ලක්ෂ 30 ආසන්න ජනතාවකට සින්නක්රවම දේපළ හා නිවාස අයිතිය දෙන බව යහපාලන සඳහා එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ මධ්‍යකාලින ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමිසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (05) පැවසිය.
වසර දහයකට වඩා වැඩි කාලයක් බලපත් ලාභි ඉඩම්වල ජිවත් වන ජනතාවට සින්නක්කර අයිතිය දෙන අතරම රජයේ කුලි නිවාසවල වසර දහයකට ජිවත් වැඩිකාලයක් සිටින අයට ද ඒ නිවාස වල අයිතිය සින්නකරව හිමිකර දෙන බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
වසර පහක දී රැකියා දස ලක්ෂයක් බිහි කිරිමේ අරමුණින් ආයෝජන සඳහා වන සියලු බාධක ඉවත් කර බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
රැකියා දස ලක්ෂය බිහිකිරිමේ වැඩපිළිවෙළට දේශිය හා විදේශිය ආයෝජකයන් එකතු කර ගැනිමේ අංග සම්පුර්ණ වැඩපිළිවෙළක් ද ඇතැයි වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විස්තර කර සිටියේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ඡන්ද විමසීම් කාලයේදී සාමකාමීව කටයුතු කළ ජනතාවට ස්තූතිවන්ත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රනිල් පැයක් පුරා විශේෂ ප්‍රකාශයක්
සමන් Thursday, 05 November 2015 01:59 PM
ශ්‍රී ලාංකික ජාතියට නව දැක්මක් සහිතව පෙරට යන ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉදිරි පියවරක් තබා ඇත. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ගෙනඒමේදී සමහර නොමිලේ දෙන දේ නැතිවීමට ඉඩ ඇතත් , අපි අලුතින් සිතා වැඩකිරීමට තවමත් ප්‍රමාද නැති බව අවබෝධ කරගෙන ඇති බව පෙනේ. (නි)
මුණසිංහ Friday, 06 November 2015 03:34 AM
අය වැය අංක 1 ද? දැන් රවීගේ අය වැයට කියන්නේ මොනවාද? නරි නාටක!..(රේ)
රවී Friday, 06 November 2015 03:37 AM
ඔබ තුමාට ඔය ටික කරන්න බැරිනම් කරන්න කෙනෙකුත් නෑ...ඔබ තුමාට ජය (රේ)
අනුර Friday, 06 November 2015 03:42 AM
මහත්තයෝ මේක නම් කොලොම් පුරයත් නැගෙන හිරත් ප්‍රධාන නගරත් වෙනත් කට්ටියකට පවරා දෙන්න ගත්ත තීරණයක් චන්දෙ දීපු නිසා ද ?(රේ)
පොඩි අතුල Friday, 06 November 2015 03:44 AM
අපේ මල්ලිට තරු පෙනෙන්නේ තව අවුරුදු පහකින් ප්‍රධාන නගර බලෙන් අල්ලාගෙන ඉන්නේ කව්ද ? (රේ)
රිස්වාන් Friday, 06 November 2015 03:42 AM
ඔබතුමා අපිට ශක්තියක් මහත්තයෝ....(රේ)
ශක්ති Friday, 06 November 2015 04:06 AM
ආර්ථිකය සවිමත්කිරිම ද අත්‍යාවශ්‍යය ඊට පෙර රටේ අපරාධ නැවත්වීමට කඩිනම් පියවර ගමු.නිතිය හා සාමය සදහා ශක්තිමත් ඇමති ,නියෝජ්‍ය ඇමති කෙනෙක් පත්කරමු. (ම)
දිලිප් Friday, 06 November 2015 04:39 AM
අනුර මහත්මා කියන කතාවත් වැරද්දක් නැත. කොළඹ ඉපදුන අපට අගනුවර පාරවල් වල එහා මෙහා යන්න වෙලා තියෙන්නේ පිට රටකට ගිය මිනිස්සු වගේ දැන්. නගරයම ඔවුන්ගේ පාලනයට නතු වී හමාරය.(ම)
හර්ෂ Thursday, 05 November 2015 06:30 PM
ඔබතුමාට ජයවේවා! (නි)
ටෙනිසන් Friday, 06 November 2015 05:41 AM
අනුර,දිලිප්, තවම පෙරහැර පෙළ ගැහෙනවා ,යන්න පටන් ගත්තේ නැහැ...(රේ)
වින්සන්ට් Thursday, 05 November 2015 07:04 PM
වර්තමාන තත්ත්වය අනුව දේශපාලකයන්ගේ ප්‍රකාශ ජනතාවට පිළිගැනීමට හැකිවන්නේ ඒවා ක්‍රියාත්මකවීමෙන් පසුවය. (නි)
විජේසුන්දර ප්‍රංශය Thursday, 05 November 2015 07:03 PM
අපි සැමදා පොරොන්දු අසාගෙන ඉඳිමු ! (නි)
ලක්මාල් Thursday, 05 November 2015 07:36 PM
ඔබතුමා අපිට ශක්තියක් මහත්තයෝ (නි)
අතුල Thursday, 05 November 2015 10:24 PM
ඔබතුමාට ජයවේවා! (නි)
නඩරාජා Thursday, 05 November 2015 10:41 PM
ජනාධිපති මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ප්‍රථමද විවිධ ප්‍රකාශ කළ අයුරු අපි දුටුවෙමු. තවමත් ප්‍රකාශ කරමින් සිටී. නමුත් කළ දෙයක් නම් අපි නොදුටුවෙමු. (නි)