IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

 රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව තම පුද්ගලික විශ්වාසය බවද අමාත්‍යවරයා කීය .

 මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීම් සිදුකිරීමට සුදුසු අවස්ථාවක නොවන බවද ඔහු කීය. එවැනි අත්හදා බැලීම් සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ රට තවතවත් අගාධයට ඇද වැටීම බවද රණතුංග මහතා පැවසීය.

මිනුවන්ගොඩ හා ගම්පහ පලාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පල පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

 



අදහස් (24)

රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි

ජේ ආර් නානා Tuesday, 16 January 2024 12:38 PM

මහ බැංකු හොරා යි කප්පම් කාරයායි එකට සෙට් වෙලා රට කන්නයි යන්නේ

:       6       40

Rata Perata Tuesday, 16 January 2024 12:43 PM

ශරීරයේ තරමට මොලේ නෑ කියන එකට තියන හොඳ උදාහරණයක්

:       4       41

සමන් Tuesday, 16 January 2024 12:48 PM

වාසි පැත්තට හෝයියා කියන කප්පම් හොරෙක්.

:       1       42

අතාවුද​ Tuesday, 16 January 2024 12:49 PM

අවස්ථාවක් දෙන්න තමයි අපිත් බලන් ඉන්නෙ ඡන්දෙ තියන්නකො ඉක්මනට​.

:       3       41

PATTA hora Tuesday, 16 January 2024 12:54 PM

මේ වදන් කියන්නේ.. කප්පන් අරගත්ත වරදට මහාධිකරණය මගින් වරද කාරයෙක් කරලා මුදල් මය දඩුවම් ලැබ, කප්පන් මුදල ආපහු ගෙවීමට හා වසර දෙකක් හිර දඬුවම් ලැබූ , උසාවියෙන් අච්චු කල හොරෙක්. උගේ හොර කල්ලියේ නායකයා ආපහු පිං ජනාධිපති කරගන්න ලු.

:       2       37

රංබොඩ Tuesday, 16 January 2024 12:58 PM

ආර්ථිකය ගොඩ දාලා ජාතිියක් හැටියට වැටුණොත් එතනින් ගොඩ ගන්නෙ කවුද ? කිසිම පක්ෂයක රටට ගැළැපෙන නායකයෙක් නෑ.

:       15       11

Lakmal Tuesday, 16 January 2024 12:58 PM

දෙනවා පම්කක්

:       2       22

ඉන්දික Tuesday, 16 January 2024 12:59 PM

රාජපක්ෂලට බැහැ කියලා පිළිගත්තා පක්ෂයේ ප්‍රබලයෝම

:       1       30

ana Tuesday, 16 January 2024 01:10 PM

80 ගනන්වල ඉදලා අවස්තාව දුන්නේ... මදිද ?

:       3       22

Pankumburage Tuesday, 16 January 2024 01:22 PM

තෝ රනිල්ට තව පාරක් නොවෙයි. හැමදාම දීපිය කප්පමා. තොපිට හොරා කන්න පුළුවන්නෙ.

:       3       30

Lal Tuesday, 16 January 2024 01:29 PM

රනිල් ජනාධිපතිතුමාට අපේ සියලු සහයෝගය දිය යුතුයි .... ත්‍රස්තවාදීන් ට අවස්ථාව නොදිය යුතුයි

:       27       11

Hafeel Tuesday, 16 January 2024 01:38 PM

රනිල්ට එහම තවත් අවස්තාවක් දෙනවද, නැද්ද කියන බලය තියන්නේ මේ රටේ ජනතාවට චන්දයක් හරහා මිස ඔයාට හෝ රනිල්ට එහම බලයක් නැත. එහම චන්දය පවත්වන දිනය තීරණය කිරීමේ බලය ව්‍යවස්ථාවෙන් පැවරිලා තියන්නේ මැතිවරණ කොමිසම් සභාවට මිස ස්රිකොත ගොඩනැගිල්ලට නොවේ. අනිකා මෙයා කියන්නේ රනිල්ට තවත් අවස්තාවක් දෙන්න කියල. නමුත් රනිල් බලාගන ඉන්නේ තවත් අවුරුදු 25ක් 2048 වනකම්. ඉතින් එහම බලන විට ඔහුට කොහොමටවත් මේ රට ගොඩ දාන්න බැහැ. ඔහු අවුරුදු 47ක් දිගටම දේශපාලනයේ විවිඩ තනතුරු දරමින්, දැන් කියන්නේ මෙතකල් ආපු ගමන් වැරදි කියල. ඒ කියන්නේ ඔහු අසාර්ථකයි කියල. ඉතින් ඔහුට තවත් අවස්තාවක් දෙන එක මෝඩකමක්.

:       6       26

Sachith Tuesday, 16 January 2024 01:58 PM

ඔව් ඉතින් ,වෙන කෙනෙක් ආවොත් කොහොමද නිදහසේ කප්පන් ගන්නේ .වැටිලා තියන නඩු ටිකෙන් බේරිලා ඉන්නේ.ඕවගේ කොච්චර නම් තියේද .රනිල් ව ආයෙම ගේන්න ඕන

:       3       28

Chamila Fernando Tuesday, 16 January 2024 02:18 PM

අවස්ථාවාදී දේශපාලුවෝ...හැරෙන හැරෙන අතට අත උස්සන මුන් මිනිස්සුද ? රනිල් ලොක්කා, මහින්ද ලොක්කා එක්ක ඔය හැමෝම ආණ්ඩු කලා නේද ? රට දේශීය ආර්ථිකයක් තුල ගොඩ නගන්න බැරි උනා ඔය එකෙකුටවත්. ඔක්කොම එකතු වෙලා හොරා කාලා, දැන් තමා රටේ ආර්ථිකය ගොඩ ගන්න හදන්නේ.

:       2       22

wedage Tuesday, 16 January 2024 02:25 PM

වාව් වාව් ,නැත්නම් මංකොල්ල කාරයන්ට ප්‍රශ්න ඇතිවෙනවා නේ .ටිකක් ඉන්නකෝ චන්දය එනකම්

:       2       21

චන්දන Tuesday, 16 January 2024 02:26 PM

ඔව් දෙන්න තමා බලන් ඉන්නෙ ..ඡන්දෙ තියපල්ලකො ..

:       2       21

cc Tuesday, 16 January 2024 02:44 PM

රට බංකොලොත් වූයේ දූෂිත වංක දේශපාලන සංස්කෘතියේ ප්‍රතිපලයක් හැටියටයි.1948 දී නිදහස ලබනවිට ආසියාවේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කියූ ශ්‍රීලංකාව වසර 75 ක් පාලනය කල,රටට ආදරේ නැති තම පුද්ගලික ලාභ ප්‍රයෝජන හඹාගිය අනුකම්පා විරහිත අනෙකා ගැන නොසිතන ආත්මාර්ථකාමී තරගකාරී ආර්ථික රටාව මේ රට ගුණ ධර්මවලින් හා දුප්පත් කමින් වැඩිම පීඩා විඳින රට බවට මේ අය පත් කර ඇත. මේ නිසා තවත් අවස්ථාව මොවුන්ට දීමෙන් මේ රටේ දරුවා ගේ හෙට දවස නැත්තටම නැති නොකර මේ දූෂිත වංක දේශපාලන සංස්කෘතිය පලවා හැර මේ රටට හිතකර දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කිරීම අද දවසේ සියලු පුරවැසියන්ගේ වගකීම වී ඇත. මේ රට හදන්නේ මේ රටේ ජනතාවගේ උත්සාහයෙන් කැපවීමෙන් හා මහන්සියෙන් වැඩකිරීමෙනි ඒ සඳහා නිවැරදි හා ප්‍රමුඛ සංවර්ධන ආයෝජන සමග ජනතාවගේ මහන්සිය හොරා නොකන දේශපාලන සංසකෘතියක් තිබිය යුතුයි ඒ සඳහා අවැසි නීති පද්ධති සේම අභ්‍යන්තර පාලන පද්ධති ගොඩනැගිය යුතුයි. එය අවංකව කරන අවංක දේශපාලනයක් මේ මජර පාලකයන් කිසිදා නොගෙනෙයි.ඒ නිසා දූෂිත හඩට කන් නොදී මෙය වෙනස් කරමු.

:       2       22

pakeer Tuesday, 16 January 2024 03:05 PM

කාට දුන්නත් මෙච්චර තමයි .උඹලා හිතනවානම් මේක ගොඩ ගන්න පුළුවන් කියලා ..උඹලා උන්මත්තකයෝ .රට ගොඩ ගත හැකි එකම මග නිෂ්පාදන සහ පිට රටට සේවාවන් සැපයීමෙන් පමණි.ඒකට හැමෝම දායක වෙන්න ඕනේ .උඹලත් වරෙල්ලා ..අමුඩයක් ගහගෙන

:       1       16

Buddika Tuesday, 16 January 2024 03:44 PM

අපෝ ඔව් දෙන්නාම ඕනෑනේ. මොකද ඔහේටත් අවස්ථාව පෑදෙන නිසා. කප්පම් අරන් උසාවියෙන් දඬුවම් කරලාත් ඇමැතිකම් කරන ලෝකේ එකම කප්පම්කාරයා මෙයා නේද? මොවුන්ට විලිලැජ්ජා නැහැ. මොවුන්ව පාර්ලිමේන්තු එව්ව ගම්පහ මීහරක්ට මොළේ නැත්ද?

:       1       15

fairoos Tuesday, 16 January 2024 04:11 PM

මේ ඉන්න කාලකණ්ණි සෙට් එක තොලොංචි වෙලා ගියොත් රට ගොඩගන්න පුළුවන්... පරණ අය ආවොත් රට තවත් වලපල්ලට... විශේෂයෙන් රාජපක්ෂවරු...

:       2       16

Chandima Tuesday, 16 January 2024 04:43 PM

ඔවුන් ට්‍රයල් බලනවා. අපි පෙට්‍රල් ගහනවා.

:       1       5

Nimal Tuesday, 16 January 2024 05:30 PM

ජනතාව එය නුදුරේදීම තීරණය කරනු ඇති... ඇපත් නැතිව ගෙදර...

:       1       4

බද්රානි Tuesday, 16 January 2024 07:53 PM

හොරෙක් කැමති වෙන්නේ හා හොරෙකුට ආරක්ෂාව පවතින්නේ තවත් එවැනිම හොරෙක් ළඟ පමණයි. විවිධාකාර විදිවලට හොරාකෑවාට ඔවුන් ඔක්කෝම හොරුම තමයි... තක්කඩි ව්‍යාපාරිකයින්ට විවිධ වර්ගයේ සහන හා වරප්‍රසාද ලබාදෙමින් ඒ හරහා හැමදාම බලයේ රැඳෙන්න තමයි.. ඔය කවුරුත් කටයුතු කරන්නේ... හැබැයි ඉතින් ඔය බොරුවට, හොරකමට, අසාධාරණයට හඬ නගන අප්පුලත් තමන්ගේ පොකට් ගාණක් වැටෙනවා නම් නැට්ට බඩයට ගහගෙන අපූරුවට කිසිවක් නොදැක්කා සේ ඉන්නවා... රටේ ජනතාවට ඔබින පාලකයින් තමයි පත්වී සිටින්නේ... අනෙකාව පීඩාවට පත්කරමින් තමන් සතුටු වෙන එකනේ මේ රටේ බහුතරයකගේ ආකල්පය... ඉතින් එහෙම ජාතියකට වගතුවක් වෙයිද..? මේ අමනයින්ට කිසිදා මේ රට ගොඩනගන්න බැහැ.. ඔවුන්ට එහෙම වුවමනාවකුත් නැහැ.. මේ පින්බිම ප්‍රබුද්ධ වැදගත් ජාතියක් අතට පත්විය යුතුයි. වෙනත් රටවල රටේ මහ ජාතිය කොතරම් ගෞරව සම්පන්නද..? ඒ රටවල වෙසෙන අනෙකුත් ජාතීන් අතරේ මහ ජාතිය කෙතරම් වැදගත් ලෙස ජීවත් වෙනවාද..? ඒකටත් එක්ක ලංකාවේ මහා ජාතිය අඥාන පරයින් රැළක්නේ...!

:       1       4

ගමේ එකාලා Tuesday, 16 January 2024 09:07 PM

දූෂිත දේසපාලුවන්ට කිසිම අවුලක් නැතුව ඉන්ඩ පුලුවන්නේ පින් ජනපතියා ඉන්නකම්.කොහොමද කප්පම් කාරයා ගේ ටිකිරි මොලේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 59 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 230 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 74 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 49 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 225 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1120 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site