IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා

(අංජුල මහික වීරරත්න)

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවත් අබෙිවර්ධන මහතා කීය.

මේ ගැන රටේ සමස්ථ ජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතු යැයිද අබෙිවර්ධන මහතා  ප්‍රකාශ කළේය.

වජිර අබෙිවර්ධන  මහතා මේ බව කීවෙි  ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

දේශපාලන වශයෙන් දුර්වල, කඩාවැටී සිටින  කණ්ඩායම් අලුත් දේශපාලන සටන් පාඨයක් සොයා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින්නේ යැයිද අබෙිවර්ධන මහතා පැවසීය.



අදහස් (40)

රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා

wedage Thursday, 30 May 2024 03:31 PM

ඒක තමයි අවුරුදු දෙකක් කල් දාන්න කියලා කියන්නේ නේ ද ?

:       2       15

NAMAL Thursday, 30 May 2024 03:35 PM

එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       4       16

NAMAL Thursday, 30 May 2024 03:35 PM

එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       1       5

BITTER TRUTH Thursday, 30 May 2024 03:37 PM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       2       6

Muthu Thursday, 30 May 2024 03:39 PM

ඇත්තම මටත් ඕකම දැනුනා..හිතුනා....පස්සේ අම්මා වතුර කෝප්පෙකින් ගැහුවම ඇහැ ඇරුනා....වජිරට කවුරුත් දැන්ම වතුර ගහන්න එපා.... තව නිදා ගත්තාවේ..

:       1       12

NAMAL Thursday, 30 May 2024 03:41 PM

එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       2       3

Pankumburage Thursday, 30 May 2024 03:44 PM

යූඑන්පී සභාපති සහ ලේකම් දෙන්නම අමු ගොන්නු. කිව්වොත් කියන්නෙ ඔලමොට්ටල කතාවක්.

:       1       5

Chathuri Thursday, 30 May 2024 03:53 PM

මුන් වගෙ මී හරක් ටිකක් ඉන්නවා. උන් වෙන්න ඇති පොරකන්නෙ. දැන් ඉන්න ජනතාව අලුත් පරපුර එකඑකාට වහල් සේවය කරපු කාලේ. කොහෙවත් යන උන්ට ජනතා මුදලින් සුර සැප විදින්න. ඒව සේරම ඉවරයි මේ ඔක්තෝබර්. 18 උදේට ජමපර් මහන්න ලෑස්ති වෙන්න. පොර. කාකා

:       16       100

Jayasekara Thursday, 30 May 2024 03:56 PM

බලු පොරද ?

:       11       87

Ishara dissanayaka Thursday, 30 May 2024 04:05 PM

මූ මේවා කියන්නේ ගංජා ගහලා වෙන්න බැරිද ?

:       12       95

Chanuka Thursday, 30 May 2024 04:05 PM

මේ මනුස්සයා නියමෙට රනිල්ව අන්දනවා

:       11       88

KASUN Thursday, 30 May 2024 04:07 PM

රනිල්⁣ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා කියන එක නං පට්ට පල් බොරුවක් . හැබැයි රනිල්ටයි, ගුඑන්පි උන්ටයි , රාජපක්ෂලටයි නෙලන්න මිනිස්සු පොරකනවා.

:       14       93

C.K.Lankaputhra Thursday, 30 May 2024 04:09 PM

මේ තමයි නූතන M.S. බයිලා චක්‍රවර්ති කෙනෙක්. ඔක්තෝම්බර් මාසේ තියන්ඩ නියමිත ජනාධිපති චන්දෙට දැන්ම ඉදන්ම චන්ද පෝලින් වලට ගිහින් මිනිස්සු රනිල් මහත්තයට කතිරෙ ගහන්න පොර කනවලු. අනේ මෙහෙම හරකෙක්.

:       10       84

sanath Thursday, 30 May 2024 04:10 PM

හීන දැකීම කාගේත් අයිතියක්.

:       11       79

Prabha Thursday, 30 May 2024 04:25 PM

රජ ගෙදර කවටයා

:       11       81

ගෝමස් අබේවර්ධන Thursday, 30 May 2024 04:26 PM

අනේ ඔව්. ඉක්මනට චන්දේ තියන්නේ අපිට නින්ද යන්නෙත් නෑ එතුමාට චන්දේ දෙනකන්.

:       9       90

රවී Thursday, 30 May 2024 04:37 PM

ඉතින් ඒකනෙ දෙයියනේ අපි කියන්නෙ ඡන්දයක් තියන්න කියලා

:       2       4

Chaminda Kumara Thursday, 30 May 2024 04:41 PM

අපොයි ඔවි ඡන්දේ තියනකල් බලං ඉන්නේ සළකන්න. කිසිම වග විභාගයක් නැතුව රටේ සම්පත් ටික විකුණගෙන කන අතරේ රටේ ජනතාව කන්න බොන්න විදිහක් නැතුව හාමාත් වෙලා ඉන්නේ. ආපහු ඉල්ලපුහම වෙන දේ ඡන්දෙ තිබ්බහම බලා ගත්ත හැකි.

:       3       20

NAMAL Thursday, 30 May 2024 04:51 PM

එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       3       19

සමන්තFriday, 31 May 2024 11:19 AM

හරි. අපි රනිල්ට නොදී ඔහෙලගේ වාහේට දෙන්නම්කෝ. දැන් රනිල් කිසි දෙයක් කරලා නෑනේ. බලයට ආවොත් අර ඔහෙලාගේ වාහේ කොහොම ද ණය ගෙවන්නේ? ඇයි එහෙම නම්, එදා රට බාර නොගත්තේ? අපිත් බත් කන හරක් කියලා හිතුවද​?​

:       5       0

Nimantha Thursday, 30 May 2024 05:04 PM

මහබැංකුව කඩපු පිං ජනාධිපතිව ගෙදර යවන්න තමයි මිනිස්සු පොර කකා ඡන්දේ දෙන්නේ

:       3       25

Hafeel Thursday, 30 May 2024 05:54 PM

එ⁣හෙම නම්, වහාම මේ ගැන ඔයාගේ මහ ලේකම් වොඩ්කා රංගේට පැහැදිලි කරලා කියල වහාම ඡන්දය තියන්න. ඔයාගේ මහ ලේකම් ඡන්දය තියන්න බයෙන් ඉන්නේ.

:       3       23

රංබොඩ Thursday, 30 May 2024 05:55 PM

කොටි ,එළු , බටහිර එන්ජිඕ කට්ටිය ගැනද දන්නෙ නෑ මේ දොඩන්නෙ . මොනවා වුණත් තෝරගන්න රටට නායකයෙක් නෑ දැන්.

:       3       12

ගමේ එකාලා Thursday, 30 May 2024 06:02 PM

පක්ෂයේ මහ ලේකම් කියන කෙනත් ඡන්දේ අවුරුදු දෙකකට කල් දාන්ඩ කිව්වේ මොකද දන්නේ නැහැ?

:       2       17

Nimal 1 Thursday, 30 May 2024 06:32 PM

රනිල්ට විරුද්ධව ජන්දය දෙන්න මිනිස්සු පොරකනවා

:       3       21

Bandara Thursday, 30 May 2024 06:46 PM

මෙතුමාට විතරයි හරි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නේ. සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය දෙන හැමෝම මෙතුමාට සහයෝගය දිය යුතුයි. අනික් හැමෝම කතා කරන්නෙ ගැලරිය පිනවන දේවල් විතරයි. ආර්ථිකය විනාශ කිරීමට තීරණය ගත්ත 69 ලක්ෂය ඒගැන හිතන්න ඕන. නැත්නම් ආපහු පෝලිමේ ලැග්ගත්..කන්න නැතිවෙයි. මෙතුමා එක්ක වැඩ කල හැකි පාටලී, හර්ෂ, සුසිල්, වැනි උගත් වැඩ කල හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

:       27       7

ගුණපාල Friday, 31 May 2024 12:16 AM

අනේ බන්ඩෝ උඹේ ආර්ථික දැනුම. Imf එක දුන්න ණය ටිකයි, විදේශගත ශ්‍රමිකයෝ එවන ඩොලර් ටිකයි නැත්නම් බලන්න තිබුණ ආර්ථිකයේ නැගීම. ගත්තු ණය ගෙවන්නේ නැතිව මේ ඉන්නේ. ඒවා පටන්ගත්තාම පෙනෙයි. ඇයි බං උඹලා මෙච්චර මෝඩ. රටේ ඉතිරිවෙලා තියෙන ජාතික සම්පත් විකුනනවා ඩොලර් හොයන්න. ඩොලර් ගැන විතරයි හිතන්නේ...

:       2       8

Senevi Thursday, 30 May 2024 07:04 PM

අයිස් ගහපු අය වෙන්නැති

:       2       23

සුපුන් චාමර Thursday, 30 May 2024 08:00 PM

ඉතින් හිතපල්ලකො පිනා ගාව ඉන්න හරක් ගැන. අනිත් එක මෙහෙමනේ. 2010 නම් මිනිස්සු ඇත්තටම පොර කෑව. මහින්දට ඡන්දෙ දෙන්න. මහින්දත් ඒක දැනන් හිටිය. ඒකයි අවුරුදු දෙකක් කලින් ඡන්දෙ තිබ්බෙ.

:       2       19

Don perea Thursday, 30 May 2024 11:18 PM

සමනල් ලෝකයට යන්න කැමති ආර්යාව වෙන්න ඇති

:       3       3

chandima Thursday, 30 May 2024 11:58 PM

අන්න පොරකද්දී දෙන්නෙක් වැටිලා පෑගිලා මැරිලා

:       1       5

නිළමේ Friday, 31 May 2024 12:08 AM

ඔයවගේ ගොන් කතාවලටත් රනිල් රැවටෙනවද? මං හිතුවේ ටිකක් හරි ඉගෙනගත්තු මනුස්සයෙක් කියලා රනිල්. සබාපති කම රැකගන්නද ඕවා කියවන්නේ. පව් දෙය්යනේ. ඉතිං වෙන මොනවා දොඩවන්නද. මොන්ටිසෝරි ළමයෙක් වත් රැවටෙනවද මන්දා.ඔය ගොන් කථාවලට. පාරට බැහැලා ඇහුවොත්කියයි රනිල්ටයි ඔය සෙට් එකටයි මිනිස්සු කොච්චර කැමතිද කියලා.

:       2       3

Dhanushka Friday, 31 May 2024 08:57 AM

පොර තමා දැන් මිනිස්සුන්ට කන්ඩ වෙලා තියෙන්නෙ.. තුන් වේල කන්ඩ නැති හින්ද.. තියපල්ලකො චන්දෙ පොරේ බලාගන්ඩ.. චන්දෙන් ගෙදර යවපු හිවල්ලු තවත් ලැජ්ජ නැතුව තප්පුලනවා..

:       2       7

chinthaka Friday, 31 May 2024 09:13 AM

වසර 2 කතාවත් මෙයා ලව්වා කියවගන්න තමා බැලුවේ , ඒත් ජනතාව දන්නවා පිස්සා කියල, ඒකයි අරයා කිව්වේ

:       2       8

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 01:46 PM

යකාගේ හැටියට විමානේ කිව්වාලු, ඒවගේ තමයි නායකයාගේ හැටියට තමයි ගෝලයෝ ටිකත්. මෝඩ කමේ සීමාවක් නැහැ. මට හිතාගන්න බැහැ එ.ජ.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස් වුණාම කොහොමද කියලා...

:       1       3

sam Friday, 31 May 2024 02:21 PM

මහින්ද වටේ හිටපු හොර රැළ මහින්දව ආණ්ඩුව වගේ මේ වජිර ... බොරු කිය කිය රනිල්ව අන්දවනවා.

:       0       1

de silva Friday, 31 May 2024 02:31 PM

ප්‍රශ්නයක් නැහැ එහෙම නම් ඡන්ද තියන්න, අපිත් බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න... නමුත් රනිල්ට නොවේ.

:       0       2

de silva Friday, 31 May 2024 02:44 PM

රනිල් මොනවාද කරලා තිබෙන්නේ? රජයේ සේවකයෝ ප්‍රතිව්‍යුහගත කරාද? අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළාද? සෞඛ්‍යය ප්‍රතිසංස්කරණ කළාද? කොච්චර රජයේ සේවකයෝ රටේ හිටියත් රස්තියාදු නොවී මිනිහෙකුට පාස්පෝර්ට් එකක, හැඳුනුම්පතක්, රියදුරු බලපතක් ගන්න පුළුවන්ද? මහලොකුවට පෝලිම් නැතිකළා කියන්නේ 2020ට කලින් අපි පෝලිම්වල හිටියාද? රනිල් බලයට පත්වුණේ පොහොට්ටු කාරයින්ගේ ඡන්දෙන් නොවේද? දැනටමත් රනිල් ප්‍රමුඛ පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා... ඔවුන්ට රටේ සහ ආර්ථික දියුණුවට අවශ්‍ය කැමැති පනතක් සම්මත කරගන්න පුළුවන්... නමුත් ඔවුන් පසුගිය අවුරුදු 2 අවශ්‍ය ප්‍රතිසංස්කරන කිසිවක් කළේ නැහැ.. ඔවුන් විපක්ෂයට තම පිලට එන්න කියන්නේ තමන්ට බලේ තිබුණත් වැඩ බැරි නිසා, මේ සෙට් එකට නැවත ඡන්දෙ දුන්නත් ලැබෙන්නේ මේ ප්‍රතිඵලේම තමයි, යුද්ධය කාලේවත් අපි මෙහෙම දුක්වින්දේ නැහැ.

:       0       2

Kithsiri Friday, 31 May 2024 07:27 PM

කට්ටකින් ඇන ගන්න... එතකොට ඇහැරෙයි.

:       0       2

R.T. sarath Friday, 31 May 2024 07:57 PM

මේ මනුස්සයා මත්ද්‍රව්‍යක් පාවිච්චි කරනවද

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 175 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1046 3

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3732 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2885 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3364 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1477 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37896 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site