IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල්ගෙන් ලක්ෂ 10කට රස්සා

එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වන්නේ තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් කිරිමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණයට තම පක්ෂය ඉදිරිපත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගතය නැතිකිරීමට බව ද අගමැතිවරයා සඳහන් කළේය. ඉදිරි වසර පහේ දී රස්සා ලක්ෂ 10ක් බිහිකිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව ද අගමැතිවරයා කීවේය.

අගමැති රනි්ල වික්‍රමසිං මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ජාතික යොවුන් පෙරමුණු ක්‍රියාකාරී හමුව අමතමිනි.

IMG_6030 IMG_6148 IMG_6208 IMG_6270

 



අදහස් (0)

රනිල්ගෙන් ලක්ෂ 10කට රස්සා

විජයබාහු Monday, 22 June 2015 03:09 PM

චුයින්ගම්, බ්‍රේස්ලට්ම තමයි කියන්න තියෙන්නේ මටත්. මෙයාගේ බොරු අහලා එක සැරයක් රැවටුනා මදිවට ඔන්න තවත් අනගි අවස්ථාවක් (නි)

:       0       0

සමන්. Tuesday, 23 June 2015 05:16 AM

සිල්වා කියන්නේ ඇත්ත , රනිල් ට තමයි රට හදන්න පුලුවන්. (ස)

:       0       0

ප්‍රකාශ් Tuesday, 23 June 2015 11:28 AM

රනිල් වගේ කෙනකුට රටක් පාලනය කරන්න පුලුවන්ද? (බ)

:       0       0

ඇසළ Monday, 22 June 2015 03:36 PM

ඒ ගැන නම් හොයලා බලන්න වෙනවා.(හේ)

:       0       0

සිල්වා Monday, 22 June 2015 03:52 PM

රනිල් කියන්නේ වැඩක් කරන්න පුළුවන් නායකයෙක් රටේ කරුමෙට එතුමාගෙන් අපි තවම වැඩ අරගෙන නැත දැන් එතුමාගෙන් වැඩගන්න කාලය එලඹ ඇත.(හේ)

:       0       0

ප්‍රසාද් Monday, 22 June 2015 04:00 PM

ඒක හොදයි.(හේ)

:       0       0

රවී Tuesday, 23 June 2015 05:47 AM

ඉන්දිකට නම් එතනවත් මොලේ නැති පාටයි. (ස)

:       0       0

ඉමල්කා Tuesday, 23 June 2015 05:54 AM

මෙයා ඡන්ද හිඟා කන්නේ පරණ විදිහටමයි. නියම බයිලා. මේවා හොඳයි.......(ස)

:       0       0

සරත් Monday, 22 June 2015 05:00 PM

කලබල නොවනු! අර ජේ.ආර් කාලේ ඇට වර්ග 8 දෙනවා කිවුවා වගේ හිතන්න බලමු (නි)

:       0       0

යෝනක Monday, 22 June 2015 05:01 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

අන්තෝනි Monday, 22 June 2015 05:02 PM

තිබුණ රැකියා ටිකත් නැතිකළ එකේ දැන් කොහෙන් දෙන්නද රැකියා? (නි)

:       0       0

වින්සන්ට් Tuesday, 23 June 2015 06:06 AM

මෙතෙක් බලයේ සිටි කවුරුත් බොරු විකිණීමේ අතී දක්ෂයන්ය. බලය ලබා ගැනීමට වැඩියෙන් බොරුකියන්නෝ ජයග්‍රාහකයෝය. නිතරම හොඳ ප්‍රජාත්‍රන්තවාදියෙක් වශයෙන් පමණක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිගත හැකිය. (ස)

:       0       0

ලකී Monday, 22 June 2015 05:33 PM

සිල්වා වාගේ මොලේ තියෙන අය ටිකක් වැඩිපුර හිටියොත් අපේ රට ගොඩ ගන්න පුළුවන් .රනිල් වගේ වැඩ කරන්න පුළුවන් නායකයෝ තමයි අපේ රටට ඕන (නදී)

:       0       0

අසංග Tuesday, 23 June 2015 06:07 AM

අනේ මගේ කට. (ස)

:       0       0

සංක Tuesday, 23 June 2015 06:18 AM

අපේ මිනිස්සු හිතන්නේ පපුවට ගහගෙන වේදිකාවක් දෙවනත් වෙන්න කෑ ගහන අයට ගොඩක් මොලේ තියෙනවා කියල. පොඩ්ඩක් බලන්න උගත් අය කොහොමද කියල. මේ මනුස්සයා හදපු රැකියා මොනවද කියල දන්නවද? (ස)

:       0       0

රූපවතී Monday, 22 June 2015 06:19 PM

ඔන්න තවත් මේවර ඉබ්බෙක් කොක්කු රැලකගෙන් ඉගිල්ලිලා අරගෙන යන්න චාටුබස් දොඩවනවෝ (නදී)

:       0       0

සුදේශ් Tuesday, 23 June 2015 06:53 AM

අරමුණු විතරයි. වැඩ නෑ.චන්ද්‍රිකා කාලයෙත් අවුරුදු දෙකක් හිටියා. රස්සා දුන්න හැටි අපිට මතකයි.(ම)

:       0       0

බණ්ඩාර - කටාර් Tuesday, 23 June 2015 07:39 AM

සල්ලි අච්චුගහනවා වගේ රැකියාවල් අච්චු ගහලා කොලේකින් නම් දෙන්න පුළුවන් වෙයි ඡන්ද කොලේ වාගේ තවත් පට්ටපල් බොරුවක් රටේ පවට බොරුකාරයෝ පාලකයෝ වෙලා. රට අරාජික වෙලා (බ)

:       0       0

ඉන්දික Tuesday, 23 June 2015 07:40 AM

මේවා ඡන්දෙ ගන්න දෙන පොරොන්දු හැටියට තමා අපි දකින්නේ. මොකද එයාට මීට කලිනුත් අවස්ථාව ලැබුනා. ඒත් අපි දැක්කා කිසිම වැදගත් දෙයක් වුණේ නැහැ. අපි එයාගේ දැකපු එකම දේ තමා ඉබේම ප්‍රශ්න විස‍ඳෙනතුරු කල්මරමින් බලා ඉන්න එක. ඒත් ඒක දැන් කාලේ රටක් සංවර්ධනය කරන්න ගැළපෙන ක්‍රමයක් නෙමෙයි. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 22 June 2015 09:28 PM

එ.ජා.ප නායක අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රථම වසර 5 තුළ රැකියා දස ලක්ෂයක් ශ්‍රී ලාංකික අපේ ජනතාවට නිර්මාණය කිරීම ප්‍රථම අදියරයි. දෙවන අදියර නම් සැමටම රැකියා. එදා දිවංගත අතිගරු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පය ප්‍රථම නිවාස ලක්ෂයක්, දෙවනුව නිවාස දස ලක්ෂයක්, තෙවනුව නිවාස පහළොස් ලක්ෂයක්. සිවුවැන්න සැමටම නිවසක්. එ.ජා.ප නායකයන් කිවුව දේ කරන පක්ෂයක් බව මෙය සිහිකිරීමකි. (නි)

:       0       0

ලලිත් Monday, 22 June 2015 09:47 PM

කොහොම වුණත් පසුගිය මාස හයේම මෙව්වා කිසිදෙයක් නොකළේ මොකද කියලා හිතලා ජනතාව ඔය කතාව විශ්වාස කරයිද? (නි)

:       0       0

තුෂාර Wednesday, 24 June 2015 04:37 AM

අපී මිනිස්සු දන්නේ වැරදි හොය හොයා ඒවා පස්සේ දිවන්න මිසක් වුණ අඩුපාඩු හදාගන්න අවස්ථාවක් දෙන්න නෙමෙයි. වැරදි නැති මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ. මැජික් කරනවා වගේ ඔක්කොම කරන්න පුලුවන්ද එකපාරටම? පළමුව රටක් ස්ථාවර කරලා තමයි ඔය ඔක්කොම කරන්න වෙන්නේ. අපේ මිනිසුන්ට ඕනෑ මැජික්කාරයෝ මිසක් වැඩක් කරන මිනිස්සු නෙමෙයි (නි)

:       0       0

රූපසිංහ Monday, 22 June 2015 09:53 PM

මෙයා එක කාලයක් අගමැති වෙලා හිටියා නේද? ඇයි ඒ කාලයේ නොකළේ? අඩුම ගණනේ උපාධිධාරින්ගේ රැකීරක්ෂා ප්‍රශ්නයවත් විසඳුවාද? එයා හිතනවාද අපි නිකන් මෝඩයෝ කියලා අතීතය අමතක?රටේ ජනතාව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්ද දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නොවේ. ඔහු වටා සිටි ඔහුව විනාශ කළ අය පරදා, නිවැරදි මාවතකට රට ගන්න ඕනෑ නිසා. (නි)

:       0       0

ලංකා Tuesday, 23 June 2015 07:51 AM

දින 100 ට කියක් දුන්නද ? දින 100 ඇතුලත් පසු ගිය ආණ්ඩුව පටන්ගත්ත ව්‍යපෘති ඔක්කොම නවත්තල දහස් ගණන් සේවකයෝ පාරට දාල. අයුරුදු 5 කීන් ලක්ෂ 10 යක් රැකියා දෙනවලු .එදා අක්කර 100 ගණනක් තියනවා කියපු තොප්පිගල වෙන්න ඇති (බ)

:       0       0

බමුණු Monday, 22 June 2015 11:26 PM

එතකොට අර දෙනවයි කියපු රත්තරන් චේන් බ්‍රේස්ලේට් වළලු ඒවත් දෙනවද ? (නදී)

:       0       0

මංජු ශ්‍රී අර්ජුන කලංසුරිය Monday, 22 June 2015 11:48 PM

චුයින්ගම්, බ්‍රේස්ලට් සිහින. දින 100 පොරොන්දු කෝ ? (නදී)

:       0       0

නිමාෂ Tuesday, 23 June 2015 01:06 AM

එ.ජා.ප වර්තමාන නායකත්වයට හේතුවුණ නායකයන් සමුහයම ඝාතනයවීමෙන් වූ හිඩැස පිරවෙන මානයක්වත් නැහැ. අතීතයේ පැවතුනේ නම් කියනදේත් නොකිව්වදේත් කළ නායකයන්. අද නායකයන් කිවුව දේවත් කරගන්න බැරිව බොරු ඇදබානවා. මේවාට රැවටෙන අය දැන් නැහැ. රෑ වැටුන වළේ දවල් වැටෙන්නේ මොන මෝඩයාද? (නි)

:       0       0

ඉන්දික Tuesday, 23 June 2015 02:50 AM

මට පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටිය මතක්වුණා එකපාරටම.කාලයක් අර බ්‍රේස්ලට්, චුයින්ගම් දුන්නා වගේ. (නි)

:       0       0

ඉන්දික Tuesday, 23 June 2015 02:53 AM

සිල්වාටයි ලකීටයි මාර මොළයක්නේ තියෙන්නේ. හැබැයි තියෙන තැන තමා වැරදි. (නි)

:       0       0

නිර්මාල් Tuesday, 23 June 2015 09:16 AM

රනිල් කියන්නේ උගතෙක්, බුද්ධිමතෙක්, අත්දැකීම් බහුල නායකයෙක්. (ර)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 02:21 PM

චුයින්ගම්, බ්‍රේස්ලට් සිහිඋනා මට... (ර)

:       0       0

සිල්වියා Monday, 22 June 2015 02:38 PM

ඔය වගේ කතා හොඳයි ඉක්මනට අතීතය අමතකවන අයට (නි)

:       0       0

ඉෂාර Monday, 22 June 2015 02:42 PM

චේතනාව හොඳ නම් ප්‍රතිඵලය යහපත් වේ (නි)

:       0       0

ලංකා Tuesday, 23 June 2015 04:34 AM

මේගොල්ලෝ 2002 දි බලයට ඇවිත් ඇබෑර්තු තිබෙත්දිත් කිසිම රජයේ හෝ විශ්ව විද්‍යාලයක රැකියාවක් දුන්නේ නැහැ. මේපාරත් දින 100 ඇතුලත් පසු ගිය ආණ්ඩුව පටන්ගත්ත ව්‍යපෘති ඔක්කොම නවත්තල දහස් ගණන් සේවකයෝ පාරට දැම්මේ සිංහල අවුරුද්දට සති දෙකක් තිපියදී. රැකියා ඇති කරන එක කෙසේ වෙතත් නැති කරල නම් දායි! (නදී)

:       0       0

සංක Tuesday, 23 June 2015 04:56 AM

බොහෝ දෙනෙක් දන්නවද යුත් 1 ක් එහෙම ආරම්බ කරේ කව්ද කියලා එහෙම?එතකොට ගුරු පාසල් එහෙම ආරම්භ කරේ කව්ද කියලා... පොඩ්ඩක් ඒවා කරේ කව්ද කියලා බලන්න.. එතකොට තේරේවි ගොඩක් දේවල්..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3201 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2326 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3173 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site