පස්දින නිල සංචාරයක් සඳහා ජපානයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහත් හරසරින් සහ ඉහළම රාජ්‍ය ගෞරව සහිතව ජපන් රජය පිළිගත්තේය.
ශ්‍රී ලංකා වේලාවෙන් සෙනසුරාදා (3) පෙරවරු 11.30 ට පමණ ඔසාකා ප්‍රාන්තයේ කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජපානයට පැමිණි වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබූයේ කන්සායිහි ජපාන තානාපති අකිරා මීරා හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනචි සුගනුමා ප්‍රමුඛ ජජන් රජයේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් විසිනි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට ජපන් රජය පියවර ගෙන තිබූ අතර ඔසාකා ප්‍රාන්තයේ මෙන්ම කන්සායි - කියතෝ නගරවලද ටෝකියෝ සහ ජපානයේ අනෙක් ප්‍රධාන ප්‍රාන්තවලද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය රැසක් අගමැතිවරයාගේ ජපාන සංචාරය පිළිබඳ පුවත් පළ කර තිබිණි.
අගමැති හා බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ආරක්ෂක රැකවල් මැද ප්‍රභූ රථ පෙළකින් කියතෝ නගරයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් වෙත කැඳවා ගෙන යනු ලැබූහ.
කියතෝ පැමිණි අගමැතිවරයා පිළිගනු ලැබුවේ ජපන් සංස්කෘතිය විදහා දැක්වෙන විශේෂාංග රැසකින් සමන්විත චාම් උත්සවයකිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද මේ ගමනට එක්වී සිටියේය.
ටෝකියෝ ආධාර සමුළුවෙන් 2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 45000 ක මුදලක් ගැනීමට ක්‍රියා කළ වික්‍රමසිංහ මහතා මෙවර සිය ජපන් සංචාරයේදී ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට ජපානයේ සෘජු දායකත්වය ගැනීමට අපේක්ෂිත බව ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පැවසීය.
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
රනිල්ට ජපාන හරසර
නිමල් Sunday, 04 October 2015 07:56 AM
මේවගේ නායකයෙක් ලබන්න අපි නැවතත් වාසනාවන්ත වුණා (ම)
චානක Sunday, 04 October 2015 09:34 AM
ජය වේවා ....(ම)
අමල් Sunday, 04 October 2015 11:49 AM
අපේ ආර්ථිකයට හොද සංචාරයක් වේවි. (ර)