරාධ මරුසිරා කලේ නැහැ. මරුසිරා කලේ තියෙන උන්ගේන් අරන් දුප්පත් අයට බෙදල දුන්නා. නැතුව මරුසිරා බංගලා හදලා සැප ජීවිතයක් ගත කලේ නැහැ. ප්‍රාඩෝ වලින් ගියෙත් නැහැ. නමුත් මරුසිරා ළඟ මනුස්ස ගති තිබුනා. මැති, ඇමතිවරු වගේ ස්ත්‍රී දූෂණ,ළමා අපචාර කෙරුවේ නැහැ. කුඩු ඇද්දේත් නැහැ , කුඩු වික්කෙත් නැහැ.(නදී)

:       0       0

සාලියපුර Friday, 21 March 2014 11:42 PM

මරුසිරාගෙන් පසුවත් රන්මැණිකා විවාහ උණා. ඒ කසාදෙත් ළමයි ඉන්නවා.(නදී)

:       0       0

රජින්ද Friday, 21 March 2014 11:59 PM

සංවේදී මොහොතකි. මියනන්නන් නිසා දුක් උහුලන්නේ ජීවත්ව සිටින්නන් වන අතර, මිනිස්කම මියගියවුන් නිසාද දුක් උහුලන්නේ පොළවේ පය ගසා ජීවත් වන්නන්ය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 45 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 53 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 509 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 462 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3245 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 146 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22062 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21898 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site