IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


රනිල් ජනපති සොහොයුරුට අවසන් ගෞරව දක්වයි

මිතුරකුගේ පොරෝ පහරකින් මරුමුවට පත් රජරට බිල්ඩර්ස් ව්‍යාපාරික ආයතනයේ හිමිකරු ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගියේය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරාය.

අවමගුල පොළොන්නරුවේදී සඳුදා සිදුකිරීමට නියමිතය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද අද (29) එහි ගොස් දේහයට අවසන් ගෞරව දැක්වීය.

Karu,-Prim-Ministar-(1) Karu,-Prim-Ministar-(3)

 



අදහස් (0)

රනිල් ජනපති සොහොයුරුට අවසන් ගෞරව දක්වයි

සිරිසේන Sunday, 29 March 2015 08:53 PM

වාසනා, රටේ දේපළ මොනවද කියලා ඔයා දන්නවද? (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 29 March 2015 08:54 PM

රේණුක , ඔයාගේ කතාව සැම්ට විතරක් නොවෙයි රූපවතීටත් අදාළයි. මළගෙයකට දේශපාලනය ගාවාගන්න අපි විපක්ෂ නායකයෝ නෙමෙයිනේ. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 29 March 2015 09:01 PM

රූපවතී , කොපමණ හොඳින් නිතිය ක්‍රියාත්මක වුණත් මොන රටක වුණත් කවර ආණ්ඩුවක් යටතේ වුවත් හදිසි කෝපය නිසා මෙවැනි දේවල් සිදුවෙනවා. වාර්තාවෙන ආකාරයට මොහු මියගිහින් තියෙන්නේ වෙනත් ගෙදරකදී මිතුරෙකුගේ පොරෝ පහරකින්. මේකට පැවති රජය හෝ පවතින රජය මක්කරන්නද? සමහරවිට යහම්පත් කියන කතාවත් ඇත්ත වෙන්න ඇති. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 29 March 2015 09:19 PM

මේ හැසිරීම පිටුපස දේශපාලන බලපුළුවන්කාරකම තිබුණාද නැත්දැයි අපිට හරියටම කියන්නට බැහැ. (නි)

:       0       0

කමල් Sunday, 29 March 2015 11:03 PM

අපරාදේ අහිංසක ජීවිතයක්! (නි)

:       0       0

ශාන්ති Monday, 30 March 2015 12:42 AM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

අසන්ත Monday, 30 March 2015 01:15 AM

රනිල්ට රැවුල නැති උනාට ඔහුට සිරියාවන්ත පෙනුම තිබෙනවා. මහින්ද රැවුල පාට කරලා පුහු තේජාන්විතයක් පෙන්නනවා.(නදී)

:       0       0

රකිත් Monday, 30 March 2015 02:21 AM

හතුරෙකුගෙන් පොරෝ පහර කෑවා නම් කමක් නැහැ කියමු. නමුත් මිතුරෙකුගෙන් කාපු එක තමයි ඉවසන්න බැරි. මිතුරු වෙසින් අප ළඟ සිටින සතුරන් කොපමණද? කාටකාටත් හොඳ පාඩම්. (නි)

:       0       0

දුමින්ද Monday, 30 March 2015 03:05 AM

සහෝදර සමාගම් දෙකක වෙනස (නදී)

:       0       0

සසංක Monday, 30 March 2015 03:11 AM

මැරුණට පස්සේ මිනිමරුවෙකුට උනත් ගුණ කතන කරන සමාජයක් අපි. මෙතුමා ගැන දන්නා දේ බොහෝ උනත් අවසන් මොහොතේ නිවන් සුව ලැබීමට පින් දහම් කල හැකි පරිසරයක ඉපදීමට පහන් සංවේගයෙන් යුතුව පතමු (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 30 March 2015 04:22 AM

මෙතන මළගෙයක් මිසක් දේශපාලන රැස්වීමක් කරගන්න එපා මෙතන ප්‍රතිචාර දක්වන අය.අවසන් මොහොතේදීවත් ඒ මනුස්සයට කෘතගුණ සලකන්න පුරුදුවෙන්න තම තමන් අදහන ආගමෙන්වත්!(දිල්)

:       0       0

ධම්ම Sunday, 29 March 2015 11:34 AM

අහෝ ඛේදයකි! නිවන් සැප ලැබේවා! (බ)

:       0       0

සෑම් Sunday, 29 March 2015 12:08 PM

මළ ගෙදරකට නියම මුණ තියෙන නායකයා.(බ)

:       0       0

සත්‍යපාල Monday, 30 March 2015 05:14 AM

මේ සිද්ධියට අදාළ නැති වුණත් මට පරණ දෙයක් මතක් වුනා.ඉස්සර ආණ්ඩුවේ රස්සාවකට ගන්නකොට එම පුද්ගලයාගේ පවුලේ අයගේ ක්‍රියාකලාපය ගැන පළාතේ පොලිසිය මගින් හොයල බලනවා.දැන් එහෙම දෙයක් නෑ.අඩුම ගානේ රටේ කරුණු කාරණා ගැන තීන්දු ගන්න අයගේ පවුල් ගැනවත් හොයල බලනවානම් හොදයි.(දිල්)

:       0       0

සෙලිනා Monday, 30 March 2015 05:26 AM

ඔබට නිවන් සුවය පතනවා , නමුත් ඔබ කරපු දේ අනුමත නොකරමි, ඔබේ මිතුරා ක්ෂණික කෝපයෙන් සිදු කරපු දෙයක්ලු නේද..?(දිල්)

:       0       0

රණතුංග Sunday, 29 March 2015 01:11 PM

නිවන් සුව. (බ)

:       0       0

සුමන මානන්දුව Monday, 30 March 2015 05:34 AM

සෑම්, එම මුණ මල ගෙදරකට හොඳ නම් ඔබේ මුණ හොඳ අපායේ කැලැන්ඩරේට. (ස)

:       0       0

නිමල් Monday, 30 March 2015 05:40 AM

රකිත් දන්නා තරම . මගේ ගෙදරට අාව නම් මම කරන්නෙත් ඔය ටික තමා. පව් කියන්න එපා. (ස)

:       0       0

රංජිත් Sunday, 29 March 2015 01:32 PM

නිලයද ,බලයද,මනුසත් කමද,හෙමදේම ,අමුනුස්සයකුග්ගේ ක්‍රියාවෙන් අවසන් විය!ඔබට නිවන්! (ස)

:       0       0

සරත් Monday, 30 March 2015 05:49 AM

නිකන් හින්ද අදහස් දානවා, නමුත් හැදියාවක් නම් නෑ. (ස)

:       0       0

රොෂාන් Monday, 30 March 2015 05:51 AM

කමල් එයා ඇත්තටම අහින්සකද? (ස)

:       0       0

වාසනා Sunday, 29 March 2015 01:46 PM

රටේ දේපල කිසිවකට හානි නොකර , තාම සහෝදර. ජනපතිගේ. බලය අතට. නොගෙන , ජිවත් වූ ඔබට. නිවන් සුව , (ස)

:       0       0

ලාල් Sunday, 29 March 2015 02:11 PM

නිවන් සැප ලැබේවා! (බ)

:       0       0

යහම්පත් Sunday, 29 March 2015 03:17 PM

ජනාධිපති මෛත්‍රීට හිතේ සැනසිමෙන් ඉන්ට පුළුවන් , මෙම සහෝදරයා ඔහුට ලොකු හිසරදයක් බව පවසා තිබුනා (බ)

:       0       0

රූපවතී Sunday, 29 March 2015 03:25 PM

පව්! රටේ අද ජීවත්වෙන මිනිසුන්ගේ හෙට දවසේ ඇති අනාරක්ෂිත බව මෙයින් හොදින් කියාපායි...හොරාකාපු බඩවල් ටික දික් කරගෙන අවසන් ගෞරව දක්වන්න යනවා ලජ්ජානැතිව, ක්‍රියාත්මක කරනවල රටේ හරි නීතියක්....?ලොකු ලොකු සත්තුන්ට වෙනම නීතියකුයි පොඩි පොඩි පැටවුන්ට තවත් නීතියකුයි, චන්දෙ ලන්වෙනකොට එල්ලුම් ගහයි නොගෙන ...? වැරදි කරන හැමෝටම මිනීමරුවන් , පාතාලයින් ළදරු කාන්තා අපචාරයින්ට එල්ලුම් ගහ ඇතුළුව, අනිකුත් නීති සියල්ල සම්පාදනය කර වැරදි කරුවාට නොපමාව දඩුවම් දෙනු...!! ඔබට නිවන් සුව සමගින් ..! ඔබගේ දෙන තුළින්වත් එල්ලුම්ගහ ක්‍රියාවට නැංවේවා..!!!! (බ)

:       0       0

රේණුක Sunday, 29 March 2015 03:42 PM

සෑම් මේක මළගෙයක් දේශපාලන රැස්වීමක් නෙවෙයි ... අපිටත් කවද හරි දවසක ඔය ගමන යන්න වෙනවා ....ඒ නිසා පටු දේශපාලන ඇහැකින් මළගෙයක් දිහා බලන්න එපා (ස)

:       0       0

ලක්ෂ්මන් Sunday, 29 March 2015 05:55 PM

අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)

:       0       0

වසන්ත Sunday, 29 March 2015 07:43 PM

ඔබතුමා කළේ හොඳ දෙයක්. මෙහෙම වෙලාවකදී දුක බෙදාගැනීමයි වැදගත් (නි)

:       0       0

සජී Sunday, 29 March 2015 08:13 PM

සෑම්ගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 706 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 940 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2044 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4350 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2270 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 849 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38078 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site