නොමිලේ අන්තර්ජාල වයිෆයි පහසුකම් ලබා දීම නව තාක්ෂණය ශ්‍රී ලංකාව වැළැඳ ගැනීමේ ආරම්භය බව රනිල් වික්‍රමසිංහ අගමැති කියයි.
තාක්ෂණ ඩිජිටල්කරණයෙන් එම අරමුණ කරා යෑමට හැකි වන බවත්, හැමවිටම තමා විවෘත සංවාදයකට සූදානම් බවත් ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව මෙම තාක්ෂණික පිම්ම පැණිය යුතු බව ද, ගූගල් සමාගම ඩිජිටල්කරන උත්සාහයට සහාය දෙන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.
ඩිජිටල් කරනයෙන් ලොව හා සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට ලෝකය හා එක්ව නැඟී සිටිය හැකි බව ද ඔහු පවසයි.
ඩිජිටල් ආර්ථිකයක් යනු වැඩිපුර රස්සා, ඉහළ වැටුප් හා වඩාත් හොඳ ආර්තිකයන් බවත්, එය ආර්ථික ප්‍රවර්ධනයේ ඵලදායිකත්වය වැඩි කරන ප්‍රධාන කාරණය බවත් ඔහු කියයි. ශ්‍රී ලංකාව ක්‍රමයෙන් කඩදාසි රහිත සමාජයකට යන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකරනුයේ ශ්‍රී ලංකා ගුවන් තලයේ හීලියම් සහිත බැලුම් යවා වයිෆයි සංඥා ලබාගෙන රටපුරාම ඉතා අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ගිවිසුමකට ගූගල් සමාගමේ ගූගල් ලූන් අත්සන් තැබීය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘රනිල් කඩදාසි නැති රටක් පොරොන්දු වෙයි‘
වයිකෝ Thursday, 30 July 2015 09:23 AM
නුගත් මිනිස්සු ගොනාට අන්දන්නත් හොඳයි (නදී)
නාලක Thursday, 30 July 2015 09:24 AM
කඩදාසි වලින් ජීවත් වෙච්ච ප්‍රින්ටින් කරපු, මුද්‍රිත පත්තර , බෝතල් පත්තර කළා පත්තර පෝස්ටර්, අච්චු පොත් ව්‍යාපාරිකයන්ගේ සේවකයන්ගේ ඔක්කොගෙම ඡන්දෙ මෙදා මේ කතාවෙන් විනාශ කරගත්තා.(නදී)
නිමලරාජ් Thursday, 30 July 2015 11:26 PM
විජේසුනර ප්‍රංශය, දෙකොන මාරු වෙලා තියෙන්නේ කාටද කියලා ටිකක් මොලේ තියෙන කෙනෙක්ගෙන් අහගත්තොත් හොදයි. කඩදාසි හදන්නේ මොනවයින්ද කොහොමද කියලා දන්නවද? ලොකුවට ප්‍රංශය කියලනම් ලියනවා. (නදී)
සඳුන් Thursday, 30 July 2015 11:30 PM
නාලක, වෙන්න පුළුවන්. එ්ක තමයි කියන්නේ රනිල් ඡන්ද ගන්න කතා කරන්න දන්නේ නෑ කියලා. "ඔන්න රස්සා නැති කරනවෝ" කියලා මඩක් ගහන්න පුළුවන්. රටට ඕන මොන විදියේ නායකයෙක්ද කියලා බුද්ධිමතුන් විසින් තීරණය කල යුතු ඒකයි.(නදී)
බණ්ඩාර Thursday, 30 July 2015 10:18 AM
අන්තර්ජාල පහසුකම් රට පුරාම ඒකාකාරීව ලබා දෙනවා නම් ඒක වටිනවා. තාමත් සමහර තැන් වලට 3g තියා 2g වත් නෑ. අය කරන මුදලත් අඩු වෙනවානම් වඩාත් වටිනවා. "අච්චු පොත් ව්‍යාපාරිකයන්ගේ සේවකයන්ගේ ඔක්කොගෙම ඡන්දෙ මෙදා මේ කතාවෙන් විනාශ කරගත්තා."කතාව ඇත්ත...(බ)
ධම්ම Thursday, 30 July 2015 07:07 AM
හොඳ අදහසක්. එතකොට මේ පරිසර දුෂණය කරන පෝස්ටර් ගැහිල්ලත් නතර වේවි.(ම)
පෙරේරා Thursday, 30 July 2015 07:09 AM
අන්න නියමයි දැන් තමයි ලංකාව ගෝලියකරණය වෙන්නේ ඕක තමයි ලංකාවේ අඩුවකට තිබුණේ (ම)
රජී Friday, 31 July 2015 05:21 AM
රණවිරුවන්ගෙනුත් දෙපැත්තෙන් අල්ල ගෙන දෙගොල්ල වාද කරනවා හමුදාව හෑල්ලුවට ලක් කළා. පාලම් කානු, පාරවල් පවිත්‍ර කිරීම රැකියාව බාල්දු කරමින් හමුදාවේ අභිමානය ගැන කියෙව්වා. තරු 5 හේ ප්‍රජාතන්ත්‍රවාදය (නදී)
රාජපක්ෂ Thursday, 30 July 2015 07:25 AM
හාප්පොච්චියේ එහෙම වුනොත් ලංකාවට සුද්දෝ එන්නේ නැතුව යාවිද දන්නේ නැහැ (නදී)
එච්. ජගත්දේව Thursday, 30 July 2015 07:31 AM
ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට මෙයින් ඇති වන්නට හැකි බලපෑම ගැන අධ්‍යයනයක් කළ යුතු ව ඇත. ගූගල් ආයතනය මඟින් සැපයෙන (ප්‍රොජෙක්ට් ලුන් - ගුගල්) මෙම තාක්ෂණය කෙතරම් දුරට මෙරටට ගැලපෙනවා ද යන්න ගැන මෙරට තාක්ෂණික හා ආරක්ෂක අංශවල විද්වතුන්ගේ අදහස් මාධ්‍ය මඟින් වත් ප්‍රකාශයට පත්වන්නේ නම් යහපති. (නදී)
ජානක Thursday, 30 July 2015 07:36 AM
මේක සම්පුර්න බොරුවක්. ලෝකේ දියුණු කිසිම රටක් නොමිලේ ඉන්ටනෙට් දෙන්නේ නැහැ. ඡන්ද ගන්න බොරුවට මිනිස්සු රවට්ටනවා.(නදී)
ප්‍රින්ස් Thursday, 30 July 2015 07:41 AM
බොහොම හොඳ අදහසක්.(ම)
නිමාෂා Friday, 31 July 2015 06:11 AM
ඒක හොදයි.(හේ)
ජානක Friday, 31 July 2015 09:22 PM
තවත් මෙගාබයිට් 100 ක් දෙන්න බැරිද? (නි)
ශාන්ත Thursday, 30 July 2015 08:34 AM
අගය කළ යුතු වැඩ පිළිවෙලකි. තවමත් සුද්දාගේ කාලේ වගේ වැඩ කරන අපේ සියළුම රාජ්‍ය ආයතන එකම ජාලයකට සම්බන්ධ කිරීමෙන් ජනතාවටත් පාලකයින්ටත් ඉතා පහසු වනු ඇති.(ම)
විජේසුනර ප්‍රංශය Thursday, 30 July 2015 08:37 AM
මෝඩ කම් වලින් පරිපුර්ණයි ! කඩදාසි පරිසර දුෂණය නොකරයි , නමුත් ප්ලාස්ටික් පරිසරය දුෂණය කරයි . දෙකොන මාරුවෙලා (ම)
කුමාර් Thursday, 30 July 2015 08:38 AM
කඩදාසි නෙවෙයි සාමකාමී රටත් අවශ්‍ය වෙන්නේ අපිට (ම)
විජේසුන්දර Thursday, 30 July 2015 08:40 AM
කොත්තමල්ලි කොප්ප්පයක් බිව්වනම් ඔය උෂ්ණය ටිකක් පහව යයි ! (ම)
සිරිදාස Thursday, 30 July 2015 09:20 AM
කඩදාසි නැතුව ගියොත් සුද්දෝ ලංකාවට එන එකක් නැහැ.(නදී)