IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල්ට උදව් කරන මන්ත්‍රීලාට වැඩ වරදී

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප එම පක්‍ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් ඒ සම්බන්ධයෙන් කටයුතු සූදානම් කරගෙන යන බවයි.

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය පිරිස් නිලතල වලින් පමණක් නොව ආසන සංවිධායක ධූරවලින්ද  ඉවත් කිරීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අධ්‍යයනය කරගෙන යන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු  ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 22 වැනිදා තීරණය කළේය.

එම තීරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව  දැනුම් දුන්හ.

ඔවුන් මෙම දැනුම්දීම කළේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරීන්   බහුතරයක්ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (7)

රනිල්ට උදව් කරන මන්ත්‍රීලාට වැඩ වරදී

බණ්ඩා Wednesday, 31 July 2024 04:43 PM

නාමල් රාජපක්‍ෂ වැනි අපකීර්තිමත්, හොරකම්, වංචා, මිනීමැරුම් සහ දූෂන සහිත වාර්තා ඇති පුද්ගලයෙකුට ධම්මික පෙරේරා වැනි කැසිනෝ කාරයෙකු තෝරාගැනීමට බොහෝ හේතු තිබිය හැකි වූවත්, රටට අවශ්‍ය වැඩ කල හැකි, ජාත්‍යන්තරය පිලිගත් පරිණත දේශපාලඥයෙකි

:       15       50

JayasekaraThursday, 01 August 2024 09:24 AM

සහතික ඇත්ත... රටට කුණු කන්ටේනර් ගණන් ගෙනාපු මහලොකු බුද්ධිමත් ව්‍යාපාරිකයා...

:       1       5

ගමේ එකාලා Wednesday, 31 July 2024 05:44 PM

දූෂිත පවුල් පාලනේ අය පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් ඔය විදියට හරි උන්නේ රනිල් නිසා. හොර පෙරකදෝරුවාට ඕනෑ විදියට...

:       4       12

සුරනිමල Wednesday, 31 July 2024 05:48 PM

නාමල් විසින් පොහොට්ටුවේ අවසානයේ ඇරඹුම සනිටුහන් කර ඇත. ඔහු ගෝඨාභයට කළේද මෙවැනිම දෙයකි...

:       0       0

ජගත් ලියනගේ Wednesday, 31 July 2024 05:57 PM

පොහොට්ටුවටත් block votes ප්‍රමාණයක් තියෙනවා. කවුරු ගියත් ඒ කට්ටිය දෙන්නේ මහින්දට...

:       8       14

Prabha Wednesday, 31 July 2024 06:25 PM

මේවා දවල් රණ්ඩු.. රෑට එක්කොම එක මේසෙ...

:       1       32

Lalla Wednesday, 31 July 2024 08:45 PM

කොහොමත් ඔය 225 න් බහුතරය ඊළඟට එන පාර්ලිමේන්තුවේ නෑ. ඒක ස්ථිරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 621 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 285 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 271 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2367 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 112 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1557 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32707 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23865 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site