IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල්ගේ නිල රියේ ගාස්තු හදයි

මැතිවරණ සමයේ  රනිල්  වික්‍රමසිංහ අගමැති ඔහුගේ  වෙඩි නොවදින නිල රිය ඡන්දයට පාවිච්චි කළහොත් අයකළ යුතු මුදල තිරණය කිරිම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් මුදල් අමාත්‍යාංශයට  හා විගණකාධිපතිට  පවරනු ලැබ සිටී. අගමැතිගේ  ඉල්ලී  අනුව එම පියවර  ගෙන ඇත.

මැතිවරණ කොමසාරිස්සහ පක්ෂ ලේකම්වරුන් අතර අද (03) පැවති සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා යෝජනා කර ඇත්තේ මැතිවරණ සමයේ අමාත්‍යවරුන් පරිහරණය කරන රජයේ වාහන සඳහා ද මුදලක් අය කිරීම සුදුසු බවයි.

 

 

 

 



අදහස් (0)

රනිල්ගේ නිල රියේ ගාස්තු හදයි

සනත් Friday, 03 July 2015 04:22 PM

බඩේන් බාගෙට කාලා හදට ගල් ගහාන්න බලාගෙන ඉන්න මහින්දවාදින්ටනම් මෙවැනි දේවල්වලට ටිකක් රිදෙනවා තමා (බ)

:       0       0

රාධා Friday, 03 July 2015 05:22 PM

මෙතෙක් කල් මෙහෙමවත් අයකළේ නැහැ නොව. (ර)

:       0       0

දුමින්ද Friday, 03 July 2015 09:58 AM

පොල් අක්කරේ සත 25 වික්කා වගේ ගාස්තුවක්ද ? (ම)

:       0       0

සලිත් Friday, 03 July 2015 09:58 AM

අන්න බලන්න යහපාලනය (ම)

:       0       0

සෑම් Friday, 03 July 2015 10:08 AM

බොහොමයක් රාජ්‍ය ආයතන වල තවම තියෙන්නේ දහඅට වන ශත වර්ෂයේ නීති රීති, තක්සේරු වටිනාකම් නිසා මේකටත් පැට්‍රොල් ගැලුම දෙකයි හතලිහ ගානේ ගණන් හදලා මුළු කාලයටම රුපියල් එකසිය හැටපහකුත් ශත තිස් නවයක් ගෙවන්න වේවි .(ම)

:       0       0

ප්‍රසාද් Friday, 03 July 2015 10:15 AM

මේ ගැන අපි පොඩ්ඩක් සුභවාදීව හිතමුද? (ම)

:       0       0

වැකෝ Friday, 03 July 2015 10:23 AM

මොන වාහනේ ගියත් රනිල් පරදිනවා . එක්සත් ජාතික පක්ෂය දිනනවා. (ම)

:       0       0

මරදං කඩවල Friday, 03 July 2015 10:31 AM

කව්රු මොනවා කිව්වත් රනිල් මොළ කාරයා.... (ම)

:       0       0

ධනුෂ්ක සිල්වා Friday, 03 July 2015 10:47 AM

අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ක්‍රියාව අනෙකුත් අති පරිභෝජනකාරී දේශපාලන මහත්වරුන්ට නියම පුර්වාදර්ශයක්. (ම)

:       0       0

ගමගේ Friday, 03 July 2015 10:59 AM

ඒ වැඩේ හොදයි.(හේ)

:       0       0

බන්දු Friday, 03 July 2015 11:39 AM

මොකද ඔච්චර බය වෙඩි නොවදින වාහන හොයන්නේ (අ)

:       0       0

බන්දු Friday, 03 July 2015 11:40 AM

කව්රු මොනවා කිව්වත් රනිල් මොළ කාරයා....ඔව් ඔව් අන්බානක මොලේ තිබෙනවා (අ)

:       0       0

බුද්ධි Friday, 03 July 2015 11:49 AM

නීතිය කාටත් පොදුයි! (නි)

:       0       0

ප්‍රසන්න Friday, 03 July 2015 11:49 AM

අධි ආරක්ෂක කලාපත් දැන් නැහැ නේද? ඉතින් මොකටද වෙඩි නොවදින වාහන? (නි)

:       0       0

ශ්‍රීමාන් Friday, 03 July 2015 12:01 PM

අපිට මේවා ගැන තේරුනත් සමහර අයට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

කිත්සිරි Friday, 03 July 2015 12:08 PM

රනිල් මහත්තයෝ,අපි හැමදාමත් ඔබ සමඟයි! (නි)

:       0       0

සජිත් Friday, 03 July 2015 12:23 PM

මේ ක්‍රියාව අනෙක් හැමෝටම හොද ආදර්ශයක්. ඉහලින්ම අගය කල යුත්තක්. (ර)

:       0       0

සුසිල් Friday, 03 July 2015 02:47 PM

ගාස්තු හදන එකනම් හොදයි.ඒත් ඒකෙන් ඇති ඵලය කුමක්ද?(හේ)

:       0       0

අශෝක Friday, 03 July 2015 02:52 PM

රටක් වෙනුවෙන් හොද දෙයට හොදයි කියන්න පුරුදු වුනානම් නේද හොද . වෙඩි නොවදින වාහනයක රටේ අගමැති තුමන්ට ගමන් කරන්න සිදු වෙන්නේ ත්‍රස්තවදින්ටත් වඩා භයානක මිනිසුන් දේශපාලනේ කරන නිසානේ .දැන්වත් මොලේට ආවද. (හේ)

:       0       0

නිමාෂා Friday, 03 July 2015 03:32 PM

ධනුෂ්ක සිල්වා මහතාණෙනි ,අති පරිභෝජනකාරී දේශපාලන මහත්වරුන්ට නියම පුර්වාදර්ශයක් වන්නේ කොහොමද මෙම යෝජනාව? මුදල් තියෙන දේශපාලකයින්ට ඉනිමන් තැබීමක් නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 90 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2102 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 277 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2890 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1790 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 730 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33542 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site