(සුජිත් හේවාජුලිගේ)
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනකු එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රී හමුවී ඇතැයි වාර්තාවේ.
මෙම හමුව සිදුව ඇත්තේ හිටපු ජනපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිවෙසේදීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් එම හිටපු මන්ත්‍රීවරු පිරිස මෙම හමුවට සහභාගි වූහ. රටේ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව දැනගන්නට ඇති අතර මෙම හමුවට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ජානක වක්කුඹුර ඇතුළු මන්ත්‍රීවරුන් 17 දෙනකු සහභාගි වීයැයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමා ඇත.
පළාත් පාලන මැතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීම අදින් (29) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය අද (29) උදෑසන හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම
පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල
මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රනිල්ගේ පොහොට්ටු කෑලි මහින්දගේ ගෙදර පාටියක
C.K.Lankaputhra Wednesday, 29 January 2025 05:34 AM
රනිල් ගාවට ගිය, අලිපොහොට්ටු නම අලවලා මහින්දගේ උපදෙස් පිට වැඩ කරන සට්ටැඹි සෙට් එකම තමයි. උන් දුවපියවු කිව්වාම දුවනවා, ඉජොහ් කිව්වාම එනවා. ඕකෙ අලුත් දෙයක් නෑ.