IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රනිල් උදකරාජ සුත්‍රයෙන් දයාසිරිට උත්තර දෙයි

දේශපාලනයේදි ඉවසීම අවශ්‍ය නමුත් හිටපු මන්ත්‍රි දයාසිරි ජයසේකර ළග ඒ ගුණය මෙන්ම  උපකාර කරන්නාට කළගුණ සැළැකීමේ ගුණයද නොවී යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අංගුත්තර නිකායේ  උදකරාජ සුත්‍රය ගෙනහැර දක්වමින්  වික්‍රමසිංහ මහතා කීවේ ලොව විල් හතර වර්ගයක් ඇති බවයි.

ගැඹුරු ලෙස පෙනෙන නොගැඹුරු විල්,නොගැඹුරු ලෙස පෙනෙන ගැඹුරු විල්,ගැඹුරු ලෙස පෙනෙන ගැඹුරු විල්,නොගැඹුරු ලෙස පෙනෙන නොගැඹුරු විල්. පුද්ගලයින් සම්බන්ධයෙන්ද එම ධර්මතාව ගැළපෙන බව වික්‍රමසිංහ මහතා කීවේය.

බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට වදාළ ධර්මයක්ද වික්‍රමසිංහ මහතා ගෙන හැර දැක්වීය. උපකාර කරන්නාද උපකාර ලබන්නාද කෘතවේදී විය යුතු බව ඉන් කියවෙන බවත් එය දයාසිරි ජයසේකර මහතාට සිහිපත් කර දෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (0)

රනිල් උදකරාජ සුත්‍රයෙන් දයාසිරිට උත්තර දෙයි

සංජය විජේරත්න Wednesday, 07 August 2013 09:56 PM

සියල්ල නැතිවෙන සුළුය කියල හිතල, (අ)

:       0       0

දර්ශන Wednesday, 07 August 2013 09:58 PM

හරිහමන් විපක්ෂයක් තිබුනානම් වැලිවෙරියේ ප්‍රශ්නයම ඇති ආණ්ඩුව ගෙදර යවන්න විපක්ෂයත් ඉතින් ආණ්ඩුවේ නියෝජිතයෙක් වගේනේ හැසිරෙන්නේ දෙයියංගෙම පිහිටයි (දී)

:       0       0

චානක. Wednesday, 07 August 2013 10:05 PM

කොහොම හරි කමක් නැහැ රටට තියෙන ණය ටික බේරලා දාන්න (දී)

:       0       0

පැහැසර Wednesday, 07 August 2013 10:23 PM

කවදාවත් බලයට එන්න කිසිම උවමනාවක් නැති නායකයෙක්. අඩුම ගානේ කතා කරන්න පෞර්ෂයක් තියන එක්කෙනක් ඉන්නවද ? අම්මෝ අර මහා ලේකම් තුමා කතා කරද්දී වස අප්පිරියයි . අපේ නැන්ද ඊට වඩා හොදට කතා කරනවා. (දී)

:       0       0

නන්ද Wednesday, 07 August 2013 10:35 PM

ඔබතුමා, රටේ අනිත් දේශපාලන නායකයන් බොහොමයක් එක්ක සසඳන විට දක්ෂ උගතෙක්. ඔබ තමයි තරඟ විභාග මගින් ගුරු පත් වීම දෙන්න ක්‍රියා කළේ. විද්‍යාපීඨ ඇරඹුවේ ඔබතුමා. හොරකම් සම්බන්ධ චෝදනා ඔබතුමාට නැහැ.එහෙත් ලංකා ඉතිහාසයේ අතිවිශාල සේවයක් කළ පක්ෂයක නායකයා ලෙස එම පක්ෂය හසුරුවා ගැනීම් හා පක්ෂයේ දක්ෂයන් රැකගෙන ඒ අයත් එක්ක අත්වැල් බැඳගෙන පක්ෂය ඉදිරියට ගෙන යාමේ කාර්යය කිරීමට ඔබ අසමත් වී තිබීම ඉතාම කනගාටුදායකයි. (නි)

:       0       0

දාස් Wednesday, 07 August 2013 10:50 PM

වැඩක් නැහැ වැඩක් නැහැ. හුගක් කට්ටියට තේරෙන්නේ වෘෂභ සුත්‍රය පමනි (නි)

:       0       0

රේණුක Thursday, 08 August 2013 11:29 AM

විශ්ව ,යශෝදා,ලලිත් ,හේවා, සුජීව ,මධු මනෝවෛද්‍යවරයෙක් ලඟට ගිහින් මොලේ ටිකක් සෝදලා පිරිසිදු කරගත්තොත් නේද හොඳ ?ඔබලා සියල්ලෝම සිහින මාලිගා කාරයෝ (දී)

:       0       0

ලලිත් Wednesday, 07 August 2013 11:03 PM

ඒක නම් ඇත්ත. ඔය ඉවසීමේ ගුණය නිසානේ එතුමා තවම ඉවසගෙන ඉන්නේ. (නි)

:       0       0

සංජීව Thursday, 08 August 2013 11:43 AM

රනිල් මැතිතුමා පටලව ගන්නෙ නැතුව මේ විල් හතර ගැන කොහොම කිවුවද කියලා මට හිතාගන්න කොහොමටවත් බැහැ. එතුමා සිංහලෙන් මොනවා හරි කියන්න ගියොත් අනාගන්නවා. නමුත් මම හිතනවා එතුමාට එක වරක් හෝ ජනාධිපතිකම ලැබිය යුතුයි කියලා. රටට හොඳ සේවයක් කරන්න එතුමාට ඉතා හොද හැකියාවක් තියෙන බවට කිසිම සැකයක් නැහැ. එතුමාට සුබ අනාගතයක් පතමි. (නි)

:       0       0

අසාද් Wednesday, 07 August 2013 11:24 PM

රනිල් බණත් දන්නවද? (නි)

:       0       0

කාලිංග Thursday, 08 August 2013 11:52 AM

දයාසිරි හරි රනිල් මොනවද කියවන්නේ (දී)

:       0       0

රේණුක Wednesday, 07 August 2013 11:33 PM

අශ්වයෝ ටික ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ විපක්ෂ නායකතුමනි.දැන් ඉතින් අශ්වගාල සුද්ද කරලා වහලා දමන එක තමයි තියෙන්නේ.මේ රටේ මේ වෙන හැම දෙයටම විපක්ෂය වග කියන්න ඕනෑ. ප්‍රබල විපක්ෂයක් තියෙනවා නම් කිසිම ආණ්ඩුවකට හිතුමතේට නටන්න බැහැ. (නි)

:       0       0

සුරංග Thursday, 08 August 2013 12:05 PM

විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)

:       0       0

සුරංග Thursday, 08 August 2013 12:05 PM

විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)

:       0       0

හේවා Wednesday, 07 August 2013 11:59 PM

රනිල් නායකතුමනි, කව්රු මොනව කිවුවත් ඔබ සන්සුන්ව අපේ රටේ අනාගතය ගොඩ නගන්න අදිටන් කර ගන්න (නි)

:       0       0

සුරංග Thursday, 08 August 2013 12:05 PM

විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)

:       0       0

සුජීව Wednesday, 07 August 2013 11:59 PM

රනිල් නායකතුමනි, කව්රු මොනවා කිවුවත් බුද්ධිමත් ජනතාව ඔබ කවුද කියලා තීරණය කරලා අවසන්, රටේ අනගතයක් පෙනෙන්නේ නැති අය මෝඩ කතා කියනවා. ඔබ සන්සුන්ව අපේ රටේ අනාගතය ගොඩ නගන්න අදිටන් කර ගන්න. වැඩි ඈතක් නැත ඔබේ ජයග්‍රහනයට. එහි ලක්ෂණ සදහන් නොකළාට දැන් පෙනෙනවා නේද? මගේ ශ්‍රී ලංකාව බුද්ධිමතුන්ගේ දේශයක් හැටියට ලෝකය ඉදිරියට ගෙනියන්න ඔබට ලැබේවා. (නි)

:       0       0

සුරංග Thursday, 08 August 2013 12:05 PM

විපක්ෂ නායක තුමනි අපි ඔබ සමග (දී)

:       0       0

ඇමි.ඩී.ප්‍රේමරත්න Wednesday, 07 August 2013 11:59 PM

හාමුදුරුවොත් එක්ක කථා කරලම මේවා මෙහෙම කියවන එක හොදයි වගේ. (නි)

:       0       0

අසේල Wednesday, 07 August 2013 06:13 PM

අනේ සාදු! දැන්වත් මෙතුමා දේශපාලනයෙන් ඉවත් වෙලා යන තැනකට වැඩක් කරගන්නවා නම් හොඳයි. (නි)

:       0       0

අමිල Wednesday, 07 August 2013 06:19 PM

ඇත්තටම රනිල් කියන්නේ ඇත්ත.දයාසිරිට අනෙක් පැත්තට ගිහිල්ලා ඉසුරු ලබාගන්න උදව් කළේ රනිල්. (නි)

:       0       0

දුෂාන්ත Thursday, 08 August 2013 01:12 AM

මම නම් මෙතුමාට පුද්ගලිකව මනාප නැහැ (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 07 August 2013 06:20 PM

මේ කරන හරියට දාන සුත්‍ර මදිද? පෙන්නපු සුත්‍ර ,රාග තාල, නටාපු තොවිල් රටේ සියලු ජනතාව හොදින් දන්නවා (නි)

:       0       0

වසන්ත Wednesday, 07 August 2013 06:24 PM

කාගෙන්ද දන්නේ නැහැ අහගත්තෙ ඕවා.අයෙමත් අනාගන්න වගේ හදන්නේ බැරි ඒවා කියන්න ගිහින්. (නි)

:       0       0

දිලීප Wednesday, 07 August 2013 06:33 PM

සිවුරක් දාගන්නකෝ ඔබතුමා. බලන්නකෝ කොච්චර බුද්ධිමත්ද කියන දේවල් (නි)

:       0       0

සම්පත් Wednesday, 07 August 2013 06:33 PM

"තණ්හාය ජායති සෝකෝ" කියලා ඔබතුමා තීරණයක් ගත්තොත් නරකද? (නි)

:       0       0

කිරි Wednesday, 07 August 2013 06:33 PM

අනේ දරුවෝ,නොගැඹුරු ලෙස පෙනෙන ඒවා ගැඹුරු විල් විය හැක. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 07 August 2013 06:38 PM

දේශපාලකයෝ ගැන මගේ නම් පැහැදීමක් නැහැ (නි)

:       0       0

විදානගේ Wednesday, 07 August 2013 06:41 PM

ඕවා අද කාලේ අයට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Thursday, 08 August 2013 03:43 AM

ඔබතුමා වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට කවුරුවත් "පුද්ගලික වාසි තකා" පක්ෂයෙන් පැනීම හරියි කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. කොහොමත් ඔබතුමා බොහොම "නිවුණු " ධර්ම පාඨයකින් පිළිතුරු දීලා තියෙනවා. ඉස්සර නම් සමහරවිට වසල සුත්‍රයෙන් ධර්ම පාඨයක් ඉදිරිපත් කරන්නත් ඉඩ තිබුනා. (නි)

:       0       0

හෙම........චාන්ද. Wednesday, 07 August 2013 06:52 PM

විරුද්ධ පක්ෂයේ ඉන්නකොට කොහොමත් බුදුබණ මතක් වෙනවාලු. (නි)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Thursday, 08 August 2013 04:17 AM

"බලන් අසිරි - දයාසිරි" (නි)

:       0       0

රණවීර Thursday, 08 August 2013 04:30 AM

දැන් ඉතින් එක එක්කෙනා මාරු වෙන කාලෙනේ. ඒ ඔක්කොටම උත්තර දෙන්ට ඔය සූත්තරේ මතක තියාගන්න හොදද? (නි)

:       0       0

විශ්ව Wednesday, 07 August 2013 06:54 PM

අපිට නොතේරුන සත්‍ය එතුමා දකිනවා. එතුමාට කවුරුවත් ලියලා දෙන්න ඕනෑ නැහැ. එතුමා උගතෙක්, නියම බෞද්ධයෙක් (නි)

:       0       0

උදය Thursday, 08 August 2013 04:55 AM

අනේ රනිල් දැන් බණත් කියනවද? (නි)

:       0       0

හෙම Wednesday, 07 August 2013 06:56 PM

අනේ ඔයා ඕක නවත්තාගන්නකෝ (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 08 August 2013 06:40 AM

දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙරසිට වයඹ මහ චන්දෙට - නොවව් පිහිටක් දයාසිරිලට (නි)

:       0       0

සමන් කුමාර Wednesday, 07 August 2013 07:18 PM

දයාසිරි මහත්තයෝ පුළුවන් නම් රනිල් මහත්තයට දාපු පාට් ජනාධිපතිතුමාටත් දාල බලන්න. එහෙනම් පැය 24 න් ගෙදර තමයි. (අ)

:       0       0

සමන් Thursday, 08 August 2013 06:50 AM

දැන් අතීතය අමතකද? (නි)

:       0       0

මුණසිංහ Wednesday, 07 August 2013 07:20 PM

රනිල්ට බුද්දාගම ඉගැන්නුවේ කවුද දන්නේ නැහැ. කොහොම වුනත් බෞද්ධ දර්ශනය තවදුරටත් හදාරන්න. එතකොට පුළුවන් වේවි තවත් අවුරුදු 20 කින් විතර ආණ්ඩුවක් පිහිටුවා ගන්න තැනට වැඩ සලස්වා ගන්න.(අ)

:       0       0

නාරද Wednesday, 07 August 2013 07:20 PM

අනේ දයාසිරි මහත්තයෝ,අර කොටි 25හෙන් 5ක් විටර මෙයට දීල දන්නා (දී)

:       0       0

සමන් Thursday, 08 August 2013 07:28 AM

අනේ මන්දා මෙතුමත් කරන වැඩ? (නි)

:       0       0

යශෝධා Wednesday, 07 August 2013 07:29 PM

ඔබ බුද්දිමත් ,ඒවාගෙම තරුණයින්ට තැන දී පක්ෂය එකමුතු කර ගනිමු ,ජය නියතයි. (අ)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 07:36 PM

එහෙමයි ..සාදු....මේ බණ අසා සියලු අලි සුවපත් වේවාග (අ)

:       0       0

විද්‍යා Thursday, 08 August 2013 08:50 AM

වයසට යනකොට බණක් දහමක් කරගෙන පැත්තකට වෙනවනම් ලොකු දෙයක්. (දී)

:       0       0

ශානක Thursday, 08 August 2013 09:03 AM

මේවා ජාතික ප්‍රශ්න

:       0       0

රසික Thursday, 08 August 2013 09:08 AM

ලොකු වැඩක් කරලා (දී)

:       0       0

අධිකාරිගේ Wednesday, 07 August 2013 08:08 PM

මෙම ධර්මතා මෙයත් කලින් අවබෝධ කරගෙන හිටියානම් කොපමණ හොදද? (අ)

:       0       0

මධු Thursday, 08 August 2013 09:21 AM

ඔබතුමාගේ ඉවසීමේ ගුණය අති විශිෂ්ටයි.ඔබ නියම හස්ති රාජයෙක්.කාලය සියල්ලට පිළිතුරු දෙනු ඇත.අප බලා සිටිමු. (දී)

:       0       0

ප්‍රගීත් Thursday, 08 August 2013 09:30 AM

මීට කලින් එකෙන් ආණ්ඩුව ශක්තිමත් කරන්න ආපු අය ආවෙ ජනතාව දහස් ගණනින් ආණ්ඩුව වටා එකතු වෙන මොහොතක. දයාසිරි මහත්තයා ආණ්ඩුව ශක්තිමත් කරන්න ආවෙ මිනිස්සු දහස් ගණනින් ආණ්ඩුවෙන් ඈත් වෙන වෙලාවක. මෙයාලටත් මිනිස්සු ඡන්දය දේවිද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 4 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 288 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 363 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2039 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12692 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site