IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල්ට බැන බැන මහින්ද සෙල්ෆි ගහයි

තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් ගමන් බිමන් අවශ්‍යතා ගැන රනිල් වික්‍රමසිංහ අගමැති බොහෝ කලක සිටම ඉදිරිපත් කරන කරුණු හාස්‍යයට, සරදමට හා උහාසයට ලක් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දැන් තරුණයන්ගේ ජනප්‍රිය විනෝදාංශයක් වන සෙල්ෆි ඡායාරූප ගැනීමට ඉදිරිපත්වී සිටියි.

ෆේස්බුක් ට්විටර් හා වෙනත් සමාජ මාධ්‍යයන්හි ඔහු ඔහුගේ සෙල්ෆි ඡායාරූප දැකිය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කුරුණෑගලින් මහ මැතිවරණයට තරග කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සෙල්ෆි ඡායාරූප ගැනීමේ නව රැල්ලට එක්වෙමින් කාල්ටන් නිවසින් ඇරැඹූ ගමන කොල්ලන් කෙල්ලන් වැඩියෙන් ගැවසෙන කොළඹ ආකේඩ් හා උයන්වතුවල ද සැරි සරයි.

කැමරාව අතේ දුරින් අල්ලාගෙන ස්වයංක්‍රීය ලෙස තම උඩුකය ඡායාරූපය ගැනීමේ පුරෝගාමියා වූයේ රොබර්ට් කෝරනේලියස් නම් ඇමැරිකන් ජාතිකයා ය. ඒ 1839 දී ය. සෙල්ෆි නමින් අද හැඳින්වෙන ඡායාරූප ගැනීම සඳහා බොහෝ විට පාවිච්චි කරනුයේ ඩිජිටල් කැමරාවක් හෝ කැමරා ෆෝනයකි.

කොරනේලියස් හඳුන්වා දුන් ක්‍රමය බරක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති මෙන්ම බොහෝ දේශපාලනඥයෝ තමන්ගේ ජනප්‍රියත්වය උදෙසා පාවිච්චි කරති.

මහින්ද රාජපක්ෂ මහතා එදා අරලියගහ මන්දිරයේත්, මැදමුලන වලව්වේත් දන්සල් දුන් සමයේ වෙනත් අය, ඔහුගේ ගෝලබාලයෝ සෙල්ෆි ඡායාරූප ගත්හ. ඔහුගේ ෆේස්බුක් ඇතුළු සමාජය වෙබ් අඩවිවල සෙල්ෆි යනුවෙන් එම ඡායාරූප හැඳින්වුවත් ඒවා ගැනීමට ඔහු කැමරාවක් හෝ ජංගම දුරකතනයක් පාවිච්චි කරන බවක් පෙනෙන්නට නැත.

ඔහු වෙනුවෙන් වෙනත් අය ඔහු ද සමඟ සිටින ඡායාරූප ගන්නා බව පෙනේ. කාල්ටන් නිවසේ දී පසුගිය දා ඔහු මුලින්ම එවැනි ඡායාරූපවලට මුහුණ දී ඒවා ඔහුගේ ෆේස්බුක්හි ද පළකළේය.

රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ගැත්තෙකියි බැන බැන ඔහු දැන් බටහිර සල්ලිකාරයන්ගේ විලාසිතාවක් හදුන්වා දෙයි.

ගූගල් සමාගම වයිෆයි ඇතුළු ඉන්ටර්නෙට් තාක්ෂණය වඩාත් ලාබ මිලකට ශ්‍රී ලංකාවට සැපයීම සඳහා විශ්ව අන්තර්ජාල පිවිසුමක් ශ්‍රී ලංකාවට ලබා දීමට යයි.

ඒ සඳහා වන ගිවිසුමකට ද අත්සන් තැබීය. කිලෝමීටර 20ක් ගුවනේ රැඳවෙන හීලියම් පිරවූ බැලුන් මගින් අන්තර් ජාල සංඥා ලබා ගනී. එක් බැලුනයකින් වර්ග කිලෝමීටර 5000ක් පමණ ලබා ගත හැකි බව ගූගල් සමාගම කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව අනාගතයේ දී ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය පතන ඕනෑම කෙනකුට සෙල්ෆි තවත් පහසු උපාංග ද සහිතව බිහිවනු නොඅනුමානය.

web1 web2



අදහස් (0)

රනිල්ට බැන බැන මහින්ද සෙල්ෆි ගහයි

අමිල සුගන්ද Thursday, 30 July 2015 05:14 PM

දිලිප් මට කියන්න ඔයා දන්නේ මොනවද කියල විතරක් (නදී)

:       0       0

ජෝන් Thursday, 30 July 2015 06:54 PM

සෙල්ෆි ගත්තා කියලා ලොක්ක දිනන්නේ නැහැ මේපාර. පැරදිලා ගම වටේ ඇවිද ඇවිද සෙල්ෆි ගගහා තමා ඉන්න වෙන්නේ. (නදී)

:       0       0

තාරක Monday, 03 August 2015 10:26 PM

මේ රටේ ඉන්න දෑසම පෙනෙන මිනිසුන්ට සත්‍යය නොපෙනෙන එක ගැන දුකයි (නි)

:       0       0

නාමල් Friday, 31 July 2015 11:13 AM

අයියෝ මෙතුමාට වෙච්ච දෙයක්? (නි)

:       0       0

සත්‍යයා Saturday, 01 August 2015 12:54 AM

අනේ අපේ මහින්ද මහත්තයට ගිය කල. මේ මොනවා කළත් දේශපාලන ආයු කාලය ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙනවා. මෙදා සැරේ නම් ජනතාව සේලයින් හෝ ඔක්සිජන් දෙන්න ලැහැස්ති නැහැ. (නි)

:       0       0

මෝරි Thursday, 30 July 2015 11:18 PM

මෙය වහාම එෆ්.සී.අයි.ඩී එකට පැමිණිලි කරන්න. අත් අඩංගුවට ගත යුතු වරදක් (නදී)

:       0       0

සිංහ Sunday, 02 August 2015 05:56 AM

සිංහලයන්ට ඉක්මනටම අමතක වන ජාතියක් කියලා ප්‍රභාකරන් කිව්වේ ඕක තමයි. මිනිසුන්ට ජිවත් වීමේ නිදහස ලබාදුන්න ඒ් උත්තමයට ජාතිය සදා ණය ගැතියි (නදී)

:       0       0

සරණපාල Saturday, 01 August 2015 12:16 PM

ශාන්ත මහත්තයගේ දැනගැනීමට. රනිල් මහත්තය නීතීඥ කෙනෙක් උනේ නියම සුදුසුකම් සහිතව. (නදී)

:       0       0

සෞදි රොහාන් Saturday, 01 August 2015 12:43 PM

හරිම සෝක් නේද මෙයා (නදී)

:       0       0

සරණපාල Wednesday, 29 July 2015 09:33 AM

උගත් කමේත් නුගත් කමේත් වෙනස. රනිල් මහත්තය තැනක හැසිරෙන්න දන්නවා. (ම)

:       0       0

ජයසේකර Thursday, 30 July 2015 10:42 AM

සෙල්ෆි ගත්ත කියල මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ....(ම)

:       0       0

සනුකි Thursday, 30 July 2015 03:40 AM

දිලිප්, ඔහෙට තේරුනේ නැතිවුණාට විදේශ රටවලදී රනිල් මහත්තයා නිරන්තරයෙන් ආසියාවේ මිණිපහන ලෙස ගෞරවයට පාත්‍රවුණා. (නි)

:       0       0

රෝහණ Saturday, 01 August 2015 03:54 AM

අදික බල ලෝබය විනාසයට මුලය. කලයුතු දේ නොකළ යුතු දේ දන්නෙත් නැත (නදී)

:       0       0

සේන Wednesday, 29 July 2015 09:43 AM

ඔය මොනවා කරත් වැඩක් නැහැ ජන්දෙ ලැබෙන්නේ නැහැ.(ම)

:       0       0

ශෂික Wednesday, 29 July 2015 09:50 AM

ඔව් මොහු හොදය .. නමුත් දැන් ඇතිවෙලා අප්පා.. රනිල්ට හෝ ජවිපෙට හොදයි කියනවා නෙවෙයි.. මහින්ද ඇතිවෙලා (බ)

:       0       0

නිමල් Thursday, 30 July 2015 03:47 AM

ඔහොම හිනා වේවි ෆොටෝ ගැහුවා වගේ නෙමෙයි බැරිවෙලා හරි හයියෙන් අතින් ඇල්ලුවොත් මොකද වෙන්නේ කියල දන්නව නේද? ගුටි කාල වැදලා සමාවත් ගන්න වෙනවලු. (නදී)

:       0       0

ශාන්ත Friday, 31 July 2015 05:22 AM

සරණපාල, දන්නා බම්බුව තමයි. මේ දෙන්නම නීතීඥයෝ. අනික සෙල්පි ගත්ත කියල ඒක බටහිර විලාසිතාවක් වෙන්නේ නෑ. එහෙම නම් ඉතින් කලිසමත් බටහිරින්නේ ආවේ. මෝඩ කතා. (නදී)

:       0       0

සුනිල් Thursday, 30 July 2015 03:56 AM

නමුත් අද තියෙන තත්වය තුල නායකත්වයට සුදුසු වන්නේ බුද්දීමතුන් පමණි. මොහු ගැමි ඡන්ද ලබා ගැනීම සඳහා බොරු බටහිර විරෝදී බේගල් කිව්වේය. රනිල්ට මොහුට වැඩිය දැක්මක් ඇත. ඔහු දූර දර්ශීය නමුත් බොහෝ අයට එය නොපෙනේ. දැන් බලන්න යුරෝපිය අැඟලුම් සහනය ලබාගත් හැටි. මත්ස්‍ය අපනයනයට ඇති බාදක විසඳූ හැටි. (නදී)

:       0       0

නසාර් Saturday, 01 August 2015 03:23 PM

අනේ අපේ මහින්ද මහත්තයා! (නි)

:       0       0

ඉන්දික Wednesday, 29 July 2015 03:28 PM

රනිල්ට වඩා මර්වින් සිල්වා උගත්නේද ? ඇයි එයාට ඔය ආචාර්ය පට්ටමකුත් තියෙන්නේ. (නදී)

:       0       0

දනුක Saturday, 01 August 2015 05:10 AM

සෙල්ෆි ගැහුවට කමක් නැහැ ගහන්න යන්නේ නැතුව.(නදී)

:       0       0

ශාන්ත Wednesday, 29 July 2015 10:30 AM

මහින්ද මහත්තයා කවදාවත් චුවින්ගම්, ඩෙනිම්, බ්‍රේස්ලට් කතා කියල නෝන්ඩි වෙන්නේ නෑ. එතුමා දන්නවා තමුන් මොනවාද කල යුත්තේ කියලා (නදී)

:       0       0

ගීතිකා Wednesday, 29 July 2015 03:47 PM

ඒකත් නියමයි නේද? (නි)

:       0       0

වරුණ Sunday, 02 August 2015 09:24 AM

සිංහ ඔබ කියන ජීවත් වීමේ නිදහස ලබා දුන් පුද්ගලයාගෙන් පලිගත්ත හැටි අපිට හොදට මතකයි. ඔහුට හිමි ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දුන් ජනපතිට තුති. (නදී)

:       0       0

සුසිලා ජයන්තිමාල Saturday, 01 August 2015 05:20 AM

ළඟ ඉන්න ගැණු කෙනාට නම් පොඩි කිචියක් තියෙනව වගේ. ඒකත් අනික් අයට තේරෙන්නේ නෑ. (නදී)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 29 July 2015 04:16 PM

කවුරු කොහොම නැටුවත් ජනතාව ආදරේ මහින්දටයි. සෙල්ෆි කියන්නේ බටහිර විලාසිතාවක් නම් හෑන්ඩ් ෆොර්න් භාවිතයත් වැරදිද? එ්කත් බටහිර විලසිතාවක්ද? (නදී)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 07:57 AM

පසුගිය යුගයේ තොරතුරු තාක්ෂණයෙන් ලොව දිනු බව බිල් ගේට් සම්මානෙන් ඔප්පු වුණා (ම)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 01 August 2015 05:17 PM

මහින්ද මහත්තයා ජනපතිවරණය කාලේ කිව්වේ ඔය කියන සෙල්ෆි ගහන්න පුළුවන් කියලා වෙන්න ඇති නේද? (නි)

:       0       0

සංජීව Thursday, 30 July 2015 04:37 AM

රනිල් කියන්නේ ප්‍රතිපත්තිගරුක ශ්‍රේෂ්ට නායකයෙක්. (ම)

:       0       0

රුවන් Thursday, 30 July 2015 04:42 AM

සිංහල බෞධයන්ගේ නායකයා (ම)

:       0       0

අමිල සුගන්ද Friday, 31 July 2015 06:49 AM

රුවන් ජාතිවාදය අවුස්සන්න එපා. එ්ක හරිම බයානක තත්වයක් (නදී)

:       0       0

හේමන්ත Wednesday, 29 July 2015 11:46 AM

මහින්ද හොද නළුවෙක්, රගපෑමට කොහොමත් දක්ෂයි.(අ)

:       0       0

කමල් Wednesday, 29 July 2015 05:18 PM

රනිල් ඔබයි අපේ පැතුම (නදී)

:       0       0

දම් Wednesday, 29 July 2015 11:58 AM

ජ වී ප යත් සෙල්ෆි ගැහුවොත් රටට හරියන එකෙක් වත් හොයන එක බොරු.(නදී)

:       0       0

පින්සර Friday, 31 July 2015 08:24 PM

මහින්ද කියන්නේ ලස්සන මනුස්සයෙක්. ඒ නිසා එයත් එක්ක සෙල්ෆි ගහන්න කට්ටිය ඕනෑතරම් (නි)

:       0       0

භාතිය Wednesday, 29 July 2015 06:54 PM

පව් දෙවියනේ, අර දහ අට පාලියේ ඉන්න ලජ්ජා යකා වගේ මේ විදියට හිනා වෙලා ඉන්නවා දැක්කම මට නම් පුදුම දුකක් දැනෙනවා.ලෝකයේ දරුනම ත්‍රස්තවාදයක් නැති කල ලෝක පුජිත නායකයෙක් බලයට තියෙන ආසාව නිසා ඇද වැටුණු වැටිල්ල.(නදී)

:       0       0

සේනක Thursday, 30 July 2015 05:09 AM

අකුරැස්සේ සිද්දිය නම් අනුමත කරන්න බැහැ (ම)

:       0       0

සත්‍යයා Saturday, 01 August 2015 11:17 PM

රුවන්,සියල්ලටම කලින් "සිංහල බෞද්ධයා" කවුද කියලා නිර්වචනය කරන්න. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 02 August 2015 01:08 AM

මෙන්න සිංහල බෞද්ධයන්ගේ නායකයා (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 29 July 2015 12:42 PM

රනිල්ගේ ඇති අමුතු උගත්කම සහ වැදගත්කම මට කවුරු හරි පැහැදිලි කරනවද ? මතක තියා ගන්න, මේ රටේ ඉතිහාසේ ඇතුලේ රට ඉදිරියට ගෙන ගියපු කිසි කෙනෙක් ඔය කියන මහා උගත්තු නෙමේ. හැබැයි ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත්ත අය. ඩි ඇස් සේනානායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ දෙන්නම මහා ලොකු උගත්තු නෙමේ. ඒ උනාට අදටත් මිනිස්සු අතිශය ගෞරව කරන අය.(නදී)

:       0       0

වජිරා Wednesday, 29 July 2015 09:02 PM

රට දෙකට කැඩීමට උත්සහ කිරීම උගත් කමද.(ම)

:       0       0

දනිති Thursday, 30 July 2015 09:20 AM

අවුරුදු නවයක්ම රට උකස් කළා පිටරටට. දැන් ආයෙත් පාරක් ඡන්ද හිඟා කනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 455 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 482 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10676 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3090 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3873 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6147 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19506 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site