IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රනිල් සැප්තැම්බර් 14 ඉන්දියාවේ

රනිල් වික්‍රමසිංහ අගමැති ලබන 14 සිට 16 දක්වා ඉන්දියාවේ නිල සංචාරයක යෙදීමට නියමිත බව ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පත්‍රය කියයි.

වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු ඉන්දියාවට යන ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට ඉන්දියාවේ සංචාරයක යෙදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මාධ්‍යවේදීන් සමග පැවසූයේ මෙම ගමන සැප්තැම්බර් 14 සිට 16 දිනවල සිදුවන බවයි.

සැප්තැම්බර් 15 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග දිවා භෝජනයේදී සාකච්ඡා කිරීමටද නියමිතය.

තමිල්නාඩුවේ රාමේෂ්වරම හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර පාලමක් ඉදිකළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර යෝජනා කර ඇති බව එක්ස්ප්‍රස් පත්‍රය කියයි. ඉන්දියාවේ මීට පෙර පැවැති රජය යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට වඩා ගොඩබිමින් පාලමක් ඉදි කිරීමේ යෝජනාවට මෝදි රජය වැඩි සහායක් දක්වනු ඇතැයිද එම පුවත්පත පවසයි.

චීන රජය ඩොලර් කෝටි 150ක් (රුපියල් කෝටි 20690) වැයකර ඉදිකරන්නට යන වරාය නගරයට ශ්‍රී ලංකා රජය ඉඩ නොදෙනු ඇති බවට යම් ඉඟියක් ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වෙතියි එක්ස්ප්‍රස් පත්‍රය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මතය වෙනස් කිරීමට ඉන්දියාව උදව් කරනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවන බවද එම පුවත්පත පවසයි.

දෙමළ ජාතික සන්ධානය කියා ඇත්තේ දේශීය පරීක්ෂණයක් නොව අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවයි. වික්‍රමසිංහ මහතා මේ ගමනේදී ඉන්දියාවේ සෙසු දේශපාලන නායකයන්ද හමුවීමට නියමිතය.

 

 



අදහස් (0)

රනිල් සැප්තැම්බර් 14 ඉන්දියාවේ

මහනාම- කඳාන Monday, 07 September 2015 12:32 PM

ගැමුණු , දයාජ මහත්වරු සීපා වල භායානක කම දන්නවා වාගේ , නමුත් තමාට උදවු කරපු උදවියට උදව් කරපු උදවියට කල ගුණ සැලකීමට සම්බදන්ට විපක්ෂ නායක කම දුන්නා , පළමු කතාවේම කිව්වා ලංකාව කොටස 3 කට හෝ 5 කඩා පාලනය කළ යුතුයි කියලා , ඉන්දියාවට කාලගුණ සලකන්න යන්නේ සීපා ගිවිසුම නැවත බල ගන්වලා . මෙහි අදහස් දාන උගත් උදවිය දන්නවා සීපා වල භයානක කම , නමුත් එජාපෙ ට ඡන්දෙ දුන්න ලක්ෂ 49 න කීයෙන් කි දෙනාද දන්නේ සීපා ගැන ? මහින්ද රජය ප්‍රතික්ෂේප කරපු මේ ගිවිසුම ඊටත් වඩා භයානක ලෙස ජන 8 න පසු දැන් එන්න සුදානම . කොහොමද වෙනස , මේ පටන් ගත්තා විතරයි , (අ)

:       0       0

අමරසේන Monday, 07 September 2015 07:17 AM

සීපා ගැන වැදගත් ලිපියක්: http://www.lankaweb.com/news/items/2015/09/05/sri-lanka-should-be-the-hong-kong-of-india/ (නි)

:       0       0

රූපවතී Tuesday, 08 September 2015 07:45 AM

මහානාම ..අපේ අය තාම දන්නේ නැහැ මේ රනිල් කියන්නේ කව්ද කියල ..? මෙයාම නේද ඉන්දියාවෙන් ඉල්ලා තියෙන්නේ ගොඩබිම යාවෙන පාලමක් ඕනේ කියල ..මේ රටේ ඉන්න ජනතාවගෙන් නිකමටවත් මේ ගැන අහල කැමැත්ත අකමැත්ත ..ගැන සොයා බලලද මේ මිනිසුන් තීරණ ගන්නේ ..? සීපා ගිවිසුම එදා හිටි පාලකයෝ ප්‍රතික්ෂේප කළේ ඒ වයෙන් රටේ අභ්‍යන්තරව පසුකාලීනව මුහුණ දීමට ඇතිවන ගැටළු ගැන සෑහීමකට පත්වීමෙන් හා ජනතාවගේ අදහස් වලට ගරු කිරීමෙන් ..ඒ දා සිටම රටේ ජනතාව අකමැති වූ මේ දෙය මේ මිනිසුන් විනාශ කළොත් එදාට ජනතාව දැනගත යුතුයි ඊළගට කළ යුතුදේ ..? මොන රටේ නායකයෙක්ද තම රටේ මුහුදේ මාලුටික වෙන කෙකුට අල්ලාගෙන යන්න දීල තම රටේ ඉන්න මිනිසුන්ගේ බඩ ගොස්තරේට පයින් ගහන්නේ ..මමනම් ජීවිතේටම ඇහුවාමයි මේවා ..? අපේ රට වෙනුවෙන් පුරාතනයේ සිංහල වීරවරු තම දිවි පරදුවට තබලා දිවිපුදා ඒ වීර මිනිසුන් ගේ ආත්ම වලෙන් ගොඩ විත් වැදූ දෙමාපියෝ හොයන් යනවා මේවා මෙහෙම උනේ කොහොමද කියල ඔවුන්ගෙන් අහන්න ...? ඒ තරමට මේවා දුක්ඛිතයි උභතෝ කෝටිකයි..!!!! (බ)

:       0       0

රොහාන් Sunday, 06 September 2015 12:16 PM

ලංකාවෙන් ඉන්දියාවට පාලමක් හදන්න කතාකරන්න නම් එපා (නි)

:       0       0

මොහොමඩ් Sunday, 06 September 2015 12:35 PM

රොහාන්, මාත් කියන්නේ පාලම් නම් එපා. මෙතුමා බුද්ධිමත්. ලංකාව විනාශ කරන පාලම නම් එපා (නි)

:       0       0

තිළිණි Sunday, 06 September 2015 12:46 PM

සුබ ගමන්! (නි)

:       0       0

ගැමුණු Sunday, 06 September 2015 12:58 PM

අගමැතිතුමාගේ අභිනව විදේශ සංචාරය සාර්ථක වෙන්නයි මගේ පැතුම. එහෙත් සීෆා ගිවිසුම සහ ලංකාවත් ඉන්දියාවත් යාකරන පාලම් පිළිබඳ ගිවිසුම් වලට නොයන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

නුවන්සර Sunday, 06 September 2015 01:06 PM

අනවසරයෙන් අපේ මුහුදේ මාළු ඇල්ලීම නොනවත්වන සහ සංචාරකයන් වශයෙන් පැමිණ මත් පුවක් විකුණන ඇතැම් මිනිසුන් වැරදි වැඩ කිරීමට යෝජිත පාලම 'තවත් පාලමක්' කර ගනු ඇත. (නි)

:       0       0

දයාජ Sunday, 06 September 2015 01:16 PM

සීෆා ගිවිසුමක් ඇති වුවහොත් අපේ දේශීය ව්‍යාපාරිකයාට, කර්මාන්තකරුවාට, එදිනෙදා ආදායමක් උපාය ගන්නා කුලී වැඩකරුවාට පහරක් වදින බවයි මා අසා ඇත්තේ.ඉතින් ඒ සඳහා අගමැතිතුමා යොමු නොවනු ඇති බවයි මගේ හැඟීම. (නි)

:       0       0

ධම්ම Monday, 07 September 2015 05:44 AM

ඒ පාලම හදලා දාන්න සර්. ආදම්ට පුළුවන් නම් ඇයි අපට බැරි. (බ)

:       0       0

ඉර්ෆාන් Monday, 07 September 2015 05:59 AM

බොරු පොරොන්දු වලින් තොරව කෙළින් කතාකර සම්මුතියකට යාම වැදගත්. රටට ජයවේවා! (නි)

:       0       0

විකුම් Monday, 07 September 2015 06:08 AM

ලිච්ඡවි රජදරුවන් ගැනත් පොඩ්ඩක් සැළකිළිමත් වෙන්න පුලුවන් වෙයි (නි)

:       0       0

දුමින්ද Monday, 07 September 2015 06:45 AM

කලාපීය බලතුලන සමීකරණයෙන් ලංකාව ඉවත්විය යුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 524 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 544 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 119 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 777 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 177 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1033 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site