IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රනිල් ඉරිදා ’’සටන’’ අරඹයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (10) කුලියාපිටියෙන් මැතිවරණ සටන  අරඹයි.

"සැබෑව" යන තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන  මැතිවරණ සටන ඇරැඹීමේ ප්‍රථම මහජන රැළිය  කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී ඉරිදා (10) පස්වරු 2ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල  විරාජ් කාරියවසම් මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය  සංවිධාන කරන බව කීය.

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී කාරියවසම් මහතා අවසානයේ සියලු බලවේගය එක්වී ජනාධිපති  රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.



අදහස් (7)

රනිල් ඉරිදා ’’සටන’’ අරඹයි

අරවින්ද මොනරවිල Wednesday, 06 March 2024 08:57 AM

බොරුව හොඳටම කරන නිසා සැබෑව කියලා නම දාන්න හිතෙන්න ඇති, අලි බොරුව කියලා නම දා ගත්තා නම් වැඩේට ගැලපෙනවා...

:       2       5

Simiyon Wednesday, 06 March 2024 09:16 AM

මේ සැරේ රනිල්ව ගිනස් පොතටත් දානවා 31 වෙනි වතාවටත් පැරදිච්ච විදියට... ලොවෙත් නෑ... ලොවි ගහෙත් නෑ...

:       2       3

Pradeep Wednesday, 06 March 2024 09:46 AM

පල් හොරෙක්... පාදඩයෙක්... අසික්කිත පාලකයෙක්... මේ අවසානය තමයි.

:       2       3

Lakmal Wednesday, 06 March 2024 09:56 AM

අනේ... අකිල නොදුටු මොක්පුර...!

:       3       4

Nimal Wednesday, 06 March 2024 10:54 AM

දැනටමත් අන්ත පරාජයක් ලැබී හමාරයි. මෙදා සැරේ අපිත් කම්මුතුයි.

:       5       7

Banda Wednesday, 06 March 2024 01:21 PM

කුලියාපිටිය නිමය තෝරාගැනීමක්. වොක්ස්වැගන් ෆැක්ටරිය ඉස්සරහාම රැස්වීම තිබ්බා නම් මරේ මරු...!

:       3       5

fairoos Wednesday, 06 March 2024 02:01 PM

කුරුණෑගල ජනතාවට හොඳ අවස්ථාවක්.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 3 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 188 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 311 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 819 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 284 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 556 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site