IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රනිල් ගැටබරුවේ

රනිල් වික්‍රමසිංහ අගමැති  අද (23) ඓතිහාසික ගැටබරුව රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත් ඉටු කර මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අගමැතිට සෙත් පැතූහ.

මොරවක නයා මුල්ලේ දී වික්‍රමසිංහ මහතා ප්‍රථම ජන හමුව ද පවත්වයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල  ප්‍රධානී  සාගල රත්නායක මහතා ද ඒ ගමනට එක්විය.

RDS_0425 RDS_0441 RDS_0457 RDS_0475 RDS_0488

 

 

 

 



අදහස් (0)

රනිල් ගැටබරුවේ

පියසිරි Friday, 23 January 2015 04:38 PM

ඇත්ත ඇත්ත. මම මේ ප්‍රතිචාර වලින් කියලා තියෙන දේවල් පිළිගන්නවා (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 26 January 2015 03:40 PM

අජිත් ඔබගේ අරාධනයට බොහොම ස්තුති . නමුත් මම පොල් ගහන්න යන්නේ නැ. බුදුන් වදින්න යනවා. (අ)

:       0       0

කුලතිලක Friday, 23 January 2015 08:21 PM

අගමැතිතුමා ආගම දහමට බොහොම ලැදියි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 23 January 2015 09:28 PM

රසින්තට නම් කන්න හිතුනහම ගෙරි මසුත් මුව මස් වෙන හැඩයි. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 26 January 2015 02:49 AM

පසුගිය කාලවල දේවාල වලට ගිය අයට වුණේ මොකක්ද කියල රටම දන්නවනේ! (නි)

:       0       0

අබේ-ටෝකියෝ Monday, 26 January 2015 03:15 AM

අජිත් මාව බයකරන්න වගේ යන්නේ. අනේ අජිත්ගේ ටිකිරි මොළය? මම අභියෝග කරනවා ඕනෑම දේවාලයකට ගිහින් බලන්න කියලා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 26 January 2015 03:26 AM

මොන දේවාල, කෝවිල් ගානේ ගියත් අබේ, තමුන් පින්කරලා තියෙන්න ඕනෑ, පිහිටක් ලබන්න නම්.පින පව අනුව තමයි සියලු වැඩ සිද්ධවෙන්නේ.දෙවියෝ බලන්නෙත් පින්කළ ඇත්තෝ ගැන විතරයි. (නි)

:       0       0

අබේ-ටෝකියෝ Saturday, 24 January 2015 01:22 AM

ගිහියන්ට සුදුසු ආසනයක් පනවන්න කියායි මම කියන්නේ. ඔහු රජෙක් වුණත් එය එසේ වියයුතුයි නේද? (නි)

:       0       0

අබේ-ටෝකියෝ Saturday, 24 January 2015 01:27 AM

ගැටබරුව පන්සලක්ද? දේවාලයක්ද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

හෙළ විකුම් Saturday, 24 January 2015 02:16 AM

මේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච අගමැති නෙවේ. මේ ලංකාවේ තියෙන ජරා දේශපාලනට අනුව පාර්ලිමේන්තුව හයිජැක් කරලා බලෙන් අගමැති වෙච්ච කෙනා. දැනටත් පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ඉන්නේ පොදු පෙරමුණේ මන්ත්‍රීවරු. ඒ අයගේ කොන්ද නැති එකේ ප්‍රතිපලය තමයි මේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 26 January 2015 03:42 AM

අබේ ලංකාවට අපු දවසක ගැටබරු විහාරයට සහ රජ්ජුරු බණ්ඩාර දේවාලයට යන්න. මෙම ස්ථානය තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ, මොරවක-දෙනියාය මාර්ගයේ කොටපොල කියන ගමේ. හරිම සුන්දර වටපිටාවක් තියෙන්නේ. සිංහරාජය මායිමේ. කුඩා මාර්ගයකින් තද කඳු සහිත මාර්ගයක් තියෙන්නේ. කිලෝ මීටර් 2 ක් විතර කාර් එකකින් හෝ කුඩා වෑන් එකකින් යන්න පුළුවන්. මහා විහාරය නම් කඩ මණ්ඩිය ආසන්නයේමයි තියෙන්නේ. මතුගම හරහා යනවා නම් නෙළුව මාර්ගයෙන් යන්න පුළුවන්. පවුලේ සැමට පරිසරය නරඹමින් මෙම ස්ථානයට ගියොත් ඔබටත් එම ගමනේ වටිනාකම දැනේවි. කැමති නම් කන්ද ඉහල තියෙන දේවාලයටත් යන්න. පුජාව තියෙන වෙලාවට කපු මහත්තයා අපරාධ කාරයින්ට දෙස් දෙවොල් කරන හැටි, පොල් ගහන ආකාරය මට හරිම අරුමයක් උනා. " මල හත් ඉලව්වයි'' කියල කෑගහල දෙස් දෙවොල් තියෙනවා. මිනිස්සු බිරාන්ත වෙලා වගේ වැඳගෙන ඉන්නවා. "මම ගියේ ටෙලි නාට්‍යයකට ලොකේෂන් එකක් බලන්න. ස්ථානය අවට අපේ වැඩේට සුදුසුයි. ළඟදී වැඩේ පටන් ගන්නවා එදාට ආයිමත් යනවා. (නදී)

:       0       0

වයිකෝ Saturday, 24 January 2015 04:06 AM

මේ ජනතාව පත් කළ අගමැති නොවේ. රට ජාතිය වෙනුවෙන් තීරණ ගැනීම වැරදියි (නදී)

:       0       0

අසෝක Saturday, 24 January 2015 04:07 AM

එතකොට මහින්ද රාජපක්ෂත් ජනතාවගෙන් පත්වෙච නායකයෙක් නෙමෙයි. පළමු සැරේ දෙමල සහ මුස්ලිම් ඡන්ද දාන්න දෙන්නේ නැතිව කොටි එක්ක ගිවිසුම් දාල ගත්තා. දෙවැනි සැරේ සරත් ෆොන්සේකාගේ ඡන්ද හොරකම් කරලා දිනුවා. අනෙක 3 න් දෙකේ පාර්ලිමේන්තු බලේ ගත්තෙත් යු.එන්.පී සහ අනෙක් පක්ෂ වල ගෙම්බන් නිසානේ (නදී)

:       0       0

වයිකෝ Saturday, 24 January 2015 04:13 AM

රනිල් වික්‍රමසිංහ

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 24 January 2015 04:36 AM

ගැටබරුව කන්ද මුදුනේ තියෙන්නේ චෛත්‍යයක්. ඊට පහලින් තියෙන්නේ විෂ්ණු, සමන්,කතරගම,සුනියම් දෙවියන් සහ විශේෂයෙන් රජ්ජුරුබණ්ඩාර දෙවියන් වෙනුවෙන් ඉදිකළ දේවාලයක්. පහත කොටසේ තියෙන්නේ, විහාරය , ආවාසය සහ වන්දනාකරුවන්ගේ නවාතැන් සඳහා සකස් කල විශ්‍රාම ශාලාව. ඒ සමගම කාර්යාලය. මේ ස්ථානය ප්‍රසිද්ධ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේවාලය ලෙසයි. විශේෂයෙන් මිනිසුන් බොහොම දෙනෙක් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට තමන්ට සිදුවූ අලාභ, නින්දා, සොරකම් ආදිය ගැන පුද පූජා තියල දෙස් දෙවොල් තියෙනවා. ඒවාට නිසි දඬුවම් දෙනවා කියල යන එන මිනිස්සු විශ්වාස කරනවා කතා කරනවා. දැන් අබේ ටෝකියෝ ට පැහැදිලි කරගන්න පුළුවන්නේ ගැටබරුව කියන්නේ මොකක්ද කියලා. (නදී)

:       0       0

වයිකෝ Saturday, 24 January 2015 04:38 AM

මැතිවරණ කොමසාරිස්තුමනි, රනිල් ඡන්දෙන් පත් කළ අගමැති කෙනෙක් නොවේ. මෙම පත්වීම වලංගුද? (නදී)

:       0       0

රුකී Saturday, 24 January 2015 04:42 AM

හෙළ විකුම් මැරිලා ඉපදුන කෙනෙක් වෙන්න ඇති. මෙතුමා එක පාරක් පාර්ලිමේතුව විසුරුවා හැරිය පසු බොහොම වැදගත් පිළිවෙලට අරලිය ගහ මන්දිරයෙන් පිටව ගිය කෙනෙක්. එහෙම නැතිව එතන මොන සුත්තරයක් හරි දාලා තව කාලයක් ඉන්න හදපු කෙනෙක් නෙවෙයි. (නදී)

:       0       0

වයිකෝ Saturday, 24 January 2015 04:44 AM

අසෝක ඔබ හරි. ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාදිපති වෙනවා වෙනුවට හිරේ යන්නයි උනේ. (නදී)

:       0       0

සුරේන් Saturday, 24 January 2015 04:44 AM

එතකොට ඡන්දයෙන් පැරදුනාම ගෙදර යන්න බැහැ කියන උදවිය ලෝක ඉතිහාසයේ නැද්ද ? දන්නේ නැති හින්දයි අහන්නේ. (නදී)

:       0       0

මුදිතා Friday, 23 January 2015 10:14 AM

පුදුම සරල පුද්ගලයෙක් (දිල්)

:       0       0

මලික් Saturday, 24 January 2015 04:48 AM

ඇයි රනිල්ට තියෙන්නේ පිනට දුන්න පාර්ලිමේන්තු ආසනයක්ද ? ඡන්දෙන් නෙවෙයිද ඒ මනුස්සයා පත් වුනේ ? පුදුම කතා නේ මේවා. (නදී)

:       0       0

හෙළ විකුම් Saturday, 24 January 2015 05:07 AM

මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් පත්වෙච්ච නායකයෙක් නෙවේ කියනවනම් එක මොලේ අමාරුවක් වෙන්න ඕනා. ගිවිසුම් ගහල හරි මහජන ඡන්දයෙන් දිනුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ ගිවිසුම් ගහල කළේ රටට යහපතක් නේ. අපි අවරුදු 30 ක් බැටකාපු යුද්දේ දිනන්න නායකත්වය දුන්නේ එතුමා. ඒවා මතක නැතිනම් ඒ වගේ අයට සමහරවිට අම්ම තාත්තත් මතක නැතිවෙන්න පුළුවන්. (නදී)

:       0       0

හර්ෂ Friday, 23 January 2015 11:02 AM

මම නම් ගොඩක් ගරු කරන පුද්ගලයෙක් . බොරු රඟපෑම් නෑ (දිල්)

:       0       0

ජනිත් Saturday, 24 January 2015 05:36 AM

හෙළ විකුම්, ලංකාවේ නෙවෙයිද ? රනිල් මහතාට තියෙන්නේ එතකොට ලැයිස්තු ආසනයක්ද ? යුද්ධය දිනපු එක සාමුහික උත්සාහයක ප්‍රතිපලයක්. රනිල් මහතා ලඟදිත් මහින්ද මහතාට ගරු කටයුතු විදියට මතක් කලේ. හෙල විකුම් කතා කරන්නේ හරියට රනිල් මහතා සමහරු වගේ පස්සා දොරෙන් පාර්ලිමේන්තුවට ආවා වගේනේ. (නදී)

:       0       0

මංජු Saturday, 24 January 2015 05:38 AM

එතකොට රනිල් මහතා ඡන්දයෙන් පත් වුන කෙනෙක් නෙවෙයිද ? අනේ යන්න හෙළ විකුම් යන්න. (නදී)

:       0       0

ජයසේකර Saturday, 24 January 2015 05:46 AM

හෙළ විකුම් ඔබ හරියට හරි....අපේ රටේ හරියට ඉතිහාසයවත් දන්නේ නැති පුද්ගලයො දේශපාලනය කරනකොට රටට වෙනදේය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ....(අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 24 January 2015 05:54 AM

යුද්දේ දිනන්න කලින් කොටින්ට මිලියන ගණන් සල්ලි දීල මහජන මතය මංකොල්ල කාලා සරත් ෆොන්සේකා විරුවාගේ පිහිටෙන් යුද්දේ දිනලා එතුමාගේ ජයග්‍රහණය හොරකල එතුමාව හිරේ දාපු සාපය දැන් ගෙවන්නේ. (අ)

:       0       0

රත්නායක රුවන් Friday, 23 January 2015 11:50 AM

නියම මනුස්සයෙක්. ඔබට සැමදා ජය නියතයි (නදී)

:       0       0

මල්ලි Saturday, 24 January 2015 06:00 AM

හෙළ විකුම් ඔබ නිවැරදියි මෙයා ආගම දහමට බොහොම ලැදියි කියල ඉන්නවිදියෙන්ම තේරෙනව කුලතිලක වගේ මෝඩයින්ට නොපෙනුනාට (අ)

:       0       0

මල්ලි Saturday, 24 January 2015 06:02 AM

හෙළ විකුම්ගෙ කතාව හරියටම හරි (අ)

:       0       0

දිලාන් Saturday, 24 January 2015 06:26 AM

මේ රටේ ඉන්න නුවනක්කරම දෙන්නා හෙළ විකුම් සහ එයාගේ මල්ලි විතරයි.(අ)

:       0       0

උමේෂ් Saturday, 24 January 2015 06:29 AM

සමහරු හිතන්නේ තමන්ගේ කැමති කට්ටිය අමරණීයයි කියල. මේ රට දිගටම එහම කෙනා පාලනය කරන්න මේක චක්‍රවර්ති රාජ්‍යයක්ද ? මිනිස්සුන් ගේ පරමායුෂ 120. කවදාවත් දෙවන පෙළ නායකයකුට එන්න නොදී පුතාල එනකන් අල්ලන් ඉන්න කාටද පුළුවන්? (අ)

:       0       0

යසිරු Saturday, 24 January 2015 06:31 AM

දාතු කරඬුව ඔලුව උඩ තියාගෙන ගිහින් පේනවනේ ගසා කාල තියන් සල්ලි ටික. අනුන්ගේ සිල්වත්කම සොයන හෙංචයියන්ගෙන් නම් ගෙදර ගියාට පස්සෙත් අඩුවක් නැහැ. මෙතන ලියන අයගෙන්ම ඒක පේනවා. (අ)

:       0       0

රසින්ත Friday, 23 January 2015 12:48 PM

අප‍ රටට කවදා හරි නොමැකෙන සේවයක් කරන වැදගත් පුද්ගලයෙක්. එ්ත් අපේ රටේ මෝඩයන්ට තාම ඒක තේරුම් ගන්න බැහැ. මේ රටේ තැන තියෙන්නේ නුගත් බොරු කාරයන්ට තමා. (නදී)

:       0       0

එ්ශාන් Saturday, 24 January 2015 06:32 AM

රනිල් මහතා පස්ස දොරෙන් පාර්ලිමේන්තු ආවෙත් නැහැ. දේශපාලනයෙන් පවුලට හම්බු කරලා දුන්නෙත් නැහැ. මහ ජනතාවට පේන්න බොරු සිල් ගත්තෙත් නැහැ. (නදී)

:       0       0

ගිහාන් Saturday, 24 January 2015 06:43 AM

හෙළ විකුම් දන්නේ නැද්ද රනිල් මහතා මහජන ඡන්දයෙන් ආපු නියෝජිතයෙක් කියලා. වෙන රටක පුරවැසිකම එක්ක පස්ස දොරෙන් ඇවිත් නෙවෙයි. (නදී)

:       0       0

පුබුදු Sunday, 25 January 2015 05:49 AM

දැන් තමයි හොද පාලනයක් ඇරැඹුණේ (දිල්)

:       0       0

මාලි Friday, 23 January 2015 02:05 PM

හාමුදුරුවෝ ඉස්සරහ වාඩිවෙලා ඉන්න හැටි හරි මදි නේද ? (නදී)

:       0       0

අබේ Sunday, 25 January 2015 07:38 AM

විහාර ගෙට උඩින් දේවාල? අනේ මන්දා. අජිත් කියන දේ දෙවියන්ට තමයි තේරෙන්නේ . මම අහන්නේ ගැටබරුව දේවාලයක්ද? පන්සලක්ද.? (දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 26 January 2015 01:22 AM

අබේ, ගැටබරුව ප්‍රසිද්ධ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ බැල්ම තියෙන දේවාලයක්. නමුත් හැම දේවාලයක් අසලම බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් ආගමික වතාවත් සඳහා විහාරයක් තියෙනවා. මෙතන වෙනස මෙහි දේවාලයට ඉහලින් චෛත්‍යක් තිබීමත්, දේවාලයට පහලින් පිහිටි තැනිතලා බිමේ විහාරය සහ ස්වාමින් වහන්සේ වැඩ සිටින ආවාසයක් තිබීමත් කියන එකයි. දේවාලය පිහිටලා තියෙන්නේ විශාල කළුගල් පර්වතයක් යට. හරියට දඹුල්ලේ විහාරය වගේ. ලංකාවේ බොහොමයක් දේවාල බිම්වල පන්සල නැහැ. මෙතන පන්සලකුත් තිබෙනවා. ඒකයි වෙනස. අවුරුද්දට වතාවක් විශාල පෙරහරක් කරනවා. හැබැයි අබේ, වැඩිය අනම් මනම් කියන්න එන්න එපා. මම යනවා ගැටබරුවේ. දැන්වත් තේරුනාද මෙතන මොකක්ද තියෙන්නේ කියල. මෙතන තියෙන්නේ ගැටබරුවේ රාජමහ විහාරය. (නදී)

:       0       0

වින්සන්ට් Friday, 23 January 2015 04:01 PM

රටේ සහ ජනතාවගේ අවශ්‍යතාවයට වර්තමාන දේශපාලන තත්වය ගොඩනඟා ගැනීම සඳහා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම සහ කැපකිරීම ඉතා අගය කළයුතුය. සිදුවිය යුතු දේ ඉටුකර ගැනීම සඳහා පටු දේශපාලන මඟක එතුමා නොගිය බව කාටත් තේරුම් ගතහැකිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ලෙන් ස්වාධින කණ්ඩායමක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 304 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ


’’ඉරානයෙන් පළිගන්න ඊශ්‍රායලයට සහාය දෙනවා’’
2024 ඔක්තෝබර් මස 02 1138 0

ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 02 410 0

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන


රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 1219 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 217 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 3424 7

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38577 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25386 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 936 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site