(අංජුල මහීක වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුව අනිද්දා (10) පැවැත්විමට නියමිතව ඇතැයි එ.ජා.ප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳ හන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පමණක් හමුවී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව තීරණය කළ යුතු බව ඉකුත් සිකුරාදා(6) පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මෙම හමුව සිදුවෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එ. ජා. ප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර පැවති මෙම හමුවේදී අද(8) දින ‘‘රනිල්, සජිත්’’ හමුව පැවැත්විය යුතුයැයි තීරණය විය.
කලින් යොදාගත් සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සඳහා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හම්බන්තොටට යාමට සිදුවී තිබීම මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද යාපනය සංචාරයෙන් පසු කොළඹ පැමිණයේ අද(8) දිනයේ බැවින් මෙම හමුව මදක් කල් දමන්නට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ පූර්ව කැබිනට් රැස්වීම අද (8) පැවැත්වීමට නියමිතව තිබුනද ඊටද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ පැමිණීම තහවුරු කර නොතිබිණි.
මේ අනුව අනිද්දා(10) කැබිණට් මණ්ඩළ රැස්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාව පැවැත්වෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රනිල්-සජිත් හමුව කල්යයි
ධම්ම Sunday, 08 September 2019 10:10 AM
බාලගිරි අද නොවෙයි හෙට..
පුරවැසියා Sunday, 08 September 2019 05:46 PM
මා කුඩා කාලයේ වයස 7ක් පමණ වන විට මා ගේ පියාගෙන් වටිනාකමක් තිබෙන යමක් ඉල්ලා ඇවිටිලිකලෙමි, කැමුර දුන්නේය නිවසින් ඇතට ගොස් මහා සබ්ද නගමින් අවට සිටින අයටද ඇසෙන්නට මගේ ඉල්ලීම කලෙමි. මගේ පියා කිසිවක් නොඅසුනාසේ සිටියේය. මාගේ මවට මගින් ඇවිටිලි කිරීමට උත්සහ ගත්තද පියා කවුද කියා තවම තේරුම් ගත්තේ නැතිද කියා මගින් විමසා සිටියේය. නමුත් මගේ ආසාව අත් නොහැර පවුලේ අනෙක් ය සහ මිතුරන් සමග වරින් වර ඉල්ලා සිටියත් පලක් නොවිය. පසුව වැඩිහිටින්හට කියා ඔවුන් මගින් මගේ පියාට ඇවිටිලි කිරීමට උත්සහ කලද ඔවුන් කියාසිටියේ ඔබ සිතනවාට වඩා ඔබේ පියා බොහෝ දුර සිතන නිසා ඔබගේ ඉල්ලීම කෙසේවත් ඉටුනොවන බවකි. අවසානයේ මගේ පිය මට කතාකොට මෙසේ කිවේය. අසාවන් තුබූ පලියට හැම දෙයක්ම කලනොහකි බවත් නොලැබෙන බවත් කියා තමුන්ගේ තරම දැනගෙන ක්‍රියාකරන ලස දන්වා ඔබ කරන මේ මෝඩ වැඩ නිසා පවුලේ අනෙක් අයත් නොමග යනබවපවසා තදින් අවවාද කොට නහයෙන් ඇඩිල්ල නවත්වන ලෙස කියා සිටියේය. ඉන්පසු මා කිසිවක් නොකියා අඩියක් නොව අඩි කිහිපයක් පස්සට ගත්තෙමි.
BamunuarachchiTuesday, 10 September 2019 12:55 AM
අම්මත් නොකියා කියා ඇත්තේ තාත්තත් මැට්ටෙක් උනත් ඔබ ඉල්ලන දේ දෙන්න තරම් මැට්ටෙක් නොවන බවයි.
බණ්ඩා Sunday, 08 September 2019 10:17 AM
ඔය දෙන්නම එපා... අපට ඕනෑ කරු, චම්පික, රාජිත හෝ ෆීල්ඩ් මාර්ෂල් යන අයගෙන් කෙනෙක්...
RaveendraSunday, 08 September 2019 10:48 AM
අපිට නම් තක්කඩි වඳුරන් 225ම එපා...
saaliSunday, 08 September 2019 11:59 AM
225 පාර්ලිමේන්තුවේ සංකේතයක් ලෙස ගෙන "225 ම එපා" යන්න "ප්රජාතන්ත්රවාදය කම්මුතු කිරීමේ" තේමා පාඨයයි. මෙය සැමවිටම කියන්නේ ඒ නිසාය.
ධම්ම Sunday, 08 September 2019 10:46 AM
ඔය 225ම අපට එපා..
Dayan Sunday, 08 September 2019 10:50 AM
බණ්ඩා මහතාගේ ඉල්ලීම ගැන අපගේ සහයෝගය...
kamal Sunday, 08 September 2019 10:51 AM
හමුවෙන්නේ ඡන්දෙන් පස්සේ...
sirimal Sunday, 08 September 2019 10:58 AM
වැඩ වැඩිකම නෙවේ, මේ හමුව කල්ගියේ සජිත් ප්‍රේමදාස යතාර්ථයට මුහුණ නොදී මඟ හරින නිසයි. දේශපාලන බලය ලබාගැනීමට කෙටි පාරවල් හොයමින් තමන්ට වාසිදේ පමණක් ගැන දොඩවන එජාපයේ ඉතිහාසය ගැන වැඩි දැනීමක් නැති පිරිසක් එකතුව මේ හදන්නේ "වෙනත් කෙනෙකුගේ පදවලට නටන එකද" කියාත් සමහරු අහනවා. සජිත් ප්‍රේමදාස එජාප නායකත්වය සඳහා බොහෝ සටන් දියත්කළ අයෙකි. ඒ සියල්ල අවසන් වුනේ රනිල් "තමන්ට කැමති ජාතියේ ගිවිසුම්වලට" සජිත් පොළඹවා ගැනීමෙනි. සජිත් වෙනුවෙන් පෙනීසිටි දයාසිරි, මෛත්‍රී ගුණරත්න, ශිරාල් වැන්නවුන් අද ඉන්නේ වෙනත් තැන්වල හුදෙකලා වෙලාය. හරීන්, බුද්ධික වැනි අය බේරුනේ අනූනවයෙනි. සජිත් සමඟ රටවටේ නටනටා යන කට්ටිය රනිල්ගේ පැසුණු බුද්ධියට සමච්චල් කළයුතු නැත. ඔවුන් මුලින්ම එජාපයේ ඉතිහාසය ඉගෙනගත යුතුය. අද අපි දකින්නේ එක්තරා නාලිකාවක හිමිකරුවෙකු රනිල්ට එරෙහිව වසර ගණනාවක් පුරාවට ක්‍රියාත්මක කළ පළිගැනීමේ ක්‍රියාවලියක කුටාප්රාප්තියයි. සියල්ලටම පෙර මේ නොමිනිස්සුන්ගෙන් රට බේරාගැනීමට කාලය පැමිණ ඇත..
චමින්දMonday, 09 September 2019 12:58 AM
සිරිමල් හරි.තමාගේ දිස්ත්‍රික්කයේ කටයුතුවල පමණක් යෙදෙන සජිත් රට ගැන ඇල්මක් තිබේනම් මෙහෙම මගහරින්නේ නැහැ කියා සිතෙනවා.මෙයාගේ පියාත් පළාත්සභා ඇතිකල අවස්ථාවේ ප්‍රශ්ණයට මුහුණ නොදී සැඟවී සිටියා කියා මතකයි.
amali Sunday, 08 September 2019 11:19 AM
මේ ඉරිදා වාගේ නොවන්න. මාගේ පැතුම් මාගේ සිතුම් සුන් නොකරන්න. පරණ සින්දුම තමයි ගහන්නේ...
Amila Sunday, 08 September 2019 11:50 AM
වලපයයි, ගොඩපයයි මහල්ලන් ගෙදර යායුතුය.. නැත්තම් මේක මහල්ලන්ගේ ජනාධිපතිවරණය විදියට නම් වෙනස් කලයුතුය..
SaththayaMonday, 09 September 2019 02:57 AM
දැන් ඉන්න තරුණ දේශපාලු කරන අය අසුරයන් ලෙස නම් කල හැකි මිසක් සමාජ මෙහෙවරක් කරන මනුස්ස ආත්මයක් සොයා ගත හැකිද ? රට බාර ගන්න ඉන්න පොඩි ලමයාටත් ආදර්සයක් දෙන්න කෙනෙක් නැහැ . බල ලෝබය ඉස්මතු වෙලා ජනතාව සුරා කනවා .
saliya Sunday, 08 September 2019 11:53 AM
උගත්කම ඇත, වැඩ බැරිය. අනෙකාට උගත්කම නැත. උගත්කමත්, හැකියාවත් ඇති කෙනෙක්, චම්පික... එයාට දෙන්න බැරි නම් කරු, යම් ප්‍රමාණයකට උගත්කමත් හැකියාවත්, පරිණත භාවයත් සමගින්...
Mangala Sunday, 08 September 2019 12:25 PM
රනිල් කියන්නේ කවදාවත් සාමාන්‍ය ජනතාව ගැන තියා පාක්ෂිකයින්ගේවත් ප්‍රශ්න ගැන සොයාබලපු මිනිහෙක් නෙවෙයි. 1994 ඉඳලා 2002දී සහ 2015 දක්වා දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච පාක්ෂිකයින්ට අවුරුදු 4ක් ගතවෙලත් මොනවද කලේ? තමන්ගේ හිතවතුන්ට සහ නෑදෑයින්ට නම් හොඳ තැන්වල පත්වීම් දීලා හොරකම් කරන එක කරන්න දුන්නා. උදා ශ්‍රී ලන්කන් එකට හිතවතාගේ මල්ලිව දැම්මා. එයාට යූඑන්පී වෘත්තීය සංගම් එක්ක කතාකරන්න වෙලාව තිබුණේ විනාඩි 5ක් පමණයි. දැන් ඉදිරි ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පොදුපෙරමුණ දිනුවම රනිල්ට ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න පුලුවන්... කොහොමද දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච පාක්ෂිකයින්ට සලකන්නේ... කියලා.. දෙයියන්ගේ නාමෙට ගෙදර ඉන්න.
de silva Sunday, 08 September 2019 01:48 PM
රනිල්ට සහ රනිල් හිතවාදීන්ට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැතිනම් මොකද කරන්නේ? පසුගිය අවුරුදු 25 පැරදුණා වගේ දිගින් දිගටම පැරදි පැරදී ඉන්න පුළුවන්...
senaSunday, 08 September 2019 02:33 PM
ඔය ප්රශ්නයේම අනිත් පැත්ත හිතමුකෝ... සජිත් සහ සජිත් වාදීන්ට මිනිස්සු ඡන්දෙ දුන්නේ නැතිනම් මොකද වෙන්නේ? එ්ක නිසා දෙන්නම නැතුව කරු හරි, චම්පික හරි ආවොත් ප්‍රශ්නේ ඉවරයිනේ...
Chathuri Sunday, 08 September 2019 02:04 PM
අපේ රටට සුදුසුම නායකයා... අරාබි රටේ නායකයෙක් මිසක් වෙන කවුරුත් නෙමේ.. හොරකම්, මිනීමැරුම්, දුෂණ, එන්න එන්නම දරුණු ලෙස වැඩිවෙනවා.. එක නඩුවක් අහන්න අවුරුදු 30ක් යනවා. නඩු ඉවර වෙනකොට, පැමිණිලිකරු ජිවිතයෙන් සමුඅරගෙන... ලෝකේ කොහෙවත් නැහැ ලොක්කන්ගේ පදේට නටන තැන්... ඒකනේ ලෝකෙන්ම උතුම් රට කියන්නේ.., දිව්‍ය ලෝකෙන් උතුම්ම රට වෙනවා අරාබි නායකයකුට දීලා රටට සුද්දයක් දුන්නා නම්... උදේට නඩුව අැහුවා හවසට එල්ලුවා...
Kumara Sunday, 08 September 2019 02:18 PM
මේ 225ම හොරු...
මුණසිංහ Sunday, 08 September 2019 02:34 PM
කෝට්ටේ පෙරහරෙදී කුලප්පු වූ අලියෙක් ඉදිරියට දුවගෙන ඇවිත් ඉදිරියෙන්ම යන කරඬුව ගෙනියන ඇතා ගාවට ආපු ගමන් ක්ෂණිකව "බ්රේක්" පාරක් ගහලා නතර වුණා. සජිත්ට වෙන්නෙත් ඒ ටික තමයි...!!!
ranjith Sunday, 08 September 2019 03:02 PM
මහබැංකු හොරකම එක්සත් ජාතික පක්ෂය විනාශ කරා...
Chanak los angeles Sunday, 08 September 2019 11:50 PM
සජිත් කියනවා එයා දිනුවට පසුව රජ ගෙවල්වලට මන්දිරවලට යන්නේ නැහැ ජනතාවත් සමග මහපාරේ ඉන්නේ කියා .මම දන්නේ නැහැ මෙහෙම කියනකොට මිනිසුන් අත්පොඩි ගසන්නේ සිහියෙන්ද අසිහියෙන්ද කියලා ?ජනපති කෙනෙක් මොන රටේද මහපාරේ ජීවත් වෙන්නේ ? මෙහෙම බොළඳ චන්ද දායකයන් ඉන්න සමාජයක ඉන්න නොලැබීම අපිනම් පුරුවේ කල පිනක් .
CHANDIMA Sunday, 08 September 2019 11:55 PM
මොන එකකට හම්බුවෙලා කතා කරනවද? ඔය ටෙලිෆෝන්, ස්කයිප්, වයිබර්, අරව මෙව්වා තියෙන්නේ සාකච්චා කරන්න ඕනෑමනම්. ඔය සාකච්චවත් නිකම් සංදර්ශනයක් විතරයි. අනික ඒ සාකච්චා මාර්ග ගැන නොදන්නවාද? අර යුද්ධ කාලේ ඔව්වගෙන්නේ ලංකාවට යුද්ධ ආධාර දෙන්න එපෝ එපෝ කියල ලෝකේ පුරා නායකයින්ට කිව්වේ?
lalithm Monday, 09 September 2019 04:57 AM
රටේ ප්‍රශ්න පක්ෂයේ ප්‍රශ්න කිසිවක් නොසොයා පක්ෂ නායකත්වය විතරක් තියාගෙන මොනවා කරන්නද? නිසි වයසේදී විශ්‍රාම යාම දේශපාලන පක්ෂ නායකයින්ටත් පොදු විය යුතුයි.
WasudewaMonday, 09 September 2019 08:53 AM
UNP නායකයා දැන් වලපයයි, ගොඩපයයි වෙලත් මොකද තවත් බලයේ ඉන්න හදන්නේ? රට කරගන්නත් බැහැ... වැඩක් ඇති දෙයක් කළෙත් නැහැ. එක හොරෙක්වත් ඇල්ලුවේ නැහැ. ඔක්කොම ගේම් තමයි කළේ.. .UNP ය දැන් පණ අදින ගානේ දැන් තියෙන්නේ. සජිත්ට නායකකම දීලා නම්බු පිටින් ගෙදර යන එකයි ඇත්තේ...
thilakasiri Monday, 09 September 2019 07:59 AM
යමකට තදින් ඇලුම් කරන්නා ඒ දෙය කෙරෙහි ලෝභයෙන් අන්ධ වී එය ලැබීමට බාධා වන අයට ගල්මුල් ගසමින් නොයෙක් අන්ත ක්‍රියා කරමින් මෝඩ කම ප්‍රදර්ශනය කරද්දී ගඳ ඇති තැනට නිල මැස්සෝ රැස්වෙන්නා සේ තම වාසිය ගැනීමට මානබලන පිරිස ඔහු වටා රැස්වෙති. නැතහොත් එවැනි පිරිස් මෙවැන්නෙකු එසේ මෙහෙයවා තම වාසිය අරභයා ක්‍රියා කරති. මෙවැන්නෙකුගෙන් ගතහැකි වටිනාකම් තිබේ නම් ඒවා කාටත් ලැබෙන අයුරු ඔහුව හසුරුවා ගන්න දත් ප්‍රඥාවන්තයෙක් ඔහු කැමති දේ ලබා දී පනින්න හැකි අශ්වයාගේ පිම්ම හරියට පන්නන ජොකියා සේ ඔහුව පාලනයකින් යුතුව හසුරවමින් නිලමැස්සන්ට ඉහඳ තබන්නට නොදී ගඳ නැතිකරන නිසි බෙහෙත යොදනු ලබයි. අශ්වයාට දුවන්න, පනින්න හැකිවුණාට ජොකියාට මෙන් අශ්වයින් පැන්නිය නොහැක. රනිල් ලෝක බලවත් අශ්වයින්ද පන්නා උපාය දත් පළපුරුදු ජෝකියෙකි. රනිල්ට පයින් ගසා අශ්වයා තනි ගමනකට සැරසුනොත් මෛත්‍රීගේ මෙන් කකුල් කැඩෙනු නියතය. එ් නිසා සජිත්ද ජනපති අපේක්ෂකයා වෙනවා නම් රනිල්ට ගරු කරමින් ගමන යායුතුයි. අංගුලිමාල මිනීමරා රහත්වූවා සේ දුර්වලකම් ඇති අප කාටත් හේතු හදාගන නිවැරදි වියහැකි බව බුදුන් පෙන්වා දුන්හ.
thilakasiri Monday, 09 September 2019 10:03 AM
රැකියා දේශපාලන ආදී සියලු ක්‍රියාවලදී වයෝවෘද්ධයින් ඉවත්වී තරුණයින්ට දෙන්න කීම පළපුරුදු නැති අයගේ මෝඩ ගීතිකාවකි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියා බටහිර බුද්ධිමතුන් පවසති. පෙර රජවරුන්ගේ පුරෝහිතයින් වයෝවෘද්ධ සෘෂීන්ය. වර්තමානයේ බලවත් ව්‍යාපාරිකයෝ වයෝවෘධ ඒ ඒ විෂයන් පිළිබඳ පළපුරුදු හා උගත් පිරිස් සමග සාකච්ඡා පවත්වති. මුළු ලෝකයේම රාජ්‍ය නායකයින් වයෝවෘධයෝය. තුන් යානය දේශනාකරමින් උපාය කෞශල්‍ය ඥාණය හා සියුම් ප්‍රඥාවෙන් තරුණ භික්ෂූන් මෙහෙයවූ සියලු බුදුවරුන්ද සත්‍ය වූ මහා ධර්මය දේශනා කරන්නේ පිරින්වන් කාලය පැමිණිවිට සියලු රහතුන්වහන්සේලා වයෝවෘධ අවස්ථාවේදීය. මන්ද වයෝවෘද්ධ වනවිට යමෙකු ක්‍රියාත්මකවූ ක්ෂේත්රයෙහි පලපුරුද්ද ලබා පරිණත වන බැවිණි. වත්මන් ලෝකයේ රාජ්යතන්ත්ර ඥානයෙන් පරිණත වූ එකම පුද්ගලයා රනිල්ය. 1984දී ජේආර් රොනල්ඩ් රේගන් වයිට් හවුස්හිදී මුණගැසී අවුරුදු 18කට පසු 2002දී රනිල් ජෝජේ බුෂ් වයිට් හව්සියේදී මුණගැසුණි. රනිල් නීතිය පිළිබඳ ආචාර්යවරයෙකු බව බොහෝදෙනෙක් නොදනිති. නමුත් 2001 රනිල්ගෙන් උප ඇමතිකම ලබාගත් දවසේ පටන්ම රනිල්ව එලවා පක්ෂේ බලය ගන්න හදන ඒ කිසිම පළපුරුද්දක් නැති සජිත් හොඳයි කියන මෝඩයන් වැඩිය.
thilakasiri Monday, 09 September 2019 11:59 AM
Wasudewa රනිල් වැඩක් ඇති දෙයක් නොකළ බවයි ඔබ කියන්නේ. ජේ.ආර් එදා හදපු විධායක බලය තම වාසියට පත්කරගත් හිටපු නායකයෝ ඔවුන්ට විරුද්ධ වූවන් අතුරුදහන් කරමින් 2015 පරාද නොවුණා නම් ලංකාවට තහංචි පනවලා ලෝක යුද අධිකරණයට නියම වෙන්න තිබුණු අතර කපලා තිබුණු ජී.එස්.ටී. නැවත ලබාගන ඒ භයානක අනතුරින් හිටපු නායකයෝ බේරාගෙන 1994 සිට බලයට ආපු සියලු නායකයෝ පොරොන්දු දී නොකළ එකාධිපති ජනපති බලතල අගමැති කතානායක හා ජනපති අතර බෙදා පාර්ලිමේන්තුවේ අවසර නැතිව ජනපතිට කිසිවක් කරන්න බැරි කර ස්වාධීන කොමිෂන් ඇතිකර අධිකරණය ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාධීන කර සුදුවෑන් නැතිකර ප්රජාතන්ත්රවාදය මතුකලේ මෛත්‍රී පරාජය වුණු අයටත් චිට් මන්ත්රීකම් හා ඇමතිකම්දී ශ්රීලනිපය හදන්න සජිත් සමග ඉන්න සමහරුනුත් අල්ලාගෙන රනිල්ව එලවන්න හදද්දී. මාදුළුවාවේ හිමි රොටිය පිච්චුනා කිව්වේ මේ බව දැකලා.. ආර්. ප්‍රේමදාස නැත්තටම නැතිකළ එජාපය අද දිනන තත්වයට පත්කළෙත් රනිල් තමයි. තව බොහෝ දේවල් කර ඇත.