IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


රනිල්ගේ චෝදනාවට යුද හමුදාපති පිළිතුරු දෙයි

(චමිල් රූපසිංහ සහ ෂේන් සෙනවිරත්න)

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම එන්නත් මාත්‍රාව නාරාහේන්පිට යුද හමුදා මූලික රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගෙන කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව බරපතල විවේචනයක් සිදුකරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහර වෙනුවෙන් කොප්පරා පූජාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.  

යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ හා සම්බන්ධව දිවයින පුරා සිදුකරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව මෙරට ජනතාව දැඩි ප්‍රසාදයකින් කතා කරන අවස්ථාවක එක් පුද්ගලයකු පමණක් එය විවේචනයට ලක් කිරීම පිළිගත නොහැකි බවත් එල්ල කරනු ලබන චෝදනාවලට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලෙස පිළිතුරු දීම තම යුුතුකම හා වගකීම බවද හමුදාපතිවරයා සදහන් කළේය.

කාර්‍ය සාධක බලකායේ ප්‍රධානියා  ජනාධිපතිවරයා බවත් සෞඛ්‍ය ඇමතිවරියන් දෙදෙනා හා අමාත්‍යවරයා ද එහි සිටින අතර ඇමතිවරුන්ද  ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිවිද හමුදාපතිවරුන්  පොලිස්පතිවරයා හා විශේශඥ වෛද්‍යවරුන්ද එම බලකායට ඇතුළත් බවත් එම කාර්‍ය සාධක බලකායෙන් ගන්නා තිරණ ජනාධිපති  හෝ අපි ගන්නා තිරණ නොවන බවත් සදහන් කළේය.



අදහස් (53)

රනිල්ගේ චෝදනාවට යුද හමුදාපති පිළිතුරු දෙයි

kamal Monday, 09 August 2021 02:51 PM

අපට අවශ්‍ය නම් ආයුධ පෙන්නන්න එක්ක යන්න පුළුවන්

:       37       1571

SalindaMonday, 09 August 2021 08:21 PM

මල්ලෙ පොල් වගේ කතාවක් යුදහමුදාපති තුමා කියන්නෙ. රනිල් විවේචනය කලේ යුද හමුදාවේ එන්නත්කරන වඩපිලිවෙල නොවේ. ඔහු කිවේ කොවිඩ් මර්දන කාර්යසාදක බලකාය අසාර්තක බවයි. ඒක ඔන කෙනෙකුට තේරෙන ඇත්තක්. ඔය බලකාය තීන්දු තීරන ගනෙ ජනතාවගේ ආරක්ශාව ගැන හිතල නොවේ. හමුදාපති තුමා හදන්නෙ වෙන කතාවක් කියල මිනිස්සුන්ගෙ අනුකම්පාව ගන්නද?

:       2       26

VithanaTuesday, 10 August 2021 08:43 AM

ජිනීවා නිසා ඒක කරගන්න බැරුව ඉන්නේ මේ ආණ්ඩුව...

:       0       30

madushanka Monday, 09 August 2021 02:54 PM

වැඩ කරන්න කට්ටිය නැතිවුණාට මොකද? අඩුපාඩු හොයන්න නම් ඇතිවෙන්න ඉන්නවා..!!!

:       19247       4698

HarshaMonday, 09 August 2021 10:00 PM

රනිල් විවේචනය කලේ යුද හමුදාවේ එන්නත්කරන වැඩපිලිවෙල නොවේ. ඔහු කිවේ කොවිඩ් මර්දන කාර්යසාදක බලකාය අසාර්ථක බවයි. ඒක ඕනෑ කෙනෙකුට තේරෙන ඇත්තක්. ඔය බලකාය තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ ආරක්ශාව ගැන හිතල නොවේ.

:       0       4532

VithanaTuesday, 10 August 2021 08:28 AM

වැඩ කරන්න ඇයි කට්ටිය නැත්තේ? ඕනතරම් පුහුණු අය ඉන්නවා. ඒත් ඒ අයගෙන් වැඩේ ගන්න හැටි විතරක් නෙවෙයි එයාලත් එක්ක ගනුදෙනු කරන හැටි පවා මේ ආණ්ඩුවේ නායකයින් දන්නේ නෑ. අනිල් ජාසිංහ මැතිතුමාට, ජයරුවන් බණ්ඩාර මැතිතුමාට සලකපු විදිය රටම දැක්කා. හමුදා නිලධාරින් ඉහළ පුටුවලට පත් වුණාම සිවිල් පරිපාලනය බිඳ වැටෙනවා. හමුදාව දාලා කරන්න පුලුවන් වැඩ ප්‍රමාණය සීමිතයි මේ වෙලාවේ. හමුදාව දාලා කළාට තත්වයේ හොඳක් වෙලා තියෙනවද? කරුණාකර හමුදාපතිතුමාට කියන්න රෝහල්වලට ඇඳන් ටිකක් හදලා දෙන්න කියලා කයිවාරු ගහන වෙලේ...

:       0       6913

1984 Monday, 09 August 2021 03:07 PM

මෙය විකෘති කිරීමක්... ඔහු කියන්නේ යුද්ධ හමුදාවේ සහාය ගැනීම ගැන නොව.., කාර්ය සාධක බලකාය ගැන... ඔහුගේ ඉල්ලීම කොවිඩ් කාර්ය සාධනය පාර්ලිමේන්තුවටත් විවෘත නොවන බව සහ එය විවෘත විය යුතු බව... එහෙම වුණා නම් ඩේටා යට ගහන්න බැහැ...

:       3664       1692

VithanaTuesday, 10 August 2021 08:46 AM

ආණ්ඩුව හදන්නේ තමුන්ගේ නොහැකියාව හමුදාපතිගේ වරදක් විදියට ස්මතු කරලා ජනතා කෝපයෙන් ගැලවෙන්න. හමුදාපතිට ජනතාව ගෞරව කරන බව ආණ්ඩුව දන්නවා. ඒ ගෞරවයම පාවිච්චි කරනවා ජනතාවට විපක්ෂය එපා කරවන්න. හමුදාපති මේ යටි උගුල් වලින් පරිස්සම් විය යුතුයි. තමුන්ගේ විනයගරුකභාවය රැක ගත යුතුයි.

:       0       4

chandanaTuesday, 10 August 2021 01:17 PM

අග මුල හරියට බැලුවොත් ‌මේ විවේචනය හමුදාපතිට තමයි. මතකද ඒකපාරක් කිව්වා දෙපාර්තමේන්තු පුධානියෙක් කියලා කතාවකුත්. කොහොමත් හමුදාව ඇලජික් කට්ටියක් ඉන්නවා. කවදාවත් පරාදකරන්න බැහැයි කියලා ඉස්සර කියපුවම පරාද කරලම පෙන්නුවා. ඒ්කෙ තරහ තවම තියෙනවා. ඒ් තරහ තියෙන අය වරින් වර ඒක ඒක විදිහට ප්‍රශ්ණය විවිධාකාරයෙන් මතු කරනවා. රණ විරු ගාය කියාගෙන කෑ ගැහුවෙත් ඒහෙම අයම තමයි. බෙදුම්වාදියයි, ත්‍රස්තවාදියයි තවම ක්‍රියාත්මකයි. ඒ්කට රටක්, ජාතියක්, ආගමක් නැතුව පොඩි තල්ලුවක් මේ ගොල්ලො දෙනවා. දැනුත් හමුදාව මේ වැඩේ ලස්සනට පිලිවෙලට කරනවට බයේ ඉන්නෙ. පුදුම හමුදා විරෝධයක් තියෙන්නෙ ඒක කට්ටියකට. පොදු ජනතාවට නම් ඉතින් අපේ රටේ හමුදාව කියන්නෙ හොදම ගැලවුම්කරු තමයි.

:       290       273

චාන්දනීWednesday, 11 August 2021 06:59 AM

චන්දන අහසින් පාත්වුණා වගේනේ කථාකරන්නේ. දැනට රටම පිළිගත් අනිල් ජාසිංහ මැතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යකෂ වෙලා සිටිත්දී මෙම කමිටුවේ හිටියනේ. ඒ වෙලාවෙත් කමිටුවේ ප්‍රධානියා ඔහු ඇමතූ ආකාරය ඉතාම නින්දිතයි. මේ නිසා සිවිල් වෛද්‍යවරු ඉන්නේ කලකිරීමෙන් කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. හමුදාවේ වෛද්‍ය අංශවල අයගෙන් පමණක් මෙය කරන්න බැහැනේ.

:       0       60

kanil Monday, 09 August 2021 03:12 PM

රනිල් කිව්වේ එන්නත් කරණ ක්‍රියාවලිය ගැන නෙවෙයි නේද ශවේන්ද්‍ර මහත්තයෝ..? යුද හමුදා රෝහලේ එන්නත් ගත්තාට එවා ඔයාගේ අම්මා, තාත්තගේ එවා නෙවෙයි හොඳේ.. එ්වා පුරවැසියන්ගේ.. සිවිල් සේවය ගැන පළමුව ඔබ දැනගත යුතුය...

:       6217       3779

GamunuMonday, 09 August 2021 04:21 PM

රනිල්, අපි අත්දැකීම් ලබලයි තියෙන්නේ...

:       106       906

ChandimaMonday, 09 August 2021 06:09 PM

රනිල්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. මේ රට එයාගේ අම්මගේ තාත්තගේ බූදලේ නෙවෙයි.. එයා පස්සේ යන ගොන් රැළනම් හිතන්නේ එජාපය එයාගේ අම්මගේ, තාත්තගේ බූදලේ කියලා වෙන්න ඇති. ඒත් දුක හිතෙනවා ඒ අය ගැන..

:       928       2037

ගමේ එකාලා Monday, 09 August 2021 03:33 PM

නිව්ස් බලන අපිට තේරෙනවා කෙන්ද කන්ද කරලා කියන බව... හමුදාපතිතුමාගේ වැඩ ගැනත් දන්නෝ දනිති.

:       3195       776

VithanaTuesday, 10 August 2021 08:42 AM

යහපාලන ආණ්ඩුව නොතිබෙන්න මේ හමුදාපති අද විශ්‍රාම ගිහින්....

:       2       6

mp Monday, 09 August 2021 03:41 PM

එන්නත්කරණ ස්ථානවලත් බොහෝ අසාධාරණකම් සිදුවෙනවා. අද දින මහරගම ජනාධිපති විද්‍යාලයේ වයස 30ට වැඩි අයට වැඩසටහනක් තිබුණා. සමහර මිනිස්සු උදේ හතරේ ඉඳන් පෝලිමේ... නමයට සෞඛ්‍ය සේවා නිලධාරී පැමිණියා. අර පෝලිමේ ඉන්න මිනිස්සු කැළේට විසිකරලා එයා කිව්වා, එතැන ඉන්න ගුරුවරුන් සියල්ලන්ටම ඉස්සරහට එන්න කියලා.. ඒ අයට තමයි ප්‍රමුඛතාවය කියලා. අර පෝළිමේ හිටිය මිනිස්සුන්ට විසිර යන්න සිදුවුණා. ඕක ඉතින් කලින්ම කිව්වා නම් ඉවරයි නේද? ඒ වැඩසටහන ගුරුවරුන්ට කියලා. මහරගම පොලිසියෙන් පවා ඊට පෙර දින රාත්‍රියේ දැනුම් දුන්නා. ඒ වැඩසටහන වයස 30ට වැඩි අයට කියලා. මේවා අමන වැඩ. සෞඛ්‍ය නිලධාරී කාර්යාලයෙන් සූදානම් කරපු එකක්. ඔන්න ඕක තමයි මේ රටේ යථා තත්ත්වය. ඒ කියන්නේ ආබාධිත වයසක මිනිසුන්ට ගෙවල්වලට ගිහිල්ලා එන්නත් ගහනවා කියලා. මේ දේශපාලකයන් කොයිතරම් අකුසල් කරගන්නවද?

:       89       409

Raveendra Monday, 09 August 2021 04:30 PM

කටවහගෙන සාධුකාරයක් දෙන්න මහත්තයෝ කොප්පරා පූජාවට.

:       952       318

රමණීMonday, 09 August 2021 05:10 PM

ඔය කියන වැඩසටහනේ මූලිකත්වය හමුදාවෙන් හෝ කොරෝනා කාර්ය සාධක බලකාය මගින්ද, නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හෙවත් MOH මගින්ද, එය පැහැදිලිව කියන්න. ඒ මූලිකත්වය දරන කට්ටිය තමයි ඔය වගේ වෙනස් කිරීමට වගකියන්න ඕනෑ. හැබැයි කවුරු කරත් වැඩේ කැතයි...

:       5       175

mpMonday, 09 August 2021 06:10 PM

රමණී මහත්මිය, ඔය කියන වැඩසටහන මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙහෙය වූ එකක්.... එතැනින් කිව්වේ ආබාධිත අයට ළඟට ගොස් එන්නත් දෙන බවයි. ඒත් වයසක මිනිසුන් එපමණ වේලාවක් පෝළිමේ ඉඳලා, ගුරුවරුන් ටිකට ප්‍රමුඛත්වය දුන්නා. වයසක මිනිස්සුන්ට කෑගැහුවා. පෝලිම් කැලේට ගියා. දේශපාලන අධිකාරියෙන් කියන්නේ එකක්. කෙරෙන්නේ වෙන දෙයක්. 60ට වැඩි අය එන්නත් ගැනීමට මැළිවන්නේ මේ හේතුව නිසයි. මේ රටේ සාධාරණයක් ඇත්තෙම නැහැ.

:       76       122

සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 August 2021 04:12 PM

රනිල් මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අපටද ප්‍රශ්න තියෙනවා. ඒත්, එතුමා කී කතාව සත්‍යයක්... හමුදාපතිතුමා අපේ යුද වීරයෙක්. එතුමාට නිසි ගෞරවය දීමට අප කිසිවිට පැකිලෙන්නේ නැහැ. එහි කිසිඳු සැකයක් නැහැ. ඒත් නීතිය පිළිබඳ දැනීම ඇති සෞඛ්‍ය ඇමතිතුමිය හා යුද්ධ හමුදාවේ දැනීම ඇති ජනපති වෛද්‍ය විද්‍යාව දත් අයට ඉහළින් කෝවිඩ් මර්දනය කිරීම සඳහා දුන් උපදෙස් නිසා ඇතිවූ ව්‍යාකූල තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. කෝවිඩ් ව්‍යාපාරයක් කරගෙන, නිරෝධායන නීතිය දඬුවම් නීතියක් කරගෙන දේශපාලකයින් ගෙනගිය වැඩ පිළිවෙල ගැන දන්නෝ තතු දනිති. මේ තරම් බිහිසුණු වසංගතයක් මර්ධනය කිරීමට වෛද්‍ය විද්‍යාව දත් අය පසෙකලා දේශපාලකයින් දෙන උපදෙස් මත කෙරෙනා රෝග මර්දන වැඩ පිළිවෙලවල් ගැන විශ්වාසය තැබීමට අපි අඳ බාලයින් නොවන්නෙමු. ජනතාව බිව්වේ මව්කිරි මිස පොල්කිරි නොවන බවද දේශපාලකයින් වන්දනාමාන කරන්නන් හොඳින් දැනගත යුතුයි...

:       3221       1142

Prabha Monday, 09 August 2021 04:20 PM

මට පේන විදිහට මෙයාගේ ගමන නතර වෙන්නෙත් දේශපාලනයෙන් තමයි.

:       874       228

siripalaMonday, 09 August 2021 07:08 PM

මෙයා පාස් වෙලා හිටියේ, නමුත් මහජන සේවයට ආව ගමන් ‘‘සර්‘‘ වගේ මෙයත් ෆේල්...

:       206       230

VithanaTuesday, 10 August 2021 08:30 AM

මේ දෙන්නේ පුහුණුවක් වෙන්න පුලුවන්...

:       0       1

ranil Monday, 09 August 2021 04:25 PM

යන්නේ කොහෙද මල්ලේ පොල් පිළිතුරක් මෙයා දෙන්නේ.. පළමුකොටම මෙයා තේරුම් ගන්න ඕනේ රනිල් කියන්නේ මොකක්ද කියලා... එතුමා කියන්නේ කාර්ය සාධක හමුදාව පාර්ලිමේන්තුවට වග කියන්න ඕනෙ විදිහට හදන්න කියලා.. ඒ වගේම උගතුන්, විෂය දන්නා පුද්ගලයින් සුදුසු කාර්යන් සඳහා යොදවන්න කියලා. " මා හරි උගතා, මා හරි ජගතා, කියනා මිනිසා මෝඩයෙකි " ..මේ කතාව සර්ටයි, ගෝලයින්ටයි ගැලපෙනවා...

:       1110       1149

chandanaMonday, 09 August 2021 10:35 PM

ඔයාට ව්‍යංගයෙන් කියන දේවල් තෙරෙන්නෙ නැහැ වගේ. මතකද එකපාරක් මෙයා කිව්වා මේක මෙහෙයවන්නෙ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් කියලා. ඒක කිව්වෙ හමුදාපතිට තමයි. වහෙන් ඔරෝ ඕන නැහැ හැමදාම පරාද කරන්න බැහැ බැහැ කියපු ත්‍රස්තවාදය පරාද කලාට මෙයාලා හෙන තරහින් ඉන්නේ. මෙයාලගේ ගොඩේ තමයි අර රණවිරු ගාය ගැන කතාකරපු හමුදා විරෝධී කට්ටියයි බෙදුම්වාදී කට්ටියයි ඉන්නේ. හමුදාවට බැහැයි කියන්නම ඉපදුනු කට්ටියක්. සිවිල් නිදහස්ත් දෙන ගමන්ම මේක කරන නිසා අමාරුයි තමයි. මොකද අපේ සිවිල් එවුන්ටත් මෙලෝ හසරක් නැහැනේ. උගත් බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න කට්ටියක් මේ දවස්වල පාරවල දඟලපු හැටි දකින්න ඇති නේද. එහෙම එවුන්ට විරුද්ධ වෙලා අපිත් හමුදාවටත්, සෞඛ්‍ය අංශවලටත් අපගේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. හමුදාව මේක නියමෙටම කරනවා. කුහක නොවී ඒක අගය කල යුතුමයි.

:       2       0

AntaTuesday, 10 August 2021 12:10 PM

දැන් බලපුවාම හමුදාපති වසංගත රෝග අංශයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා.

:       76       116

පිටිගල මිලානෝ Monday, 09 August 2021 04:50 PM

ජාතික සහ ආගමික වශයෙන් වැදගත් උත්සවයකට රටක හමුදාපති මැදිහත්ව යාම විමතියට කරුණක්. කොප්පරා පූජා කරන්න රටේ වෙන කවුරුත්ම නැද්ද? යුරෝපයේ රටවල්වල හමුදාපතිවරු මෙහෙම සමාජයේ ගැවසෙන්නේ නැහැ. ඒ අය ඒ අයගේ රැකියාව කරමිනුයි ඉන්නේ...

:       4212       692

ජනකMonday, 09 August 2021 08:33 PM

පැත්ත ගියත් ඇත්ත කියන පිටිගල මිලානෝ.

:       0       2

jayasekaraTuesday, 10 August 2021 11:15 AM

ඒ යුරෝපේ .මේ ලංකාවේ .ඔයා මිලානෝ වල ඉඳලා ඒ යුරෝපා මානසිකත්වයෙන් ලංකාවේ දේවල් ගැන බලන්න එපා .මෙහෙ තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක් .ලංකාවේ ඉතිහාසය දැනගෙන කමෙන්ට් කරන්න .පෙර රජවරුන්ගේ දවසත් මේ වගේ යුද නායකයින් පුජා පවත්වලා තියෙනවා .සාමාන්‍යයෙන් රටේ රජතුමා .අද කාලේ ඒක නියෝජනය කරන්න තමයි හමුදාපති ඒ සාම්ප්‍රදායික පුජාව කලේ .නොදන්න මගුල් වලට කට දාන්නේ නැතිව මිලානෝ වලටම වෙලා ඉන්න ඔහේ වෙන දෙයක් බලාගෙන

:       353       469

සෙනෙවිරත්න Monday, 09 August 2021 04:54 PM

හමුදාව ලවා සිවිල් ජනතාවගේ අදහස් විවේචනය කිරීම හොඳ දෙයක් නොවේ. රනිල් කියපු එකට පිළිතුරු දෙන්න. ඔබතුමා කට අරිනකොට ටීවී වහන අය ඉන්නවා. අනෙක් කතාව පටන් ගන්නකොටම අපේ අතිගරු ජනාධිපතිගේ උපදෙස් අනුව කියලා කියන එක ඔබතුමාට හරිද?

:       5019       523

නන්දසේන Tuesday, 10 August 2021 05:50 AM

ජනාධිපති කියලා කියන්න මෙතුමාට බැහැ.කියන්නේම ජනාපතිතුමා කියලා.හරියට අර මහින්ද මහත්තයා ප්‍රජාචන්ත්‍රවාදය කියනවා වගේ

:       0       2

සාරා Monday, 09 August 2021 05:07 PM

කොවිඩ් මර්දනය ගැන ඔහුට ඇත්තේ වේදනාවක් වගේ... එන්නත්කරණය ඇතුළු සියලුම දේ හොඳින් කෙරීගෙන යන බවත් පෙනෙනවා. හමුදාවේ නායකත්වය ගැන ජනතාවට නම් ඇත්තේ ප්‍රසාදයක්... ගෞරවයක්... ඉතින්, කිලිනොච්චියට මැදවච්චිය යයිද,... අලිමංකඩට පාමංකඩ යයි ද..., තොප්පිගල යනු කළුගලක් යයි කියූ අයට, මේ වැඩ පිළිවෙළ ඉවසුම් ගෙන දෙන්නක් නොවේ. ඔහු විසින් කළ යුතුව තිබුණේ අගය කිරීමක්.. නමුත් වූයේ අනෙකක්..

:       901       1992

fairoosMonday, 09 August 2021 06:44 PM

සරා ඔයා ලංකාවේද ඉන්නේ? එහෙනම් පොඩ්ඩක් එළියට බැහැලා බලන්න වෙලා තියෙන දේ...

:       722       754

සාරාMonday, 09 August 2021 08:22 PM

මා ලෝකයද ලංකාවද දකිනවා. ඒ ඇති.

:       2       2

BamunuarachchiTuesday, 10 August 2021 09:47 PM

ඔව් ඔව් මම එලියට බැහැලා ගියා අටුලුගම පැත්තේ. සිංහල මිනිස්සු ලංකාවේ ඉන්නේ ඔහේ හිතුවද දකුණු ඉන්දියාවේ කියලා.

:       56       108

ලුම්බිණි Monday, 09 August 2021 05:35 PM

හමුදාපතිතුමා අමුතුවෙන් පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. මේ දක්වා කරපු දේවල්වලින් කොරෝනා මර්දනය වෙලා තිබෙන හැටි අපි සියල්ලටම පෙනෙනවා.

:       228       272

gamage Monday, 09 August 2021 06:20 PM

මෙයා ඔය ලෑස්තිවෙන්නේ දේශපාලනයට එන්න. ඒකයි මෙච්චර කැමරා ඉදිරියේ පෙනී ඉන්නේ දවස ගානේම...

:       1185       182

MalikaMonday, 09 August 2021 11:07 PM

මෙයා දේශපාලනයට එන්න නිකමට හරි හිතලා මේ පෙනී ඉන්නවා නම් මෙයාටත් සරත් ෆොන්සේකාට වුණුදේ වෙන්නත් බොහෝ ඉඩ ඇත. සිතු දේ නොම, නොසිතු දේම සිදුවන මේ ශ්‍රී ලංකාවයි.

:       0       1

Don perera Monday, 09 August 2021 07:00 PM

මෙයත් නම කැත කරගන්න දඟලන්නේ.

:       421       112

sachith Monday, 09 August 2021 09:20 PM

දුකයි රටම ගරු කරපු මනුස්සයෙක් දැන් නම් මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි කියල තමා කියන්න වෙන්නේ

:       0       2

බණ්ඩා Monday, 09 August 2021 09:45 PM

රනිල් කියන්නේ මේ රටේ තුන් හතර වතාවක් හිටපු අගමැති. ඔහු ප්‍රවීනම, ලෝකය පිළිගත් දේශපාලඥයෙක්. මෙයා කව්ද​? ලෝකෙම හොයන අපරාධ චෝදනා සහිත මිනිහෙක්. රනිල් නැත්නම් අද ඉන්නේ විදුලි පුටුවේ. කොහොම වුණත් රනිල් කතා කලේ " කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකාය ගැන. ඒක හමුදාව නෙමේ. හමුදාවේ ඉන්න ශවීන්ද්‍ර වගේ අය ඉන්න එකක්. ඒක ෆේල් තමයි. තමන් ස' වගේම ෆේල් නොවෙයි නම් මේ තරම් මිනිස්සු මැරෙයිද​? ඇත්ත කිව්වාම හිතට අමාරුයි තමා. මොකද ඒකෙන් අර ඊගෝ එක කඩාගෙන වැටෙනවනේ රනිල් නිකම් කටට ආව පලියට වචන කියන් නෑ. 2015 කුමන්ත්‍රණ කතාවත් ඇත්තනේ...

:       4       31

chandanaThursday, 12 August 2021 09:21 AM

ඔහු කෙතරම් ප්‍රවීණයෙක්ද යන්නට හොඳම උදාහරණය වන්නේ ඔහුව අගමැති කමට පත්කල ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගත නොහැකි තරමටම ප්‍රවීණයකු වීමයි. අගමැති කමට පත්කල ජනතාව රවටා ජනතාව ගොනාට අන්දා ජනතාව කිසිසේතම අපේක්ෂා නොකල පරිදි ත්‍රස්තවාදයට, අන්තවාදයට, බෙදුම්වාදයට මානුෂික මුහුණුවරයන්, නීත්‍යනුකූල මුහුණුවරක් ප්‍රදානය කරන්න ඇපකැප වී කටයුතු කලා. ප්‍රධාන ජන වර්ගයේ ජාතික ආගමික සංස්කෘතික වටිනාකම් අවතක්සේරු කලා. පුදුමය නම් අගමැති වූ සෑම අවස්ථාවකදීම ඉතාම කෙටි කාලයකින් සත්‍ය අවබෝධ කරගත් ජනතාව ඔහුගේ අගමැතිකමට ලබාදුන් බහුතර මතය සුළුතර මතයක් ලෙස ආසන්න ඡන්ද වලදී ප්‍රකාශ කරත්දීත් ජනමතය තේරුම් නොගෙන බටහිර මතයෙන් ඇස් වසාගෙන සිටීමට තරම් ප්‍රවීණ වීමයි. ‌පරණ වීම, පරිණත වීම, ප්‍රවීණ වීම යන මේ වචන ඒකිනෙක වෙනස් තේරුම් සහිත වචන බැවින් වචන නිවැරදිව භාවිතා කරන්න.

:       4       1

asanka Monday, 09 August 2021 11:11 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු පිස්සන් කියන කතා ඔබතුමා ගණන් ගන්න එපා.. හමුදාවේ එන්නත්කරණය අතිවිශිෂ්ඨයි, මතක තියාගන්න මහජනතාව සැමදා ඔබලා සමගයි...

:       224       212

Vithana Tuesday, 10 August 2021 08:19 AM

මෙතුමා මෙහෙයවන්නේ හිටපු ආරක්ෂක ලේකම් නිසා මෙතුමාට දොස් කියලා වැඩක් නෑ. හැබැයි හමුදාපතිතුමෝ එදා යුද්ධය කරද්දී ඔබතුමා සරත් ෆොන්සේකා මැතිතුමාගේ උපදෙස් පිළිනොපැද ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් පිළිපැද්දා නම් තවම යුද්ධය යනවා. එහෙනම් ඔබතුමාට දැන් අණ දෙන අරක්ෂක ලේකම්තුමා මෙලහකට ඉන්නේ ඇමරිකාවේ.

:       0       10

සමන්ත Tuesday, 10 August 2021 09:59 AM

මෙතන ගැටලුව හැදුවේ රජය හමුදාවේ එන්නත් කරන මධ්‍යස්ථාන යනුවෙන් පැවසීම. ඇත්තටම එය විය යුතුව තිබුනේ හමුදාවේ වෛද්‍ය ඒකකයේ එන්නත්කරන වැඩසටහන යනුවෙන්. ඒත් මෙතන කමෙන්ට් කරන අයට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහලේ ප්‍රතිකාර ගන්න යොමු කළොත් අනේ එතන හමුදාවේ අයනේ ඉන්නේ කියන එකක් නෑ. මොකද ඒක අද VIP මට්ටමේ රෝහලක්. ඔය කෑගහන හැම දේශපාලකයාම නිරෝධායන වුනේ ඔය VIP රෝහලේ.

:       110       200

ranjan Tuesday, 10 August 2021 10:04 AM

කවුරුත් කියන්නේ හොඳට කිපෙන දෙයක් නේ

:       8       2

Athanasius Fernandopulle Tuesday, 10 August 2021 10:47 AM

මා මෙය දකින්නේ කිසි දවසක ඡන්දයකින් දිනන්න බැරි නායකයෙක්, වීරයෙක් වීමට උත්සාහ දරන ප්‍රයත්නයක් මෙනි. කුමන හෝ තැනකින් පොටක් අල්ලාගෙන එය මහා ලොකු දෙයකැයි ජනතාවට පෙන්වීමට දරන උත්සාහයකි. අපගේ යුද්ධ හමුදාව ඊලාම් යුද්ධය ජය ගත්තා සේ කෝවිඩ් යුද්ධය ද ජය ගැනීමට ඔවුන් කරන කැපවීම සුළුපටු නොවේ. අප එය අගය කළ යුතු සේම ඔවුන්ට ධෛර්ර්ය ද දිය යුතුය.

:       583       148

Anta Tuesday, 10 August 2021 12:04 PM

ලංකාවේ ගොඩ දෙනෙක් විශ්වාස කරන්නේ ජඩමාධ්‍ය පෙන්නන දේ තමයි. ගොඩක් සත්‍ය නෙමේ. ලංකාවේ සෑම කටයුත්තකටම ඉතා හොඳ ක්‍රමවේද තියෙනවා. රජය විසින් සකසන ලද. ගොඩක් අය එක දන්නේ නැහැ. එම ක්‍රමවේද වලදී වැරදි කරන්න, හොරකන් කරන්න, දුෂණය කොහෙත්ම බැහැ. ඒවට විරුද්ධ අය තමයි එම ක්‍රම වේද වලට විරුද්ධ. කොහෙත්ම මරණාධාර සමිතියක ව්‍යවස්ථාවවත් කියවලා නැති අය. වසංගත (බරවා, මැලේරියා..) රෝග තුරන්කරපු රටවල් අතරින් ලංකාව ප්‍රමුඛ පෙලේ රටක්. එක රැට බරවා චෙක් (ලේ) කරපු රටක්. වසංගත රෝග අංශයට එයාලගේ රාජකාරිය කරන්න දුන්නනම් මිට වැඩිය සාර්ථක කරගන්න තිබ්බා. ඇමරිකාවේ වගේ නෙමේ, ලංකාවේ සෑම කාර්යයකටම ආයතන සහ ඉතා හොඳින් සකසන ලද ක්‍රම වේද සහ ඒ සම්බන්ධ ලෝකයේම ප්‍රමුඛ පෙලේ විශේෂඥ්නයෝ සිටින රටක් ලංකාව. හැමදේටම ඇමරිකාව වගේ හමුදාව යොදවන්න අවශ්‍ය නැහැ. එයින් කරන්නේ හමුදාව හැල්ලුවට ලක්කරන එක.

:       326       54

Rakitha Tuesday, 10 August 2021 12:26 PM

රනිල්ට තාම ලැජ්ජාව නැතිවෙලා නැහැ...

:       86       66

Shan Tuesday, 10 August 2021 03:31 PM

හොදටම කරේ හමුදාපතිතුමාලු .

:       38       57

Polgahawela Tuesday, 10 August 2021 07:12 PM

ඔබ ඔබගේ තැන ඉන්න... අපේ රට දැන් ලොකු ගැටලුවකට මුහුණදීලා තියෙන්නේ. ඔබ හරියට කළා නම් අද කොහොමද මෙහෙම වෙන්නේ?

:       76       63

Chandima Tuesday, 10 August 2021 08:50 PM

කෝටු කෑල්ලක එල්ලිලා යාන්තම් පණ බේරාගත්තු රනිල් දැන් ගංඉවුරේ ඉඳන් ගඟ හරවන්න හදනවා.

:       85       76

සත්‍යපාල Wednesday, 11 August 2021 07:15 AM

කෝවිඩ් මර්දනය සම්බන්ධ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශණී මැතිණිය කියනවා මගේ මතයට ඉඩක් නැහැ තීන්දු ගන්නා අය තීන්දු ගනීවි කියලා. මෙයින් පෙනෙන්නේ කුමක්ද? සියල්ලම කොවිඩ් කමිටුවට එහි සභාපතිට අවශ්‍ය ආකාරයට සිදුවෙනවා කියලා නොවේද? කාර්ය බාර ඇමතිවරියටත් එහෙම නම් රනිල් කියලු කාරණය සත්‍ය බව දේශපාලන කඩතුරාවෙන් වැසුණු ඇස් ඇති මුග්ධයින්ට හැර අනෙක් සැමටම තේරුම්ගත හැකියි.

:       0       59

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1330 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1565 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1110 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 248 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 678 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 497 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site