IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රනිල්ට එරෙහි පෙත්සමක් වෙද සංගමයෙන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ලේකම් ගැන පාර්ලිමෙන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට එරෙහිව පෙත්සමක් අත්සන් කර ජිනීවා මානව හිමිකම් කොමිසමටද,අගමැති කාර්යාලයටද ඉදිරිපත් කරන බව එම සංගමය කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මධ්‍යම කාරක සභාව අද (13) පෙරවරුවේ රැස්වී ගත් තීරණයක් අනුව සංගමයේ සියළු ශාඛා සමිති මේ පෙත්සමට අත්සන් කිරීමට නියමිතය.



අදහස් (0)

රනිල්ට එරෙහි පෙත්සමක් වෙද සංගමයෙන්

අමල් Monday, 14 December 2015 01:40 AM

පුදුම දොස්තරලානේ. නිකන් දෙන දේ බලන් ලබාගන්න බලන්නේ. රජයේ රෝහල් වල වැඩ කරන දොස්තරලාට චැනල් සර්විස් තහනම් කරන්න ඕනෑ. (නි)

:       0       0

රසින්ත Monday, 14 December 2015 02:55 AM

රජයෙන් කෙරෙන්න ඕන ඒවා නම් අකුරටම මෙයාලට ඕන.එ්ත් මෙයාලගෙන් කෙරෙන්න ඕඅන ඒවා හරියට කරනවද? රටට හෙන ගැහුවත් කමක් නෑ. මෙයාලගේ ඉල්ලීම් ඉටු කරනවානම්. (බ)

:       0       0

ලසන්ත Monday, 14 December 2015 03:32 AM

අමල් හරියටම හරි. (ම)

:       0       0

සරත් Monday, 14 December 2015 04:06 AM

මානව හිමිකම් කඩකරන්න වලි ඔය මහා ලොකු දොස්තරලානේ. අගමැතිගේ ප්‍රකාශය හරි. (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 14 December 2015 04:26 AM

ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ මේ කාර් පර්මිට් ක්‍රමය මේ රටට හදුන්වල දීපු අයට. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉහල වැටුප් ලබමින් චැනෙල් සේවා මගින් ලක්ෂ ගණන් මුදල් හම්බ කරමින් පොඩ්ඩ බැරි වෙන කොට වර්ජන කරමින් වෛද්‍යවරුන් මොකක්ද මේ කරන බාල වැඩ. (බ)

:       0       0

ගයාන් Sunday, 13 December 2015 02:40 PM

ඕනෑ කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා. මම හිතන්නේ නැහැ අගමැතිතුමා කියපු කතාවෙන් මානව හිමිකම් කඩවීමක් වුණා කියලා. අපහුතාවයක් නම් වෙන්න ඇති. (නි)

:       0       0

ගමගේ Sunday, 13 December 2015 03:18 PM

එතකොට ලෙඩුන්ගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ කවුද? (නි)

:       0       0

ආර්. කේ.ලෙනෝ Monday, 14 December 2015 05:47 AM

වෛද්‍ය වෘත්තිය යනු යනු මේ රටේ සේවාවලින් ප්‍රමුඛත්වය ගෙන ඇති උසස් සේවාවකි.රටේ ව්‍යවස්ථාදායකයේ හමුවේ තනතුරේ උත්තරී භාවය උදෙසා ඔබලා විසින් ගනු ලැබූ තීරණය ඉතාම උතුම්ය. (ම)

:       0       0

නිමල් Monday, 14 December 2015 05:54 AM

ජනතාවනි ඔබට මාගේ ආචාරය !!!!! (ම)

:       0       0

කොස්වත්ත Sunday, 13 December 2015 05:04 PM

මොවුන්ට ඇත්තටම වෙන වැඩක් නැද්ද? (නි)

:       0       0

තිස්ස Sunday, 13 December 2015 05:08 PM

රනිල් මහතා හරි (නි)

:       0       0

අතුල Monday, 14 December 2015 07:21 AM

මහජන මුදල්වලින් ඉගෙනගෙන ලෙඩුන් ඇපයට තබාගෙන තම ඉල්ලීම් ඉටුකර ගන්නා දොස්තරලට දෙවිවරුන් කියන මිනිසුන් ඉන්නේ මොන රටේද? (ම)

:       0       0

මලී Sunday, 13 December 2015 05:30 PM

හොඳ වැඩක් (නි)

:       0       0

ප්‍රසන්න Monday, 14 December 2015 07:27 AM

බලමුකෝ දැන් මෙයාල හෙට වැඩ වර්ජනයක් කරනවනේ... හැබැයි ලස්සනට චැනල් එකට යයි සවස 4 වෙනකොට.... මිනිස්ස්සු ගිහිල්ල අල්ලන් ගහන්න ඕනේ එතකොට මෙයාලට.... මම කියන්නේ කාර් පමිට් එක දීලා චැනල් කරන දොස්තරලගේ ගාස්තුවෙන් බද්දක් ගන්න ඕනේ... ඒවගේම චැනල් ගාස්තුවලට පාලනයක් ආණ්ඩුවෙන් කරන්න ඕනේ....(අ)

:       0       0

ශාන Monday, 14 December 2015 07:32 AM

මේ අයගේ බෙහෙත් කඩවලින් හරියට රටට ටැක්ස් වත් ගෙවන්නේ නෑ. මේවා ඔක්කොම නවත්තලා රස්සාව විතරක් කරන්න ක්‍රමයක් හදන්න. (අ)

:       0       0

ශාන Monday, 14 December 2015 07:31 AM

දොස්තර මාෆියාව නැති කළ යුතුයි. සියලු රට වැසියන් මේ මාෆියාවට එරෙහි විය යුතුයි. (අ)

:       0       0

රුවන් Sunday, 13 December 2015 06:27 PM

දොස්තර මාෆියාවට හොඳ බේතක් දෙන එක යුගයේ අවශ්‍යතාවයක් (නි)

:       0       0

දුමින්ද Sunday, 13 December 2015 09:19 PM

දේශපාලන බේදයකින් තොරව මට පෙනෙන ලෙස රනිල් කියපු දේ තිත්ත වුණත් ඇත්තයි. සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයකට මෙයාලා කවදාවත් ප්‍රකාශයක්වත් කර තිබෙනවද? තමන්ගේ වාසියටයි හැමදේම (නි)

:       0       0

වින්සන්ට් Sunday, 13 December 2015 10:10 PM

දහසකුත් ප්‍රශ්න රටේ බහුතරයකට පවතින මොහොතක මෙම සංගමයේ හැසිරීම කොහෙත්ම සාධාරණ නැත. සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනකට වඩා දේශපාලන හස්තයක පළිගැනීමේ අවශතාවයක් ඉටුකරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. සේවය සේවයක් නම් එය දේශපාලකයන්ගේ සිට නගර සභා කම්කරුවන් දක්වාම සේවකයන් වියයුතුය. විශේෂ වරප්‍රසාද හිමිවිය යුත්තේ රටේ සිටින අංගවිකල මන්දබුද්ධික පුරවැසියන්ට පමණි. (නි)

:       0       0

පින්සර Sunday, 13 December 2015 10:46 PM

උපන්දා සිට හැම දෙයක්ම නොමිලයේ ආණ්ඩුවෙන් බලපොරොත්තුවෙන, පොදු මුදල් වලින් ඉගෙනගෙන රැකියාවක් ලැබීමෙන් පසුත් අර පර්මිට් මේ පර්මිට් ආණ්ඩුවෙන්ම බලපොරොත්තුවෙන, දුප්පත් ලෙඩෙකුට නොමිලයේ ප්‍රතිකාර නොකරන මෙම වෙදුන් ජනතාවගෙන් ගුටිකන දිනය ඉතා ළඟය. මිනිසුන්ගේ ඉවසීමේත් සීමාවක් තිබෙන බව දැනගත යුතයි. (නි)

:       0       0

ලයනල් Monday, 14 December 2015 12:07 AM

මම නම් කියන්නේ අගමැතිතුමා දොස්තරලා ගැන කියපු කතාව සම්පුර්ණ ඇත්තක්. ජනතාව අගමැතිතුමාගේ පැත්තේ ඉන්නේ. (නි)

:       0       0

විජේරත්න Monday, 14 December 2015 12:35 AM

එතකොට මහජන මුදලින් ඉගෙනගෙන දවසකට පැය කීපයක් රෝහලේ වැඩකරලා චැනල් සර්විස් වල ලක්ෂ ගණන් මුදල් උපයන දොස්තරලා ගැන කවුද ජිනීවා මානව හිමිකම් යන්නේ? මෙයාලා කරන්නේ ඌරාගෙ මාළු උගේ ඇඟ උඩ තියලා කපනවා වගේ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5160 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3021 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1518 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site