IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රනිල්/මෛත්‍රී තිරුපති එති

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (22) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඓතිහාසික තිරුමාලා කඳුවැටියේ පිහිටි  තිරුපති හෙවත් වෙන්කතේශ්වර කෝවිලේ වතාවත් සඳහා සහභාගී වූහ.

තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

මේ දෙපළ විනාඩි විස්සක් පමණ ආගමික වතාවත්වල නිරත වූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

රෙනිගුන්ටා ගුවන් තොටුපොළ ඔස්සේ විශේෂ ගුවන් යානයකින් වික්‍රමසිංහ මහතා තිරුපති වෙත ගොස් ඇත.

 

sri-lankan-prime-minister-ranil-wickremesinghe_8c606244-c81b-11e6-afe5-88e9648d1b9f sri-lankan-prime-minister-ranil-wickremesinghe_59dc9176-c81b-11e6-afe5-88e9648d1b9f sri-lankan-prime-minister-ranil-wickremesinghe_cbab10a2-c81b-11e6-afe5-88e9648d1b9f



අදහස් (0)

රනිල්/මෛත්‍රී තිරුපති එති

සුසන්ත Thursday, 22 December 2016 02:34 PM

ඔබට සුබ ගමන්! (නි)

:       0       0

ගයාන් Thursday, 22 December 2016 02:37 PM

පද්මිණි, හිටපු රජා පාරක් පාරක් ගානේ ඇවිදිනවද? ඒ මනුස්සය නැත්නම් ඔයාගේ කවුරුහරිත් බෝම්බෙකින් මැරිලා. කෙළෙහිගුණයක් නැති මිනිස්සු (නි)

:       0       0

අශෝක Saturday, 24 December 2016 04:49 AM

අපි බලමුකෝ පැතුම් ඉටුවෙයිද කියලා (නි)

:       0       0

අප්පුහාමි Thursday, 22 December 2016 02:36 PM

පවු කියලා හිතෙනවා අනේ! (නි)

:       0       0

උඩුගම්පොළ Saturday, 24 December 2016 04:53 AM

දෙවි පිහිටයි ඔබ දෙපළට! (නි)

:       0       0

මංජුල Thursday, 22 December 2016 02:41 PM

අනේ අපේ රටේ නායකයෝ! (නි)

:       0       0

වින්සන්ට් Thursday, 22 December 2016 02:48 PM

ඇසළ කියන දෙවෙනි පින්තූරය දැක්කම මට නම් සිතෙන්නේ වෙන දෙයක් (නි)

:       0       0

බමුණුසේන Saturday, 24 December 2016 04:58 AM

පෙරේරා, එයාලගේ විශ්වාස ප්‍රායෝගික කරන්න ගියොත් දෙවියන් විශ්වාස නොකරන අපි වගේ රටේ අනික් අයට මොකද වෙන්නේ. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 22 December 2016 04:11 PM

නරකද ඒ රටේම හිටියා නම්...? (නි)

:       0       0

මිනිපෙ Thursday, 22 December 2016 04:12 PM

මෙය එතුමාගේ පුද්ගලික ගමනක් හා විශ්වාසයක්. කෙනෙකුට මෙය වෙනත් ආකාරයකට පෙනෙන්න පුළුවන්. දුටුගැමුණු රජ කතරගම දෙවියන්ව විශ්වාස කළ බව පොත්පත් වල සඳහන් වෙනවා. හැබැයි මා පුද්ගලිකව විශ්වාස කරන්නේ කරුණු කාරණා ඔප්පු කෙරෙන දෙයක් පමණි. (නි)

:       0       0

කෙනඩි Saturday, 24 December 2016 06:20 AM

ඔවුන්ගේ දහම බුදු දහමයි. නමුත් අපේ නායකයෝ තමුන් බෞද්ධ බව පැවසුවත් අදහන්නේ හින්දු දෙවියන්ය. තෙරුවන් සරණ යනු වෙනුවට සොයන්නේ දෙවි පිහිටයි. (නි)

:       0       0

මොහාන් Thursday, 22 December 2016 04:38 PM

පද්මිණී, ඔයත් මෙයාලට ඡන්දෙ දීලා දැන් පාරක් පාරක් ගානේ ඇවිදිනවා වගේ. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 22 December 2016 05:02 PM

ඉන්දියාව ලෝකයේ අන්ත දුප්පත් රාජ්‍යයක්. වතුර ටිකක් සොයාගන්න සැතපුම් ගණන් දුර යනවා. විශේෂ ගුවන් යානා මගින් මේ යන්නේ මහජන මුදල් වලින් නේද? (නි)

:       0       0

සඳුන් Thursday, 22 December 2016 05:06 PM

අනේ දෙවියනේ, මේ උතුමාව එහෙම තියාගන්න. (නි)

:       0       0

සුසා - කටාර් Thursday, 22 December 2016 05:35 PM

රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 22 December 2016 07:26 PM

හිටපු එක්කෙනා වගේ රනිලුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අල්ලා හතර වරිගයම වන්දනාවේ අරන් ගියාද? ගුවන් ගමන් බිල් ගෙවුවේ කවුද? බදු ගෙවන්නන්ද? පුද පූජා පවත්වලා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මොනවාද? (නි)

:       0       0

නිහාල් Thursday, 22 December 2016 07:30 PM

ඇසළ, ඔබ හරි. මේ යන්නේ මහජනයාගේ සල්ලි වලින් නේද? එ්ත් මහජනයාට කරන සේවයක් පෙනෙන්නට නොමැත (නි)

:       0       0

උපසේන Thursday, 22 December 2016 07:55 PM

බලනකොට කවුරුත් එකයි. මේ වගේ නායකයෝ එක්ක රටක් කොහොමද ඉදිරියට යන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 22 December 2016 08:01 PM

ජේවීපී අය වැඩියෙන් පාර්ලිමේන්තු යැව්වේ නැත්නම් අපේ රට විනාශයි. වෙන විකල්පයක් කිසිසේත්ම නොමැත. අතීතයේ වැරදි නොකළේ කවුද? ජේවීපී වසර 20 වැඩියෙන් රටට මොනතරම් යහපත් දේ කරලා තියනවද? මම නම් මේ පාර ඡන්දය දෙන්නේ ජවිපෙටයි (නි)

:       0       0

චාමර ගුණතිලක Saturday, 24 December 2016 08:24 AM

ලෝකයේ තියන එකම පෞරාණික බෞද්ධ සිද්ධස්ථානය වන ශ්‍රී දළදා වහන්සේ සහ ජයශ්‍රී මහා බෝධිය ළඟට ගොස් ආශීර්වාද ලබාගන්නවා වෙනුවට ඉන්දියන් අය පසුපස යෑම නිසා තව තවත් දේශපාලනික වශයෙන් දුර්වල වෙනවා නොවේද? (නි)

:       0       0

හේමන්ත Thursday, 22 December 2016 08:09 PM

යහපතක්ම වේවා! (නි)

:       0       0

සුකුමලී Thursday, 22 December 2016 08:54 PM

තමන්ගේ හිතට එකඟව අවංකව අාත්ම ශක්තියෙන් කටයුතු කරනවා නම් ධර්මය නියම අයුරින් පිළිපදිනවා නම් කාටවත් කවදාවත් වරදින්නේ නැහැ (නි)

:       0       0

දිනේෂ් Thursday, 22 December 2016 09:34 PM

දෙවියන් පිහිටවෙන්නේ යහපත් මිනිසුන්ටය (නි)

:       0       0

උදය Thursday, 22 December 2016 09:41 PM

මීට එරෙහිව අදහස් දක්වන අයටත් යන්න අවස්ථාවක් ලැබුනා නම් නොගිහින් ඉන්නවද? (නි)

:       0       0

හර්ෂ Friday, 23 December 2016 01:08 PM

තිරුපති දෙවියන්ගේ පිහිටෙන් බදු බර අඩුවේවා! (නි)

:       0       0

මලික් Thursday, 22 December 2016 09:39 PM

මම නම් අන්‍යයන්ගේ විශ්වාශයන්ට නිගරු නොකරමි (නි)

:       0       0

අශෝක Thursday, 22 December 2016 09:39 PM

තමන් ගැන තමන්ටවත් විශ්වාශයක් නැති මිනිස්සු ගැන රටේ මිනිස්සු විශ්වාස කිරීමේ ප්‍රතිඵල තමා අද රටේ විනාශයට මුල්වී තියෙන්නේ (නි)

:       0       0

ජනහිත Thursday, 22 December 2016 09:51 PM

තමන්ගේ හිත තමා දෙවියෝ. හිත පිරිසිදු නම් දෙවියෝ ළඟට යන්න ඕනෑ නැහැ, දෙවියන් තමන් ළඟට අනිවාර්යෙන්ම එනවා. දුෂ්ට හිත තියාගෙන දෙවියන් ළඟට ගියාට දෙවියන්ට දැකගන්න පුළුවන් ඒ හිතේ තියන ඒවා. ඒ නිසා අපි දෙවියන්ට කන්නලවු කළයුත්තේ හොඳ හිතෙන්මයි (නි)

:       0       0

ජනහිත Thursday, 22 December 2016 09:52 PM

නරකද තිරුපති වලම නැවතුනොත්? (නි)

:       0       0

ජයතු Thursday, 22 December 2016 09:56 PM

පද්මිණීගේ සටහන ඉතාමත් නිවැරදියි. රටේ වැඩිපුර සිටින මෝඩ ජනතාව බුද්ධිමත් කළහොත් රට දියුණු වෙයි. නැත්නම් කපටි දේශපාලුන් තවදුරටත් ජනතා මුදල් මංකොල්ලකමින් පන්සලට පල්ලි වලට අාධාර කරමින් පවින් මිදීමට උත්සාහ කළත් බුදුදහමට අනුව ඔවුන්ට ගැළවීමක් නැත. (නි)

:       0       0

ටානක Thursday, 22 December 2016 10:20 PM

මෙයාලා කවදාවත් ලී කුඇන් යු හරි ලොව එවන් ආදර්ශමත් නායකයින්ගේ පොතක්වත් කියවලා නැතුවා වගෙයි. අපේ රට වගේ ලෝකෙටම ණය රටක් කොහොමද දියුණු කළයුත්තේ කියලා,අපිට ජපානෙන් ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. අපිට නැවෙන චින්තනයක් තිබෙන තරුණ උගත් බුද්ධිමත් නායකයින් අවශයි. ගතානුගතික, පරණ විදියට හිතන යල්පැනපු නායකයෝ නැතුව තරුණ උගතුන් රටේ නායකයෝ කරගමු. ඊළඟ ඡන්දෙදිවත් මිනිස්සු බුද්ධිමත් වේවා! (නි)

:       0       0

පුබුදු Thursday, 22 December 2016 10:21 PM

ලංකාවේ සියලුම දේශපාලකයෝ මිත්‍යාදෘෂ්ටියෙන් පිරිලා. එහෙම වෙලා තියෙන්නේ තමන්ගේ හෘද ශාක්ෂිය දන්නවා තමුන් කරපු වැරදි වල තරම. ඉතින් පව් සමා කරගන්න කෝවිල් දේවාල පස්සේ යනවා. බුදු දහම හරියට අනුගමනය කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේක මේ ආණ්ඩුවටත් කලින් ආණ්ඩුවටත් විතරක් නෙමෙයි, පළවෙනි රාජසිංහ රජ්ජුරුවන්ටත් වුණා. (නි)

:       0       0

අශිකා Thursday, 22 December 2016 10:27 PM

මුලින්ම දෙවියන්ට වඩා මිනිසුන් බලවත් කියලා ලෝකෙට හැඟවිය යුතුයි. දැන් ලෝකය ගොඩක් දියුණුයි. ඊළඟ කාරණය යල්පැනපු වයෝවෘධ දේශපාලකයින් විශ්‍රාම ගැන්විය යුතුයි. (නි)

:       0       0

ධම්ම Friday, 23 December 2016 03:12 PM

අරමුණ පෞද්ගලික පහරදීම් නොව රටේ අභිවෘද්ධිය පමණක් නම් තිලක්-ඩුබායි සාදරයෙන් පිළිගනිමු. (නි)

:       0       0

රජිත් Saturday, 24 December 2016 11:47 AM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

රකිත් Friday, 23 December 2016 12:09 AM

ජාතික ඇඳුමින් නම් කවදාවත් දැක නැත. මෙවැනි ඇඳුමකින් සැරසී සිටිනවා දුටුවේ ප්‍රථම වතාවටයි. (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 24 December 2016 11:47 AM

තිලක්, අපිත් ඡන්දය දෙන්නේ ජවිපෙටයි. (නි)

:       0       0

අරවින්ද Friday, 23 December 2016 04:19 PM

එයාලා එනකොට තව අය යන්න දැන්මම සූදානම්වෙලා ඇති (නි)

:       0       0

සුනිල් Friday, 23 December 2016 12:53 AM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෝ තවමත් මෙවන් මත වලනේ? ජනතා බලය තිරුපතිට වැඩිය බලවත් බව මහින්ද මහත්තයා නම් දැනගත්තා. ඔයාලටත් ළඟදීම දැනගන්න ලැබෙයි බලවත් කව්ද කියලා (නි)

:       0       0

රංග Friday, 23 December 2016 01:26 AM

ලංකාවේ රාජ්‍ය නායකයෝ ඉන්දියාවේ කුමන්ත්‍රණ වලින් පත්වෙන එක ඉතිහාසයේ ඉඳලම වුණා. (නි)

:       0       0

ජෝසප් පෙරේරා Friday, 23 December 2016 01:44 AM

තිරුපති කෝවිලේ හාස්කම් ඇති බව මම ඇස් පනාපිට ඔප්පුකර තියනවා. මම කවදාවත් ඹය කෝවිලට නොගිය නිසා මට අගමැති තියා පළාත් සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරිවුණා. තවත් උදාහරණ මොකටද? (නි)

:       0       0

රකිත් Friday, 23 December 2016 01:51 AM

මෛත්‍රී මහත්තයා ගියේ නැද්ද? (නි)

:       0       0

මධුකුමාර Friday, 23 December 2016 01:57 AM

දේශපාලකයන්ගේ කතාව ඩිජිටල්, හිත තිරුපති! (නි)

:       0       0

ලාල් Saturday, 24 December 2016 03:34 PM

අපි ඔවුන්ගේ විශ්වාසයන්ට ගරුකරමු (නි)

:       0       0

ලලිත් Friday, 23 December 2016 02:46 AM

මේ දෙන්නගේ සිතුම් පැතුම් සඵලවෙලා බාරයක් ඔප්පු කරන්න ගියාද කවුද දන්නේ. (නි)

:       0       0

රොෂාන් Saturday, 24 December 2016 05:53 PM

ලංකාවේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්න දෙවියන්ටවත් කියන්න වෙයි. (නි)

:       0       0

සකුන්තලා Friday, 23 December 2016 02:57 AM

ඉන්දියාවෙන් උපදෙස් ගන්න ගිහිල්ලා වගෙයි. මෙතුමන්ලා කරන වැඩ වලින් එජාපය යළි කිසි දිනෙක බලයට නොඑන පක්ෂයක් බවට පත්වෙනවා නිසැකයි. පාරම්පරික යු එන් පී කාරයෝ මේ වනවිට තම පක්ෂය එපාවී තමුන් ඡන්දය දුන් අත කපාගන්න හිතෙන තත්වයට පත්වී ඇත. (නි)

:       0       0

ජයන්ත Friday, 23 December 2016 03:04 AM

මෙතන ප්‍රතිචාර දාපු අයට දැන් තේරෙනවා මේ දෙගොල්ලම බෙදාගෙන බදගෙන, ඒ මදිවට දෙවියනුත් සම්බන්ධ කරගෙන කියලා. හැබැයි මේ කව්රුවත් ඡන්දෙ දවසට ඡන්ද පොළට ගියාම ජේවීපි කොල්ලන්ට ඡන්දයක් දෙන්නේ නැහැ. එ්කයි අපේ මිනිස්සු මෝඩයි කියන්නේ. බොරුවට තප්පුලනවා. (නි)

:       0       0

රකිත් Friday, 23 December 2016 03:13 AM

ලලිත්, සිතුම් පැතුම් සඵල වෙලාද? එහෙම නැත්නම් සිතුම් පැතුම් සඵල වෙන්න කියලද? (නි)

:       0       0

රුවන් හේරත් Friday, 23 December 2016 03:18 AM

මොකද මේ හදිසියේම දෙවියෝ මතක්වෙලා තියෙන්නේ (නි)

:       0       0

විශාඛා Friday, 23 December 2016 03:20 AM

අපි බලමු දෙවියන් ගන්නා තීරණය මොකක්ද කියලා

:       0       0

ඉමේශ් Thursday, 22 December 2016 11:23 AM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා.

:       0       0

ඔසධ Friday, 23 December 2016 03:21 AM

හිත හොඳින් ගිය වැඩේ කරගෙන එන්නකෝ (නි)

:       0       0

ලලිත් Thursday, 22 December 2016 11:24 AM

බයවෙන්න එපා වැඩේ හරියනවා. අලුත් අවුරුද්දේ ජනවාරි වලින් පස්සේ හරියනවා. (නි)

:       0       0

හර්ෂ Friday, 23 December 2016 03:29 AM

තිරුපති කියන්නේ ඕනෑම ආගමක කෙනෙකුට විවෘත පුජනීය ස්ථානයක් (නි)

:       0       0

ජිලෝ Friday, 23 December 2016 03:29 AM

ගොඩක් අයගේ ආගම බුද්ධාගම වුණත් විශ්වාස කරන්නේ හින්දු දෙවිවරු! (නි)

:       0       0

යෝනක Friday, 23 December 2016 03:49 AM

පැතූ සියල්ල එලෙසින්ම ඉටුවේවා! (නි)

:       0       0

ජිලෝ Friday, 23 December 2016 03:47 AM

බුදු බණ ඇසුවා නිරන්තරේ, ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ.... (නි)

:       0       0

අමිල Thursday, 22 December 2016 11:59 AM

අනේ මෙහෙමත් විකාර (බ)

:       0       0

ගමගේ Friday, 23 December 2016 04:05 AM

ඉක්මණින් නැවත එන්නකෝ (නි)

:       0       0

අබේරත්න Thursday, 22 December 2016 12:01 PM

දෙය්යන්ගේම පිහිට තමා. (බ)

:       0       0

පෙරේරා Saturday, 24 December 2016 12:28 AM

ඒක එයාලගේ විශ්වාසය! (නි)

:       0       0

ගාමිණි Saturday, 24 December 2016 12:32 AM

ජයලලිතාගේ ජීවිතය බේරාදෙන ලෙස බහුතරයක් තමිල්නාඩු ජනතාවත් ඔය දෙවියන්ගෙන් ඉල්ලලා තිබුණා නේද? (නි)

:       0       0

ලක්විදු Sunday, 25 December 2016 04:34 AM

නියම බෞද්ධයන් ඔය වගේ පිහිට ඉල්ලලා දෙවියන් පසුපස යන්නේ නැහැ. (නි)

:       0       0

ලක්මාල් හෙට්ටිගොඩ Thursday, 22 December 2016 12:15 PM

මේවා දැක්කාම මොකක්ද හිතන්නෙ ...(බ)

:       0       0

විපුල Thursday, 22 December 2016 12:19 PM

නිෂ්පල දේවල් වලට රටේ මහජනයාගේ සල්ලි කාබාසිනියා කරන එක තමා මේ ඔක්කොම පාලකයෝ කරන්නේ. මෙයාලගේ අතින් යන්නේ නැනේ. (බ)

:       0       0

චින්තක Friday, 23 December 2016 04:57 AM

රකිත්, ලලිත්, දෙවෙනි පින්තූරේ බලනකොටනම් පෙනෙන්නේ එහෙම වෙන එකක් නැහැ වාගේ (බ)

:       0       0

සඳුන් Friday, 23 December 2016 05:05 AM

ඔයගොල්ලෝ බයවෙන්න එපා. (බ)

:       0       0

ඇසළ Thursday, 22 December 2016 12:32 PM

දෙවැනි පින්තුරේ දැක්කම හිතා ගන්න පුළුවන් බොහෝ දේවල් තියනවා. (බ)

:       0       0

මනෝජ් Thursday, 22 December 2016 12:47 PM

මිනිස්සුන්ට දහසක් බොරු පොරොන්දු දීල එයාලගේ ඡන්ද වලින් බලේට ඇවිත් දුන්න පොරොන්දු ඉටු කරන්නේ නැතුව පිස්සු නටල මිනිස්සුන්ගේ අප්‍රසාදයට පත්වෙලා ඊළඟ ඡන්දෙ පැරදි කියල දැනුනම දෙයියෝ පස්සේ දුවනවා බේරලා දෙන්න කියල. (බ)

:       0       0

ඕමාන් සිල්වා Thursday, 22 December 2016 01:16 PM

ඔබ තුමාට පිහිටට ඉන්න දෙවියෝ වෙන කවුරුවත් නෙවයි ලංකාවේ මහා ජනතාව ඒ අය‍ට දැනෙන්න වැඩ කරන්න නැතුව නොපෙන්නෙන දෙවියෝ පස්සේ ගිහින් ගෙදර යන්න වෙයි ඒක මතක තියාගන්න (බ)

:       0       0

ලක්ෂි Thursday, 22 December 2016 01:21 PM

අාත්ම ශක්තිය බිඳුණු නායකයෝ (බ)

:       0       0

ලෙස්ලි Saturday, 24 December 2016 02:18 AM

මෙය මිනිසුන්ගේ ස්වභාවයයි. අපි සැමවිටම කරදරයකදී නොපෙනෙන බලවේග වලින් පිහිට පතමු (නි)

:       0       0

පද්මිණී Thursday, 22 December 2016 01:31 PM

අම්මෝ ඔළුවක තියෙන බරක්. මහමේරු පර්වතේ කඩා වැටිච්ච ගානයි. කෝවිලේ ගලේ ගහගත්තට හරියන්නේ නැහැ. දුප්පත් අම්මලාගේ ඔලුවත් දැන් මහාමේරුව වගේම බරයි.පසුගිය රජාත් කෙරුවේ ඕකමනේ. එ්ත් දැන් පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා. (බ)

:       0       0

සෙනෙවි Thursday, 22 December 2016 01:40 PM

හොඳටම බයවෙලා බව පේනවා (නි)

:       0       0

එරන්ද Thursday, 22 December 2016 01:41 PM

ඒක ඒ දෙන්නගේ පුද්ගලික ගමනක් වෙන්නත් පුලුවන් (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 22 December 2016 01:47 PM

මේවා දැක්කහම මොකක්ද හිතන්නෙ කියලා කව්ද අහනවා. මට නම් හිතෙන්නේ තාම බයියෝ ඉන්නවා කියලා. (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 22 December 2016 01:50 PM

අනේ තිරුපති දෙවියනේ, මේ අය දෙස බලන්න (නි)

:       0       0

කුලසේකර Monday, 26 December 2016 04:21 AM

මේ වගේ ක්‍රියා දකින ඈත පළාත්වල වතුර ටිකක් හොයාගන්න හැතැප්ම ගානක් පයින් යන හිංසක ගැමියන්ට මොනවා හිතෙයිද? මේ දුප්පත් ජනතාව එක අතකින්, රැවටීමක් බව හොඳටම පැහැදිලියි. මේ දේශපාලකයන්ට ඡන්දය දුන්නේ මේවා කරන්නද? (නි)

:       0       0

මොහාන් Thursday, 22 December 2016 02:12 PM

පද්මිණි, ඔබ ඉතාමත් නිවැරදියි (බ)

:       0       0

ශාන්ත Thursday, 22 December 2016 02:11 PM

මේ දෙවියන්ට ගොඩක් වැඩ තියනවා ඉන්දියාවේ මිනිස්සුනට උපකාර කරන්න. මෙහෙ ඉන්න කවුරුහරි දෙවි කෙනෙකුට පුජාවක් තිබ්බනම් ටිකක් සලකා බලයි (බ)

:       0       0

චමින් Thursday, 22 December 2016 02:22 PM

මෙතුමන්ලා ශ්‍රී මහා බෝධිය වඳින්න යද්දී නම් සුදු සරමකින් සැරසෙනවා අපි කවදාවත් දැකලා නැහැනේ (නි)

:       0       0

විජේතුංග Monday, 26 December 2016 05:41 AM

මේවට අදහස් දක්වලා නිකන් අපේ ලේ පුච්චගන්නවා විතරයි අපි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 312 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 927 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4564 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site