IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල්ගෙ විශ්වාස භංගය මැතිසබේ මහ ලේකම්ට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දුන්හ.

එම යෝජනාවට මන්ත්‍රීවරු 105 දෙනකුගේ පමණ අත්සන් ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි කියයි.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම, මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම, ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීම, ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීම, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීම, ජාත්‍යන්තර සබඳතා පළුදු වීම, පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යන යෝජනා එම විශ්වාස භංගයට ඇතුළු කර ඇත.

11391205_929505180406292_1643715672037835486_n 11391710_929518503738293_5437242064621033953_n

 



අදහස් (0)

රනිල්ගෙ විශ්වාස භංගය මැතිසබේ මහ ලේකම්ට

ලලිත් Friday, 05 June 2015 02:50 PM

අජිත්, මෙතන සන්ධානේ කට්ටියවත් නෙමෙයි අනාගන්න යන්නේ. පහුගිය කලේ තිබුණු හොර මැරකම් ගසාකෑම් අහිමිවෙලා අහසින් බිමට පත්වෙලා ඉන්න, ජනතාව වෙන විකල්පයක් නොමැති නිසා කතිරය ගැසූ එහෙත් ජනතාව විසින් නම්කර පත්කරනලද නියෝජිතයින් නොවන, සිංහ සෙයියාවෙන් කල්ගෙවූ එහෙයියන් පිරිසකුයි. (කේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 05 June 2015 03:24 PM

මේවා හරි අත්සන්ද කියා ඉස්සෙල්ලාම පරීක්ෂා කල යුතුයි ... මන්ද ඔය නඩයම දුෂිතයන් .......මතකයි නේ එක්කෙනෙක් අත්සනක් ගහල ඒක හොර අත්සනක් කියන චෝදනාවකට නඩුවකට මුණ දෙන්න වෙලා තිබෙන රඟ....(කේ)

:       0       0

සුමිත් Friday, 05 June 2015 04:05 PM

ඇත්ත කියන බොරු නොකරන සැබෑ ප්‍රතිපත්තියක් තියන ඕනෑම කෙනෙකුට මගෙත් මා වටා ඉන්න අන් අයගේත් ඡන්දෙ. (කේ)

:       0       0

සත්‍යයා Friday, 05 June 2015 04:46 PM

මනුෂ දේශපාලනයට ආවේ රනිල්ගේ පිහිටෙන්. (කේ)

:       0       0

ක්‍රිෂ්ණා Friday, 05 June 2015 04:57 PM

රනිල් දේශපාලනේ කරන හැටි බලාගන්න කස්ටියටම අවස්තාවක් මේක.ජනවාරි 8 වැනිදා ගහපු සීතල ගේමේ ඉතිරි දිගුව දිහා බලං ඉන්න බන්දුල,මනුෂ ඇතුලු දේශපාලන ලදරුවන්ට ලැබෙන් මහඟු අවස්ථාවක්.ජනවාරි 8 ගුරාට වුනු දේ ගුරාත් නොදන්නා කොට මේකට වෙන දේ ගෝලයෝ කෙසේ නම් දැන් ගනීද. (කේ)

:       0       0

බතී Friday, 05 June 2015 08:14 PM

ඇත්ත අත්සන් 108 යිලු. අනිත් එවා හොර අත්සන්ලු.112 කියල හොරට පෙන්නලා තියෙන්නේ. කරුණාකරලා කොහොමද දන්නේ කියලා අහන්න නම් එපා. (නදී)

:       0       0

යේසන් Friday, 05 June 2015 09:34 PM

අයියෝ රනිල් මහත්තයෝ! (නි)

:       0       0

යසිත් Friday, 05 June 2015 10:47 PM

මොනවායින් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

යසරත්න Friday, 05 June 2015 10:47 PM

අත්සන් කරලා නැත්තේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

සුදෙල්මි Friday, 05 June 2015 10:58 PM

චානක, මේවා හරි අත්සන්ද කියා පළමුව පරීක්ෂා කළයුතුයි. (නි)

:       0       0

විකුම් Friday, 05 June 2015 11:59 AM

රනිල් එක එක මාතෘකා යටතේ කතාකළාට ක්‍රියාවට නඟන පාටක් නම් නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 05 June 2015 12:03 PM

ඔන්න හොඳ අවස්ථාවක් මහින්ද මහත්තයාගේ බලය බලාගන්න. අපිත් නොඉවසිල්ලෙන් ඉන්නේ මෙයාලා නාගන්න හැටි බලාගන්න. ඒ වගේම ශ්‍රී ලංකා එකත් සුපිරිසිදු වෙනවා මේකෙන් පස්සේ. (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 06 June 2015 03:33 AM

දැනට හෙළිවෙන කරුණු සත්‍ය නම් හිටපු ජනපතිතුමාගේ කෙරුවාව ගැනත් සතුටු වෙන්න බැහැ. එමෙන්ම වර්තමාන අගමැතිතුමාට සියලු බලතල ලැබුනහොත් එතරම් හිතකර නොවන්නටත් ඉඩ තියෙනවා. එබැවින් දැන්මම මෙල්ල කළයුතුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 June 2015 03:47 AM

බලමුකෝ, විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ කී දෙනෙක් ඊට පක්ෂව ඡන්දෙ දෙයිද කියලා? (නි)

:       0       0

රාජා Saturday, 06 June 2015 04:24 AM

සත්‍ය ලෙසම විය යුත්තේ ජනපති නිර්පාක්ෂික වීම. එවිට හැකි වෙවි කැබිනට් මණ්ඩලය වැරදි දෙයක් කරනවානම් එය නිවැරදි කරන්න. පක්ෂය රකින්න ගියාම හරියට රට පාලනය කරන්න බැරි වෙනවා.(කේ)

:       0       0

පද්මිණි Saturday, 06 June 2015 04:50 AM

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ වගේ කඩි කුලප්පුවක් කවදාවත් තිබුනද? ඔය විශ්වාස භංගයට ඉස්සර අර 20 සංශෝධනය කර ස්වාධීන කොමිෂන් සභා පත් කරන්න. (නි)

:       0       0

සිංහ Friday, 05 June 2015 12:39 PM

නියමයි! (නි)

:       0       0

ටානියා Friday, 05 June 2015 12:41 PM

අපි බලමු මොනවා වෙයිද කියලා (නි)

:       0       0

මාලි Friday, 05 June 2015 12:42 PM

ඒක හොඳයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 05 June 2015 01:42 PM

ඉබ්බා දියේ දාන්න කිව්වාම, ඈන්නෑවයි කිව්වලු. ජනාධිපතිතුමා මැදිරිගිරියේදී අද කළ කතාවේ හැටියට එතුමා ලබන සැරේ ඡන්දෙදි ස්වාධීනව ඉන්නවා කියලයි මට නම් හිතු‍නේ. එතුමා කියල තියෙන්නේ මම කාගේත් ජනාධිපති කියලයි. එහෙම බලනකොට සන්ධානේ කට්ටිය මෙදා ඇන ගන්නයි හදන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 485 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 226 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1609 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 418 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2487 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37141 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site