IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී ඇතැයි  සමාජ මාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව  වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරී වල සිටින බවත්  ප්‍රකාශ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විශේෂ ප්‍රකාශයක් කරමින්  පැවසීය.

මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකර කටයුතු කළ යුතු බවද විජයවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කීවෙි කොළඹ දී අද  (07) කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව  අපහාසාත්මක දුස් තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන තත්ත්වයක් පෙනී යන බවත්  එකී පදනම් විරහිත ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂය ලෙස තරයේ හෙළා දකින බවත්  නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අවධාරණය කළේය.

එසේම කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී  වික්‍රමසිංහ  මැතිණිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණය සඳහා  යොදා නොගත් අතර  එය භාවිත කළේ නිල රාජකාරි  කටයුතු සඳහා   පමණක් බව පෙන්වා දුන් විජයවර්ධන  මහතා සුඛෝපභෝගී ආහාර සහ  විදේශීය  සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන්  සිදුකරන ප්‍රකාශ ද අසත්‍ය මෙන්ම මුළුමනින්ම දේශපාලන වෛරයක් පිරිමසා ගැනීම සඳහා කරනු ලබන පහත් ගනයේ  ප්‍රකාශ පමණක් බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව  අපහාසාත්මක අසත්‍ය තොරතුරු  රැසක් සමාජගත කරමින් තිබෙන බව පෙනී යනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප  එකී  ප්‍රකාශ  තරයේ හෙලා දකිනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ  කඩා වැටී තිබූ මෙරට ආර්ථිකය ධන පැත්තට හරවා දුන්නේ ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. නමුත් එතුමා ඉලක්ක කර කිසියම් අපහාසාත්මක අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටිනවා.

ඒ වගේම  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා.

ඊයේ, එනම් ඔක්තෝම්බර් මස 06 වන සඳුදා සවස වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන්  නියෝජ්‍ය පොලිස්පති - මානව සම්පත් කළමනාකරණ, සිසිර කුමාර විසින් ස්ථාන මාරුවීම් දක්වමින් ලිඛිත නියෝගයක් නිකුත් කර තිබෙන බවත් එහි සඳහන් වුණ. ඊට  අනුව අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී තිබෙනවා.

නමුත් මේ පිළිබඳව සමාජමාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව  වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත්, ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරි වල සිටින බවත්  ප්‍රකාශ කර තිබෙනවා.එතුමා මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකර කටයුතු කරනු අැතැයි අප සිතනවා.

ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන්  කිසියම් වෛරයක් ඇති කරවීමට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් ක්‍රියාකරන බවක් පෙන්නුම් කරනවා.

 පසුගිය  දින කිහිපයේදී වර්තමාන ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් විසින් හිටපු ජනාධිපතිවරයා විසින් භාවිතා කළ ජනාධිපති මන්දිරයේ මුලුතැන් ගෙය යැයි සඳහන් කරමින් විදේශ රටක මුලුතැන් ගෙයක වීඩියෝවක් සමාජගත කර තිබෙනවා.එවැනි තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය නිසි ලෙස වටහාගත නොහැකි අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින් විසින් එය  සමාජජාල මාධ්‍ය තුල හුවමාරු කරමින් සිටිනවා. 

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී  කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිත කරනු ලැබුවේ  දේශීය සහ විදේශීය නිල රාජකාරිමය අවස්ථාවන් හිදී පමණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වික්‍රමසිංහ මහත්මිය වාසය කළේ ඔවුන්ගේ පෞද්ගලික  නිවසේ බවත් සඳහන් කළ යුතුයි.

ඒ වගේම ජනාධිපති මන්දිරයේ නිල උත්සව අවස්ථාවන් වලදී පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපාන වලින් සංග්‍රහ කිරීම සඳහා අවශ්‍ය  ආහාර ද්‍රව්‍ය මිලදී ගනු ලැබුවේ  ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් වන බවත් අවධාරණය කළ යුතුයි.

කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වික්‍රමසිංහ මැතිණියගේ  අවශ්‍යතාවයන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය  සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සිදුකර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශයන් මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමසා ගැනීම සඳහා කරනු ලබන පහත් මඩ ප්‍රචායක් පමණක් බවත් මා සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරුතම අවස්ථාවකදී වගකීමෙන් පලා නොයා දැවැන්ත අර්බුදයකින් රට ගොඩගත් නායකයාගේ චරිත ඝාතනය සඳහා දියත්කර ඇති පහත් පෙළේ මඩ ව්‍යාපාරය  පිළිබඳව එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපි අතිශය කණගාටුවට පත්වන අතරම, මේ රටේ ජනතාවට සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න පිළිබඳව වටහාගැනීම සඳහා වන විචාර  බුද්ධිය ඇතැයි අපි විශ්වාස කරනවා. 

ඒ වගේම  මඩ ගහමින් කාලය කා දමන්නේ නැතුව තමන් ලද ජනවරම ප්‍රකාරව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න  කැපවීමෙන් ක්‍රියාකරන ලෙස අප වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයි රුවන් විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (1)

රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්

යෝගා Monday, 07 October 2024 05:40 PM

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියලා අහල තියෙනවානේ.

:       6       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 1251 0

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 711 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2166 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1343 6

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2415 2

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 783 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39321 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25639 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1118 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site