IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


රනිල් ස්වාධීන කොමිෂන් ඉල්ලයි

රටේ පවතින උග්‍ර ජීවන අර්බුදයට තිබෙන එකම විසඳුම 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බළ ගන්වා ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවසීය.

13 වැනි අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නයක් නොව, ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නයක් බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ආණ්ඩුවේ නියෝජනයක් පවා නොමැති හිස් කාරක සභාවක් බවට පත්ව ඇතැයි ද සඳහන් කළේය.

‘මේ රටට ස්වාධීන පොලිසියක් සහ ස්වාධීන රාජ්‍ය සේවයක් ලබා දී අධිකරණයේ ස්වාධීණත්වය තහවුරු කර පළාත් සභා බලතල පිළිබඳ ප්‍රශ්න විසඳිය හැකි මාර්ගයක් මේ රටේ ජනයා පැහැදිලිව පෙන්නා දී තිබෙනවා.

ඒ ගැන සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුව තිබියදී ආණ්ඩුව ඒ සියල්ල පසෙක තබා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කනවා නම් අපේ ප්‍රතිචාරය අපට ඊට දිය යුතුයි.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු වන්නේ රටේ ස්වාධීන පොලිස් සේවයක් ඇති කර නීතිය යටතේ පරිපාලනය කරමින් ස්වාධීන අධිකරණ ක්‍රමයක් ලබා දී දූෂණ පිටු දැකීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ලබා දීමයි.‘



අදහස් (0)

රනිල් ස්වාධීන කොමිෂන් ඉල්ලයි

රේමන් Thursday, 11 July 2013 02:24 AM

ඉස්සෙල්ලම බටලන්දේ කොමිසම විසඳලා දාම්මු ද කට්ටිය මතක් වෙනවා (අ)

:       0       0

පෙරේරා Thursday, 11 July 2013 11:15 AM

විපක්ෂේත් ඉතින් ඉඳල හිටලා හරි මොනවා හරි කියන්නත් එපැයි නේද? (ස)

:       0       0

සමන් කුමාර Thursday, 11 July 2013 06:23 AM

ස්වාධීන කොමිසම ඉල්ලන්නේ රනිල්ද වෙන කෙනෙක්ද කියන එක අපට ප්‍රශ්නයක් නැහැ. කවුරු කලත් හරි දේ හරි.17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙන්නේ, මේ රටේ ඥානවන්ත අය නම් නෙමෙයි. මේකේ තියෙන සමහර අදහස් දිහා බැලුවම අපිට හිතාගන්න පුළුවන් රට යන්නේ කොහෙටද කියලා. ප්‍රභාෂ් වැනි බුද්ධිමත් අය මේවා හොදින් තේරුම් ගෙන තියෙනවා. (නි)

:       0       0

අනුරාධ පෙරේරා Thursday, 11 July 2013 06:38 AM

මේ වෙලාවේ කලයුත්තේ රනිල්ටවත් මහින්දටවත් මඩ ගහන එක නෙවෙයි. කොහොමහරි 17 සංශෝධනය වහා ක්‍රියාත්මක කරවා ගන්න උත්සහ කරන එකයි. අපිට නම් ඔය කවුරුත් එකයි. පොලිස් කොමිසම ක්‍රියාත්මක කරන තුරු රටේ අපරාධ අඩු කරන්න අපහසුයි. පොලිස් නිලධාරීන්ට රාජකාරිය අපක්ෂපාතීව කරන්න බැහැ. (අ)

:       0       0

උපාලි Thursday, 11 July 2013 06:49 AM

"ජීවන අර්බුදයට" විසඳුම? ඒ කියන්නේ මොකක්ද? ජීවත් වීමේ අමාරුව වෙන්න ඇති මගේ හිතේ. ඒක විසඳන්න 17 ගෙනල්ලා මක්කරන්නද? ජීවන වියදම බස්සලා පුද්ගල ආදායම් වැඩිකරනවා මිසක්. හැබැයි 17 ගේන එක නම් අත්‍යවශ්‍යයි. 18 අවලංගු කිරීමත් අත්‍යවශ්‍යයි. (නි)

:       0       0

හසන්ති Thursday, 11 July 2013 11:37 AM

විකාර දැකලා තියෙනවාද

:       0       0

කවී Thursday, 11 July 2013 07:56 AM

හොද රටවල් එක්ක සම්බන්ධතා තිබෙන එකම මිනිහා රනිල්. (නි)

:       0       0

සම්පත් Wednesday, 10 July 2013 06:35 PM

ආ, අපිට මතකයි තවම අතීතය (දී)

:       0       0

චින්තක Wednesday, 10 July 2013 06:36 PM

අනේ අපි නම් ඕවට අහුවෙන්නෙ නැහැ (දී)

:       0       0

රුවන් Wednesday, 10 July 2013 06:37 PM

පළමුව පක්ෂය ඇතුලේ හඩට කන්දීලා ඉන්න (දී)

:       0       0

උපුල් Wednesday, 10 July 2013 07:01 PM

තමුන්නාන්සේගේ කිසිම දෙයක් අපට එපා. (දී)

:       0       0

ප්‍රවීන් Thursday, 11 July 2013 08:36 AM

අපිට බඩු මිල අඩු වෙනවා නම් 17 නෙමෙයි, 117 හරි කමක් නැහැ. (නි)

:       0       0

සමීර Thursday, 11 July 2013 08:48 AM

වැඩක් නැහැ මහත්තයෝ මොකටද

:       0       0

රයිනා Thursday, 11 July 2013 08:50 AM

ඒ මොකටද

:       0       0

සමර Thursday, 11 July 2013 08:52 AM

රනිල් ආදර්ශයක් සැමටම. වාසි සදහා රනිල් ගැලරියට කතා කරන්නේ නැහැ. ඔහුගේ හැම කතාවකම අර්ථයක් තියෙනවා (නි)

:       0       0

අමිල Thursday, 11 July 2013 04:44 PM

රනිල් මහත්තයා හරි 17 වෙනස් කිරීම මගින් යම්දෙයක් රටට වෙනවා. බුද්ධිමත්ව ඒ ගැන හිතමු. එතුමාගේ දක්ෂතා උපයෝගී කරගනිමු. රට දියුනු කරන්න එතුමාට මේ ලෝකෙම හොදතැනක් තියනවා පිලිගැනිමක් තියනවා. ඒක අපේ රටට වාසියක්. (නි)

:       0       0

හුසේන් Wednesday, 10 July 2013 07:58 PM

අනේ රනිල් මහත්තයෝ, අනුන්ගේ ස්වාධීනත්වය හොයන්න කලින් ඔබතුමාගේ පක්ෂයේ නිළතල ස්වාධීනද කියලා කියන්නකෝ. රටේ ගිනිගෙන දැවෙන ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුව නම්, ඒකට හරි හරියට මුක්කු ගහන ඔබතුමාත් ඒවට වග කියන්න ඕනෑ නේද කියලා හිතන්න. අනේ රටට ජනතාවට පොඩ්ඩක් හරි ආදරයක් තියේ නම්, දැන්වත් හිතන්න. දැන් කී සැරයක් නම් ජනතාව ඔබ පැරැද්දුවද ? (දී)

:       0       0

අනෝමා Thursday, 11 July 2013 04:52 PM

ගැලරියට කතාකරන්න විමල්ට කියන්න ඒවා අහල අපේ ය දැන් සැප විදිනවා !!(අ)

:       0       0

බන්දුල Wednesday, 10 July 2013 08:29 PM

පොඩි එවුන්ට රචනාවකට දෙන්න හොද මර්තුකාවක් මතක් උන..2005 ජනාධිපත්වරණයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති උනානම් ප්‍රබාකරන් සහ කොටි සංවිදානය අද සිටින තෙන හා සිංහල ජනතාවගේ ඉරණම..ලියමුද බලන්න රචනාවක් කට්ටියට සටන් විරාම ගිවිසුම එහෙම මතක් වෙන්න්නත් එක්ක..(අ)

:       0       0

වසන්ති Wednesday, 10 July 2013 08:32 PM

ඔබතුමා පැරදුනාට කමක් නැහැ. ඔබතුමා කරන දේ හරිද කියලා බලන්න. කුරුණෑගල දක්ෂම සහ ජනප්‍රියම පුද්ගලයා දයාසිරි, පොඩ්ඩ්ක් හිතලා බලන්න. අපේ ඡන්දය වෙනත් පක්ෂයකට දෙන්නේ. ඒක ඔබටත් නෙමේ, ආණ්ඩුවත් නෙමේ දෙන්නේ.දයාසිරි මැතිතුමනි, ජනතාව දමා යන්න එපා. (නි)

:       0       0

ඩයස් Thursday, 11 July 2013 09:16 AM

රනිල් හොඳ මහත්මයෙක් ඇත්ත,ඔහු හොරෙක් නෙමේ, ප්‍රජාතාන්ත්‍රවාදයත් ටිකක් රැකෙයි , ඊත් සුදුස්සාට නම් තැන දෙන්නේනෑ, තැන දෙන්නේ පන්දමුන්ට විතරමයි. අනිත් පක්ෂ නායකයින්ගේ වැරදි ගොඩයි එත් දක්සයින්ට තැන දෙනවා. එය ඔප්පු වී හමාරයි. බොරු නම් පොඩි අභියෝගයක්? මේ නිසා රනිල්ට දිනන්ද බැහැ ඊ ළඟ මැතිවරණයත්. ජයවේවා . දයාසිරි මැතිතුමනි දාල යන්ද එපා ගහල ගම්මු. (දී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 10 July 2013 09:03 PM

. රටේ සංශෝදන වලට කලින් පක්ෂයේ සංශෝදනයක් කරලා බලන්න රනිල් මහතයෝ (අ)

:       0       0

ප්‍රභාෂ් Wednesday, 10 July 2013 09:51 PM

රනිල් මහත්තය ස්වාදීන කොමිෂන් සභා ඉල්ලන්නේ ජනතවගේ යහපතට..රනිල් කවදාවත් බලය තමුන්ගේ පෞද්ගලික වාසියට භාවිතා කරලා නැහැ.වැදගත් මහත්තයෙක්.අපිට කවද හරි දවසක හෙටක් තියෙන්නේ රනිල් බලයට අවොත් පමණි.රටේ නීතිය සහ යහපාලනයට රනිල් ආදර්ශයක්.එක තේරුම් නොගැනීම අපේ මෝඩකම.දේශපාලන වාසි සදහා රනිල් ගැලරියට කතා කරන්නේ නැහැ,ඔහුගේ හැම කතාවකම අර්ථයක් තියෙනවා.මගේ මේ අදහස දාපු ගමන් ගොඩක් මිනිස්සු මාවත් කොටියෙක් හරි බටහිරට කඩේ යන එකෙක් කියල කියනවා.නමුත් අපි ඇත්ත ඇති සැටියෙන් පැවසීම යුතුකමක්.(අ)

:       0       0

රීමා Wednesday, 10 July 2013 10:28 PM

රනිල් මහත්තය යේ බටලන්ද කොමිසම පටන් ගන්නද හදන්නේ අපට නම් එපා (අ)

:       0       0

හේරත් Wednesday, 10 July 2013 11:26 PM

මේ කෝමිසොන් කියන වචනය අන්තිම බාලයි.කෝමිසොන් (සියට ගාන) අල්ලස අනික කෝමිසොන්(බලධාරියා).මෙතුමා ඉල්ලන්නේ කොය් කෝමිසොන් ද? දාමුද අලියට මොකද උනේ කියල කෝමිසොන් එකක්? (අ)

:       0       0

ජගත් Thursday, 11 July 2013 02:32 PM

85% කට වඩා ලිවීම ,කියවීම,අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටියත් සාමාන්‍ය බුද්ධිය අතින් නම් ලෝකයේ අන්තිම තැන ලංකාව කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

සෑම් Thursday, 11 July 2013 10:40 AM

රනිල් මහත්යෝ රටේ අර්බුද විසදන්න කලින් ඔබගේ පක්ෂේ ඇතුලේ තියෙන අර්බුද විසදුවොත් නේ හොද.. රටේ අර්බුද විසදන්න ජනතාව නායකයෙක් තොරගෙන ඉවරයි නේ (දී)

:       0       0

මොහමඩ් Thursday, 11 July 2013 12:56 AM

ඔ‍හොම යමු මහත්තයෝ! (නි)

:       0       0

චානක. Thursday, 11 July 2013 01:15 AM

85% කට වඩා ලිවීම ,කියවීම,සාමාන්‍ය බුද්ධිය අතින් ආසියාවේ ඉදිරියෙන්ම සිටින ලංකාවට දියුණු වීමට නොහෙකි වුනේ ජරා ජීර්ණ වුනු පක්ෂග්‍රාහි දේසපාලනය නිසාවෙනි..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 401 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2223 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1629 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 700 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 609 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 707 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site