IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රනිල් සිව්වැනි වතාවටත් අගමැති

රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් මෙන්ම නීතිවේදියෙක් වන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අතීතය 1970 වසර දක්වාම දිවයයි.මුලින්ම බියගම ආසන සංවිධායකවයා ලෙස කටයුතු කරන හෙතෙම ප්‍රථම වරට පාර්ලිමෙන්තුවට තේරීපත්වන්නේ 1977 මහමැතිවරණය ජයගෙනය.

ජේ.ආර් ජයවර්ධන රජයේ තරුණ කටයුතු හා රැකියා පිළිඹද අමාත්‍යධූරයෙන් පිදුම් ලබන හෙතෙම ශ්‍රීලංකා කැබිනට් මණ්ඩලයට එතෙක් පත්වූ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙස ඉතිහාසයටද එක්වේ.ජාතික තරුණ සේවා සභාව ඇතිකෙරෙන්නේ ඔහුගේ සංකල්පයකට අනුවය.පසු අවස්ථාවක ජයවර්ධන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වීමටද ඔහුට අවස්ථාව හිමිවේ.

බියගම විශේෂ ආර්ථික කලාපය ඇතිකෙරෙන්නේ රණසිංහ ප්‍රේමදාස ජනපති සමයේ කර්මාන්ත පිළිඹද අමාත්‍යවරයා ලෙස පත්වන ඔහුගේ සංකල්පයට අනුවය.ප්‍රේමදාස ජනපතිගේ හදිසි වියෝවෙන් පසු වැඩබලන ජනපති ලෙස පත්වන ඩී.බී.විජේතුංග යටතේ ඔහු මෙරට අගමැතිවරයා ලෙස පත්වන්නේය.

පක්ෂයේ නොයෙකුත් හැලහැප්පීම් වලට මුහුණදී,අවසන පක්ෂයේ නායකත්වය හිමිකර ගන්නට ඔහු සමත්වන්නේය.නමුත් එවක ප්‍රබල පොදු ජන එක්සත් පෙරමුණ හා ගැටීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්වීම නිසා මැතිවරණ වාර දෙකකදීම පෙරමුණට පැරදීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේද ඔහුගේ නායකත්වය යටතේය.නමුත් 2001 පාර්ලිමෙන්තු මැතිවරණයේ ජයග්‍රහණය දක්වා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට සමත්වන ඔහු එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ රජයක් පිහිටුවීමට සමත්වන්නේය.නව රජයේ අගමැති ලෙස පත්වන්නේ ඔහුය.ඒ දෙවැනි වතාවටය.

කොටසකගේ ඇගයීමට ලක්වන,තවත් කොටසගේ දැඩි විවේචනයට ලක්වන සටන්විරාම ගිවිසුම ඇතිවෙන්න් මෙම සමයේදීය.එය මුල්කරගෙන චන්ද්‍රිකා තම විධායක බලය භාවිතා කර රනිල් ප්‍රමුඛ රජය විසිරුවාහැරීමට පියවර ගන්නා අතර අනතුරුව පැවැත්වෙන පාර්ලිමෙන්තු මැතිවරණයේදී ඔහු හා තරග බිමට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂය.අනපේක්ෂිත ලෙස ජයග්‍රහණයක් හිමිකරගන්නා මහින්ද රාජපක්ෂ රටේ අගමැති වීමටත්,පසුව රටේ ජනාධිපතිවීමටත් වරම් හිමිකරගනී.රනිල්ට සිදුවන්නේ ඔහු අතීතයේ සිටියාක් මෙන් බොහෝ කාලයක් විපක්ෂ නායක ලෙස කල්මැරීමටය.2010 වසරේ ජනාධිපතිවරණයේදී නව රජයක් පිහිටුවීමට ගත් උත්සාහය අසාර්ථකවුවත්, 2015 ජනාධිපතිවරණයේදී තම සැළැස්ම තිතට ක්‍රියාත්මක කිරීමට සමත්වන ඔහු නව රජයක් පෙරටු කරගෙන තුන්වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස පත්වන්නේය.

දේශපාලනයේ ‘මිස්ටර් ක්ලීන්‘ ලෙස හැඳින්වෙන ඔහු ඉතාම නිවුනු ගතිගුණ ඇති,පක්ෂ විපක්ෂ දේශපාලඥයින් සියලුදෙනා සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කරන පුද්ගලයෙකි.විපක්ෂ දේශපාලඥයින් පවා ඔහුගේ බුද්ධිමත් කම අගය කරමින් අදහස් දක්වා ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඔහුට දැන් සිව්වැනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස පත්වීමට අවස්ථාව හිමිව තිබේ.



අදහස් (0)

රනිල් සිව්වැනි වතාවටත් අගමැති

රජිත් මුනසින්ග්හේ අරඡිගේ Tuesday, 18 August 2015 12:34 PM

ඔබේ ජයග්‍රහණය අපට ලොකු සතුටක් ඔබට ජයම වේවා! (ම)

:       0       0

බුද්ධික Tuesday, 18 August 2015 04:23 AM

ඔබට් ජය වේවා (ම)

:       0       0

සිරිපාල Tuesday, 18 August 2015 04:42 AM

සත්‍ය කවදාහරි ජයගනී. මෙතෙක් කලක් බොරුව රජ කරගෙන සිටියා. ඔබට ජය (ම)

:       0       0

ගාමිණි Tuesday, 18 August 2015 04:45 AM

ජයවේවා (ම)

:       0       0

හෆීල් Tuesday, 18 August 2015 04:46 AM

ඉවසීමේ ප්‍රතිපල. ඔබටත්, ජනපතිටත්, සියලුම ලක් වාසී ජනතාවට සුබ අනාගතයක් වේවා.(ම)

:       0       0

සුරන්ජිත් Tuesday, 18 August 2015 05:01 AM

අපේ නායකයා! (ම)

:       0       0

කරු Tuesday, 18 August 2015 05:06 AM

රට දියුණු කර නව මගකට ගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා (ම)

:       0       0

සරත් කුමාර Tuesday, 18 August 2015 02:01 PM

ඔබගේ මෙම ජය ලක්වැසියන්ගේ වාසනාවට සිදුවූවක් (නි)

:       0       0

කරති_රහිම් Tuesday, 18 August 2015 05:42 AM

ලංකාවේ ලින්කන්!!(ම)

:       0       0

දළුවෙගෙදර Tuesday, 18 August 2015 05:47 AM

අපේ රටට යහපතක් වේවා! (ම)

:       0       0

පෙරේරා Tuesday, 18 August 2015 06:11 AM

ජාති බේද පක්ෂ බේද පසෙකලා අපි සියල්ලෝම "ශ්‍රී ලාංකියන්" යැයි සිතා ලංකාව ඉදිරියට ගෙනයන්න මෙතුමන්ලාට සහය දක්වමු. (ම)

:       0       0

තිස්ස කුමාර Tuesday, 18 August 2015 06:20 AM

අපේ වාසනාව සහ රටේ වාසනාව අපේ අගමැතිතුමාට ජයවෙිවා දීර්ඝායුස පතමි (ම)

:       0       0

නිශාන්ත Tuesday, 18 August 2015 06:23 AM

ඔබට සහ රටට ජය වේවා (ම)

:       0       0

සුරාජ් කුලගුංග Tuesday, 18 August 2015 07:00 AM

ජයවේවා ....!(නදී)

:       0       0

සමීර Tuesday, 18 August 2015 07:24 PM

ජයවේවා! (නි)

:       0       0

වීරහැන්නැදිගේ Tuesday, 18 August 2015 07:49 AM

ජයවේවා . . .රට දියුණු කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 957 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2705 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 441 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 168 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 194 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1577 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14621 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 39 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site