IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘

(ෂේන් සෙනෙවිරත්න)

රනිල්-සජිත් එක්ව මේ මොහොතේ  ගමනක් යා යුතු යැයි  ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව   මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.

මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද මන්ත්‍රීවරිය පැවැසුවාය.

රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් - සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බවත් එය රටේ අනාගතය වෙනුවෙන් සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයක් බව ද අවධාරණය කළේය .

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සේම මේ අවස්ථාවේදී සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම වැදගත් බව ද අවධාරණය කළාය. ජාති, ආගම් හා පක්ෂ වශයෙන් බෙදී නොසිට වසර 25 ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යාමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය කරන්නේ යැයි ද ඇය කීවාය.

 

 



අදහස් (21)

‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘

Herath Tuesday, 15 August 2023 10:40 PM

දෙන්නා එකතුවෙලා ඉඳලාම නැතිද ? එකතුවෙලා හිටපු කාලේ කරපු වැඩ කිඩ කියන්නද ? ඔයගොල්ලෝ එකතුවෙලා ගමනක් යන්න.හැබැයි රටේ 60%කට වඩා ජාතික ජන බලවේගයත් එක්ක එකතුවෙලා ශක්තිමත් ඉදිරි ගමනක් යන්න ලැහැස්තියි.හැබැයි ඉතින් ඒ ගමනේදී මේ රට හොරාකාපු මිනීමරු දේශ කාපාලුවන් ඔක්කොම හිරගෙදරට ගාල් කරලා නවතින්නේ නැහැ , උන්ව තමයි යොදාගන්නේ පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න, විශාල වගා වියාප්රුතිවල කම්කරු වැඩට....

:       16       24

Gunendra Wednesday, 16 August 2023 01:51 PM

කතා විතරයි.

:       5       8

chandima Tuesday, 15 August 2023 11:23 PM

පිනාට ජෝඩු දාලම යන්න වගේ යන්නේ ?

:       7       19

Perera Wednesday, 16 August 2023 12:05 AM

ඔය කියන දෙන්නා එකතු උනාට කිසි වැඩක් නැහැ නේ

:       6       15

Buddika Wednesday, 16 August 2023 05:48 AM

ජනතාවද එහෙම හිතන්නේ ?නෑ කොහෙත්ම නෑ .ඕක මෙයාගේ චින්තනය .යූ.ඇන්.පී එක ඉවරයි .යූ.ඇන්.පී එකට අනාගතයක් නෑ

:       6       15

SAMAN Wednesday, 16 August 2023 06:03 AM

සජිත් පිටවුනේ ආයෙත් නොඑන්නම

:       9       13

Roshan Wednesday, 16 August 2023 09:41 AM

දැන් මෙයාලා හදන්නේ කාගෙ හරි කරේ එල්ලිලා බලයට එන්න

:       2       28

Sunil Wednesday, 16 August 2023 09:42 AM

බබෙක් හදන්න නම් බැරිවෙයි

:       3       20

Weerasumana Wednesday, 16 August 2023 10:05 AM

මෝඩකමට ගැහැනු කියන කතා

:       4       21

අරවින්ද මොනරවිල Wednesday, 16 August 2023 10:17 AM

අනේ ඔව් කොහොම හරි කරලා එකතු කරන්න ඕනා, එතකොට ජනතාවට පහසුයි රාජපක්ෂ එක්ක එකට තියලා පරද්දන්න.

:       6       16

Gunendra Wednesday, 16 August 2023 10:28 AM

ඔයා පනින්න ලෑස්තියි වගේ.

:       2       25

මැක්ස් Wednesday, 16 August 2023 10:41 AM

ජනතාවට කෙසේ වෙතත් මේතුමියට නම් ජනාධිපති දෑත් ශක්තිමත් කරන්න හිතිලා වගේ.

:       2       24

Rata Perata Wednesday, 16 August 2023 12:25 PM

රනිල් ගියා තමා ඔක්කොම විනාශයි කියන එකවත් තවම තෙරිල නෑ වගෙ. ඔක මොක එකතු උනත් රට හදෙන්නෙ . දැනට මෙ තියෙන ප්‍රශ්න ගොඩට විපක්ෂයෙ ඉන්න එකෙක් හරි හරියල පාරට බැහැල හරි වැඩක් කරනවද? නිකම් කත විතරයි. මිනිස්සු එකතුවෙල තමයි අරගලයක් හරි කලෙ, කිසිම නායකත්වයක් ැතුව.

:       2       7

Hafeel Wednesday, 16 August 2023 01:06 PM

සේරම එකතු වෙලා තමයි මේ රට විනාශ කළේ. 2005 සිට අද දක්වා රාජපක්ෂ පිල, කරූ ජයසුරිය පිල, මෛත්‍රී පිල, සජිත් රනිල් පිල, දැන් රනිල් රාජපක්ෂ කල්ලිය විවිධ අවස්තාවලදී එක්එක් නම් වලින්, පෙරමුණ වලින්, ලාංඡනවලින් ඇවිල්ලා, ජනතාව රවට්ටලා, ආයිත් ඔවුන්ට අවාසි වෙනකොට දික්කසාද වෙනවා... ආයිත් එකතු වෙනවා. නමුත් රට විනාශ කළා මිස කිසිම ප්‍රයෝජනයක්වත් නැහැ. විමල්ලා කිසිම වැඩකට නැති ගෝඨාභයව ගෙනාවේ දුටු ගැමුණු, මගාදීර් මොහමඩ්, ලී කුවාන්, පුටින් කියමින් ගෙනැල්ලා, අවසානයේ ඔවුන් ගෙනාපු මිනිහා රටිනුත් පැනලා ගියා. දැන් ඔවුන් එනවා උත්තර ලංකා කියලා. දැන් ජනතාවට තේරිලා තියෙන්නේ.

:       3       12

ajith Wednesday, 16 August 2023 02:39 PM

කොහෙද දන්නේ නැහැ ඔහොම කියන "ජනතාව" ඉන්නේ?

:       2       11

ashoka ranaweera Wednesday, 16 August 2023 05:19 PM

රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ අයියෝ...?

:       1       10

Asanja Wednesday, 16 August 2023 09:27 PM

මෙයාට මේ ඇමතිකමක් නැති පිස්සුව ගහලා තියෙන්නේ, රනිල්ගේ පැත්තට පැන්නොත් ඔයා අනාථයි, රනිල් ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණය පරදිනවා.

:       1       5

සල්ලි Wednesday, 16 August 2023 10:05 PM

බය වුනාම කියන කතා නේද ඉතින් .

:       0       4

Adrian Ferth Thursday, 17 August 2023 06:58 PM

වැඩක් නෑ බම්, උන් දෙන්නම වෘත්තීය පුස්සො. ( Professional neutors) ඒ නිසා බොගෙ රිස්ස යන්න හොඳට විසේ තියෙන කොල්ලෙක් අල්ලගං.

:       0       3

wedage Sunday, 20 August 2023 07:44 AM

ඔබගේ ඇස් දෙක එකට එකතු වුණොත් ඔබ එකැස් මන්ත්‍රී කියලා නමකුත් ලැබේවි නේද? 

:       0       3

විජේ Monday, 21 August 2023 05:06 PM

නම කවිරත්න වුණාට කියන්නේ බයිලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 592 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 257 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 899 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3901 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1933 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1082 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site