IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රනිල්ගෙන් රජයට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් ඇති කරන මධ්‍යස්ථානය කළු සල්ලි මධ්‍යස්ථානයක් නොවේ නම් එය සනාථ කරන සංශෝධන පනතට ගෙනැවිත් පෙන්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

මෙි සම්බන්ධයෙන් නීතියක් ගෙනැවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද උපදෙස් ගෙන සම්මත කරගත යුතු බව කී වික්‍රමසිංහ මහතා හැම රටකම මෙවැනි නීති තිබෙන බවත් එසේ නැතිව රෙගුලාසි පමණක් හදන්නේ නැති බවත් කීය.

එමෙන්ම වරාය නගරය මහ බැංකුවේ සම්පූර්ණ පාලනයට නොදෙන්නේ ඇයි?වරාය නගරය පාර්ලිමේන්තු පාලනයෙන් ඉවත් කර ඇත්තේ ඇයි? පාර්ලිමේන්තුවෙන් මෙම නීති සම්මත කරන්නට බල තල නොදෙන්නේ ඇයි? යනුවෙන් ප්‍රශ්න කළ හිටපු අග්‍රාමාත්‍යවරයා නිසි ක්‍රමවේද අනුගමනය නොකළ හොත් සිතන්නට සිදුවන්නේ මෙය කළු සල්ලි මධ්‍යස්ථානයක් හැටියට බවද කීය.එවැනි දෙයක් සිදු වුවහොත් එය ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වන බවත් හරියට කටයුතු කරනවා නම් මේ තත්ත්වයෙන් ගොඩ එන්නට හැකියාව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වරාය නගරය පිළිබඳව විශේෂ ප්‍රකාශය කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (15)

රනිල්ගෙන් රජයට අභියෝගයක්

සමන්ත Monday, 26 April 2021 03:00 AM

පාර්ලිමේන්තුවේ පාලනය තිබිලා අවුරුදු 70 තිස්සේ මේ රටට වුණ විනාශය වරාය නගරයටත් කරන්න ද හදන්නේ. අනෙක් එක කළු සල්ලි සුදු කරන ස්විස්ටර්ලන්තය, ලෙච්න්ස්ටයින්, සීෂෙල්ස්, මොනාකෝ, මැකාවෝ වගේ රටවල් බලන්න. අපේ රටෙත් කළු සල්ලි අයෝජනය කල යුතුයි.

:       38       113

Bamunuarachchi Monday, 26 April 2021 03:56 AM

මෙයාගේ අභියෝගත් අභියෝගද? මොන තරාතිරමක ඉඳලද අභියෝග කරන්නේ? විකාර කියවනවා.

:       26       80

සත්‍යපාල Monday, 26 April 2021 08:33 AM

දේශපාලකයෝ එකාට එකා හොරු. දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදියන්. දිව හැරෙන හැරෙන පැත්තට කතාකරනවා. වහලුන්ට නම් අවුලක් නැතුව ඇති...

:       1       1

BamunuarachchiTuesday, 27 April 2021 01:45 AM

ආණ්ඩුවක් තෝර ගන්න ඡන්දේ දාන කවුරුත් වහල්ලු. රටේ 3% ජේවීපී වහල්ලු, ටැලිපෝන් වහල්ලු ඉන්නවා, යුඑන්පී වහල්ලු ඉන්නවා මෙකී නොකී කව්රුත් වහල්ලු. දේශපාලකයෝ එකාට එකා හොරු. දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදියන්. ඒ අතරින් 2005-2015 දක්වා රටට වැඩක් කලේ හොරු. දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදි කියන රාජපක්ෂලා. කියන්න බලන්න. 1977 පස්සේ රාජපක්ෂලාට වඩා රටට වැඩකළ නායකයෙක්. 2015-2020 දක්වා රටට මොන බම්බුවක් වත් නොකර යහපාලකයෝ ට්‍රිලියන 7 රට නයකළ එක අමතකද?

:       2       0

Asanga Monday, 26 April 2021 04:01 AM

ඒතකොට අර මහබැංකු මංකොල්ලය ගැන ඔබතුමා මොනද කරලා තියෙන්නේ

:       14       63

NUWANMonday, 26 April 2021 08:38 AM

2010 මහබැංකු වාර්තාව ඇස්ඇරලා හොඳට කියවලා එන්න මල්ලී.. ඒකෙ ඇති බැඳුම්කර වංචාව කළේ කවුද කියලා.

:       0       2

Raveendra Monday, 26 April 2021 05:59 AM

හඳ මෝරන කොට, පෝය ළඟා වෙනකොට මොලේ ගැටළු තිබෙන උදවියගේ අදහස් තව තවත් විකල් වෙනවා යන පැරණි කියමන කොතරම් දුරට සත්‍යද යන්නට මෙයත් කදිම උදාහරණයකි. පෝය ගෙවී ගොස් දින කීපයක් යනවිට මේ අපේ සූත්තර පුංචා යථා තත්වයට පැමිණෙනු ඇත.

:       2       1

SUNIL MILANO Monday, 26 April 2021 06:38 AM

මෙයාට මරුවැලක් පෑගිලා වගේ... ඔය හදන්නේ හම්බන්තොට වරායට කරපු අපරාධය කරන්න. මේ තමයි මව්බිමේ සාපය..

:       0       1

Kamal Koyrala Monday, 26 April 2021 06:51 AM

පාර්ලිමේන්තුවට එන්න .. නැකැත් බලන්න එපා දැන්.. ඇවිත් පාස් අයවත් දැනුවත් කරන්න.

:       0       0

mahesh Monday, 26 April 2021 10:25 AM

අපි ඔයාට අභියෝග කරනවා... පුලුවන් නම් අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්නලා දෙන්න කියලා....

:       0       5

සෙනෙවිරත්න Monday, 26 April 2021 10:35 AM

කලු සල්ලි ජාවාරම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ඒවා කලු වුණත් ස්විස් බැංකුව වගේ මේවායේ දමාවිද? ජාත්‍යන්තර නීති ඉඩදෙයිද? චීනත් එක්ක තරහා අපේ පිටින් යවලා සම්බාධක දමාගන්න වැඩක් මේක...

:       2       1

BamunuarachchiMonday, 26 April 2021 12:19 PM

නිකන් පිස්සු කෙලින්න එපා හලෝ... ඒවා කළු සල්ලි වුනේ රජයට බදු නොගෙවා උපයපු නිසයි. හැමදාම කළු සල්ලි කලුවෙලා තිබෙන්නේ නැහැ. ඔය සල්ලි තිබෙන්නේ ගෙවල්වල කාමරවල නැතිනම් බංකර්වල. කැසිනෝ ගහලා හරි ඔය සල්ලි එළියට ගත්තොත් බදු සහිතව ඔය සල්ලි සංසරණය වෙන්න පටන් ගන්නවා.

:       3       0

BamunuarachchiMonday, 26 April 2021 12:22 PM

අඟුරු සුදුකරන්න බැරි වුණාට, කළු සල්ලි සුදු කරන්න පුළුවන් මනි ලෝන්ඩරියේදී...

:       4       0

සෙනෙවිරත්න Monday, 26 April 2021 10:36 AM

මෙතුමා කියන්නේ ඇත්ත...

:       4       3

Sri Lanka Monday, 26 April 2021 12:37 PM

තමන්ගේ වල ලෑස්ති කරගන්නේ නැතිව, තවත් ලැජ්ජා නැතිව එනවා රට හදන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 474 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 279 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 540 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අගමැතිනියගේ වෛද්‍ය ඒකකය විසුරුවයි
2024 නොවැම්බර් මස 06 936 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්


අඩු ආදායම් ලබන්නන්ට චීන උදව්වෙන් ගෙවල්
2024 නොවැම්බර් මස 06 498 0

අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නප්පුවෙන් සොයා ගනී
2024 නොවැම්බර් මස 06 1007 0

ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site